“අමාදම් සිසිලස” 214 වැන්න අරලියගහ මන්දිරයේ දී පැවැත්වෙයි
Posted on September 20th, 2021

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

සෑම පුන් පොහෝ දිනකම ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව පවත්වන අමාදම් සිසිලස” ධර්ම දේශනා මාලාවේ 214 වැන්න බිනර පුන් පොහොය යෙදෙන අද (20) දින පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

බුදුරාජාණන්වහන්සේට මල් පහන් සුවඳ දුම් පූජා කිරීමෙන් අනතුරුව අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය විසින් මිනුවන්ගොඩ පත්තඩුවන භික්ෂු පුහුණු මධ්‍යස්ථානාධිපති, රාමඤ්ඤ මහා නිකායේ අනුනායක මැදගමුවේ විජය මෛත්‍රී නාහිමියන්ට දැහැත් වට්ටියක් පූජා කරමින්  මෙවර ධර්ම දේශනාව සඳහා ආරාධනා කළාය.

ප්‍රඥාවන්ත දැහැමි ජන සමාජයක් උදෙසා බුදු දහමේ සිසිලස බෙදාදීමේ අරමුණ පෙරදැරිව සෑම පුන් පොහෝ දිනකම  අමාදම් සිසිලස” ධර්ම දේශනා මාලාව පැවැත්වේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයෙන් ඇරඹි අමාදම් සිසිලස ධර්ම දේශනා මාලාව අඛණ්ඩව සෑම පොහෝ දිනකම පවත්වන්නට යෙදීම අගයමින් රාමඤ්ඤ මහා නිකායේ අනුනායක මැදගමුවේ විජය මෛත්‍රී නාහිමියෝ රාජ්‍ය නායකයෙකු ලෙස ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විශිෂ්ට සේවාවක් රට වෙනුවෙන් ඉටුකරකර ඇති බව පෙන්වා දුන්හ.

“රාජ්‍ය නායකයෙක් හැටියට රජ කාලයෙන් පස්සේ මේ තරම් ජනතාවට සමීප වෙලා මේ තරම් ජනතාවට සේවාවක්  කළ නායකයෙකු  සොයා ගන්න අමාරුයි.”යැයි දේශකයාණන් වහන්සේ ධර්ම දේශනාවේ දී සිහිපත් කළහ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ධර්ම දේශනාව අවසානයේ දේශකයාණන් වහන්සේට අෂ්ඨපරිෂ්කාර පූජා කළේය.

සෞඛ්‍ය මාර්ගෝපදේශයන් අනුව පැවති අමාදම් සිසිලස” ධර්ම දේශනාව ශ්‍රවණය කිරීම සඳහා අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඇතුළු සීමිත පිරිසක් එක්ව සිටියහ.

2 Responses to ““අමාදම් සිසිලස” 214 වැන්න අරලියගහ මන්දිරයේ දී පැවැත්වෙයි”

  1. aloy Says:

    This is an important warning to all SL’s politicos and their top officials who travel overseas:

    “https://youtu.be/cUU8bB4icnM”

    After coming to power we see that a lot of them forget what they tell before coming to power; is this the reason?.
    This has been around for some time.

    May be the media can inform them to be careful when selecting place where they stray!.

  2. aloy Says:

    According to BBC’s world service this morning the above mentioned problem known as ‘Havana syndrome’ that the US diplomats in Havana first experienced in 2015 appear to be a major concern. This has affected a senior US diplomat who travelled to New Delhi quite recently.

    Technologies are advancing at a terrific rate everywhere including India and talk of Aathma Nirbhay etc.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress