අද ලෝක ළමා දිනය හෝ විශ්ව ළමා දිනය නොවේ!
Posted on October 1st, 2021

රජිත් කීර්ති තෙන්නකෝන් 

මුහුණු පොතේ ලෝක ළමා දින, විශ්ව ළමා දින සුබ පැතුම් වැහි වැහැලාය.  අද ලෝක ළමා දිනය නොවේ.  අත්වැරැද්දකින් ලංකාවේ ළමා දිනය සමරණ දිනයයි.

1954 දී විශ්ව ළමා දින සැමරුම ආරම්භ විය.  1959 නොවැම්බර් 20 දී එක්සත් ජාතීන්ගේ සම්මේලනය විසින් ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තිය (Declaration of the Rights of the Child) සම්මත කර ගන්නා ලදී. 1989 නොවැම්බර් 20 දින එක්සත් ජාතීන් විසින් ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රකාශනය (Convention on the Rights of the Child)  සම්මත විය.  ලංකාව 1990 ජනවාරි 26 ළමා අයිතිවාසිකම් සම්මුතියට අත්සන් කළා. එය ලංකාවේ බලාත්මක කෙරෙුණේ 1991 ජුලි 12 යි.

ඉතිං 1990 සිට ලෝක ළමා දිනය විදිහට සලකන්නේ සැමරුම් උත්සව තියන්නේ මේ  ප්‍රඥප්ති දෙකක් සම්මත කර ගත් නොවැම්බර් 20 යි. ලංකාවේ බහුතරයක් පෝස්ට් දාන අද (ඔක්තෝබර් 1) නොවේ.

ලෝක ළමා දිනය සමරන්නේ ඇයි ද? යන්න එක්සත් ජාතීන්ගේ සංගමයත්, යුනිසෙෆ් ආයතනයත් මෙසේ ප්‍රකාශ කරයි.  ‘‘World Children’s Day offers each of us an inspirational entry-point to advocate, promote and celebrate children’s rights, translating into dialogues and actions that will build a better world for children.‘‘  ඉතිං, මම මේ සටහන මගේ ‘ඇඩ්වකසි පාට් එක‘ වෙනුවෙන් ලියා තබමි.

අද ලෝක වැඩිහිටි දිනය දවසත් එක්ක ලංකාවේ ලෝක ළමා දිනය කියා ටොම් පචයක් සමරන්නේ ඇයි?

ඒක අත්වැරැද්දක්.  අපි දැන් සෑහෙන්න කාලයක් ළමයින්ට වෙච්ච අත් වැරැද්ද ඔක්තෝබර් 1 දින සමරනවා. 

ප.ලි. 2019 මම මේක නිවැරදි කරන්න කතා කළා. ලොක්කෙක් කිව්වා, ‘සර් ජනාධිපතිවරණය තියෙන්නේ නොවැ. 16 . සර් දන්නවානේ ආණ්ඩුව මාරුවෙන්න පුළුවන්. ඉතිං අපි මේ සැරේටත් ඔක්තෝබර් 1 දා ළමා දිනය සමරමු කියලා.   2019 ළමා දින නිල උත්සවය  තිබුණේ මාතලේ නිසා ආණ්ඩුකාරවරයා ලෙස නිල උත්සවයේ ආරාධිතයෙක් විදිහට මට යන්න සිද්ධ වුණා.

ලබන අවුරුද්දේවත් අත් වැරැද්ද නිවැරදි කරලා නොවැම්බර් 20 ලෝකයත් එක්ක විශ්ව ළමා දිනය සමරමු.

රජිත් කීර්ති තෙන්නකෝන් 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress