ඩිප්ලොමැටික් පරයා (1 වන කොටස )
Posted on August 16th, 2021

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි

අධිරාජ්‍යවාදය යනු සැලසුම් සහගත ගෝලීය යාන්ත්‍රණයකි. ඔවුන්ට රටක් ඔවුන්ගේ කඳවුරට පක්ෂපාතිව හැසිරවීමට ඉතාම පහසු ක්‍රමය, රාජ්‍යතාන්ත්‍රික පරයෙක් හෝ පරයින් සමුහයක් නිර්මාණයකර ඔවුන් අතට රාජ්‍ය බලය ලබාදීමයි. මේ පදවිය ඔවුනට මෙන්ම ලබන්නාටද ඉතා ගෞරවනීය පදවියකි. එයලබා ගැනීම පහසු කටයුත්තක් නොවන අතර, ඒ සඳහා ඔවුන්ගේ පවුලේ අතීත ක්‍රියාකාරිත්වයන්ද ඉතා වැදගත්වේ.

1948දී ශ්‍රී ලංකාවට නිදහස ලබාදෙනවිට, අධිරාජ්‍යවාදීන්ගේ කවය තුල රාජ්‍ය බලය පැවරීම සඳහා සිටි හොදම සගයන් වුයේ, එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතා හා ජේ.ආර්. ජයවර්ධන යන දෙමහත්වරුන්ය. නමුත් එම කාර්ය කිරීමට එදා අධිරාජ්‍යවාන්දිට නොහැකි විය. එහි පලයක් වශයෙන් ඩී.එස්.සේනානායක මහතා අගමැතිවරයා වශයෙන් බලයට පත්විය.

ධවල යක්ෂයින්ගේ කතාව සුන්දර ප්‍රජාතන්ත්‍රවාදය වුවද, ඔවුන්ගේ ක්‍රියාව ගින්දරවන්වූ ඝාතන සංස්කෘතියයි. බලය ලබාගැනීම සඳහා නායකයින් මරා දැමීම ඔවුන්ගේ ක්‍රියාදාමයයි. පළමු අගමැතිගේ මරණයත්, දෙවන අගමැතිව වසරකින් පන්නා දැමීමත් සිදුකලේ ඔවුන්ගේ න්‍යාය පත්‍රයකට අනුවය. 1956දී දී බණ්ඩාරනායක මහතා බලය ගත්තද ඒ වනවිට ඔහු, ඔවුන්ගේ සතුරු කඳවුරේ නායකත්වය බාරගෙන සිටි බැවින්, ඔහුව ඝාතනය කර බලයෙන් ඉවත් කිරීම සිදුකලේ ඔවුන්මය. එතුමාගේ මරණය ජනතා බලය තව තවත් ඒකරාශී වීමට හේතුවූ අතර, ඔවුනට රිසිසේ කටයුතු කිරීමට මෙරට ජනතාවත්, සිරිමා බණ්ඩාරනායක මැතිනියත් ඉඩක් ලබා දුන්නේම නැත.

1962 රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයත්, 1964දී සිදුකල පාර්ලිමේන්තු කුමන්ත්‍රණයත් ඔවුන් සිදුකල ක්‍රියාවන්ය. එදා ඔවුන් නම්කර හිටි අධිරාජ්‍ය ගැති පරයාවූ යැංකි ඩිකී හෙවත් ජේ.ආර්.ජයවර්ධන ඔවුනට ඉමහත් වස්තුවක් විය.ඔහුව බලයට ගෙන ඒම සඳහා දිගු ගමනක් ගමන් කල ඔවුන්, සිය නියෝජිතයාව එක්සත් ජාතික පක්ෂ නායකයා බවට පත් කිරීමට විශාල මෙහෙවරක් සිදු කළහ. හදිසියේම ඩඩ්ලි සේනානායක මහතාගේ මරණය සිදුවූ අතර, ජේ.ආර්.ජයවර්ධනයන්ට නායකත්වය පවරාදීමට ඒ බලවේගයන් යුහුසුළුව සිදුකළහ. එහි පලයක් ලෙස 1977දී ජේ.ආර්. ජයවර්ධන බලයට පත්ව, ඔවුන්ගේ, උපදෙස් පරිදි නව ව්‍යාවස්තාවක් ස්ථාපනය කොට ඔහුට අවැසි ආකාරයට රාජ්‍ය පාලනය කිරීම ආරම්භ කළහ.. ඒ සමගම ධවල යක්ෂයින්, සිය භූමිකාව වූ දකුණු ආසියාව පාලනය කරන නව බලකායවූ කොටි සංවිධානය ගොඩනැංවීම ආරම්භ කළහ.

ජේ.ආර්.ගේ පාලන කාලය පවත්වාගෙන යාම,, කොටි බලකාය ගොඩනැංවීම ජේ.ආර්.ගෙන් පසුකාලය කොටි සංවිධාන හිතකර පාලනයක් පිහිටුවීම ඔවුන්ට ඉතා වැදගත් කාර්යක් විය. ඒ ධවල යක්ෂයින්ගේ සැලසුම වුවද, පළපුරුදු ජේ.ආර්. ජයවර්ධනයන් ඒ බවක් නොදත්හ. මේ අතර ධවලයන් හටමේ රටේ අනාගතය බාරදිය හැකි, නව පරයෙකුගේ, අවශ්‍යතාවය තිබුන අතර, ඒ සඳහා තෝරාගනු ලැබුයේ, ජේ.ආර්.ජයවර්ධනගේම පවුලට ඥාතිත්වයක් ඇති ලාබාල රනිල් වික්‍රම සිංහයන්වය. එසේ තෝරාගත් ජාතික පරයාව ඉතා රහසිගතව ඒ සඳහාම පුහුණු කිරීම ආරම්භ කරන ලද්දේ, ඔහුට Deputy Minister of Foreign Affairs පදවිය ලබාදීම තුලිණි .ඉතා කෙටිකලකින් තරුණ කැබිනට ඇමතිවරයෙකුවූ රනිල්, ලාබාල වුවද එදා ධර්මපාල කුමරු මෙන්ම රාජ්‍ය නායකත්ව උදෙසාම අධිරාජ්‍යවාදීන් විසින් ගොඩනංවන ලද රාජකීය මෝලෙක් විය.

රනිල්ගේ දේශපාලන උත්පත්තියත්, කොටිසංවිධානය බලවත්ව ගොඩනැංවීමත් එකවරම ආරම්භ විය. රනිල් හා කොටි සංවිධානය යනු දේශපාලනිකව නිවුන් සොහොයුරන් වන අතර, කොටි සංවිධානය රනිල්ව සුරැකීමත් රනිල් කොටි සංවිධානය සුරැකීමත් අනිවාර්යෙන්ම සිදුකලයුතු කාර්යක් ලෙස බටහිර බලවතුන්ගේ සැලසුම විය. එදා එක්සත් ජාතික පාක්ෂිකයින් අතර සිටි අතිදක්ෂ පුද්ගලයන් හා සැසදීමේදී ,රනිල් යනු නිකම්ම නිකම් පුස්සෙකි. ඔහුට, ලලිත් ඇතුලත් මුදලි, ගාමිණි දිසානායක, රුක්මන් සේනානායක,වගේ ප්‍රබල චරිත සමග හෝ ආර්.ප්‍රේමදාස වැනි,දුබල චරිතයක් සමගවත් සටනක් දිය හැකි පුද්ගලයෙක් නොවිය. තරඟ කාරිත්වයේදී ඉතා දුබල චරිතයක්වූ රනිල් ස්වයංව ගොඩගිය හැකි චරිතයක් නොවේ. එසේම ඔහුට කිසිදු දැක්මක්ද නැති ඔහේ ගලායන චරිතයක්ද විය. ඔහුගේ ජීවිතය මෙරට ජනතාව අතර නොව විදේශීය චරපුරුෂයන් අතරේ හසුරවන ලද දොන් ජුවන් ධර්මපාලගේම චරිතය විය. ඔහු ජනතාව අතරට ගියද ඔහුට ජනතාව අතර ජීවිතය ප්‍රියකළ දෙයක් නොවේ. මිනිහෙක්ව ඇල්ලීම මිනිසෙක් ඔහුගේ අත ඇල්ලීම ඔහු ඉතාම අප්‍රිය කල දෙයකි. මේ රනිල්ව ප්‍රබල දේශපාලන චරිතයක් බවට පත්කිරීම සඳහා ඔහුගේ දේශපාලනික නිවුන් සොහොයුරාවූ කොටි සංවිධානය, එක්සත් ජාතික පක්ෂයේ නායකයින් සියල්ලම ඝාතනය කොට ඔහුට නායකත්වයට ලඟා වීමට මග විවර කර දුන්හ. ඒ රනිල් දැනුවත්ව නොවේ. එමෙන්ම නොදනුවත්වද නොවේ.

ඔහු එක්සත් ජාතික පක්ෂයේ නායකයා වුයේ එදා ධර්මපාල කුමරුමෙන්ම විදේශීය පඹයෙක් ලෙස මිස ක්‍රියාකාරී දේශපාලකයකු ලෙස නම් නොවේ. ඔහුට දැක්මක් කිසි විටෙකත් නොතිබුණි. ඔහු ක්‍රියාකළේ විදේශීය චරපුරුශයන්ගේ උපදෙස් මතය.මෙය ඔහුට මහා කරදරයක් වුවද, එයින් මිදීමට ඔහුට කිසිම ඉඩක් නොලැබුණි.ඒ එක්සත ජාතික පක්ෂයේ පැවැත්ම තීරණය කලේ විදේශීය චර්පුරුෂයින් විසින් ලබාදෙන අති විශාල මුදල් කන්දරාව හේතුවෙන් වීමයි. නායකත්වයේ ගුණාංග නැති ඔහුට එක්සත් ජාතික පක්ෂය ගොඩ දැමීමටවත්, එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් තරඟ බිමට ඒමටවත් සුදුසු කමක් නොතිබුණි.

රනිල්ට එක්සත් ජාතික පක්ෂ නායකත්වය ලබාදීමේ තීරණාත්මක අවස්තාව 1994 ජනාධිපතිවරණයයි. මේ මැතිවරණයේදී තරඟ වැදුනේ, ධවලයින්ගේ සහය ලද පරගැති මනසකින් පෝෂිත නිර්මානයක්වූ චන්ද්‍රිකා කුමාරතුංග හා අධිරාජ්‍යවාදීන්ගේ කවය තුල නැති ගාමිණි දිසානායක අතරය. මේ අවස්ථාවේදී, ගාමිණි දිසානායක ඝාතනය කිරීම තුලින් ඔවුන්ගේ අවශ්‍යතා දෙකක් සම්පුර්ණ වෙන බව ඔවුන් වටහා ගෙන සිටියහ.

1. මේ තුලින් ඔවුන්ගේම නියෝජිතවරිය ජනාධිපති ධුරයට පත්කිරීම,

2. ඔවුන්ගේ අනාගත ඉලක්කයන් සඳහාම ගොඩනැගු චරිතය වූ රනිල් වික්‍රමසිංහයන් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට පත් කිරීමයි.

ඝාතන ක්‍රියාවලිය ඔවුන් අපේක්ෂා කල ආකාරයෙන්ම සිදුවූ අතර, ඉහත සඳහන් ඉලක්කයන් දෙකම සපුරා ගැනීමට අධිරාජ්‍යවාදීන් සමත් විය. නමුත් මෙරට ජනතාවගෙන් කොටසක් සිතුවේ නුතන විහාර මහා දේවිය බලයට පත්ව සිටින බවයි. මේ තුලින් ඔවුන්ට 1977දී ආරම්භ කල සියලුම ව්‍යාපෘතීන් ඒ ආකාරයෙන්ම 2005 දක්වාම කිසිදු කරදරයකින් තොරව සිදු කිරීමේ මාවත විවර විය..

ඔවුන් එදා නිර්මාණය කලේ මෙරට කිසිදාන නොතිබුන දේශපාලන සංස්කෘතියකි. 1977 සිට අධිරාජ්‍යවාදී කඳවුරට එරෙහි, ප්‍රගතිශීලි බලවේගය ඔවුන්ගේම නියෝජිතවරිය වූ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය අතටත්. මෙරට ඇති ප්‍රතිගාමී බලවේගයන් හා සිටින කණ්ඩායම මෙහෙය වීම ඔවුන්ගේම නියෝජිතවරයෙකු වූ රනිල් වික්‍රමසිංහ මහතා අතට ලබාදී ඔවුන් රටේ සියලුම ජනකොටස් නියෝජනය කරන අමුතුම යාන්ත්‍රණයක් නිර්මාණය කරගත්හ. මෙය අතිභයානක විනාශයන් රාශියක් මෙරටට උරුම කල යුගයක් විය.

අපේ හමුදාවන්ට විශාල විනාශයන් අත්කරදීම මේ කාලය තුලදී මේ ජනාධිපති චන්ද්‍රිකා හා විපක්ෂ නායකව සිටි රනිල් සිදුකරන ලද්දේ බටහිර බලවේගයන්ගේ ඉත්තන් ලෙස චන්ද්‍රිකා හා රනිල් ක්‍රියා කල බැවිණි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress