නීතිඥ සංගමයේ කිහිප දෙනෙකු සහ අධිකරණ ඇමති අතර ඇති වැරදි සම්බන්ධතා පාලනය කරමු…!
Posted on July 11th, 2021

වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන.

1) නීතිඥ සංගමයේ කිහිප දෙනෙකු අධිකරණ ඇමති සමග ඇති පෞද්ගලික සම්බන්ධතාවය නිසා වගන්ති 7ක්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි අධිකරණ ඇමතිගේ කොරෝනා පනත් කෙටුම්පත නොදැක්කා වාගේ හිටියාද?

2) නීතිඥ සංගමයේ සභාපති වීමට සහාය දුන් නිසා අධිකරණ ඇමතිගේ ව්‍යවස්ථා විරෝධී කොරෝනා පනත් කෙටුම්පත නීතිඥ සංගමයේ අවධානයට යොමු කළේ නැද්ද?

3) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝන කරන වගන්ති 7ක් තිබූ 2021.06.08 දින අධිකරණ ඇමති විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කොරෝනා පනතට නීතීඥ සංගමයේ ඇතැම් නිලධාරීන් එරෙහි නොවුණේ අධිකරණ අමාත්‍යාංශයේ වැටුප් ගන්නා නීතීඥවරුන්ගේ බලපෑම් නිසාද?

4) අධිකරණ ඇමති සහ නීතිඥ සංගමයේ කිහිප දෙනෙකු අතර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බිඳ වට්ටන සම්බන්ධතාවය අනුමත කරනවාද?

5) අපක්ෂපාතීව කොරෝනා පනත අධ්‍යයනය නොකිරීමේ වගකීම බාරගෙන ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති සහ ලේකම් ඉල්ලා අස්වෙයිද?

6) විදෙස් ගිවිසුම් මගින් සූම් නඩු විභාග වලට යොමු කිරීමේදී අධිකරණයේ ස්වාධීනත්වයට වන අයුතු බලපෑම නීතිඥ සංගමය සැළකිල්ලට යොමු නොකළේ ඇයි?

7)  20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 53 වගන්තියට අනුව, අමාත්‍ය මණ්ඩලය
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හතරවන සහ හත්වන උපලේඛනවල දිව්රුම නොදීම සම්බන්ධයෙන් නීතිඥ සංගමය නිහඩ, අධිකරණ ඇමතිගේ බලපෑම නිසාද? මාධ්‍ය අංශය,
වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන.
දුරකථන 0342256066, 0712063394

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress