රට ගොඩනැංවීම සඳහා කල යුතු පළමු කාර්යවන්නේ අපේ අනාගතය ගොඩනැංවීමට බාරදී ඇති විනයක් නැති ගුරු හොරු මේ සේවාවෙන් පන්නා දැමීමයි.
Posted on August 1st, 2021

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි

රටපුරා රාජ්‍ය අංශයට අයත් ගුරුවරු දෙලක්ෂ හතලිස් එක්දහකට ආසන්න සංඛ්‍යාවක් අපේ දරුවන්ට ඉගැන්වීමේ කාර්යයේ යෙදී සිටි. ගුරුවර 2,41,000ක් නඩත්තු කිරීම යනු සුළුපටු කාර්යයක් නොවේ. මසකට රුපියල් බිලියන 12කට ආසන්න මුදලක් වැටුප් සඳහා ගෙවමින් මෙරට ජනතාව විසින් සිදුකරන මේ කාර්යය සුළුපටු කරුණක් නොවේ. මෙරට ජනතාව මේ කාර්යය සිදුකරන්නේ තම තමන්ගේ දු දරුවන්ට නිසි අධ්‍යාපනයක් ලබාදීමේ අරමුණ ඇතිවයි. මෙරට ජනතාවගෙන් කොටසත් මේ ගුරුවරුන්ට වැටුප් ගෙවීමට සම්මාදන් වුවද ඔවුන් තමන්ගේ දු දරුවන් පෞද්ගලික පාසල් වලට යවා අමතර වියදමක්ද දරයි. ඒ  රටට හා අනිකුත් ජන කොටස්වල උන්නතිය සඳහා තමන්ගේ පංගුව සිදු කරමින්, තමන් පවතින අධ්‍යාපන දහරාවට වඩා ඉහල යයි සලකන පෞද්ගලික අධ්‍යාපනයට සිය දරුවන් නැඹුරු කරවමිනි. එබැවින් මුළු රටේ ජනතාවටම මේ පවතින ගුරු ගැටලුව සම්බන්ධව කතා කිරීමට ශුද්ධවූ අයිතියක් තිබේ.

ජනතාව මේසා විශාල මුදලක් වියදම් කරන විට ගුරුවරයා මේ වියදම දරන ජනතාවට සේවය කිරීමට බැදී සිටි. ගුරුවරයා එසේ නොකරන්නේ නම් බැට කන්නේ මේ මුදල් කන්දරාව වියදම් කරන ජනතාවයි. තවද තමන්ගේ දරුවන්ට අධ්‍යාපනය ලබා නොදෙන ගුරුවරුන්ට එරෙහිව පියවර ගැනීමේ ශුද්ධවූ අයිතියක් මෙරට ජනතාවට ඇත. ජනතාව වැටුප් ගෙවන්නේ, ලබාදෙන සේවාවටනම්,සේවාව ලබා නොදෙන විට වැටුප් ගෙවීම නැවතිමට ජනතාවට අයිතියක්ද තිබේ,. රජය යනු මෙරට ජනතාව නියෝජනය කරන ආයතනයක් මිස ගුරුවරුන්ව නියෝජනය කරන ආයතනයක් නොවේ. ගුරු සංගම් ගුරුවරුන්ව නියෝජනය කරන විට රජය ජනතාව නියෝජනය කිරීමට බැදී සිටි. එබැවින් රජය හැම විටම බැලිය යුත්තේ මෙරට ජනතාවගේ පැත්තෙනි. මෙරට දු දරුවන්ට මාසිකව රුපියල් බිලියන 12ක් වටිනා ශිල්ප ඥානය ලබාදීමේ ක්‍රියාවලියක් රජය විසින් නිර්මාණය කල යුතුය. රජය යනු මේ වැඩ වර්ජනය කරන ගුරුවරු හා රටේ ජනතාව අතර සිටින අතර මැදීයා මිස ජනතාවටද ඉහලින් සිටින්නා නොවේ.

දැන් ජනතාව පෙරමුණට පැමිණ ඇත. ජනතාව ප්‍රශ්න කරන්නේ, මෙතෙක් කල් ජනතාව ගුරු වැටුප් සඳහා මාසිකව ගෙවූ රුපියල් බිලියන 12ක මුදලට සරිලන සේවාවක් මේ ගුරු පරපුර විසින් ලබා දුන්නේද යන පැනයයි. ඇත්තටම මෙරට ගුරුපරපුර තමන් ලබන වැටුපට සරිලන සේවාවක් ලබා නුදුන් බව ගුරුපරපුරත්, මෙරට ජනතාවත් මැනවින් දනී. එසේ ලබාදුන්නා නම් හන්දියක් හන්දියක් ගානේ මෙරට සිසුන්ට අධ්‍යාපනය ලබාදෙන පෞද්ගලික ශිල්ප ආයතන නිර්මාණය වන්නේ නැත. අද මෙරට පෞද්ගලික අධ්‍යාපන ආයතන රටපුරාම බිහිකර ඇත්තේ මේ ගුරුපරම්පරාව වන අතර එම පෞද්ගලික පන්ති යාන්ත්‍රණයේ විශාල කාර්යභාරයක් මේ ජනතාවගෙන් මාසිකව රුපියල් බිලියන 12කට වඩා අධික මුදලක් වැටුප් ලෙස ගන්න ගුරුවරු විසින් මෙහෙය වන බව මෙරට ජනතාව හා ගුරුපරපුරද ඉතා හොදින් දනී.

මේ ගුරුපාරපුර තමන්ගේ කාර්ය නිසි ලෙස ප්‍රමිතියකට සිදු නොකිරීම නිසා අධ්‍යාපනයේ අසමානතාවයක් නිර්මාණයකර . නිදහස් අධ්යාපනයයේ මුලික අරමුණු බිඳ දමා ඇත. අද පෞදලික අධ්‍යාපන පන්තියකට නොගොස් විශ්ව විද්‍යාලයට යාමේ වරම් උදාවන්නේ ඉතා ස්වල්පයක්වූ දු දරුවන්ටය. ඒ මේ මහපාරේ රස්තියාදු ගසමින්, තමන්ට වැටුප් ගෙවන ජනතාවගේ  දරුවන්ට ඉගැන්වීම පැහැර හරිමින්  නින්දිත් ආකාරයේ සමාජ රංගනයක යෙදෙන ගුරු පරපුර හේතුවෙනි. අද ඇත්ත වශයෙන්ම කතා කිරීමට තරම් නිදහස් අධ්‍යාපනයක් නැත. මේ ගුරුපරපුර සිදුකරන නින්දිත නිදහස් අධ්‍යාපන කප්පාදුව දෙස, ජනතාවත්, රජයත්, නිහඬව බලා සිටින්නේ, තමන්ගේ දරුවන්ට යම් ප්‍රමාණයකින් හෝ පාසලක් හා ඊට අනුගත අධ්‍යාපනයක් සමග විනයක්ද ලබා ගැනීමේ අරමුනෙණි

දැන් කොරෝනා වසංගතය රට වසර 1 1/2කට ආසන්න කාලයක් වසා දමමින් අපේ දරුවන් ලක්ෂ 43ක් නිවාස අඩස්සියේ තබා ඇත. මුළු රටම ලොක්වුඩන් කිරීම තුලින් රටට ජනනය වෙන සියලුම ධන සම්පත් අවහිර කර ඇත. මේ ධන සම්පත් ජනනය වීම අවහිර වීමට අමතරව රජයේ වියදම්ද, වැඩිවී ඇත. ඒ කොරෝනාවට එරෙහිව කරන සටන ඉතා බරපතල ලෙස ඉහල යාමද හේතු කොටගෙනය. මෙවන් බරපතල අර්බුදයකට මුහුණ දෙන රටක, සියලුම ආයතනද ජන ජිවිතයන්ද කඩා වැටී ඇත. කඩා නොවැටුන ජිවිත ඇති එකම ජන කොට්ඨාශය වන්නේ මෙරට වාසය කරන රාජ්‍යසේවකයින්ගේ පමණි. ඒ ඔවුන්ට අයත් වැටුප සතයකුද අඩු නොකර එම සේවකයින්ට ලබාදීමේ යාන්ත්‍රණයක් රජය අඛණ්ඩව මේ දක්වා සිදු කරගෙන යන බැවිනි.

මේ අවස්ථාවේදී, රාජ්‍ය සේවකයින් කණ්ඩායම් දෙකක් ලෙස වැටුප් ලබයි. එක කණ්ඩායමක් සේවය කරමින් බරපතල අභියෝගවලට මුහුණ දෙමින් වැටුප් ලබන අතර, තව කණ්ඩායමක් කිසිදු සේවයක් නොකර, ඉතා සරල කාර්ය ප්‍රමාණයක් නාමිකව සිදු කරමින් වැටුප් ලබයි. මේ දෙවන කණ්ඩායමට ගුරුවරුද අයත් වෙන අතර, මෙම ගුරුවරුන්ට, එදා මෙන් නොව මේ කාලය තුලදී තමන් සේවයකල පැය ගන්නද, ගමන් වියදම්ද තව අමතර වියදම් රාශියක්ද ප්‍රතිලාබ ලෙස ලැබෙන අතර තුර මෙරට ජනතාවට තමන්ගේ දරුවන්ට කිසිදු අධ්‍යාපනයක් නොදෙන මේ ගුරුපරපුර නඩත්තු කිරීම වෙනුවෙන් මේ වසර 1 1/2 කාලය සඳහා,216කට වඩා වියදම් වී ඇත. මේ වියදම් කිරීම සුදු අත් නඩත්තු කිරීමට වැයකළ මුදලක් බවට පත්ව ඇත්තේ මෙවන් බරපතල අර්බුදකාරී අවස්තාවක අපේ දරුවන්ට ලබාදෙමින්තිබු ඔන්ලයින් ඉගැන්වීමෙන් ඉවත්වීමත් සමගය.

දැන් මෙරට ජනතාවට ගුරුවරු තර්ජනය කරමින් සිටි ඔවුන් කියන්නේ රජය තම ඉල්ලීම ලබා නොදුනහොත් ඉදිරියේදී පැවැත්වීමට නියමිත,පාසල්වාරයන්ට තමන් සහභාගී නොවන බවත්,සියලුම විභාග කටයුතු වලින් ඉවත් වන බවත්ය. මෙහි සැබෑ අර්ථය වන්නේ තමන් සේවයෙන් ඉවත් වන බවයි. මේ සඳහා සියලුම ගුරුවරුන්ට අයිතියක් ඇත.ඔවුන්ගේ නියෝජිතයින් වාචිකව මේ බරපතල ප්‍රකාශයන් ජනතාවට ඉදිරිපත්කර ඇත.

ඔවුන් ඉල්ලන්නේ මොනවාද “ගුරු වැටුප් විෂමතාවයන්” ඉවත් කරන ලෙසයි. ගුරු වැටුප් විෂමතාවය යනු අපිට ජීවත්වීමට අමාරු නිසා වැටුප් වැඩිකරපල්ලා යන ඉල්ලීම නොවේ. අරුගේ පඩිය මට වඩා වැඩියි මගේ පඩියත් ඒ ගානට ලගා කරපල්ලා යන ඉල්ලීමයි. බලන්න කොච්චර පහත් ඉල්ලීමක් මුල්කරගෙනද මේ වර්ජනය සිදු කරන්නේ; රටේ 80%ක් පමණ ජනතාවගේ සියලුම ආදායම් මාර්ග ඇහිරී පීඩාවිදින පසුබිමක, ඒ මිනිසුන්ගෙන් මේ කිසිදු සේවයක් නොකරමින් සිය වැටුප සතයකුදු අඩු නැතිව ලබන ගුරු වරු තවත් වැටුප් වැඩි කරපල්ලයන් ඉල්ලීම ඉදිරිපත් කරන විට ඒ දුක් විදින මිනිසුන් පෙ පරපුටුවන්ගේ ඉල්ලීම ඉටුකරන්නේ කෙසේද කියා? කන්න නැත මිනිහගෙන් ලේ ඉල්ලා සිදු කරන මේ ගුරු සටනට කන්න නැති මිනිහා මුහුණදිය යුතුය.ඒ මේ අසාධාරණ ඉල්ලීම ලබාදීමෙන් නොවේ. මේ අවස්ථාවේදී, ගුරු වැටුප් වැඩිකිරීමට එකඟ වන්නේ නම් එය අසාර්ථක රාජ්‍යක ක්‍රියා පිළිවෙත බව ප්‍රකාශ කිරීමට සිදුවේ.

දැන් මේ බොරු ගුරු නාඩගම,ජාතික ගැටලුවක් විසදා ගැනීමේ අවස්තාවක් බවට පත්කර ගැනීමට රජයට මාර්ගය විවරව ඇත. රජය ඒ අවස්තාව ප්‍රයෝජනයට ගෙන අවිධිමත් අධ්‍යාපන ක්‍රමය නුතන තාක්ෂණය හා බද්ධවූ විධිමත් අධ්‍යාපන ක්‍රමවේදයක් බවට පත් කල යුතුය.පළමුව ඒ සඳහා නව ජාතික අධ්‍යාපන මධ්‍යස්ථානයක් ක්ෂණිකව ගොඩනැංවිය යුතුය.මෙය ගොඩනැංවීමට වය වන්නේ, දැනට මාසිකව ගුරුවරුන් සඳහා ගෙවන මුදලවු රුපියල් බිලියන 12කට අඩු වියදමකි. දැන් ගුරුවරු සේවය ත‍ර දමාගොස් ඇති බැවින් එම මුදල් වැයකර කඩිනමින්, දරුවන්ට ඉගැන්වීමේ මෙම මධ්‍යස්ථානය වහ වහාම ආරම්භ කලයුතුය කල හැකිය. මෙහි ව්ය විය යුත්තේ, දැනට ලෝකයේ ඇති අන්තර්ජාලීය අධ්‍යාපන මධ්‍යස්ථාන වලින් එකක් වන FutureLearn ව්‍යහය යයි මම යෝජනා කරමි. එක විෂයක් ඉගැන්වීම සඳහා ගුරුවරුන් 5 දෙනෙක්ගේ මණ්ඩලයක් හොදටම ප්‍රමාණවත් වන අතර, මෙම ගුරුවරු 5 දෙනා මගින් එම විෂය නිවැරදිව, ක්‍රමානුකුලව මුළු රටේම ඒ විෂය ඉගෙන ගන්න සියලුම සිසුන්ට අන්තර්ජාලය හරහා ඉගැන්විය හැක, එපමණක්ද නොවේ සිසුන්ට ඇති සියලුම ගැටළු ලිආ පළකර ගුරුවරුන්ට ඉදිරිපත් කල විට එම ගුරු මණ්ඩලය පොදුවේ සිසුන් මුහුණ දෙන ප්‍රශ්න තේරුම් ගෙන ඒවාට විසදුම්ද ලබාදීම සිදුවේ. අපොස (උ.පෙළ) වශයන් x සංඛ්‍යාවක් ඇත නම් මේ සඳහා අවශ්‍ය වන්නේ, ගුරුවරු 5x සංඛ්යාවක්වේ. මෙය සිදුවෙන ආකාරය FutureLearn වලට ගොස් අධ්‍යන කොට අපිට අවැසි ආකාරයට එය සකස්කර ගෙන අපේ දරුවන්ගේ අනාගතය උදෙසා විෂය නිර්දේශය රටේ ඉන්නා දක්ෂම ගුරු මණ්ඩලයකින් කිසිදු අඩුවකින් තොරව ලබා ගන්නා මේ ක්‍රමය නිර්මාණය කල යුතුම වේ.

මෙහිදී දරුවන්ට ලැබෙන ප්‍රතිලාභ වන්නේ,

1.රටේ සිටින දක්ෂම ගුරුවරු 5 දෙනාගේ ආභාෂයෙන් තම ඉගෙනීමේ කටයුතු කරගෙන යාමට හැකිවීම.
2.සම්පුර්ණ  විෂය නිර්දේශයම අඩුවක් නැතිව ඉගෙන ගැනීමට ලැබීම.
3.එකම පාඩම තමන්ට නොතේරුනි නම් නැවත එයට සවන්දීමට හැකිවීම.
4. තමන් ටියුෂන් පන්ති ගියේ නම් ඒ සඳහා ගිය මුදල් හා කාලය ඉතිරිවීම.
5. මුළු රටේම දරුවන්ට කිසිදු බේදයකින් තොරව සම අධ්‍යාපනය ලැබීම

යන කරුණු අයත්ය.

දැන් දරුවන්ට පාසල් අධ්‍යාපනයට සමගාමිව මේ ජාතික අධ්‍යාපන මධ්‍යස්ථානයෙන් ලැබෙන දැනුමද ලැබේ. නුතන ගුරුවරු සේවය ඇත හැර ගිය පසු යලි සේවයට බැදෙන ගුරු පරම්පරාවට ඉතා සැහැල්ලුවෙන් තම කටයුතුද කරගෙන යා හැකිවේ.

අවසාන වශයෙන් යමක් මිට පරිබාහිරව පැවසීමට ඇත. ඒ නිදහස් අධ්‍යාපනයෙන් අප රට කිසිදු පලක් ගෙන නැතිබවයි. නිදහස් අධ්‍යාපනයට මේ වනවිට වසර 73කි. අපේ රටේ ප්‍රධාන ආදායම් මාර්ග නිර්මාණය කරන්නේ,,

1.තේ දළු නෙලන කාන්තාව හා මිනිසුන්.
2.ඇඟලුම් ක්ෂේශ්ත්‍රයේ කාන්තාවන්,
3.මැදපෙරදිග වැඩ කරන කාන්තාවන් හා මිනිසුන්ගෙනි.

මේ වසර 72 පුරා නිදහස් අධ්‍යාපනයෙන් නිසිපල ගත්තේ නම්, මේ රටහි ප්‍රධාන ආදායම් මාර්ගය වන්නේ මුළු ලෝකයෙන්ම මෙහි ඉගෙනීමට පැමිණෙන දු දරුවන්ට අධ්‍යාපනය ලබාදීම තුලිනි. අපට ඇත්තේ මේ රටට ප්‍රධාන ආදායම් මාර්ගයක් නිර්මාණය කල නොහැකිවූ නිදහස් අධ්‍යාපන ක්‍රමයකි. මෙය වෙනස් කල යුතුය වෙනස් කල හැකිය. ඒ මේ රට ලෝකයට ශිල්පය බෙදාහරින මධ්‍යස්ථානයක් කල යුතය. එහි පළමු පියවර වශයෙන් මේ සේවය අත්හැර ගිය ගුරුවරුන් වෙනුවට නව ගුරුවරුන් නව වැටුප් තලයන් මත සේවයේ ස්ථාපනය කිරීමත්. දරුවන්ට තාක්ෂණය තුලින් අධ්‍යාපනය ලබාදෙන ජාතික අධ්‍යාපන මධ්‍යස්තානයත් බිහිකිරීමත් මතය ඒ සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හට ශක්තිය හා ධෛර්ය ලැබේවායි පතමු. ඒ සඳහා ඥානය පහල වේවා!

2 Responses to “රට ගොඩනැංවීම සඳහා කල යුතු පළමු කාර්යවන්නේ අපේ අනාගතය ගොඩනැංවීමට බාරදී ඇති විනයක් නැති ගුරු හොරු මේ සේවාවෙන් පන්නා දැමීමයි.”

  1. Cerberus Says:

    The Opposition members at present in Sri Lanka Govt appear to think their bounded duty is to oppose the Govt at every turn. They are like vultures waiting for an animal to die so that they can come and feast.  Absurd people like Sajith who have no real ideas for the country go round contacting every disaffected group and encouraging them further to agitate instead of realizing that the country is in dire straits right now and everyone has to pull their weight to help us to go through this time. Instead of giving constructive ideas, they try to destroy the Govt which is trying hard to keep the country afloat in a very difficult time. They seem to think they have to follow the Western model of democracy where they have two parties that are fighting so much that there is no progress made in the country. In comparison when we look at China, we see a Govt functioning smoothly where all the members have only one goal which is the welfare of the country and the people. Not themselves.  To the Opposition party of the Lanka Govt. we say “Grow Up”  !!  

  2. Gunasinghe Says:

    I agree with the author. Government must fire all those idiots and hire new group.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress