ආදරණිය පාසැල් දරු දැරිවියණි,
Posted on July 22nd, 2021

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි

ඔබ සැම ඉලක්ක කරගත් කාලකන්නි තත්වයක් රටතුල නිර්මාණය කර ඇත. මේ තත්වය ඔබ ඉතා හොදින් තේරුම් ගත යුතුය. ඔබ, අප, කාලාන්තරයක් මුළුල්ලේ ගුරු මව්වරු හා ගුරු පියවරු ලෙස හැදින්වූ සියලු දෙනාම ඔබට ඉගැන්වීමෙන් ඉවත්ව ඇත. මේ වැඩ වර්ජනය කරන ගුරුමව්වරු හා ගුරුපියවරු පාසල් යන අවධියේදී මෙරට කිසිදු පාසල් ගුරුවරයෙක් කුමන හේතුවක් මත වුවද ඉගැන්වීමෙන් බැහැර වීම කිසි කලෙක සිදු නොකළහ. එවන් අගනා ගුරු මව්වරුන්ගෙන් හා පියවරුන්ගෙන් බිහිවූ නුතන ගුරුපරපුර ඔවුන්ගේ ප්‍රතිපත්ති වලට පටහැනිව කටයුතු කරමින් මුළු ජාතියටම ඉගැන්වීම අත්හැර දමා ඇත. මුළු ජාතියටම ඉගැන්වීම අත්හැරීම තරම් ජාතික අපරාධයක් ලෝකයේ කිසිදු ස්ථානයක සිදුනොවන්නකි නමුත් ඒ දේ මෙරට සිදුව ඇත. එහි බලපෑම ඇත්තේ ඔබට පමණක් නොව මුළු රටටමය. ජාතියටමය. මෙය ව්‍යසනයක් වන අතර අසීමිත ලෙස ගුරු වැටුප් වැඩි කලද නොනවතින අරගලයක් නිසා, ගුරු වැටුප් වැඩි කිරීමෙන් මෙම ප්‍රශ්නය විසදිය නොහැක. මෙයට ස්ථිරසාර විසදුමක් නිර්මාණය කලයුතුය. එය කලහැකිය. ඒ කෙසේද යන්න ඔබ අප එකතුව කතා කල යුතුය.

ඔබ ජීවිතය ආරම්භ කර වසර හතරක් යනවිට ඔබට කුමන හෝ ආකාරයේ ළදරු පාසලකට ඇතුළත්වීමට සිදුව තිබේ. එදා සිට අද දක්වා වූ ඒ ගමනේදී ඔබ මුහුණදුන් සියලුම මතකයන් සිහි කරන්න. ඔබේ මව හා පියා පියවරෙන් පියවර ඔබව ගොඩනැංවීම සඳහා මහා පරිශ්‍රමයක් දරා තිබේ. ඔබේ අනාගතය රඳා පවතින්නේ ඔබ ලබන අධ්‍යාපනය මත බැවින්,ඔබේ දෙමව්පියන් ඔබ වෙනුවෙන් නොකරන දෙයක් නැත. ළදරු පාසලෙන් පසු ඔබට ජාතික තලයේ පාසලක් ලබා ගැනීම පහසු කටයුත්තක් නොවේ, ඔබ කොතරම් දුප්පත් වුවද ඔබට ඒ සඳහා කිසියම් මුදලක් පාසලට ලබාදීමට සිදුවේ. සමහර මිල ගණන සාමාන්‍ය පවුල් අවලට දරාගත නොහැකි බව ඔබගේ යහළු යෙහෙලියන් සමග කතා කරන විට ඔබට වටහා ගත යුතුය.

එවන් කැප කිරීමක් සිදුකර ශිල්පය ලබා ගැනීමට පැමිණෙන ඔබට ඒ ශිල්පය ඔබගේ ගුරුවර ගුරුවරියන්ගෙන් ලැබෙන්නේදැයි මනාව දන්නේ ඔබය. බොහෝවිට ඔබට සැලසුම් සහගතව ඒ අධ්‍යාපනය ලබාදීමට ඔබේ නුතන ගුරුතුමා හෝ ගුරුතුමිය අසමත්වී ඇත. එබැවින්,අති බහුතරයක් සිසුන්ට පෞද්ගලික පන්ති වලට යාමට සිදුව තිබේ. ගුරුවර ගුරුවරියන්ගේ අකාර්යක්ෂමතාවය විසින් මේ සමාජය තුල පෞද්ගලික පන්ති නිර්මාණය කර ඇත. සමහර පෞද්ගලික පන්ති මෙහෙයවන්නේ ඔබට පාසලේ උගන්වන් ගුරුතුමා හෝ ගුරුතුමියමයි. මෙයද ඛේදවාචකයකි. ඔබගේ ඉලක්කය කෙසේ හෝ අධ්‍යාපනය ලබා ගැනීමයි. එබැවින් ඔබගේ දෙමව්පියන් ටියුෂන් සඳහාද අවැසි මුදල් සොයාගෙන, මේ ඔබට ලබාදීමට වෙරදරන්නේ ඔබ අපේක්ෂා කරන අධ්‍යාපනයයි. ඔබ කෙසේ හෝ එය ඉටුකර ගත්තද, ඔබෙ සමහරක් ශිෂ්‍ය සහෝදර සහෝදරියන්ට එය ඉටුකර ගැනීමට නොහැකිව අන්ත අසරණ  සිටින බවද ඔබට දැකිය හැක. මෙවන් තත්වයක් නිර්මාණය වන්නේද ගුරුවරුන්ගේ අකාර්යක්ෂතාවයය්. මේ සියලුම තත්වයන් තුලදී  ලෝක වසංගතයක් වන කොවිඩ් 19 ව්‍යසනය   ආරම්භ විය. එහි පලයන් මෙරට තුලද ව්‍යාප්තවීම ආරම්භවීම නිසා. පාසල් පද්ධතිය වසා දැමීමට රජයට සිදුවිය. ඔබ හා දෙමව්පිය පරපුර ඔබේ අනාගතය සම්බන්ධව ගැටලුවකට මැදිවිය. මෙයට හොඳම විසදුම ඒ වනවිටත් තාක්ෂනය විසින් නිර්මාණය කර තිබුණි. එය ඕන ලයින් අධ්‍යාපන ක්‍රමය ලෙස හැදින්විණි. මේ ක්‍රමතුලින් ඔබට යම් ප්‍රමාණයකට අධ්‍යාපනය ලබාගැනීමේ පහසුවක් උදාවිය. නමුත් මේ ගුරුවර්ජනය හේතුවෙන් එම ක්‍රමය උපන්ගෙයිම මරා දමා තිබේ. දැන් ඔබට වෙනත් විකල්පයක් අවශ්‍යය. මේ වනවිට ඔබට ඉගැන්වීමේ එවැනි මධ්‍යස්ථානයන් නිර්මාණය වී පවතින, අතර,තවදුරටත් එම පසුබිම, වැඩි දියුණු වෙමින්ද පවතී. මේ ලිපියේ අරමුණවන්නේ, ඔබව ඒ සම්බන්ධව දැනුවත් කිරීම හා ඔබව එවන් නිර්මාණිත ආයතනවලින් අධ්‍යාපන කටයුතු කරගැනීමට පෙළඹවීමයි.

අප මේ ලිපිය ලියන්නේ විශේෂිතවූ අරමුණක් ඇතිවය. අපේ රටත් ජාතියත් ඔබය. ඔබව අතරමං කරන තත්වයක් තුල ජාතියක් වශයෙන් අපට නිහඬව බලා සිටිය නොහැක. මේ සිදුකරන්නේ ලෝකයේ ජාතියක් විනාශ කල හැකි වැදගත්ම මුලස්තානයට පහර පිට පහරදීමයි. එය කිරීමට අපට ඉඩදිය නොහැකි. එබැවින් ඔබ වෙනුවෙන් නිර්මානයව ඇති මෙරට සිටින ලොකුම පොහොසතා බව පැවසෙන ධම්මික පෙරේරා මහාතා නිර්මාණය කර ඇති, අධ්‍යාපන මධ්‍යස්ථානයෙන් ඉගෙනීම ආරම්භ කරන්න. එහිදී ඔබට ගුරුවරයා ඒවිදැයි දෙගිඩියාවෙන් නිශ්චිත වෙලාවක බලා සිටීමට සිදු නොවේ. ඔබට අවශ්‍ය වෙලාවට ඕනෑම වෙලාවක ගුරුවරයාගෙන් ඉගෙන ගත හැකිය.මෙවන් මධ්‍යස්ථාන ගණනක් ලොවපුරාම ඇති බැවින් කිසිදු බියකින් තොරව මෙහි අධ්‍යාපන කටයුතු නොමිලේම ලබාගන්න..

1.https://www.dpeducation.lk/

මෙය පමණක් නොව තව විශාල අධ්‍යාපන මධ්‍යස්තාන ගණනාවක් ඔබ වෙනුවෙන් ලොව පුරාම ඉදිවෙමින් පවතින බැවින් නොබියව මෙයට අත ගසන්න.අනාගතය ඇත්තේ වැඩ වර්ජනය කරමින් ඔබව පෙලන ගුරුවරුන් ඇත නොව පිදෙන මල්වන්වූ ඔබ සැම අතය. ඔබ සැමට තිසරණ සරණයි. අපි හැම ඔබ සමගයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress