ඩයලොග්, තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය සමගින් එක්ව ශ්‍රී ලාංකේය තාරුණ්‍යය බලගැන්වීම සඳහා Youth Can වැඩසටහන දියත් කරයි
Posted on August 12th, 2021

තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය

ශ්‍රී ලාංකික තාරුණ්‍යයට තම කුසලතාවයන් ඔප්  නැංවීමට මඟ පෙන්වීම හා සහයෝගය  ලබා දීම අරමුණකර ගනිමින්, අන්තර්ජාතික තරුණ දිනයට සමගාමීව ඩයලොග් ආසිආටා සමාගම විසින් තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය සමගින්  එක්ව Youth Can වැඩසටහන දියත් කරන ලදී

මෙම වැඩසටන තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය  හා ජාතික තරුණ සේවා සභාව සමගින් එක්ව, මිනිස් බල හා රැකියා දෙපාර්තමේන්තුවේ, කුඩා ව්‍යවසාය සංවර්ධන අංශයේ සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ සහයෝගය ඇතිව, ශ්‍රී ලංකාවේ සැඟවුණු කුසලතාවයන්  සෙවීමට කටයුතු කරනු ඇති අතර , මෙමගින් සුවිශේෂී හැකියාවන් සහිත තරුණ තරුණියන්ට ඔවුන්ගේ කැමති ක්ෂේත්‍රයන්හි, ඔවුන්ගේ සිහින සැබෑ කර ගැනීමට අවස්ථාව උදා  වේ.

මෙම  තුන් අවුරුදු වැඩසටහන වයස අවුරුදු 14 ත් 35 ත් අතර වයස් සීමාවන් තුළ සිටින තරුණ තරුණියන් ගේ හැකියාවන් සහ දක්ෂතාවයන් ක්‍රීඩා, නව ව්‍යාපාර අදහස්, ශිල්ප කලා, මෝස්‌තර නිර්මාණකරණය, සූප වේදය සහ කෙටි චිත්‍රපට යන අංශයන් 6ක් ඔස්සේ  තරඟකාරීව එළිදැක්වීම කෙරෙහි අවධානය යොමු කෙරේ. තෝරාගත් අයදුම් කරුවන් සඳහා වැඩමුළු, අදාළ මෙවලම් හා පුහුණුව ලබා දී , දැනුමින් සහ හැකියාවන්ගෙන් බලගැන්වීමත් සිදුවනු ඇත. ජාතික තරුණ සේවා සභාව, මිනිස්බල හා රැකියා දෙපාර්තමේන්තුව, කුඩා ව්යවසාය සංවර්ධන අංශය සහ ක්රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව  මගින් පත්කළ ඒ ඒ ක්ෂේත්‍රයන්ගේ ප්‍රවීණයන්ගෙන් තේරීම් කමිටුව සමන්විත වනු ඇති අතර, තරුණ හා ක්රීඩා අමාත්‍යංශයේ අධීක්ෂණය යටතේ තේරීම් සිදුවනු ඇත. මේ පිළිබඳව වැඩි විස්තර ලබාගැනීම සහ අයදුම්පත් යොමු කිරීම www.youthcan.lk  වෙබ් අඩවිය ඔස්සේ සිදුකල හැකිය.

මෙම වැඩසටහන සම්බන්ධයෙන් ඩයලොග් ආයතනය අත්වැල් බැදගැනීම පිළිබඳව තරුණ හා ක‍්‍රීඩා අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ගරු නාමල් රාජපක්‍ෂ මහතා සඳහන් කළේ තරුණ සුභසාධනය, තරුණ සහභාගීත්වය ඉතා වැදගත් ලෙස දකිමින් අප සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම සඳහා ඉදිරිපත්වීම පිළිබඳව  තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය වෙනුවෙන් ඩයලොග්  ආයතනයට ස්තූති කිරීමට මා මෙය අවස්ථාවක් කර ගන්නා අතර, මෙම හවුල්කාරිත්වය තුළින් අප තරුණ තරුණියන්ට තම හැකියාවන් එළිදැක්වීමට වේදිකාවක් සක්‍රීය කර ඇති අතර ඉදිරි වසර කිහිපය තුළ ලංකාවෙන් බිහිවන අනාගත ගෝලීය තරුණ නායකයින් සඳහා මෙය තුලින්  විශාල  පිටිවහලක් සැපයීමට අපට හැකියාව ලැබෙනු ඇත” යනුවෙනි.

එමෙන්ම තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අනුරාධ විජේකෝන් මහතා මේ පිළිබඳව වැඩිදුරටත් කියා සිටියේ” ඩයලොග් ආයතනය විසින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට  අත්වැල් බැදගැනීම සම්බන්ධයෙන් තමා ස්තූතිවන්ත වන අතර, රටේ තරුණ හා ක්‍රීඩා ක්‍ෂේත්‍රයේ අනාගත දියුණුව සඳහා වූ වැඩසටහන ඉදිරියට ගෙන යාමට මෙම සහයෝගිත්වය තුලින් සහායක් ලැබෙනවා. අප ඉදිරියෙහි ඇති දීර්‍ඝ කාලීන නමුත් මහඟු ප්‍රතිපල ලබාදෙන සාර්ථක  ගමනකට මෙම හවුල්කාරිත්වය මනා පදනමක් වනු ඇති අතර, ඉදිරි වසර කිහිපය තුළ ඩයලොග් ආයතනය  සමඟ මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීමට  සහ අනාගත සහයෝගිතාවයද  ලබා ගැනීමට සුබවාදීව අප  බලා සිටිනවා” ලෙසිනි.

එමෙන්ම ඩයලොග් ආසිආටා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සුපුන් වීරසිංහ මහතා මේ වැඩසටහන මගින්  තරුණ හා ක්රීඩා අමාත්‍යංශය සමග එක්ව හෙට ලොව අනාගතය අද දින ජය ගැන්මට ශ්‍රී ලංකේය තාරුණ්‍ය සවිබල ගැන්වීමට අප  ලද අවස්ථාව පිළිබඳව ඉමහත් සතුටට පත් වන්නෙමු” ලෙස දැක්වීය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress