ජනාධිපතිවරයා හදිසි තීරණයක් ගනී.
Posted on August 4th, 2021

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි

ජනාධිපති කාර්යාලයේ විශේෂ රැස්වීමකි. මේ සඳහා ජනාධිපත්ජිවරයා කැඳවා තිබුනේ  ශ්‍රී ලංකා මහා බැංකුවේ, ඉහලම ශ්‍රේණියේ නිලධාරින්වය. රැස්වීමේ කටයුතු ආරම්භවීමත් සමග මදක් නිහඬව සිටි ජනාධිපතිවරයා, මහබැංකු නිලධාරින් අමතා,

“මම අද ඕගොල්ලන්ව කැදෙව්වේ විශේෂ වැඩකට. ඕගොල්ලෝ පොඩ්ඩක් නිශ්සබ්දව මම කියන මේ දේ දෙස සාවධානව අහගෙන ඉන්න.”

“මේක විශේෂ වැඩක්. මට ඕනි මේ කටයුත්ත කිරීම සඳහා මහා බැංකුව තුල වෙනම යුනිට් එකක් හදන්න. ඒක විශේෂ ඒකකයක් .”

“ඊළඟට මට ඕනි මේ රටේ දරුවෙක් ඉපදෙන විටම හැඳුනුම් පතක් නිකුත් කරන ක්‍රමවේදයක් හා. ඒ දත්තයන් ක්ෂණිකව මහා බැංකුවට ලැබී ඒ මොහොතේම ඔහු වෙනුවෙන් ගිණුමක් ඇරඹෙන ක්‍රමයක් හදන්න. අද ඉපදුන දරුවාගේ ඉදන් ඉහලම වයසක පුද්ගලයා දක්වා වූ හැමටම, මහා බැංකුව තුල ගිණුමක් විවෘත වෙන ක්‍රමයක් නිර්මාණය වෙන්න ඕනි.”

“එහෙම වුනාම මේ රටේ හැමෝගෙම විස්තර මහා බංකුගතවෙනවා .හරි පහසුයි හැම මොහොතකම මේ රටේ මිනිසුන්ගේ  වැඩිවීම හා ඔවුන්ගේ දත්තයන් ගලා එන ක්‍රමවේදයක් ඉබේටම නිර්මාණය වෙනවා. ඔවුන් සඳහා මහා බැංකු ගිණුමක්ද විවරව තියෙනවා.”

“මීළඟට අපි කරන්න ඕනි මේ හැම පුද්ගලයෙකුගේම වයස අවුරුදු 10 වෙනවිට මේ බැංකු ගිණුම ක්‍රියාකාරී බැංකු ගිණුමක් බවට පත්කිරීමයි.ඒ කියන්නේ වයස අවුරුදු 10න ඉහල හැම දරුවෙකුටම බැංකු කටයුතු කිරීම සම්බන්ධව හැකියාවක් ලබා දෙන්න ඕනි:”

“මීළඟට වයස අවුරුදු 10න ඉහල හැම පුද්ගලයෙකුටම  මේ ස්ථාපිත කරපු මහා බැංකු ඒකකයෙන්,මුදල් ගැනීම හා තැන්පත්  කිරම කල හැකි ඉලෙක්ට්‍රොනික් කාඩ් එකක් නිකුත් කරන්න ඕනි. ඒ විතරක් නෙමෙයි, රටේ ඇති සියලුම ආයතන සඳහාද මහා බැංකුවේ ගිනුමක් හා ඉලෙක්ට්‍රොනික් කාඩ් පතක් ඒ ඒ ආයතනයට ලබාදෙනන් ඕනි.”

“දැන් මුළු රටේ හැම පුද්ගලයෙක්ම හා හැම ආයතනයක්ම මහා බැංකුව හා බද්ධවෙලයි තියෙන්නේ. මේක නවතම නිර්මාණිත ජාලයක්”

“දැන් අපි රටේ හැමෝටම දන්වන්න ඕනි තම තමන් සතු සියලුම මුදල් තමන්ට අයිති මේ ගිණුමට බැර කරන්න කියලා. මින් ඉදිරියට මුදල් නෝට්ටු අවලංගු වෙන බවත් දන්වන්න ඕනි.”

” මේ තුලින් සිදුවෙන්නේ මුළු රටේම තියෙන මුදල් මහා බැංකුගතවිමයි එවිට  ඔබට පැහැදිලි දැක්මක් එනවා රටේ ඇත්තටම ඇති මුදල් සංචිතය කොච්චරද කියලා මේ මුදල් මහා බැංකුව සතු වුනාට ඒවා කොතැනක කාලඟද තියෙන්නේ කියලා ඒවා අයිති මහා බැංකුවවත් අද දන්නේ නැහැ. නමුත් මේ ක්‍රමය නිර්මාණය කලවිට මහා බැංකුව දන්නවා මේ මුදල් තියෙන්නේ කවුරු ලඟද කියලා ඉතා පැහැදිලිව.”

“දැන් මිනිසුන් කලයුත්තේ, කඩේකට උනත් මේ කාඩ් පතින් මුදල් ගෙවීමට හැකියාව ලැබෙනවා.ඒ සඳහා අවැසි උපකරණ කඩ හිමියාට හෝ ආයතන හිමියාට ලබා ගන්න වෙනවා.”

“දැන් මිනිහෙක්ගේ මුදල් පොකට්ටුව වන්නේ මේ ගිණුමයි, රැකියාව කරන ආයතනය පඩිය දමන්නේද මේ ගිණුමට බැවින් මේ ගිණුම උස්  පහත් වෙමින් මාසය පුරාම දිවයන ගිනිමක් බවට පත් වෙනවා.

“දැන් අප ඉදිරියේ, මේ රටේ මිනිසුන්ගේ ආර්ථික තත්වය ඉතා පැහැදිලිව මේ අංශයේ සේවය කරන නිලධාරීන්ට ඉතා පැහැදිලිව පෙනෙනවා. ඒ ඒ ගිණුම් වල ඇති මුදල් ප්‍රමාණයන්ද අපි දකිනවා. වියදම් කරන්න මුදල් නැති මිනිස්දුන්ද පැහැදිලිව පෙනෙනවා. මුළු රටේම මුදල් ඇත්තේද මහා බැංකුවේ මේ ඒකකය තුල බැවින්, හැම මාසේකදිම 18න ඉහල මුදල් නැති මිනිසුන් හඳුනාගෙන ඒ අයට ජීවත්වීම සඳහා අවම වශයෙන් රුපියල් 10,000ක් මේ සෑම ගිනුමකටම බැරකලයුතු වෙනවා. මට මේ ක්‍රමය කොහොම හරි ස්ථාපිත කරන්න ඕනි ” ජනාධිපතිතුමා දැඩි සව්රයකින් පැවසිය.

“සර්, ආචාර්ය එන.එම්. පෙරේරා මහත්මයත් මුදල් ඇමති වෙලා ඉන්න කාලෙත් ඔය වගේම ක්‍රමයක් තමයි අනුගමනය කරලා රටේ සල්ලි මහා බැංකුවට ගන්න හැදුවේ. එත් එක සාර්ථක උනේ නැහැ .”

“ඔව් එදා ආචාර්ය එන.එම්. පෙරේරා මහත්මයා සිදුකලේ තිබුන මුදල් නෝට්ටු අහෝසිකරලා අලුත් මුදල් නෝට්ටු සමාජගත කිරීමයි. එදා මෙදා තරම් තාක්ෂනය නොදියුණු බැවින් එතුමාට ඊට එහා ගිය මුකුත් කරන්න බැරි උනා, දැන් අපිට ඉහලම තාක්ෂණයක් තියෙනවා, එකෙක් ප්‍රයෝජනය ගන්නේ ඉතා හිමින්. අපි මේක වේගවත් කලොත් මේ රටේ මිනිසුන්ගේ හැමදෙයක්ම දන්නා මධ්‍යස්ථානයක් තමයි අපි නිර්මාණය කරන්නේ. අපි බැදී ඉන්නවා අපිට ඇස් ඉදිරියේ පෙනෙන මිනිසුන්ගේ දරිද්‍රතාවය විසඳීමට. මට කොහොම හරි මේ සිස්ටම් එක මෙතනට ඕනි”

“අපෝ ගොරව ගොරව මොනවාද මේ කියවන්නේ? හීනෙනුත් රට හදනවද? මේ තේ එක බොන්න.” ඒ බිරිඳගේ හඬයි.

“අයියෝ එකත් හීනයක් විතරයි” මට කියැවිණි.

One Response to “ජනාධිපතිවරයා හදිසි තීරණයක් ගනී.”

  1. Hiranthe Says:

    ane!! aparade heenayakne!!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress