අනුරාධපුර කේ.බී රත්නායක විද්‍යාලයේ ජල අවශ්‍යතාව සපුරාලීම වෙනුවෙන් එම විද්‍යාලයට ජල ටැංකියක්
Posted on August 4th, 2021

තිසර සමල් – අනුරාධපුර

අනුරාධපුර කේ.බී රත්නායක විද්‍යාලයේ ජල අවශ්‍යතාව සපුරාලීම වෙනුවෙන් එම විද්‍යාලයට ජල ටැංකියක් සහිත ජල කුළුණක් ඉදි කිරීම රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතාගේ සහභාගීත්වයෙන් ආරම්භ කෙරිණි.

එම විද්‍යාලයේ ජල අවශ්‍යතාවන් සපයා ගැනීමේ අපහසුතා පවතින බවට රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතාට විද්‍යාලයේ විදුහල්පතිතුමිය ඇතුලු පාසල් සංවර්ධන සමිතිය කළ ඉල්ලීමක් අනුව මෙම ජල ටැංකිය හා ජල කුළුණ ඉදි කිරීම අමාත්‍යය දුමින්ද දිසානායක මහතාගේ යෝජනාවක් අනුව සිදු කෙ⁣රෙයි.

මේ සදහා රුපියල් ලක්ෂ 08 කට වැඩි මුදලක් වැය වෙනු ඇතැයි ඇස්තමේන්තු කර ඇත.

මෙම අවස්ථාවට හිටපු පළාත් සභා අමාත්‍යය සරත් ඉලංගසිංහ, හිටපු නියොජ්‍ය නගරාධිපති පේමසිරි හෙට්ටිආරච්චි, හිටපු පළාත් සභා මන්ත්‍රී එම්.ආර්.බී ඥාණතිලක යන මහත්වරුන් හා විද්‍යාලයේ විදුහල්පතිතුමිය ඇතුළු ගුරු භවතුන් හා දෙමාපියන් පිරිසක් සහභාගී වූහ.

පවතින වසංගත තත්වය හමුවේ සෞඛ්‍ය නීතින්ට අනුව අවම පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම උත්සවය සංවිධාන කර තිබිණි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress