ජනපති විධායක බලය පෙන්වයි.. සීනි ටොන් 29000ක් පවරා ගනී.. සමාගම් ලයිස්තුව මෙන්න.. පිරමිඩ් විල්මාත් ඒ අතරයි..
Posted on September 1st, 2021

lanka C news

ගබඩා තුළ සඟවා තිබියදී සොයාගත් සීනි මෙට්ට්‍රික් ටොන් 29,900ක ප්‍රමාණයක් අද (01) සිදු කෙරුණු විමර්ශන සහ මෙහෙයුම් ක්‍රියාවලියෙන් පසු රජයට පවරා ගත් බව අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරාල් එන්.ඩී.එස්.පී. නිවුන්හැල්ල මහතා පවසයි.

මෙම සීනි තොගය පාලන මිලක් යටතේ රාජ්‍ය සහ පෞද්ගලික වෙළෙඳ ආයතන මගින් පාරිභෝගික ජනතාව වෙත අළෙවි කිරීමට සැලසුම් කර තිබේ.‍

සීනි කිලෝවකට අය කළ රුපියල් 50ක් වූ ආනයනික බද්ද පාරිභෝගිකයාට සහනයක් සැලසීමේ අරමුණින් 2020 ඔක්තෝබර් මස 14 වන දින සිට ශත 25ක් දක්වා අඩු කරනු ලැබීය. එදිනට රට තුළ තිබූ සීනි ප්‍රමාණය මෙට්ට්‍රික් ටොන් 88,878කි.

2020 ඔක්තෝබර් 14 දා සිට 2021 ජුනි 30 වන දින දක්වා සීනි මෙට්ට්‍රික් ටොන් 5,84,000ක් ආනයනය කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පෙන්වා දෙයි. මෙරට මාසික සීනි අවශ්‍යතාව මෙට්ට්‍රික් ටොන් 35,000ක් පමණ වේ.

එහෙත් වාර්ෂික සීනි අවශ්‍යතාව ඉක්මවමින් සීනි ආනයනය කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ දත්තවලට අනුව අනාවරණය වී තිබේ. කෘතිම සීනි හිඟයක් රට තුළ ඇති කර, පාරිභෝගිකයා දැඩි අපහසුතාවයට ලක් කරමින් ඉතා ඉහළ මිලකට සීනි අළෙවි කිරීමේ උත්සාහයක් පසුගිය කාල සීමාව තුළ දැක ගත හැකි විය.

මහජන ආරක්ෂක ආඥා පනතේ 2වන වගන්තියෙන් පැවරී ඇති බලතල ප්‍රකාරව, එම ආඥා පනතේ ii වන කොටසේ විධිවිධාන බලාත්මක කරමින්, 5 වන වගන්තියේ විධිවිධාන ප්‍රකාරව සකස් කරන ලද, අත්‍යාවශ්‍ය ආහාර සැපයීමට අදාළ හදිසි නීති රෙගුලාසි 2021-08-30 මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් ප්‍රකාශයට පත් කෙරිණ.

ඒ අනුව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයෙකු පත් කර සාමාන්‍ය ජන ජීවිතය යථා පරිදි පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වන්නාවූ වී, සහල්, සීනි ඇතුළු අනෙකුත් පාරිභෝගික ද්‍රව්‍ය බෙදාහැරීම සම්බන්ධීකරණය සඳහා බලතල ලබාදීමට ද ජනාධිපතිතුමා පියවර ගත්තේය.

සඟවා තිබූ සීනි තොග රජය භාරයට ගෙන පාරිභෝගිකයා ආරක්ෂා කිරීමේ අරමුණින් වැටලීම් සිදු කර පාලන මිලකට වෙළෙඳපොළට නිකුත් කිරිමට පියවර ගත් බව අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරයි.

2021-09-01 රජයට පවරාගත් සීනි තොග පිළිබඳ විස්තර පහතින් දැක් වේ

One Response to “ජනපති විධායක බලය පෙන්වයි.. සීනි ටොන් 29000ක් පවරා ගනී.. සමාගම් ලයිස්තුව මෙන්න.. පිරමිඩ් විල්මාත් ඒ අතරයි..”

  1. Ratanapala Says:

    The people of Sri Lanka needs a clear explanation of what happened with the Sugar purchases above. Apparently there were purchases amounting to 584,000 mt of sugar between Oct 20 and Jun 21. The monthly consumption ~ 35,000 mt. At this level of consumption there should be ~235,000 mt of sugar somewhere hiding in storages around Sri Lanka. Of this amount the recovery as stated above is only 29,000 mt. say 30,000 mt. This leaves nearly 205.000 mt still unaccounted for.

    It is said that it is Pyramid Wilmar Co who purchased the bigger quantity amount. Also just prior to this purchase the government tax on sugar was reduced from Rs50 to almost nothing – 25 cts per kg. Is it possible for an Accountant worth his salt explain in detail the numbers of this apparent scam. The benefits that people should have accrued have ended in the lap of the likes of Pyramid WIlmar!

    What is reported is that during this period a fraud on the people of Sri Lanka amounting to over Rs. 16.5 Billion has been committed. This is well over the Rs 10 Billion talked about in the Central Bank Bond Scam.

    Is it not fair to say that one fraud committed by Jadapalanayais going to be concealed by another with connections to Pohottuwa. The accusing parties settling scores amicably behind the back of the people?

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress