අභ්‍යාසලාභීන්/ සංවර්ධන නිලධාරීන් ගුරු සේවයේ පුරප්පාඩු සඳහා බඳවා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් ලබා ගැනීම.
Posted on September 16th, 2021

සංවර්ධන නිලධාරී සේවා සංගමය

ගරු අධ්‍යාපන අමාත්‍ය,
දිනේෂ් ගුණවර්ධන මැතිතුමා,
අධ්‍යාපන අමාත්‍යාංශය,
ඉසුරුපාය,
බත්තරමුල්ල.

ගරු අමාත්‍යතුමනි,

අභ්‍යාසලාභීන්/ සංවර්ධන නිලධාරීන් ගුරු සේවයේ පුරප්පාඩු සඳහා බඳවා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් ලබා ගැනීම.

ජාතික පාසල්, පළාත් පාසල්, අධ්‍යාපන ආයතන ඇතුළු ආයතනයන් වෙත අනුයුක්ත කර ඇති අභ්‍යාසලාභී උපාධිධාරීන්, සංවර්ධන නිලධාරීන් ගුරු සේවයේ පවතින පුරප්පාඩු සඳහා අන්තර්ග්‍රහණය කරගැනීම සම්බන්ධයෙන් අප සංගමය පසුගිය මාර්තු 02 වන දින අමාත්‍යාංශ ලේකම්තුමා ඇතුළු නිලධාරීන් සමඟ සාකච්ඡා කරන ලදි. එම සාකච්ඡාවේ දී ඉහත කරුණු පිළිබඳව යම් තීරණ ප්‍රමාණයකට එළඹි අතර නව අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් වගකීම් භාරගත් ඔබතුමාට අධ්‍යාපන විෂයට අයත් කාර්යයන් සාර්ථක කරගැනීම වෙනුවෙන් සුභපතන අතර ඉහත කරුණු සම්බන්ධයෙන් නව අමාත්‍යවරයා වශයෙන් ඔබතුමා සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමු.

පාසල් පද්ධතිය තුළ සමස්ත ගුරු පුරප්පාඩු 60 000 කට ආසන්නව පවතින බව වාර්තා වේ. ගුරු සේවයේ පවතින එවැනි විශාල පුරප්පාඩු ප්‍රමාණයක් සම්පුර්ණ කිරීමේ දී අභ්‍යාසලාභී උපාධිධාරීන්ගෙන් හා සංවර්ධන නිලධාරීන්ගෙන් විෂය පුරප්පාඩු සඳහා සුදුසුකම් සහිත සියලූ දෙනාට අවස්ථාව ලබා දීමට හැකිනම් එය උපාධිධාරීන්ට ලබා දෙන ඉහළ ගෞරවණීය අවස්ථාවක් වනු ඇත.

2.
පාසල් `දහා අනුයුක්ත කරන ලද අභ්‍යාසලාභී උපාධිධාරීන් හා අධ්‍යාපන ආයතන ඇතුළු වෙනත් ආයතන වෙත අනුයුක්ත කර ඇති අභ්‍යාසලාභීන් අතරින් ගුරු සේවය සඳහා මනාපය පල කරන සුදුසුකම් සහිත පිරිස සඳහා අවස්ථාව ලබා දීම,

3.
ජාතික පාසල් හා පළාත් පාසල්වල 2012 වර්ෂයේ සිට සංවර්ධන නිලධාරී තනතුර යටතේ සේවය කරන ඉගැන්වීමේ කටයුතු සඳහා දායකත්වය ලබා දෙන සංවර්ධන නිලධාරීන් ගෙන් මනාපය පල කරන පිරිස සඳහා අවස්ථාව ලබා දීම,

4.
පළාත් මට්ටමින් පැවැත් වූ ගුරු තරඟ විභාගවලදි සමත්ව ඇති, දැනට අභ්‍යාසලාභී පුහුණුවේ හා සංවර්ධන නිලධාරී ස්ථීර තනතුරේ සේවයේ නියුතු පිරිස සඳහා අවස්ථාව ලබා දීම,

5. MN-04
ආශ්‍රීත සේවා වැටුප් තලයට අයත් රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවයේ 2005 සිට බඳවාගෙන ඇති අදාළ සුදුසුකම් සහිත ගුරු සේවය සඳහා මනාපය පල කරන උපාධිධාරීන් සඳහා අවස්ථාව ලබා දීම.

ඉහත කරුණු පදනම් කර ගනිමින් ඔබතුමාගේ ප‍්‍රධානත්වයෙන් අමාත්‍යාංශ ලේකම්තුමාගේ මැදිහත්වීම සහිතව සාකච්ඡාවක් අප සංගමය වෙත ලබාදෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

ස්තූතියි.

මෙයට,
චන්දන සූරියආරච්චි
ප්‍රධාන ලේකම්
සංවර්ධන නිලධාරී සේවා සංගමය.

සම්බන්ධීකරණය071 81 78 268
Coordinating – +94 71 81 78 268

පිටපත
ලේකම්අධ්‍යාපන අමාත්‍යාංශය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress