එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලෝක සාම මායාවට නොරවටෙමු.
Posted on September 21st, 2021

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය පිහිටවන ලද්දේ ලෝක සාමය ස්ථාපිත කිරීම උදෙසාය. ඒ වර්ෂ 1945දීය. මේ වනවිට ඇයගේ වයස අවුරුදු 76 කි. ඇය විසින් ස්ථාපිත නොකල වැදගත්ම දේ වන්නේද සාමයයි. මේ අපි දකිණ, අපිට පෙනෙන සත්‍ය තත්වයයි. ඇයට අපේක්ෂිත සාමය ලබා දීමට නොහැකි වූයේ ඇයි‍ද යන්න සොයා බැලිය යුතු වැදගත් කරුණකි.

මිනිස් සමාජය තුල යුද්ධය යනු ගංඟාවක් සේ ගලා යන ජල පහරකි. පලමුවන ලෝක යුද්ධය හා දෙවන ලෝක යුද්ධය විසින් මානව සංහතියට සිදුකල මහා විනාශය  නවතාලීමට එම ගඟ හරස් කර ඉදිකල මහා බැම්ම එක්සත් ජාතීන්ගේ මහා සංවිධානයයි. ගඟක් හරස්කර මහා බැම්මක් ඉදි කල පමණින් ගඟ ගලා ඒම හෝ ගලා යාම නවතාලිය නොහැක. නමුත් මහා ජලාශයක් නිර්මාණය කල හැක. එක්සත් ජාතීන්ගේ සංවිධානය නම්වූ මේ මහා බැම්මේ විවර කලහැකි වාන් දොරටු ගනනාවක්ද එදා නිර්මාණය කරන ලදී  එම වාන් දොරටු ලෝකයේ විවිධ දිසාවන් ඉලක්ක කරගෙන නිර්මානය කර ඇත. දකුණු ඇමරිකාව, අප්රිකාව, දකුණු අාසියාව, නැගෙනහිර ආසියාව, බටහිර ආසියාව යන ඉලක්කයන්ද මේ අතර වේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයට  දකුණු ඇමරිකාවේ යුද්ධයක් උවමනා නම් සිදුකරනුයේ, දකුණු අැමරිකාව ඉලක්ක කරගත් වාන් දොරටුව විවර කිරීමයි. එවිට, එක්සත් ජාතීන්ගේ මන පිනවන කලාපීය යුධ ගැටුම් ආරම්භවේ. මෙය ලෝකය මත පිහිටුවාලූ නවීනතම යුධ උපාංග හා උපක්රම සහිතව ගොඩනංවා ඇති  යුධ පාලක හා මුදා හැරීමේ යාන්ත්රණයයි.

මේ ලෝකය දෙස සර්ව සාධාරණව බලා මුලු මහත් ලෝකයටම උවමනා සියලුම සම්පත් ලබාදෙන බලවතා වන්නේ සූර්යයායි. ඔහු දකින ලෝකය හා ඔහුගේ සම්පත් බෙදීයන්නේ මේ අාකාරයටයි.

http://commons.wikimedia.org/wiki/File:World_map_with_equator.jpg

යමෙක් ඇත්තටම මේ පෘතුවි මාතාවට ආදරය කරනවා නම්, ඒ  ආදරය බෙදීයන්නේ ඉහත දක්වන, හිරුගේ දෘෂ්ඨියෙන් මේ පෘතුවි මාතාව දෙස බලන දැක්ම මත පිහිටාය.

එදා ඒ ලෝක සාමය උදෙසා පිහිටවූවා යයි කියන, එක්සත් ජාතීන්ගේ මහා සංවිධානය ලෝකය දෙස බලන්නේ අපූරු කෝණයකිණි. ඒ උත්තර ධ්රැවයේ ඉහල අක්ෂීය ලක්ෂයක සිටය. එය ඔවුනගේ සංවිධාන ලාංඡණය සේ යොදාගෙන ඇත. ඒ මෙසේය.
 http://www.crwflags.com/fotw/images/u/uno-35.gif

මේ එදා පිහිටුවාගත සංවිධානයේ ලාංඡණය තුලින් අපි දකින්නේ පළමුවෙනි හා දෙවැනි ලෝක යුද්ධයන්ට මුහුණ දුන් කලාපයන්ය. ඔවුන් එදා සාමය පිහිටුවීමට අදිටන් කල කලාපයන් ඒ ලාංඡණය තුලින් පෙන්නුම් කරන බවක් අපි දකිමු. සැබෑ ලෙසම මේ සංවිධානය පිහිටුවා ගත පසු සාමකාමී යුරෝපයක් හා උතුරු ඇමරිකාවක් නිර්මාණය වූ බවක් අපි දනිමු.
උත්තර  ධ්රැවයේ ඉහල අක්ෂීය ලක්ෂයක සිට මේ ලෝකය දෙස බලන විට සැබෑ ලෙසම පෘතුවිය පෙනෙන්නේ මේ ආකාරයටය.
https://www.alamy.com/north-pole-global-map-with-country-flags-vector-illustration-image248264972.html?pv=1&stamp=2&imageid=294DD4C0-DB2C-49AB-B808-7BB240A87253&p=573644&n=0&orientation=0&pn=2&searchtype=0&IsFromSearch=1&srch=foo%3dbar%26st%3d0%26pn%3d2%26ps%3d100%26sortby%3d2%26resultview%3dsortbyPopular%26npgs%3d0%26qt%3darctic%2520north%2520pole%2520map%26qt_raw%3darctic%2520north%2520pole%2520map%26lic%3d3%26mr%3d0%26pr%3d0%26ot%3d0%26creative%3d%26ag%3d0%26hc%3d0%26pc%3d%26blackwhite%3d%26cutout%3d%26tbar%3d1%26et%3d0x000000000000000000000%26vp%3d0%26loc%3d0%26imgt%3d0%26dtfr%3d%26dtto%3d%26size%3d0xFF%26archive%3d1%26groupid%3d%26pseudoid%3d%26a%3d%26cdid%3d%26cdsrt%3d%26name%3d%26qn%3d%26apalib%3d%26apalic%3d%26lightbox%3d%26gname%3d%26gtype%3d%26xstx%3d0%26simid%3d%26saveQry%3d%26editorial%3d1%26nu%3d%26t%3d%26edoptin%3d%26customgeoip%3d%26cap%3d1%26cbstore%3d1%26vd%3d0%26lb%3d%26fi%3d2%26edrf%3d%26ispremium%3d1%26flip%3d0%26pl%3d

ඉහත දැක්වෙන මේ සැබෑ දර්ශණයෙන්, ඔබ අප සැමට ලබා දෙන පණිවුඩය වන්නේ කුමක්ද? එක්සත් ජාතීන්ගේ  සංවිධානය විසින් ලෝක සාමය හා සංවර්ධනය අපේක්ෂා කරන්නේ මේ කලාපයටය යන පණිවුඩයයි. මේ ආකාරයෙන් ලෝකය දකින්නාට, පෙනෙන්නේ මොනවාද? යන්න ඉතා වැදගත් කරුණකි ඔබ අප හැම දකින දෙය අභිබවා යන යමක් ඔහු නොදකී. ඔවුන් දකින්නේද, අපට පෙනෙන දෙයමය. අපට පෙනෙන දෙය දෙස අප බලා සිටියාට, පෙනෙන්නේද නැත. අපගේ කන් නිරතුරුවම විවරව තිබුණාට, අපට හැම දෙයම ඇසෙන්නේද නැත. දෑස් විවර කර, මනස නිදිබරව ඇති විට කිසිවක් නොපෙනේ. ඒ ආකාරයටම අප උපතේ සිට මේ දක්වාම, එක්සත් ජාතීන්ගේ සංවිධානය දෙස එසේ බලා සිටියෙමු. මේ පැමිණ ඇත්තේ, ඒ නිදිබරතාවය පලවා හැර, මනස පුබුදුවා, උරකුහරය, පිරිසිදු වාතයෙන් පුරවාගෙන, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිස් මුදුනේ සිට පාදාන්තය දක්වා පීර පීරා, එතෙක් මෙතෙක් කාලය පුරාවට මේ ලෝකය තුල සිදුකර ඇති සියලු කරුණු කාරකා සම්බන්ධව සියුම් විමර්ශණයකට බාජනය කලයුතු කාලයයි.
උතුරු අක්ෂීය ලක්ෂයක සිට මේ ලෝකය දෙස බලන්නෙකුට පෙනෙන්නේ, ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව, ග්රීන්ලන්තය, අයිස්ලන්තය, එක්සත් රාජධානිය, පෘතුගාලය, ප්රංශය, ස්පාඤඤය, නෝර්වේ, ස්වීඩනය, ෆින්ලන්තය, ඩෙන්මාර්කය, ජර්මනිය, ඉතාලිය, පෝලන්තය, යුක්රේනය, සයිප්රසය, තුර්කිය, රුසියාව, චීනය, ජපානය, උතුරු කොරියාව, දකුණු කොරියාව, හා මැදපෙරදිග හා උතුරු අප්රිකාව යන රටවල් දිස්වේ.
පැහැදිලිව මේ දෙස බලන ජනතාවට මනාව දිස්වෙන කරුන වන්නේ, පලමුවන හා දෙවන ලෝක යුද්ධයට සම්බන්ධවී සිටි රටවල් සියල්ලක්ම උත්තර ධ්රැවයේ සිට බලන විට මනාව දිස්වෙන බවයි. තවද මේ පලමුවන හා දෙවන ලෝක යුද්ධ වලට සම්බන්ධ වූ රටවල් ඒ යුගයේදී මෙන්ම, වර්තමානයේද අවි ආයුධ නිශ්පාදනය හා වෙළදාම, විශේෂිතම ආදායම් මාර්ගය බවට පත්කරගත් රටවල් බව පැහැදිලිව පෙනේ. ඔවුනගේ රටවල කිසිදු යුද්ධයක්, අඛණ්ඩව ගලායන මරාගෙන මැරෙණ ත්රස්තවාදී ක්රියාවන් සිදු නොවේ. එදා එකිනෙකාට එරෙහිව සටන් වැදුන ඔවුන් එක්සත් ජාතීන් (United Nations) බවට පත්වී, එක්සත්ව, ඔවුනගේ ආයුධ වෙළදාම සදහා, ඔවුනගේ දෘෂ්ඨි කෝණයෙන් බැහැර හා නොපෙනෙන රටවල් තුල, යුධ වෙළදාමට උචිත පරිසරයක් නිර්මාණය කිරීම සදහා, ත්රස්තවාදය පෝෂණය කරමින්, වෙළද පොල නිර්මාණකරනයේ යෙදී සිටී, මෙය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ, පූර්ණ ආධාර හා රැකවරණය ඇතිව සිදුවන කටයුත්තකි. තමන් විසින් බොහෝ වෙහෙස දරා නිර්මාණය කරණ ලද ත්රස්තවාදී සවිධානයක් විනාශ කිරීම විශාල මානව හිමිකම් කඩ කිරීමක් සේ ඔවුන් දකින්නේ එබැවිණි. එක්සත් ජාතීන්ට අයත් වන්නේ, උත්තර කේන්ද්රීය ආසන්න රජයන්හි වාසය කරන මානවයින්ය. මේ ලෝකය දෙස එසේ බලන්නා විසින් සිදුකරනුයේ, ඒ පෙදෙසේ රට වල සාමය හා විමුක්තිය පමණක් වන අතර, එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් එම වගකීම නිසි ලෙස ඉටුකර තිබේ. ඔවුන් නිපදවන අවි ආයුධ විකුණා ගැනීම සඳහා ඔවුන්ගේ නොවන කලාප වල යුධ ගිනි අවුලවා වෙළඳ පොළ නිර්මාණය කිරීමද මෙම සංවිධානය විසින් සිදු කරනු ලබයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය යනු කුමක්දැයි හඳුනාගත රාජ්‍ය නායකයින් වහා වහා එකතුව බලවත් නව සංවිධානයක් ගොඩ නැංවීම ආරම්භ කළහ. එය නොබැඳි ජාතීන්ගේ සංවිධානය ලෙස නම්කොට ලෝකය තුල නව ගමනක ආරම්භය සනිටුහන් කළහ. මෙයින් කුපිතවූ මහා ජාතින් ඒ සංවිධානය ගොඩනැංවීමට දායක වූ සියලුම රටවල් කබලිකරණයකට භාජනය කිරමට ඉටාගත්හ. ඒ සියලුම රටවල් විනාශ කිරීමෙන් අනතුරුව විනාශ කිරීමට ඉතිරිව තිබුනේ ඉන්දියාව පමණි. ඉන්දියාව කැබලි කිරීමට අටවාගත් යාන්ත්‍රණයේ එක කොටසක් වුයේ කොටි ත්‍රස්තවාදයයි. ලංකාවේ උතුරයි ඉන්දියාවේ දකුණයි එකතු කිරීමෙන් නිර්මාණය කරගන්නා නව රාජ්‍යක් තුලින් මෙය කිරීමට ගොස් ශ්‍රී ලාංකික හමුදාවන්ගේ ප්‍රබල ප්‍රහාරයන් තුලින් පරාජයට පත්වූ මේ සංවිධාන පරපුර අප හා සිටින්නේ දැඩි අමනාපයකින්ය. අප නැති කලේ ලංකාව දෙකඩ කිරීම පමණක් නොව ඉන්දියාව කැබලි ගණනාවකට කඩා දැමීමේ ව්‍යාපෘතියයි.

මෙරට වාසී අපට උත්තර ධ්රැවීය  අක්ෂයට ඉහලින් පිහිටි විට සිදුවන සියලූම, පාරිසරික හා දේශගුණික විපර්යාශයන් සම්බන්ධව අපට මනා දැනුමක් තිබේ. අප රටවාසීන් හරි ප්‍රායෝගික මිනිසුන්ය. පරයන් වටේ සිටියද ලෝකයක් සමග වුවද සටන් කිරීමට තරම් බලවත් ජාතියක් මේ රටතුල ජීවත්වේ. අප ඉදිරියේ එක්සත් ජාතීන්ගේ සංවිධානය යනු වැහැරුණු මහල්ලෙකි. අපට නව සංවිධානයක් අවශ්‍යතාවය තදින්ම දැනේ. එය United  Asians Organization ලෙස ආරම්භ වන්නේ නම් වඩාත් හොඳය. අපි එවැනි සංවිධානයක් සඳහා සටන් වැද යුධ මුක්ත ආසියාවක් ගොඩ නගමු. ඒ සඳහා කාලයයි මේ..

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress