ජනාධිපති ඝාතන සැලසුමක්.. ජාත්‍යන්තර කොටියෙක් අත්අඩංගුවට.. අරමුදල් කටාරයෙන්…
Posted on July 14th, 2021

උපුටා ගැන්ම ලංකා සී නිව්ස්

මෙරට ප‍්‍රභූ ඝාතනයක් සඳහා හිටපු කොටි සාමාජිකයන් යොදා ගෙන ඔවුනට අරමුදල් සැපයීම සම්බන්ධයෙන් කොටි සංවිධානයේ ජාත්‍යන්තර ජාලයේ ක්‍රියාකාරිකයෙකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ කටාර් රාජ්‍යයේ සිටියදී ජාත්‍යන්තර පොලිසියේ සහාය ඇතිවයි.

මේ වන විට සැකකරු නිරෝධායනය සඳහා යොමු කර ඇති අතර එම කාලය අවසානයේ ඔහු ගෙන් ප්‍රශ්න කිරීමට නියමිතව ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන්, හිටපු කොටි නායක කරුණා අම්මාන් ඇතුළු දේශපාලන නායකයන් ඝාතනය කිරීම සඳහා උත්සාහයක් පැවති බව බුද්ධි අංශ විසින් හෙළිකර ගෙන තිබින.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress