පොහොර නොමැති කම නිසා ගොවියෝ වගා කරන්න යම්කිසි අවිනිශ්චිතභාවයකින්-ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු තිරප්පනය
Posted on October 7th, 2021

තිසර සමල්

පොහොර නොමැති කම නිසා ගොවියෝ වගා කරන්න යම්කිසි අවිනිශ්චිතභාවයකින් ඉන්නවා නම් , වෙනදා මේ වෙන කොට සුද්ධ කරන ඉඩම් තාමත් සුද්ධ කරලා නැත්නම් මේකේ ලොකු අවධානමක් තියෙනවා. අමතර භෝග වලට පොහොර නිර්දේශය තාමත් නෑ, කියන්නේ කවදාද වගාව කරන්නේ. මම මේ ටික ගැන ප්‍රශ්න කරන්නේ තරහකට නෙමෙයි, මේවා කොළඹට කියන්න, මේවා ලොකු මහත්වරුන්ට කියන්න. ඔයගොල්ල දිස්ත්‍රික්කයේ සාකච්ජාවේදී මේ ඇත්ත කථාව කියන්න යැයි රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා තිරප්පනය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේදී ගොවිජන සේවා නිළධාරීන්ට උපදෙස් ලබා දුන්හ.

තිරප්පනය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම සූර්ය බල, සුලං හා ජල විදුලි ජනන සංවර්ධන රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතාගේ සභාපතීත්වයෙන් තිරප්පනය ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.එහිදී ඉදිරියේදී ප්‍රදේශයේ සිදු කෙරෙන සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් මෙන්ම, සිදු කෙරුණු කටයුතු වල ප්‍රගතියද ආයතන හා අංශ මට්ටමින් සමාලෝචනය කෙරිණි.

එහිදී පවතින පොහොර ගැටලුව හා ඒ සම්බන්ධයෙන් ගොවිජනතාව තුළ පවතින මතය සම්බන්ධයෙන්,ගොවිජන සේවා දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් පැමිණි නිළධාරීවරයාගෙන් අමාත්‍යයතුමන් ප්‍රශ්න කර සිටි අතර, ගොවිජන සේවා  නිළධාරීවරයා කියා සිටියේ,කාබනික පොහොර වගාව සඳහා කාබනික පොහොර නිෂ්පාදනයට ගොවීන් යොමු කරමින් සිටින බවත්, මෙතෙක්  අතිරේක භෝග සඳහා පොහොර නිර්දේශය තවමත්  ලැබී නැති බවයි.

එවිට අමාත්‍යය දුමින්ද දිසානායක මහතා කියා සිටියේ, මම ගම්වල ඇවිදින කොට දැක්ක දේ තමයි, අනුරාධපුර බඩඉරඟු අක්කර 1 25000 ක් පමණ වගා කරපු එක,දැන් කවුරුත් වගා කරන්නේ නෑ, පොහොර සම්බන්ධයෙන් හරියට පණිවිඩයක් ගිහින් නැති නිසා, මම ශෂේන්ද්‍ර ඇමතිතුමත් එකක් කථා කරහමත් කිව්වේ පොහොර ටික පුද්ගලික අංශයෙන් අමතර භෝග වලට ගේනවා කියලා.හැබැයි පණිවිඩය ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා ගමට යන්න ඕන, හැබැයි ඔයගොල්ලෝ තාම මේ පණිවිඩය ගමට කියලා නෑනේ. ඔයගොල්ලන්ගේ සේරම හැදෙන්නෙත් කාබනික පොහොර මෙට්ට්‍රික් ටොන් 1100 ක් විතර,  අක්කර 10 000 ක් විතර වගා කරන්න මේ හදලා තියෙන කාබනික පොහොර මදිනේ.මේවා කොළවල ගණන් හැදුනට බිමේ ප්‍රායෝගිකව වෙයිද මේක, තාම බඩඉරඟු බීජවත් වෙළඳපලට ඇවිත් නෑනේ? මම මේ ටික ගැන ප්‍රශ්න කරන්නේ තරහකට නෙමෙයි, මේවා කොළඹට කියන්න, මේවා ලොකු මහත්වරුන්ට කියන්න. ඔයගොල්ල දිස්ත්‍රික්කයේ සාකච්ජාවේදී මේ ඇත්ත කථාව කියන්න. දිස්ත්‍රික්කයෙන් මේ ටික යන්න ඕන උඩහට.මුදල් අමාත්‍යංශයත් එක්ක අපි කරපු සාකච්ජා වලදී මම මේවා කිව්වම ඇමතිවරු ගාව ලැයිස්තු තියෙනවා ඔයගොල්ල යවපු ලැයිස්තු,ඒ අයට කරන්න දේකුත් නෑ, ලැයිස්තු වල තියෙන්නේ නිළධාරීන් යවන තොරතුරු ටිකනේ, ඇත්තටම ගොවියෝ පොහොර නැති නිසා වගා කරන්න යම්කිසි අවිනිශ්චිතභාවයකින් ඉන්නවා නම් , වෙනදා මේ වෙන කොට සුද්ධ කරන ඉඩම් තාමත් සුද්ධ කරලා නැත්නම් මේකේ ලොකු අවධානමක් තියෙනවා.අපි දැන් ලෑස්ති කර ගන්න ඕන පුද්ගලික අංශය හරහා කාබනික නයිට්‍රජන් ගෙන්වන්න සූදානමක් තියෙනවා නේ, මේ අවශ්‍යය ටික අපි මෙහෙට ගෙන්වා ගන්න ඕන, මේක පළමුවැනියටම ගේන ටික නිසා ව්‍යාපාරිකයොත් 100%ක් ගෙන්වන්නේ නෑ,   ඒ නිසා අපි දක්ෂ වෙලා, නිළධාරී උනන්දු වෙලා  අපිට අවශ්‍ය ප්‍රමාණය වෙන් කරගෙන, අපි මෙච්චරක් ඕන කියලා ගෙන්වා ගත්තොත් තමයි අපිට ගොවියා ආරක්ෂා කර ගන්න පුලුවන් වෙන්නේ, ඕන වෙලාවට පොහොර ටික නැති වුණොත් වැඩක් නැති වෙනවානේ.ඒ නිසා නියම තොරතුරු ටික දෙන ගමන් ප්‍රායෝගික තත්වය පැහැදිලි කරන්න.අමතර භෝග වලට පොහොර නිර්දේශය තාමත් නෑ, කියන්නේ කවදාද වගාව කරන්නේ, 15 වැනිදා වෙන කොට වගා කටයුතු ඉවර වෙන්න එපැයි.තාමත් අපි ගාව පොහොර නිර්දේශය නැත්නම් මොනවාද දාන්නේ. ඔයගොල්ලන්ට දොස් කියලා වැඩක් නෑ, හැබැයි මේ ප්‍රශ්න ටික උඩහට ගෙනියන්න යැයි පැවසීය.

මෙම අවස්ථාවට හිටපු උතුරු මැද මහ ඇමති එස්.එම් රංජිත් සමරකෝන, තිරප්පනය ප්‍රාදේශීය සභා සභාපති රොෂාන් ඉලංගසිංහ යන මහත්වරුන් ඇතුළු දේශපාලන නියෝජිතයින්, තිරප්පනය ප්‍රාදේශීය ලේකම් සජිදා භාණූ මහත්මිය ඇතුළු රාජ්‍යය නිළධාරීන් එක්ව සිටියහ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress