වසර 38 කට පසු කටුබැද්ද කර්මාන්ත ඉංජීනේරු අභ්‍යාස ආයතනය නවීකරණයට සැලසුම්
Posted on July 27th, 2021

නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන
පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය.


 1983 වර්ෂ ආරම්භක අවධියෙන් පසු මේ දක්වා වසර 38ක කාලයක් පුරා නිසි ලෙස ප්‍රතිසංස්කරණය සිදු වී නොමැති මොරටුව කටුබැද්ද කර්මාන්ත ඉංජීනේරු අභ්‍යාස ආයතනය පූර්ණ ප්‍රතිසංස්කරණයකට ලක්කිරීමට නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය සැලසුම් කරමින් පවති.

ඉතාමත් දීර්ඝ කාලවකවානුවක් මෙම ආයතනය ප්‍රතිසංස්කරණය හා නව්‍යකරණය නොවු බව දැනුවත් වු නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මීය මෙය පූර්ණ ප්‍රතිසංස්කරණයකට ලක්කරමින් ශීෂ්‍යයාට වඩාත් ප්‍රියජනක ඉගැන්වීම් වටපිටාවක් සකස්කිරිමට උපදෙස් ලබාදෙන ලදි. ඒ අනුව අමාත්‍යාංශය මගින් මේ සදහා මුල්‍ය ප්‍රතිපාදනයන් කරන ලදි.

 ප්‍රතිසංස්කරණයෙන් අනතුරුව වසරකට බදවා ගන්නා ආධුනිකයින් සංඛ්‍යාව 500 සිට 732 දක්වා වැඩි කිරිමටත් 2022 වසර සදහා යෝජීත පාඨමාලා ලෙස පිරි සැකසුම්කරු, නිෂ්පාදන තාක්ෂණ, පෑස්සූම් තාක්ෂණය, ඇලුමිනියම් පිරිසකරකරු, සැලසුම් ශිල්පි යන පාඨමාලා ආරම්භ කිරිමට සාකච්ඡා කරන ලදි.

එම සැලසුම් ක්‍රියාත්මක කිරිම වෙනුවෙන් පසුගියදා කටුබැද්ද කර්මාන්ත ඉංජිනේරු අභ්‍යාස ආයතනයේ නිරීක්ෂණයට ලක් කෙරුණු අතර සියලුම පාඨමාලා නව්‍යකරණය කීරීම, ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කිරිම හා නව උපකරණ ලබාගැනීම පිළිබද පමණක් නොව දැනට 04 වන මට්ටමේ පවතින ජාතික වෘත්තීය සුදුසුකම (NVQ LEVEL 4) ලබාදෙන පාඨමාලා 5 වන මට්ටම (LEVEL 05) දක්වාත් උසස් කිරිමට මෙහිදි සාකච්ඡා කරන ලදි. ඒ අනුව එළඹෙන නොවැම්බර් මස අවසානය ට පෙර ප්‍රතිසංස්කරණ කටයුතු නිමා කිරීමට සහ නව උපකරණ ලබාදීමට නියමිත වන අතර එයට සමගාමීව NVQ LEVEL 05 පාඨමාලා ආරම්භ කිරීමට හැකි වනු ඇත.


මාධ්‍ය ඒකකය
නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන
පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress