කොරෝනා මර්දනයට හොද ක‍්‍රම දේශීය වෛද්‍ය ක‍්‍රමයේ තිබෙනවා – නිසි ක‍්‍රමවේදයකින් තොරව දරුවන්ට එන්නත ලබාදීම භයානකයි – බෙංගමුවේ නාලක හිමියෝ
Posted on October 6th, 2021

CDPC Media Unit

කොරෝනා වෛරසයෙන් බේරීම සදහා එන්නතට වඩා හොද ක‍්‍රම දේශීය වෛද්‍ය ක‍්‍රමය තුළ පවතින බවත්, නිසි ක‍්‍රමවේදයකින් තොරව කුඩා දරුවන්ට එන්නත් ලබාදීම භයානක විය හැකි බවත් ශ‍්‍රී ලංකා දේශීය වෛද්‍ය සංගමයේ සභාපති බෙංගමුවේ නාලක හිමියෝ පැවසූහ.

එන්නත ලබාගැනීමෙන් පසුව අතුරු ආබාධ ඇතිවූ අයට දේශීය වෛද්‍ය ක‍්‍රම වෙත යොමු වන්නැයි ආරාධනා කරන බවද ගාල්ලේදී පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡුාවකදී බෙංගමුවේ නාලක හිමියෝ පැවසූහ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ මෙසේද පැවසූහ

මම ශ්‍රී ලංකා වෛද්‍ය සම්මේලනයේ සභාපති ලෙස වගකීමෙන් කියනවා අපේ වෛද්‍ය සම්මේලනයේ හා ආයුර්වේද වෛද්‍යවරුන් ඇතුලුව දේශීය වෙදකම භාවිත කරන වෛද්‍යවරු කියනවා මේ රෝගය සුවපත් කරන්න අපට ප්‍රතිකාර තියෙනවා කියලා. මේක සෙම්ප්‍රතිශ්‍යාවක් වගේ  රෝගයක්. හැබැයි සෙම්ප්‍රතිශ්‍යාව  රෝගය නරක් වුණොත් නියුමෝනියාව හැදෙනවා. මේ රොගයත්  එහෙමයි. නියුමෝනියා තත්තවට පැමිණිය අයටත් දේශීය ප්‍රතිකාර තියෙනවා.  තුන්දොස් වලින් සෙම මුල්කරගෙන තමයි මේ රෝගය හැදෙන්නේ . ඒ සෙමට කරන ප්‍රතිකාර කලාම මේ රෝගය සුවපත් වෙනවා. ඒ නිසා සමහරු උත්සහ දරණවා මේ ක්‍රියාවලියෙන්   ලෝකේ අංක එකට පැමිණෙන් . ඒක මෝඩකමක් මෝඩ කථාවක්. මොකද අපට එහෙම ඔිනේ නැහැ. අපට ඔිනේ මේ රෝගය සුවපත් කිරීමෙන් ලෝක‌යේ අංක එකට එන්න. ඒක ඔය ක්‍රියාවලියෙන් නම් කවදාවත් කරන්න බැහැ. ඒවා කරන්න පුලුවන් අපේ දේශීය වෙදකම තුලින්. ඒ සදහා අපේ වෙදමහත්වරුන් ඇප කැපවි පොරොන්දු වෙලා දැනට ඉන්නවා ඒ සදහා අවස්ථාව ලැබෙනකල්.

මේ පුංචි දරුවන් මේ ක්‍රියාවලියට  යොදා ගැනීම නම් ඉතාමත් භයානකයි. මේ අහිංසක දරුවන් මොනවාද  දන්නේ. ඒ අය වෙනුවෙන් කිසියම් ප්‍රකාශකයට දෙමාපියන් අත්සන් කරනවා. ඒ අය ජීවත් වුණොත් අතුරු ආබාධ හැදිලා ඉන්නගමන් ඒ අය දෙමාපියන්ට  සාප කරයි. ඒ නිසා මේවැඩේ නම් කරන්න එපා . කිසියම් බටහිර හෝදේශීය වෛද්‍යවරයෙක්  මේවා නිෂ්පාදනය කළ අය මේ ක්‍රියාවලිය මගින් මේ රෝගය සුවපත් වෙනවාකියලා පොරොන්දු දෙන්නේ නැහැ. මෙයින් මරණය වළකිනවා කියලා කියන්නෙත් නැහැ.

එක්තරා වෛද්‍යයෙක් ප්‍රකාශ කලා මේක්‍රියාවලියෙන් ලිංගික දුබලතා ඇතිවෙනවාද නැතිවෙනවද කියලා කියන්න බැහැකිව්වා. මෙතනම තියෙනවා යම් අවිස්වාසයක්. ඇයි මේ අවිස්වාසය පදනම් කරගෙන මේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන්නේ. දරුවන් නොලැබ ඉන්න කියලා තවත් කෙනෙක් කියනවා‍. තවත් වෛද්‍යවරියක් කියනවා හැම අවුරුද්දක් පාසාම මේ ක්‍රියාවලිය කරන්න ඔිනේ කියලා. මේ විදිහට මේ ක්‍රියාවලිය ක්‍රියාත්මකරකන විට අපිට දරුසම්පත නැතිවෙලා යනවා. අපිට මහනකරන්න දරුවෙක් නැති වෙයි දෙමාපියන්ව රැක බලාගන්නත් දරුවෙකු ඉතිරිවෙන්නේ නැහැ අනාගතයේදී. ඒ  තරම් භයානක තත්ත්වයක් අපට පෙනෙනවා. හදවතක් ඇති කෙනෙකුට මනුෂ්‍යත්වට ගරුකරන කෙනෙකුට මේ ක්‍රියාවලිය අනුමත කරන්න බැහැ. මේවායේ මූලිකයෝ මොනවගේ අරමුණකින්ද මේවා පටන් ගත්‌තේ කියලා ඔය සමාජ මාධ්‍ය ජාලාවල කරුණු ඇතිව ප්‍රකාශ වෙනවා වෙයිකියලා. මම මේ ක්‍රියාවලියට අනුගත වෙන්නේම නැහැ.  මමඅනික් අයට මේ ක්‍රියාවලියට අනුගත වෙන්න එපා කියලා කියන්නෙත් නැහැ. හැබැයි ඒ ක්‍රියාවලියෙන් වාලකී සිටින්න කියලා අපි කියනවා.

රජයට සම්බන්ධ මාධ්‍ය හා රජය මගින් හැමතිස්සෙම බලපෑම් කරනවා. හැබැයි ඒ කිසිදු බලපෑමක් උසාවියකට  ඉදීපත් කිරිමට තරම් ලිඛිතව දෙන්නේ නැහැ. කටවචනයෙන් කියනවා විතරයි. අපේ නීතීඥ මහත්වරුන් කුමක්හෝ නඩුනිමිත්තකි හොයනවා. හොයාගන්න මේ අය මේ ගැන කිසිවක් ලියන්න් නැහැ. මේ තරම් කපටි කයිරාටික විදිහට මේක ක්‍රියාත්මක කරන්නේ මොකටද?  කරුණාවෙන් ඉල්ලා සිටිනවා අපි මේ අපේ රටතුල අනාගත පරපුරට ජිවත් වෙන්න ඉඩතියන්න. විශේෂයෙන් තරුණ තරුණියන් සහ කුඩා දරුවන් මෙි ක්‍රියාවලියෙන් වැලකි සිටින්න. දෙමාපියන් හොදට හිතට ගන්න. තමන්ගේ දරුවන්ව මේ ක්‍රියාවට භාජනය කරන්න එපා කියලා. දරුවන් අතර මුලින්ම ආබාධිත පිරිස තෝරා ගත්තේ ඇයි?  මේක පරික්ෂණයක් නේ. ඒ අයට මොනවාද වෙන්‌නේ කියලා බලාගන්න පුලුවන්. ආබාධිත වුණත් දරුවෝ. ඒ වගේ තක්කඩිකම්කරන්න හොද නැහැ. ඒවා කරන අයට ඒවා විපාක දෙනවා. අයේ දෙකක් නැහැ. බුදදහමට අනුව අපිට හිතන්න පුලුවන්. එවැනි ක්‍රියාවල පලවිපාක ඉතාමත් හොදින් පැහැදිලි කර දෙන්න පුලුවන්‍. ඒ නිසා අපි තරයේ විරුද්ධ වෙනවා මේ ක්‍රියාවලියට පුංචි දරුවන් හා තරුණ තරුණියන් පාසල් දරුවන් සම්බන්ධ කර ගැනීම .දෙමාපියන්ගෙන් අපි ඉල්ලීමක් කරනවා මේ සදහා අවසර නොදෙන ලෙස.

ඒ වගේම අපේ අනාගත පරපුරු රැක ගන්න දේශීය වෛද්‍ය ක්‍රමය තුලින් මේ කොරෝනා උවදුරට ප්‍රතිකාර ලබා ගන්නා ලෙස ඒ වගේම ක්‍රියාවලිය නිසා අතුරු ආබාධ හැදුන අයට ආරාධනා කරනවා  අපේ දේශීය වෛද්‍යවරුන් වෙත ගොස් ප්‍රතිකාර ලබා  ගන්නා ලෙස.” 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress