කෝවිඩි වෛරස හේතුවෙන් ආසාදිතයන් මිය යාම දණ්ඩ නීති සංග්‍රහයේ 261, 289 සහ 298 වගන්ති යටතේ අපරාධමය වැරදි සිදුකිරීම සම්බන්ධයෙන් පවිත්‍රා වන්නිආරච්චි, සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ, චන්න ජයසුමන, සිසිර ජයකොඩි, සංජීව මුණසිංහ, අසේල ගුණවර්ධන සහ කුමාරි වීරසේකරට එරෙහිව වෛද්‍ය බී. ඒ. රත්තපාල මහතා පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතාට පැමිණිලි කරයි.
Posted on August 21st, 2021

මාධ්‍ය අංශය, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන,

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වෛද්‍ය වෘත්තීන්හි නියැලෙන කොළඹ විශ්ව විද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යායතනයේ උපාධිධාරි, ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචි අංක 6942 සර්වාංග සහ  7319 විශේෂ යටතේ ලියාපදිංචි වී වෙද්‍ය වෘත්තියේ යෙදෙන නො. 66, සල්මල් පෙදෙස, මත්තෙගොඩ පදිංචි වෛද්‍ය බී.ඒ.රත්නපාල මහතා මෙම පැමිණිල්ල කර ඇත.

එමෙන්ම ඔහු විසින් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි අංක කො/රෝහල්/06  යටතේ ලියාපදිංචි කර ඇති රෝපා ආයුර්වේද රෝහල පවත්වාගෙන යන බවත්, වර්ෂ 2019 අවසානයේ සිට ශ්‍රී ලංකාවේ ඌර්ධ ස්වසන ව්‍යුහාගත වෛරස් ආසාදනයක් (කෝවිඩි වෛරස් ආසාදනය හේතුවෙන්) ව්‍යාප්ත වෙමින් තිබූ අතර, මා එයට ප්‍රත්‍යක්ෂ ඖෂධ ලබා දී සුවකරන සහ නීතියට අනුව ප්‍රතිකාර කරමින් සිටින වෛද්‍යවරයෙක් බව පැමිණිල්ලේ දක්වා ඇත.  

එම කොවිඩ් (කොවිඩ් 19) වෛරස් රෝගයට මුහුණ දීමට අවශ්‍ය ප්‍රතිශක්තිය  (Immunity) ශරීරයේ රුධිරය තුලින් වර්ධනය කරන ප්‍රතිකාර දේශීය වෛද්‍ය ක්‍රමයේ තිබියදී ඒවා ඔහු සහ තවත් ආයුර්වේද වෛද්‍යවරු ඉදිරිපත් කර ඇති අවස්ථාවක සහ ඒවායේ ප්‍රතිඵල සාර්ථක වී තිබියදී, රෝගීන් මිය යාම සිදු නොවිය යුතු දෙයක් වූවත්, දිනපතා අසාදිතයන් මිය යාම සිදු වන අතර, එසේ රෝගින් මිය යෑම සිදුවන්නේ නිරෝධායන ආඥාපනත යටතේ ප්‍රතිකාර කිරිමේ බලය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් යටතේ ඇති බටහිර වෛද්‍ය ක්ෂේත්‍රයට පමණක් හිමිකර ගෙන ඇති නිසා බවත් ඔහු සිය පැමිණිල්ලේ දක්වා ඇත.

19 වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ පත්වූ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි යටතේ දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයට අදාල ආයුර්වේද වෛද්‍ය සභාව යටතේ පාරම්පරික දේශීය ආයුර්වේද වෛද්‍යවරුන් 20000ක් පමණ සිටින අතර ඔවුන්ගේ දායකත්වය මෙහිදී ප්‍රමාණවත් පරිදි සළකා බලා නැති අතර  එම වෛද්‍යවරුන් අතර ද්‍රවිඩ ජාතීන්ට උරුම වු සිද්ධ වෛද්‍ය ක්‍රමයේ නියැලෙන වෛද්‍යවරුන් ද, මුස්ලිම් ජාතියට උරුම වූ යුනානි වෛද්‍ය ක්‍රමයේ නියැලෙන වෛද්‍යවරුන්ද හෝමියෝපති වෛද්‍ය ක්‍රමයේ  නියැලෙන වෛද්‍යවරුන්සේද සිටින අතර, ඔවුන් අතරින් මෙම ආසාදනයට ප්‍රතිකාර කිරීමට හැකි වෛද්‍යවරු සිටිනවා මෙන්ම ඔහු සතු ප්‍රත්‍යක්ෂ ඖෂධ ක්‍රමවේදය සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි වෙතද ලබා දුන්නද ව්‍යවස්ථාපිත යුතුකම ඉටුකිරීමෙන් ඇය බැහැර ගොස් සිටි අතර ඒ හේතුවෙන් මේ ආකාරයට අසාදිතයන් මිය යමින් සිටින බවත් පොලිස්පතිවරයා වෙත යොමු කළ පැමිණිල්ලේ දක්වා ඇත.

6000කටත් වඩා මරණ සංඛ්‍යාවක් මෙම රෝගයට අදාලව සිදුවී ඇති බවත් එම මරණ සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහයේ  261 වගන්තිය (මහජන කරදරය), 289 (ව්‍යවස්ථාපිත යුතුකම ඕනෑවට නොකර හැරීම) 298 වගන්තිය (නොසැලකිලිමත් ලෙස මරණය සිදුකිරීම) ඇතුළු වැරදි සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා දේවි වන්නිආරච්චි, දේශීය ‍වෙදකම් ප්‍රවර්ධන‍, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා  සෞඛ්‍ය රාජ්‍ය ඇමති සිසිර ජයකොඩි, සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය සංජීව මුණසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් වන කුමාරි වීරසේකර විසින් සිදු කර ඇති බවත් එම වෛද්‍යවරයා පැමිණිල්ලේ දක්වා ඇත.

ඖෂධ නිෂ්පාදනය සැපයිම හා නියාමක රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය චන්න ජයසුමන, ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග හා කොවිඩ් පාලන කටයුතු පිළිබඳ අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ එම වැරදි සිදු කිරීමට ආධාර සහ අනුබල දීම සිදුකර ඇති බවත් පැමිණිල්ලේ දක්වා ඇත.

.

ඉහත වගඋත්තරකරුවන්ගෙන් බොහෝ දෙනෙකු කොරෝනා වසංගතය සඳහා බටහිර වෛද්‍ය ක්‍රමයේ හදිසි අවස්ථා (Emergency Use) සදහා පමණක් අනුමත කර ඇති එන්නත් සාමන්‍ය තත්ත්වයේ අනුමත කර ඇති ලෙස ජනතාවට එන්නත් කරවීම සිදුකරන බවත්, එසේම එය බලහත්කාරයෙන් සිදුකරන බව දැනගන්නට ලැබී ඇති බවද සාර්ථක ලෙස ශරීරය මගින් ප්‍රතිශක්තිය (Immunity) වර්ධනය කරමින් ජීවිත බේරා ගැනීම, මරණය වැලැක්වීම සිදුකල හැකි දේශීය වෛද්‍ය ප්‍රතිකාර ඔහු සතුව තිබියදී සහ ඒවා ඉදිරිපත් කර ඇති අවස්ථාවක සහ ප්‍රතිකාර ඉදිරිපත් කර ඇති වෙනත් වෛද්‍යවරුන්ද සිටියදී ඒවාට අවස්ථාව නොදී මේ ආකාරයට ආසාදිතයන් මිය යාමට හැරීම අපරාධමය වැරදි බවද වෛද්‍යවරායා සිය පැමිණිල්ලේ වැඩිදුරටත් දක්වා ඇත.

සිය පැමිණිල්ල සනාථ කිරීම සදහා වාචික සාක්ෂිකරුවන් සහ ලිඛිත සාක්ෂි ඉදිරිපත් කිරීමට හැකි බවත්, ඌර්ධ ස්වසන ව්‍යුහාගත වෛරස් ආසාදනයට / කෝවිඩි වෛරස් ආසාදනයට / ප්‍රතිශක්තිය ආශ්‍රිත රෝග සඳහා දේශීය වෛද්‍ය ප්‍රතිකාර හෝ වැලැක්වීමේ මාර්ග තිබියදී එකී ආසාදිතයන් මිය යාමට වගකිවයුතු අයට එරෙහිව අපරාධමය වැරදි සිදුකරීම සහ ආධාර සහ අනුබල දීම සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව සාධාරණ විමර්ශනයක් සිදු කර නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් වෛද්‍ය බී. . රත්තපාල මහතා සිය පැමිණිල්ලෙන් පොලිස්පතිවරයාගෙන් ඉල්ලා ඇති අතර නීතිපතිවරයාටද එකී පැමිණිල්ලේ පිටපත් යොමු කර ඇත.

මාධ්‍ය අංශය, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන,

One Response to “කෝවිඩි වෛරස හේතුවෙන් ආසාදිතයන් මිය යාම දණ්ඩ නීති සංග්‍රහයේ 261, 289 සහ 298 වගන්ති යටතේ අපරාධමය වැරදි සිදුකිරීම සම්බන්ධයෙන් පවිත්‍රා වන්නිආරච්චි, සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ, චන්න ජයසුමන, සිසිර ජයකොඩි, සංජීව මුණසිංහ, අසේල ගුණවර්ධන සහ කුමාරි වීරසේකරට එරෙහිව වෛද්‍ය බී. ඒ. රත්තපාල මහතා පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතාට පැමිණිලි කරයි.”

  1. dhane Says:

    වෛද්‍ය තිලක පද්මා සුබසිංහ සහ ආයුර්වේද වෛද්‍ය බී. ඒ. රත්තපාල මහතා from which medical college both of you passed as Dr.? It looks you both do not have even 5th grade students general knowledge.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress