වැව් 27 ක් සංවර්ධනය ඇරඹෙයි.
Posted on August 27th, 2021

තිසර සමල්- අනුරාධපුර

තෝඩාමඩුව එල්ලංගා පද්ධතියට අයත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැව් 27 ක් ප්‍රතිසංස්කරණය කිරීම සමාරම්භ කෙරෙමින් සිදු වන තෝඩාමඩුව මහ වැව ප්‍රථිසංස්කරණය කිරීම රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතාගේ නිරීක්ෂණයට ලක් විය.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රථිපත්ති ප්‍රකාශනය⁣ට අනුව කෘෂිකාර්මික කටයුතු සදහා අවශ්‍ය ජලය සපයා ගැනීම සදහා තෝඩාමඩුව එල්ලංගා පද්ධතිය⁣ට අයත් වැව් ප්‍රථිසංස්කරණය කිරීමට මිහින්තලය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභපති රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා කල යෝජනාවකට අනුව ප්‍රථිසංස්කරණය කිරීම ආරම්භ වී ඇත.

ඒ අනුව තිරප්පනය හා ඉපලෝගම ගොවිජන සේවා බලප්‍රදේශ ආවරණය වන ලෙස වැව් 27 ක් සංවර්ධනය වීමට නියමිත අතර එහි පළමු වැව ලෙස තෝඩාමඩුව වැව ප්‍රථිසංස්කරණය කෙරේ.ඒ අනුව වැව් බැම්ම, රළපනාව හා ඇළ පද්ධති ප්‍රථිසංස්කරණය කෙරෙන අතර, වැව තුළ පවතින රොන් මඩ ඇතුළු අපද්‍රව්‍යයන්ද ඉවත් කිරීමට නියමිතය.

 වැව ප්‍රථිසංස්කරණ කටයුතු සිදු කිරීමේදී සිදු කළ යුතු කාර්යන් සම්බන්ධයෙන් ගොවි සංවිධාන නියෝජිතයින් හා නිළධාරීන් සමඟ සාකච්ජාවක්ද රාජ්‍යය අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ විසින් එහිදී සිදු කළහ.

මෙම අවස්ථාවට මිහින්තලය ආසන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක සරත් ඉලංගසිංහ, තිරප්පනය ප්‍රාදේශීය සභා සභාපති රොෂාන් ඉලංගසිංහ යන මහත්වරුන් ඇතුළු දේශපාලන නියෝජිතයින් අනුරාධපුර ගොවිජන සේවා අධ්‍යක්ෂතුමන් ඇතුළු ගොවිජන සේවා නිළධාරීන් හා ගොවි සංවිධාන නියෝජිතයින් සහභාගී වූහ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress