ජනාධිපතිතුමාගේ අතීසාරයට අබුඩය ගැසීම
Posted on August 17th, 2021

ලංකාවේ වෙනදේ

අතීසාරයට අබුඩය ගැසීම ප්‍රස්තා පිරුළ සිහිගන්නමින් ජනාධිපති ගොටාබය රාජපක්ශ රටේ ඇති දහසක් ප්‍රශ්න නිරාකරණය කිරීමේ අදහසින් කැබිනට් මණ්ඩල සංශෝධනයක් ඉදිරිපත් කර තිබේ.

මහාචාර්ය ජී එල් පීරිස් නව විදේශ ඇමතිවරයා ලෙස පත් කර ඇති අතර දිනේෂ් ගුණවර්ධන මහතා අද කැබිනට් මණ්ඩල සංශෝධනයෙන් පසු නව අධ්‍යාපන අමාත්‍යවරයා වේ.

ජනාධිපති මාධ්‍ය අංශය පවසන පරිදි සෞඛ්‍ය ඇමතිනිය ලෙස කටයුතු කළ පවිත්‍රා වන්නිආරච්චි ප්‍රවාහන ඇමති ලෙස පත් කර ඇති අතර කෙහෙළිය රඹුක්වැල්ල නව සෞඛ්‍ය ඇමතිනිය වේ.

ගාමිණී ලොකුගේ මහතාට විදුලිබල ඇමති ධුරය ලබා දී ඇති අතර නව ජනමාධ්ය අමාත්යවරයා ලෙස ඩලස් අලහප්පෙරුම මහතා පත් කෙරේ.

නාමල් රාජපක්ෂට දැනට තිබෙන තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශ විෂයයන්ට අමතරව ‘සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්‍ෂණය’ පිළිබඳ නව අමාත්‍යාංශයක් ලබා දී ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (16) දින කැබිනට් මණ්ඩලය පහත පරිදි වෙනස් කළේය.

මහාචාර්ය ජී එල් පීරිස් – විදේශ කටයුතු ඇමති

දිනේෂ් ගුණවර්ධන – අධ්‍යාපන අමාත්‍ය

පවිත්‍රා වන්නිආරච්චි – ප්‍රවාහන ඇමති

කෙහෙළිය රඹුක්වැල්ල – සෞඛ්‍ය අමාත්‍ය

ගාමිණී ලොකුගේ – විදුලිබල ඇමති

ඩලස් අලහප්පෙරුම – ජනමාධ්‍ය අමාත්‍ය

නාමල් රාජපක්ෂ – සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ ඇමති (තරුණ කටයුතු හා ක්‍රීඩා වලට අමතරව)

2 Responses to “ජනාධිපතිතුමාගේ අතීසාරයට අබුඩය ගැසීම”

  1. Ratanapala Says:

    The calamity of Gotabhaya’s administration is the inclusion of some of the dysfunctional old guard from Mahinda R’s previous administration. These disasters that were waiting to happen have happened. Now it is not too late to correct some of the mistakes and move on. Pavithra Devi is one such. She is a pure and simple selfish politician – “Always Posing Pavpthra” to catch the headlines being so naiive and ignorant whether the publicity she so crave is good or bad for her politics.

    This does not mean that the replacement is going to be better. It is time that Sri Lanka make and effort to bring in learned professionals to man at least the important ministries such as health, education, defence, foreign affairs, agriculture, power and energy etc. portfolios. On top of all this he is saddled with a defunct SLAS – the Sri Lanka Administration Service, most of them by now in the pay of outside forces inimical for existence of Sri Lanka as a unitary state.

    The other problem of Gotabhaya’s is his inability to lead from the front. His power is derived directly from the people and it is his job first and foremost to give leadership. In other countries leaders are seen addressing their nations much more frequently. This way they are able to connect with the people much more positively and on an ongoing basis. At the moment every dick tom and harry in the government that includes the politicians and government servants are doing this work by giving in their private opinion by passing the collective responsibility they have to work as a team.

    The President cannot do all this by hiding inside the Presidential Secretariat and trying to control the details with little knowledge of the big picture! It won’t too long before people begin to think that he is losing the handle on governance.

  2. chandrasena Pandithage Says:

    මේ ලිපියට අනුව ජනාධිපතිතුමාගේ, කැබිනට සංශෝධනය අතීසාරයට අමුඩය ගැසීමකි. ඔව්! අතීසාරයක් හදුනා ගත්විට හතර පොලේ ගාගන්නේ නැතිව කල යුතු පළමු කාර්යවන්නේ, අමුඩයක් හෝ පැම්පියක් ඇන්දවිමයි. දැන් අතීසාරයක් ඇතිබව පැහැදිලිය. දැන් අතීසාරයට හේතුව හා නැතිකිරීමේ මාර්ගය සෙවිය යුතුය. අතීසාරයට හේතුව යම් යම් විශේසඥ යයි කියාගත් විදේශ බලපෑම වලට නතු පිරිසකි.

    1. ඔවුන්ගේ ඉලක්කයන් වන්නේ, රජය අපහසුතාවයට පත්කිරීම.
    2. කොරෝනා වෛරසය තුලින් නව ආර්ථික වාසි ලබාගත හැකි මං විවරකර ගැනීම, යන දෙකරුණය.

    මෙහිදී ගෝලීය දේශපාලනය අපට වැඩක් නැත. අපගේ ඉලක්කය විය යුත්තේ කුමන ආකාරයෙන් හෝ කොවිඩ් වසංගතයෙන් ගොඩ ඒමය.

    අපේ දැනුමට අනුව ලෝකයේ කුමන වෛද්‍ය විශේසඥ කුට වුවද කොවිඩ් සම්බන්ධව ඇත්තේ අල්ප දැනුමකි. ඒ සඳහා කඩිමුඩියේ නිපදව්ය් එන්නත් සම්බන්ධවද ඇත්තේ අල්ප දැනුමකි. වෛද්‍ය විශේෂඥ පුවරුව ඉදිරියට දමාගෙන මේ වෛද්‍ය විශේෂඥන් තම දේශපාලන අරමුණු ඉටු කිරීමට වෙහෙසෙන බව අපි සියලු දෙනාම දකිමු. මොවුන්ට ලොක්දවුන් වලින් එහා ගිය කිසිදු ව්සදුමක් නැත. වෛද්‍ය විශේෂඥයින්ට එරෙහිව හඬක් නගන්නට තරම් ශක්තියක් පවිත්‍රා වන්නිආරච්චිමතිනෛයට තිබුනේද නැත. ය සිදුකලේ ඔවුන් සමග ඉතා සහයෝගයෙන් මේ කර්තව්‍ය ඉටුකිරීමටය. සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මැතිනිය සිය වෛද්‍ය විශේෂඥ පදවිය ඉදිරියට දමාගෙන වෙනත් දේශපාලන ගේමක් ගැසීමට බලා සිටින බවක්ද ප්‍රදර්ශනය විය. මේ අවස්ථාවේදී කොවිඩ් සමග සටනට නව ඇමතිවරයෙක් වශයෙන් කෙහෙළිය රඹුක් වැල්ල මහතා පත්කර ඇත. එතුමා කරුණ නිවැරදිව වටහාගෙන ඇති බව පෙනේ. සරම්ප,පැපොල මෙන්ම කොවිඩ්ද දෙවියන්ගේ ලෙඩකි. එයට බෙහෙත් නැති විද්‍යාවට කල හැක්කේ එහි බලය බිඳින එන්නත ලබාදීම පමණි. කෙහෙළිය ප්‍රමුඛ පරපුර එය සිදුකර ඉතිරිය ඔහු දෙවියන්ට බාර කරනු ඇත.. හෙලවෙදකමට එයට බෙහෙත් තිබේ. එහෙත් වෛද්‍ය විශේෂඥ පරපුරට එය දරන්නෙම නැති හිසරදයකි. දෙවියන් විසින් මේ මළකඳන් ගන්නවත් හරියට ගණනය කර රටට කිව නොහැකි වෛද්‍ය විශේෂඥ පරපුරට එරෙහිව සටන් වදින්නට උපකාර කල යුතුය. කෙහෙළිය එය නිසිලෙස කළමනාකරණය කරන බවට විශ්වාසයක් ඇත.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress