කොරෝනා මර්දනයේදී ජනාධිපතිවරයා ෆේල් වී ඇති බව ජාතිය ඇමතීමෙන් යළිත් තහවුරු වුනා – ජනාධිපතිගේ ජාතිය ඇමතීමට මනුෂ පිළිතුරු දෙයි
Posted on August 21st, 2021

Manusha Media

කොරෝනා වසංගතය මර්දනය කිරීමට ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව අසමත් බව ජනාධිපතිවරයාගේ ජාතිය ඇමතීමේ කතාවෙන් යළිත් වරක් පෙනී යන බවද, කොරෝනා නිසා මියගිය අයට කණගාටුව ප්‍රකාශ කිරීමට තරම් ජනාධිපතිවරයා නිහතමානී වී නොමැතිබවත්, සමගි ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක මනුෂ නානායක්කාර පැවසුවේය.

සිය අසමත්කම තමන්ගේ කතාවෙන්ම පිළිගෙන ඇතැයිද විපක්ෂ නායක කාර්යාලයේදී පැවති ප්‍රවෘත්ති සාකච්චාවකදී ඔහු කීවේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මනුෂ නානායක්කාර මන්තී‍්‍රවරයා මෙසේද පැවසුවේය

අදට පාස්කු ප‍්‍රහාරයට මාස 28ක් සම්පූර්ණ වෙනවා. කතෝලික සහෝදර සහෝදරයින් කළු කොඩි ඔසවමින් විරෝධතා දැක්වීමට ඉල්ලීම් ඉදිරිපත් වුනා. සමගි ජන බලවේගය වන විට අපි මේ සදහා සහාය ලබාදෙන බව පවසනවා.

ඊයේ මේ විරෝධතාවයට කළු කොඩි දමමින් සිටින විට ඔවුන්ට හිංසා කර තියෙනවා. වත්තල ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයා විසින් මේ කොඩි ගනලවන ආකාරය අපිට විඩියෝ තියෙනවා. තමන්ගේ විරෝධය දක්වන්න කළු කොඩි දාන විට ආණ්ඩුවේ මැරයින් ගලවන විට එතැන තියෙන සැගවුන දේ අපිට තේරෙනවා.

පාස්කු ප‍්‍රහාරයේ කදුළු විකුණලා, ජාතික ආර්ෂාව මතින් ඇවිත්, පාස්කු ප‍්‍රහාරයට වගකිව යුතු අය අල්ලන බව කියපු ආණ්ඩුවකට මාස 28ක් යන විටත් වගකිවයුත්තන් අල්ලා ගැනිමට නොහැකි වෙලා තියෙනවා. පාස්කු ප‍්‍රහාරය මතින් බලයට ආපු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට බැරිවෙලා තියෙනවා, ප‍්‍රහාරය ගැන තොරතුරු ආපු අයට දඩුවම් දීමට නොහැකි වෙලා. මේ තොරතුරු ලැබුණ අය ඉහළ පුටුවලට වැජඹෙනවා.

පාස්කු ප‍්‍රහාරයේ සැබෑ මොළකවරුවන් සොයපු ශානි අබේසේකර වගේ අය හිරේ දාලා තියෙනවා. තමන් අනුමත කළ ජනාධිපති කොමිසමේ ඇතැම් නිර්දේශ ක‍්‍රියාත්මක වීම වැලැක්විමට උත්සාහ ගන්නවා. දළදා මාළිගාවට ගිහින්, මහනායක හාමුදුරුවෝ හමුවෙලා කොමිසමේ  තීන්දු ක‍්‍රියාත්මක නොකර සිටීමට බලපෑම් කරනවා. ඒ බලපෑම් කරන්න මහනායක හිමිවරුන් හමුවීමට නිල ඇදුම් දාගත්ත නිලධාරීන් යනවා. ආයතන සංග‍්‍රහය යටතේ නිල ඇදුම් ඇදගෙන මේ වගේ දේවල් කළ හැකිද.

පාස්කු ප‍්‍රහාරයේ මහ මොලකරුවන් අල්ලන්න ආපු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ යටතේ තියෙන ආයතනයක නිලධාරීන් ගිහින් ගතු කියන විට ගන්නා විනය ක‍්‍රියාමාර්ගය මොකක්ද. කතෝලික පල්ලියට තමයි ප‍්‍රහාර එල්ලවෙන්නේ. මේකේ වරද මුස්ලිම් ප‍්‍රජාව පිට පටවන්නත් උත්සාහ ගන්නවා. ඒ තත්වය තුළදී මුදුන් මල්කඩ වන දළදා මාළිගාවට ගිහින්, මහානායක හාමුදුරුවන් හමුවෙලා එන්නේ. මේ ආකාරයට ආගමික අර්බුදයක් නිර්මාණය කිරීමටද? මේ පොලිස් නිලධාරීන් හරහා ආගමික ප‍්‍රශ්ණයක් මතුකිරීමටද ආණ්ඩුව සූදානම් වෙන්නේ.

ඊයේ දිනය එකතු කළාම 69. පාස්කු ප‍්‍රහාරයේ 269ක් ජනතාව මරණයට පත්වෙලා බලයට ආපු ආණ්ඩුව 195 දෙනෙක් ඒ දවසේදී ජීවිත අහිමිවෙලා. ඒත් ජනාධිපතිවරයාට ඒ ගැන වගේ වගක් නෑ. 6000 ඉක්මවා මිය ගිය ජනතාව වෙනුවෙන් කණගාටුවක් ප‍්‍රකාශ කිරීමට, මිය ගිය අයට එක වචනයක්වත් කියන්න ජනාධිපතිවරයාට හැකියාවක් තිබුණේ නෑ. ලෝකයේ රාජ්‍ය නායකයින් මේ ගැන කතා කරන විට තමන්ගේ රටේ ජීවිත අහිමිවූ අය ගැන මතක් කරන විට මේ මැරුණ අය ගැන සංවේගය පළ කිරීමට කටයුතු කළේ නෑ.

කොරෝනා වසංගතය මැඩ පැවැත්වීමට එකම විසදුම එන්නත්කරණය බව ජනාධිපතිවරයා කිව්වා. ඒක අපි හැමදාමත් කිව්වා. ලෝක සෞඛ්‍ය සංවිධානය කියන විදියට වැඩ කරන්න, එන්නත් ගේන්න කටයුතු කරන්න කියලා කිව්වා. කොරෝනා එන්ත ගේන්න කියලා අවුරුද්දක් යන තුරු එන්නත ගෙනාවේ නැත්තේ ආණ්ඩුවේ අය තමයි. දැන් කෑගල්ලේ වලදාන පැණිය ප‍්‍රවර්ධනය කරලා, ජයසුමන කියන පැණි ප්‍රොමෝට් කරන ඇමැති ප‍්‍රමෝට් කරනවා හැරෙන්න විද්‍යාත්මක ක‍්‍රමයට මේක විසදා ගැනීමට කටයුතු කළේ නෑ.

කොරෝනා මර්දනයට විද්‍යාත්මක ක‍්‍රමවේදයකට යන්න ආණ්ඩුවට උවමනාවක් තිබුණේ නෑ.

ලංකාවට එන්නත ගෙන්වා ගැනීමට උනන්දුවෙන් රාජ්‍ය නායකයින්ට පුද්ගලිකව කතා කළා කිව්වා. ඒ නිසාද ඇස්ට‍්‍රසෙනිකා එන්නතේ දෙවැනි මාත‍්‍රාව ගන්න බැරිව ලක්ෂ පහක ජනතාවක් බලාගෙන හිටියේ.

සිනොෆාම් එන්නතට ඖෂධ නියාමන ජාතික අධිකාරිය අනුමැතිය ලබාදීම අවුරුද්දකින් පමා කළ බවට චෝදනා කරනවා. එන්නත නියමිත වේලාවට ලබා නොදීමේ වගකීම ඒ අය පිට පටවා අත පිසදාගැනීමට ආණ්ඩුව උත්සාහ ගන්නවා. මේ අය එන්නත ඒ අවස්ථාවේදි ප‍්‍රතික්ෂේප කළේ නියමිත දත්ත නොමැතිවීම නිසයි. මේ ආණ්ඩුව දැන් සැබෑ වියතුන්ට පහර දෙනවා

ලෝක සෞඛ්‍ය සංවිධානය සයිනොෆාම් එන්නත පිළිගත්තේ ජනාධිපතිතුමා ලියුමක් යැව්වට පස්සේ බව ජනාධිපති ප‍්‍රකාශක කිංස්ලි රත්නායක කිව්වා. ඒක එසේ නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පසුව ප‍්‍රතික්ෂේප කළා.

හැටට වැඩි අයට එන්නත දෙන බව ජනාධිපතිවරයා ඇවිත් කියනවා. හැබැයි මේ ආණ්ඩුව එන්නත දුන්නේ තමන්ගේ හිතවතුන්ට. සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුලේ, පොලීසිය ඇතුලේ එන්නත දුන්නේ තමන්ගේ හිතවතුන්ට. මුලින්ම එන්නත දුන්නේ හැටට වැඩි අයට නෙමෙයි. හැටට අඩු අයට එන්නත් ගහලා ඉවර වුනාට පස්සේ තමයි හැටට වැඩි ජනතාවට එන්ත් ලබාදීමට ආණ්ඩුව කටයුතු කළේ.

පළමු රැුල්ලේදී සාර්ථකව කොවිඩ් ජයගත්ත බව ජනාධිපතිවරයා කියනවා. ඒ අවස්ථාවේදී විශාල දායකත්වයක් ලබාදුන්න අනිල් ජාසිංලා, ජයරුවන් බණ්ඩාරලා දාලා තියෙන්නේ කොහේටද? පළමු රැුල්ල මර්දනය කිරීමේ ගෞරවය ඔවුන්ට ලැබීම නිසා නොවේද ඔවුන් එම තැන්වලින් ඉවත් කළේ.

වාහන ගෙන්වූ අයට ලීසිං ගෙවා ගැනීමට නොහැකිවු බව දැන් කියනවා. පළමු රැුල්ල වෙලාවේ ලීසිං සහන දීපු හැටි ගැන උජාරුවෙන් කිව්වා. හැබැයි දැන් එතුමාම ජනතාවට ලීසිං සහන දුන්නේ නැති බව පිළිගෙන තියෙනවා.

රාජ්‍ය සේවකයින් වැඩට කැදවීම සීමා කළ බව කිව්වා.  සංචරණ සීමා දැම්මා කියනවා. හැබැයි ඇත්තටම තිබුණේ වල්බූරු සංචරණ සීමා. නිසි සංචරණ සීමා තිබුණේ නැහැ. ජනාධිපති ලේකම් කාර්යාලයෙන් චක‍්‍රලේඛ ගහලා, ගැබිනි මව්වරුන් සේවයට කැදවපු බව ජනාධිපතිවරයාට අමතක වෙලා. රට වහන්න වෙනවා කියලා වෛද්‍යවරු කියන විට තමයි ඒ ආකාරයට රාජ්‍ය සේවකයින් කැදවූයේ.

ඇගළුම් කර්මාත්නයේ කඩා වැටීමක් වුනා කියලා ජනාධපතිවරයා කිව්වා. හැබැයි ආර්ථිකය කඩාගෙන වැටුනේ කෘෂි ආර්ථිකය, තේ ආර්ථිකය වැටුණ නිසා. තමන් විසින්ම ආනයනය අවම කිරීම නිසා නිෂ්පාදන අමුද‍්‍රව්‍ය ගෙන්වීම සීමා වෙලා තියෙනවා. මේ ආණ්ඩුවේ වැරදි ගැන සිහිපත් කරන්නේ නැතිව සියලුම වැරදි කොරෝනා පිටට දාන්න ආණ්ඩුව සූදානම් වෙනවා.

දැනට සංචාරකයින් 200ක් විතර දවසකට එනවා කියලා තියෙනවා. දැනට එන්නේ යුකේ‍්‍රන සංචාරකයින්. මේ සංචාරකයින් ලංකාවට ගෙන්වූයේ ඇයේ. කොඩින් 19 හැදෙනවාද කියලා, කොවින් තියෙන රටකින් ගෙන්නුවා කියලා බැසිල් රාජපක්ෂ කියනවා. බැසිල් රාජපක්ෂ කරපු පරීක්ෂණය දැන් සාර්ථක වෙලා තියෙනාවනේ. මේ අත්හදාබැලීම නිසා තමයි කොරෝනා දෙවැනි තුන්වැනි රැුලි ඇතිවුනේ.

අවුරුදු හැටට වැඩි අයට නිතරම ඇන්ටිජන් කරන්න කියලා කියනවා. හැටට වැඩි අයට එන්ත්කරණය ප‍්‍රමාද කළ කෙනාම තමයි දැන් ඇන්ටිජන් කරන්න කියලා කියන්නේ. මැරෙන අයගෙන් බහුතරය අවුරුදු හැට වැඩි එන්නත් නොගත් අය කියලා ජනාධිපතිතුමා කියනවා. හැටට වැඩි අයට එන්ත් ගහන්න එපා කියලා කිව්වේ ජනාධිපතිතුමාම තමයි. මේ හැටට වැඩි එන්නත් නොගත් අයගේ මරණවලට ජනාධිපතිවරයා වගකිව යුතුයි.

මේ වෙලාව වර්ජනවලට වෙලාවක් නොවන බව ජනාධිපතිවරයා පවසනවා. ඒත් නාවලපිටියේ සැමරුම් කරන්න, ක‍්‍රිඩා උත්සව පවත්වන්න, රගර් ගහන්න, කිරිබත් කන්න මේවා අදාල වෙන්නේ නැද්ද. ආණ්ඩුව උද්ඝෝෂණ පිට දාලා කොරොි්නා වගකීමෙන් බේරෙන්න හැදුවත් වෛද්‍යවරු ගණනාවක් අගෝස්තු මාසයේදී දවසකට දෙසීයක් විතර මිය යන බව වෛද්‍යවරු කිව්වේ අපේ‍්‍රල් මාසයේදී විතර
.

පසුගිය දවස්වල රට ඇරගෙන නටපු විගඩමේ ප‍්‍රතිඵල තවත් දරුණු විය හැකියි. රට වහන්න කියලා කියද්දී, එදා වේල හම්බකරන් කන අයගේ දුක ගැන කියලා හිටියා. එහෙම කියමින් හිටපු අය ඊයේ රට වහන්න තීරණය කළේ අද කළු කොඩි විරෝධය නිසාද දන්නේ නෑ.

අද හාල් මිල, පාන් මිල, ගෑස් මිල වැඩිවුන එක කියන්න අමතක වුනා. ඔන්ලයින් අධ්‍යාපනයේ ඇති ගැටලු ගැන කතා කරන්න අමතක වුනා.

රටේම දත්ත බොරු ජනතාවට නිකුත් කරනවා. ජනාධිපතිවරයාගේ අනුදැම මත ආරක්ෂක අංශයේ නිලධාරියෙක් ඒ දත්ත වෙනස් කරනවා. රූපවාහිනී නාලිකාවල කොරෝනා දත්තවල ඇති පරස්පරතාවයන් පෙන්නුවා. සැබෑ රෝගීන් සංඛ්‍යාවෙන් තුනෙන් එකයි පෙන්නන්නේ. හරි දත්ත මත කටයුතු නොකර බොරු දත්තමත කටයුත කරන අයෙක් බවටපත්වෙලා


මේහෙම බොරු දත්ත හදන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය රවටටන්නද. රටේ ජනතාව රැුවටීටමද? නිවරදි සංඛ්‍යාලේඛණ ඉදිරිපත් කරන්න ජනාධිපතිතුමනි.

ජනාධිපතිවරයාට නියමිත වෙලාවට එන්නත ගේන්න බැරිවුනා, රට වහන්න බැරිවුනා, ඒ නිසා මෙතරම් රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වෙනවා කියලා සමාව ගන්න, කණගාටුව ප‍්‍රකාශ කරන්න තරම් හැකියාවක් ජනාධිපතිවරයාට හැකියාවක් ලැබුණේ නැහැ.

One Response to “කොරෝනා මර්දනයේදී ජනාධිපතිවරයා ෆේල් වී ඇති බව ජාතිය ඇමතීමෙන් යළිත් තහවුරු වුනා – ජනාධිපතිගේ ජාතිය ඇමතීමට මනුෂ පිළිතුරු දෙයි”

  1. Gunasinghe Says:

    Stop publishing BS.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress