රුසියාවේ ශ්‍රී ලංකා තානාපති ධුරයට පත් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජනිතා ඒ ලියනගේ මහත්මිය අග්‍රාමාත්‍යතුමා බැහැදකී
Posted on September 28th, 2021

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

රුසියාවේ ශ්‍රී ලංකා තානාපති ධුරයට පත් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජනිතා ඒ ලියනගේ මහත්මිය අද (28) දින අරලියගහ මන්දිරයේ දී ගරු අග්‍රාමාත්‍ය  මහින්ද රාජපක්ෂ මහතා හමු වූවාය.

ඒ රුසියාවේ තානාපති සේවයට නික්ම යාමට පෙර අග්‍රාමාත්‍යතුමා හමුවී සේවය සැළ කිරීම වෙනුවෙනි.

ශ්‍රී ලංකා – රුසියානු ඓතිහාසික මිත්‍රත්වය සිහිපත් කළ අග්‍රාමාත්‍යතුමා, දෙරට අතර ද්වි පාර්ශවීය සබඳතා තව තවත් වර්ධනය කිරීම උදෙසා කැපවන්නැයි ජනිතා ඒ ලියනගේ මහත්මියට සුබ පැතුම් එක්කරමින් කියා සිටියේය.

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජනිතා ඒ ලියනගේ මහත්මිය මෙම ධුරයට පත්වීමට පෙර ගම්පහ වික්‍රමාරච්චි දේශීය විශ්වවිද්‍යාලයේ සමාරම්භක උප කුලපතිනිය ලෙස කටයුතු කළාය.

ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යාවක වන ජනිතා ඒ ලියනගේ මහත්මිය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ උප සභාපතිනිය ලෙස ද කලක් කටයුතු කළාය.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහත්වරු එක්ව සිටියහ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress