සිංහලයා මෙරට සුළු ජාතියක් බවට පත්වීම වැලැක්වීම අපහසු වනු ඇත
Posted on October 12th, 2021

චානක බණ්ඩාරගේ  

සිංහල බෞද්ධ අත්තිවාරමක් (foundation) තිබෙන ශ්‍රී ලංකාවේ සිංහලයන්ට අමතරව ද්‍රවිඩ, මුස්ලිම්, බර්ගර්, ආදිවාසින් (මොවුන් සිංහල බෞද්ධයන්ගේම කොටසක් වැනි වෙති), මැලේ ආදීහු ජීවත් වෙති. ඔවුන් සියල්ල මෙහි ජීවත් විය යුතුය. එහි කිසිදු ප්‍රශ්ණනයක් නොමැත.

අප සියළු දෙනාම ශ්‍රී ලාංකිකයෝය.

1964 අත්සන් තබන ලද සිරිමා – ශාස්ත්‍රී ගිවුසුම එන තුරු පසුගිය 20 වෙනි ශත වර්ෂයේදී ‘කල්ලතෝනින්’ වශයෙන් හඳුන්වනු ලැබූ දකුණු ඉන්දීය ද්‍රවිඩයන් ඉතා විශාල ලෙස ශ්‍රී ලංකාවට හොරෙන් පැමිණ මෙහි පදිංචි වුහ (එවිට ශ්‍රී ලංකාවේ ආර්ථිකය ආසියාවෙන් දෙවෙනි වුයේ ජපානයට පමණි). ඔවුන්ගෙන් ඇතැමෙක් මේ රටේ අති  සාර්ථක ව්‍යවසායකන් බවට පත් වුහ. ප්‍රභාකරන්ගේ පියා (ඔහු කේරල වැසියෙකි) පවා මෙරටට හොරෙන් පීනා පැමිණියෙකි.  

මෑත කාලයේද  මෙරටට හොරෙන් සංක්‍රමණය වන්නන් නිසා සිංහල ජනගහනය අඩු විය. ද්‍රවිඩ සහ මුස්ලිම් ජනගහණයන් වර්ධනය විය.

මාළු අල්ලන ධීවරයන් මෙන් පෙනී සිටිමින් දකුණු ඉන්දියාවෙන් ද්‍රවිඩයෝ පැමිණ මෙරට පදිංචි වෙන බවට වාර්ථා පළවී තිබුණි. මේවා සංවිධානාත්මකව කරන උතුරේ දේශපාලඥයෝ  සිටි බව නොරහසකි. වීසා ලබාගෙන මෙරටට පැමිණ නික්ම නොගොස් සිටින දකුණු ඉන්දියානු ද්‍රවිඩයෝ, මාලදිවයින්, පාකිස්ථාන් වැසියන් පිළිබඳව වාර්ථා පුවත් පත් වල නිරතුරුව පළවී තිබුණි. මෙවැනි අයට මෙහි ජීවත් වීමට ඉඩ නොදිය යුතුය.

විශාල පමණින් මුදල් හොරට දී නොරටුන් ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් ශ්‍රී ලාංකීය විදේශ ගමන් බලපත්‍ර ලබා ගෙන ඇති බවට ප්‍රවෘර්ති ශ්‍රී ලංකාවේ මාධ්‍යවල/සමාජ මාධ්‍යවල පලවී තිබේ.   

1970 – 1978 පමණ දක්වා රජයන් ‘පුංචි පවුල රත්තරං’ කියා දැවැන්ත පවුල් සංවිධාන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරවීය. වාසේක්තමි ශල්‍යකර්ම කරන පිරිමින්ට මුදලින් ආධාර පිරිනැමුණි. දරු ප්‍රසුත සඳහා රෝහල්ගත වන කාන්තාවන් දරු ප්‍රසුතියෙන් පසු වඳ සැත්කමකට භාජනය කෙරිණි. ඔවුනටද මුදල් සහ වෙනත් තෑගී බෝග ලබා දුනි.  ‘පුංචි පවුල රත්තරං’ වැඩපිළිවෙල අති සාර්ථක විය. රටේ ජනගහන වැඩිවීම බෙහෙවින් පාලනය කෙරුණි. නමුත් එය මුලිකවම බලපෑවේ සිංහල පවුල් වලට බව කවුරුත් පිළිගන්නා කරුණකි. සිංහලයන්ට සාපේක්ෂව රටේ දෙමළ සහ මුස්‌ලිම් ජනගනයන් ඉතා සීග්‍ර වර්ධනයනට ලක්විය. අදද එය සිදුවෙමින් පවතී.

1982 සංගණනයේ ශ්‍රී ලංකාවේ සිංහල ප්‍රතිශතය 70% විය. ශ්‍රී ලංකාවේ අදටත් සිංහලයන් 70% සිටිතැයි බොහෝ දෙනා කියත්. නමුත් එය එසේ යයි පිළිගැනීමට තරම් සාක්ෂි නොමැත.

1970 දශකයේ කොළඹ මහානගර සභා ප්‍රදේශය තුල සිංහල ප්‍රතිශතය 70% වුවත් අද එය 35% – 40%ට පමණ පහත වැටි ඇති බව නොරහසකි. කොළඹ නගරයේ බසයක ගමන් කරන්නෙකුට එය තුල සිංහල, දෙමළ, මුස්ලිම් ජනයා සමාන ගණනින් ගමන් කරන බව දක්නට ලැබේ. බොහෝ මහ නගරවල තත්ත්වයද මෙසේය (ගාල්ල, මහනුවර,  නුවර එළිය, බදුල්ල, කෑගල්ල, කුරුනෑගල, මීගමුව වැනි).

හොරෙන් මේ රටේ ජීවත්වන අය සංගණන වාර්තා, චන්ද හිමි නාමලේඛන වලට හසු වෙන්නේ නැත. ඔවුන් සැඟවී මෙන් ජීවත් වෙති. කලින් සඳහන් කලාක් මෙන් ඇතමුන් හොරට ශ්‍රී ලාංකීය විදේශ ගමන් බලපත්‍ර සාදා ගනිති. ශ්‍රී ලංකාව තුල හොර හැඳුනුම් පත් ළඟ තබා ගෙන සිටින්නන් ඇති බව අප අසා ඇත්තෙමු. සිංහලයන් බොහෝ දෙනෙක් තාවකාලිකව (මැද පෙරදිග) හෝ ස්ථිරව මේ රට හැර ගොසිනි.  සිංහල නම් ගත් ද්‍රවිඩයන් සහ මුස්ලිමානුවන් බොහෝය. මේ අය සිංහලයන් ලෙස ගණන් ගැනිය නොහැක. විශේෂයෙන්ම 1983 දෙමළ කෝලාහලවලින් පසු සිංහල නමක් දැරීම සිය ජිවිතාරක්ෂාවට සහ රැකියාවක් ලබා ගැනීමට උදවුවනු ඇතැයි බොහෝ ද්‍රවිඩයන් විශ්වාස කළහ. දැන් මෙහි චීන ජාතිකයන්ද බොහෝය – ඔවුන් ගැන පසුව සාකච්චා වේ. මේ නයින් බලන කල ශ්‍රී ලංකාවේ අද 70%ක් සිංහලයන් සිටිතැයි විශ්වාස කිරීම උගහටය.

මෑත කාලවල දකුණේ – කළුතර, මාතර, හම්බන්තොට, කුරුනෑගල, මීගමුව වැනි සිංහලයන් උපරිමව ජීවත්වෙන ප්‍රදේශවල පවා දෙමළ කථා කරන නව ‘ජනපද’/වාසස්ථාන  බිහිවූ අතර පොලිසි/උසාවි වල අවශ්‍ය නම් දෙමලෙන් කටයුතු කිරීමේ අවස්ථා ඒ ජනයාට ලැබුණි. එදා බොරැල්ලේ  වනාතමුල්ල, මට්ටක්කුලියේ සමිට්පුර 95% පමණ සිංහල බෞද්ධ වූ විශාල නාගරික ගම්මානයන්ය. අද ඒවායෙහි සිංහල බෞද්ධයන්  50%ක් වත් නැති තරමි. සහශ්‍ර පුර, මුවදොර පඋයන වැනි යෝධ නාගරික ව්‍යාපෘති වල (7,000- 8,000 එහා ජනයා ජීවත්වෙන)  සෑම විටම වාගේ සිංහල, දෙමළ, මුස්ලිම් 1/3 අනුපාතයට බෙදෙන පරිදි ජනයා පදිංචි කරනු ලැබිය.

සෑම රජයේ කාර්යාලයකම, පොලිසි සහ උසාවි ඇතුළු, දෙමළ කථා කරන නිලධාරින් සිටීම අනිවාර්යය කිරීමෙන් දෙමළ කථා කරන ජනයාට මුළු රට තුලම අපහසුවකින් තොරව සිය කටයුතු කරගෙන යාමට අවස්ථා උදා වූණි. නමුත් නැගෙනහිර සහ විශේෂයෙන්ම උතුරේ තත්ත්වය මිට වඩා මුළුමනින්ම වෙනස්ය. උතුරේ රජයේ කාර්යාලවල සිංහලෙන් කිසිදු  වැඩක් කර ගැනීමට නොහැකි බව උතුරේ වෙසෙන සිංහල වැසියන් (මොවුන් ඉතාම  අල්ප දෙනෙකි) මේ ලියුම්කරුට පවසයි. මේ පිළිබඳව යහපාලන රජයේ සන්හිඳියාව භාර ඇමති හට පැවසූ විට ඔහු ඔවුන් මඟ හැර ගිය බව ඔවුහු පවසත්.

මේ රටේ ඇත්තේ පළාත් 9ක් නොව 7ක් යයි සිතන තරමට සිංහලයෝ උතුර, නැගෙනහිර පිළබඳව ආශාවන් අත් හැර ඇත. එම පළාත් දෙක පිළිබඳව ඔවුන් තුල ආධ්‍යාත්මික වූ  බැඳීමක්/ඇල්මක් නොමැත. උතුර නැගෙනහිර (මෙය මේ රටේ 1/3 ක භුමි භාගයකි, මුහුදු තීරයෙන් 2/3ක්  පමණ වේ) ඉඩම්/දේපල තමන්ට කිසිදා ලබා ගැනීමට නොහැකි දේ ලෙස ඔවුන් සලකත්.

අප රණ විරුවන් තම ජීවත පරදුවට දී සටන් කලේ මුළු ශ්‍රී ලංකාවම සැවොටම භුක්ති විඳිය හැකි තැනක් බවට පත් කිරීමටය. රට යුද්ධයෙන් දිනුවේය. නමුත් සිංහලයාට අදත් උතුර සහ නැගෙනහිර අහිමිය. ද්‍රවිඩ ජාතිකයෙකුට කිලිනොච්චි අත් හැර ගම්පහ පදිංචි වීමට හැකියාවක් ඇත. මුස්ලිම් ජාතිකයෙකුට කාත්තන්කුඩි අත්හැර තංගල්ලේ පදිංචි විය හැක. මෙය රටේ දෙමළ, මුස්ලිම් ජනගහණයන් වර්ධනයට ඉමහත් රුකුලකි. නමුත් ගම්පහ හෝ තංගල්ලේ වෙසෙන සිංහලයෙකුට කිලිනොච්චි හෝ කාත්තන්කුඩිහි ඉඩමක් මිලදී ගෙන ගෙයක් සදා ගැනීමේ හැකියාව තිබිය යුතුයි. ඒවාට යම් අවහිරයන් වේ නම් රජයන් ඒවා දුරලිය යුතුය. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ  14වෙනි වගන්තියෙන් රටවැසියන්ට ලබාදී ඇති අයිතියකි (freedom of movement).

යුධ ජයග්‍රහණයෙන් පසුව 2009 මැයි – 2011 කාලයන්හි කල යුතුව තිබුනේ 13වන සංශෝධනය අවලංගු කර පළාත් සභා මුළුමනින්ම අහෝසි කර දැමීමය. එය ජනමත විචාරණයක් තුලින් ඉතා පහසුවෙන් කල හැකිව තිබුණි. සෑම කෙනකුටම ශ්‍රී ලංකාව තුල ඕනෑම ප්‍රදේශයක ජීවත් විය හැකි බවට ප්‍රතිපත්ති සැලසුම් කල යුතුව තිබුණි. මේවා දැනුත් කල හැකිය. එවකට තිබු රජයට CHOGM මඟුල පැවැත්වීම සියල්ලටම වඩා වැදගත් විය. මේ නිසා උතුරු පළාත් සභාවක් පිහිටුවීමට රජයට ඉතාම අවශ්‍යව තිබුණි. රටට බලාපොරොත්තු වූ කිර්තිය වෙනුවට අවමානයක් ලබා දෙමින් CHOGM සමුළුව 2013දි අවසන් විය; එම වසරේම අවසානයේ උතුරු පළාත් සභා චන්දයෙන් විග්නේස්වරන් මහඇමති තනතුරට පත්විය. ඔහු ජාතිවාදියෙක් ලෙස කටයුතු කල බව නොකිවමනාය.

කලින් සඳහන් කලාක් මෙන් අද සිංහලයාගේ සම්පුර්ණ අවධානය යොමු වී ඇත්තේ තමන් ජීවත්වෙන පළාත් 7 පිළිබඳවය. මැලේසියාවේ, ඕස්ත්‍රේලියාවේ පුරවැසියෙක් එම රටවල ඕනෑම ප්‍රදේශයක වාසය කිරීමේ නිදහස භුක්ති විඳී. ඔවුහු තම රට පුරාම ආදරයෙන්/ ආසාවෙන් සංචාරය කරත්. මැලේසියාවේ මැලේ ජාතිකයන් ‘භුමි පුත්‍ර’ සංකල්පය යටතේ විශේෂ වරප්‍රසාද විඳිති. සිංහලයන් කිසිදා එවැන්නක් ඉල්ලා නැත.

වව්නියාවෙන් උතුරට A9 මාර්ගයේ සවිකර තිබෙන අති දැවැන්ත බිල්බෝඩ් වල සඳහන් වනුයේ දෙමළ (සහ සමහරවිට ඉංග්‍රීසී) භාෂාව පමණි, සිංහල කිසිසේත් නැත. යාපනය දුම්රිය ස්ථානයට කොළඹ සිට නගරාන්ත දුම්රිය සැපත් වූ බව සිංහලෙන් ශබ්ධ විකාශනය නොකෙරිණි (නමුත් කොළඹින් ජාඇලට, බෙලිඅත්තට වේයන්ගොඩට  යන දුම්රිය භාෂා 3න්ම ඒ ගැන කියයි). උතුරේ පාරවල සිංහල නාම පුවරු ඇත්තේ අල්පවය. කඩ, සාප්පු නාමපුවරුවල සිංහල ඇත්තේම නැත. කිසිදා ශ්‍රී ලංකාවේ සිටියා යයි වාර්තා වී නැති දෙමළ  රජවරුන්ගේ පිළිම මෑතකදී යාපනය නගර මධ්‍යයේ ඉදිකර තිබෙනු දක්නට ඇත. යාපනයේ සිංහල මහා විද්‍යාලය යලි ස්ථාපිත කිරීම කෙසේ වෙතත් සන්හිඳියා කාලයේදී මන්නාරමේ තිබු වසර 40ක්  පමණ පැරණි සිංහල පාසැල ද වැසි ගියේය. මේ පාසැල් දැන් වුවද යලි ඉදි කල හැක.

යුද්ධයට ප්‍රථම යාපනයේ සිංහලයන් 50,000ක් පමණ සිට ඇත. අද ඉන් 5%ක් වත් සිටීද? ප්‍රභාකරන් විසින් උතුරෙන් එලවා දමන ලද සිංහලයන්, මුස්ලිමානුවන් නැවතත් එම ප්‍රදේශවලට යාමට ඉතා අශාවෙන් සිටිත්. නමුත් ඔවුන්ව එම ප්‍රදේශවල නැවත පදිංචි කිරීම පිළිබඳව රජයන් සැලකිල්ලක් දැක්වුවේ නැත. පුත්තලමේ සිටි මුස්ලිම් සරණාගතයන් නැවත උතුරේ (මන්නාරම සිලාවතුරේ) පදිංචි කිරීම හරිය. විල්පත්තුව කැපීම වැරදිය.

පසුගිය රජයේ සීමා නිර්ණ කොමිසමේ නිර්දේශ අනුව උතුරු/නැගෙනහිර මායිමේ ඇති සිංහල ගම්මාන කිහිපයක් එම පළාත් වලින් ගලවා උතුරු මැද පළාතට අනුයුක්ත කල යුතුය. මෙයින් වන්නේ උතුරු/නැගෙනහිර සිංහල ජනගහනය තවත් අඩු විමය.

දකුණ අද ජනගහනයෙන් පිරි ඉතිරි ගොස්ය. මිනිසුන් පර්චස් 2 ඉඩම්වල පවා ගෙවල් සාදා ගනිති. තදබදය ඒ තරමටම  වැඩිය. කැලෑ වලින් පිරී  ජන ශුන්‍ය ප්‍රදේශ   වූ මහව, ගිරාඳුරුකෝට්ටේ, පුත්තලම, කැකිරාව, හොරොව්පතාන, මැදවච්ච්ය, සුරියවැව අද විශාල නගර වේ. නිදහස ලබන විට මේ රටේ භූමියෙන් 49%ක් වන ගහණය වීය. අද 10%ක් වත් වනය ඉතුරු වී ඇද්දැයි සැක සිතේ. අලි-මිනිස් අර්බුදය උච්චම තත්වයට පත්ව ඇත. අක්‍රමවත් ලෙස හිතු මතේ අලි වැටවල් ගැසීමෙන් වල් අලි රංචු පිටින් මාරු වීමට නොහැකිව ප්‍රධාන මාර්ග මැද අසරණව බලා සිටිති (අලින්ට චන්දය නොමැත). හම්බන්තොට තව තවත් නාගරීකරණය වෙමින් පවතී. එහි බොහෝ ඉඩම් චීන ව්‍යවසායකයන් සඳහා වෙන් කර ඇතැයි පැවසේ. ඒ, හම්බන්තොට වරාය වසර 99ට චීනයට බදු දීමේ අමනෝඥ ක්‍රියාව නිසාය (මේ නිසා රටේ ස්වෛය්රීත්වයට සහ භෞමික අඛණ්ඩත්වයටද හානි සිදුවිය හැක).  

මෙම ලියුම්කරු විශ්වාස කරන්නේ අද ශ්‍රී ලංකාවේ ඇත්තටම  සිංහලය ප්‍රතිශතය 65% – 70%  පමණ අගයක් විය යුතු බවයි. කෙනෙක් එය ඊටත් වඩා අඩුයයි කීමට පුළුවන. නිවැරදි සංඛ්‍යාලේඛන නොමැති වීම අඩු පාඩුවකි.

මේ අගය මේ තරමින් වත් තිබෙන්නේ 1983න් පසු ශ්‍රී ලාංකික ද්‍රවිඩයන් ලක්ෂ 10ක් පමණ මෙරට අත් හැර යාම නිසාය (බටහිර රටවලට). පුදුමය නම් මේසා විශාල ද්‍රවිඩයන් ප්‍රමාණයක් මෙරට අත් හැර ගියත් ශ්‍රී ලංකාවේ ද්‍රවිඩ ප්‍රතිශතය (ශ්‍රී ලාංකික සහ ඉන්දීය දෙමළ) අදත් එදා 1982 සංගණනයේදී  වූ  20%ට ආසන්නව තිබීමයි (මෙම ලිපියේ ඉහත 4වන චේදයේ සඳහන් කරුණු නිසාද?).

ලොව සිංහලයා ජීවත් වන්නේ ශ්‍රී ලංකාවේ පමණය. ඔහුට/ඇයට  යාමට වෙන රටක් නැත. ශ්‍රී ලංකාවේ හැර ලොව වෙන කිසිදු රටක සිංහල භාෂාව කථා නොකරයි. දෙමළ, ජාතියක් සහ භාෂාවක් ලෙස පිළිගත් රටවල් ඇත. තමිල්නාඩුවේ (දකුණු ඉන්දියාවේ පමණක්) ද්‍රවිඩයන් කෝටි 7ක් පමණ වෙසෙති, කේරලයේ මලයාලියෝ කෝටි 3.2කි.  ලොව මුස්ලිමානුවන් වෙසෙන රටවල් බොහෝයි; කරදරයක් වුවහොත් ඔවුනට ඒ රටකට යා හැක.  ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයම  කෝටි 2.2ක් පමණි. ලොව මුළු සිංහල ජන සංඛ්‍යාව කෝටි 1.5 තරම හෝ ඊට අඩු විය යුතුය.

ශ්‍රී ලංකාවේ සිංහලයන් මහ ජාතිය  බව ඇත්තය. නමුත් දකුණු ආසියා කලාපය තුල පවා ඔවුහු සුළු ජාතියක්ය.

අද සිංහලයා තම රටට ආදරය කරන බවක් නොපෙනේ. උග්‍ර ජීවන වියදම් ප්‍රශ්ණ වලින්, විවිධ කම්කටොළු වලින් තැලී, පෙලී, මිරිකී සිටින ඔවුන් තම රටට, ජාතියට වෙන විපත ගැන විශාල ලෙස කම්පා නොවෙත්. ඒවා ගැන මිඩංගු කිරීමට බොහෝ දෙනෙකුට කාලය නොමැත. දැනට වසර 40ට අධික කාලයක් මුළුල්ලේ දේශපාලඥයන්, උසස් රජයේ නිලධාරීන් රටේ දේපල කොල්ලකමින් අතිශයින් සුඛෝපභෝගී ජිවන රටාවන් ගෙවති.

අද සිංහලයා ඔවුන්-ඔවුන් කුලල් කා ගණිති. එක පවුලේ සහෝදර සහෝදරියන් මිනි මරා ගනිත්, එකෙක් තවකෙකුට විරුද්ධව නඩු කියයි. දිනපතා මිනීමැරුම් සහ වෙනත් අපරාධ ඉතා අධිකය. සිංහලයන් ඔවුන් ඔවුන් අතර අතර පවතින නොසරුප් බව වැඩිකර ගන්නා කල්හි ද්‍රවිඩයන් සහ මුස්ලිමානුවන් ඔවුන්ගේ ජාතිකයන් සමඟ කුලල් නොකා සමගිව ජීවත් වෙත්. තමන් සුළු ජාතියක් බව වටහාගෙන ඇති ඔවුහු  තමන්ගේ ජාතිය, භාෂාව, ආගම දිවිහිමියෙන් ආරක්ෂා කර ගැනීමට කටයුතු කරත්. තම ජනගහනය කෙසේ හෝ වැඩි කර ගනිති. ද්‍රවිඩයන් සහ මුස්ලිමානුවන්ගේ මේ ක්‍රියා පිළිවෙත අගය කල යුතුය.  

කොරෝනාවට පෙර කාලයේ සවස් භාගයේ මේ රටේ මත්පැන් බිම ශාලා මත්ලොලින්ගෙන් අතුරු සිදුරු නැතිව පිරි තිබුණු බව ඒ පිළිබඳව දන්නා අයට මතක ඇත. මේ අයගෙන් බහුතරය – 80%ට  වඩා වුයේ සිංහලයන්ය. මේ රටේ වැඩිපුරම මිනීමැරුම්/අපරාධ  සිදුවන්නේ සිංහලයන් – සිංහලයන් අතරය. වැඩියෙන්ම මත් ද්‍රව්‍ය, මත් කුඩු පානයට ඇබ්බැහි වී ඇත්තේ සිංහලයෝය. නමුත් එම ජාවාරම් වැඩිපුරම කරන්නේ අන්‍ය ජාතිකයෝය. මේ රටේ සිරකරුවන්ගෙන් වැඩි දෙනා සිංහලයෝය. එම ප්‍රතිශතය 70%ට වඩා බොහෝ වැඩිය.

දකුණේ සියළු දේශපාලන පක්ෂ ‘ශ්‍රී ලාංකික’ අනන්‍යතාවය ප්‍රවර්ධනය ගැන කථා කරති. ඔවුන්ගේ මතය අනුව කෙනෙකුට ප්‍රශ්ණ කල හැක්කේ සන්හිඳියාව උදෙසා වෙනස් විය යුත්තේ සිංහලයා පමණක් ද කියාය. උතුරේ ද්‍රවිඩයන් පෙබරවාරි 4 වෙනිදා ජාතික කොඩිය සිය නිවසේ ප්‍රදර්ශනය නොකිරීම කෙසේ වෙතත් නොවැම්බර් 26 වෙනිදා මහා ඉහලින් මහා වීර දිනය සැමරීම අතිශයින් ප්‍රශ්ණ සහගතය. සන්හින්දියාවාදීහු මේ පිළිබඳව නිහඬය.

උතුරේ ජනයා ශ්‍රී ලාංකික ජාතික ගීය (තමනට තේරෙන) දෙමළ බසින් අභිමානයෙන් සහ ආසාවෙන් ගයන්නේ නම් එය ඉතා ප්‍රශංසනීයයි. එය සන්හිඳියාවේ ක්‍රියාදාමයේ සාර්ථකත්වයකි.

සිංහල, බෞද්ධයන් ගැන කථා කිරීමට රටේ එකම දේශපාලන පක්ෂයක්වත් නැත. නමුත් ද්‍රවිඩයන් සහ මුස්ලිමානුවන්ගේ අයිතීන් කථා කිරීමට/සටන් කිරීමට බොහෝ පක්ෂ ඇත. කොටින්ම, සෑම දෙමළ සහ මුස්ලිම් දේශපාලන පක්ෂයක්ම බිහිව ඇත්තේ ඔවුන්ගේ ජනයා වෙනුවෙන් සටන් කිරීමටය.

සුළු ජාතින්ගේ ප්‍රශ්ණ ගැන කථා කිරීමෙන්, විශේෂයෙන්ම ඔවුනට මේ රටේ අසාධාරණ සිදු වෙනවා වැනි දේ කීමෙන් බොහෝ දෙනෙක් ඉතා පහසුවෙන් මානව හිතවාදී ලේබලය අලවා ගණිත්. එය මෝස්තරයටද ඉතා හොඳය (fashionable). විදේශ බටහිර රටවල සංචාර, එකී  තානාපති නිවෙස්වල නොකඩවා පැවැත්වෙන භෝජන සංග්‍රහ, NGO සල්ලි – මේවා ගලා එන්නේ සුළු ජාතික ප්‍රශ්ණ කථා කරන්නන්ටය. සිංහලයන්ට නොමැති සුළු ජාතීන්ට පමණක් සීමාවූ මෙරට ඇති ප්‍රශ්ණ මොනවාදැයි ඇසුවහොත් මේ ඊනියා මානව හිතවාදීන්ට දීමට පිළිතුරු නොමැත.

වතුකරයේ දෙමළ සේවක අයිතින් ගැන, ඔවුන්ගේ ජීවන තත්වයන් නඟා සිටුවීමට රජයන් විශාල වශයෙන් කැපවී වැඩ කරයි. ඒ වෙනුවෙන් අති විශාල මුදලක් දරයි. එය හොඳය. නමුත් වතු වටා ජිවත්වන උඩරට සිංහල ගම්වාසින් ගැන රජයන් එතරම් සැලකිල්ලක් නොදක්වන්නේ ඇයි?  වතු සේවකයන්ගේ අවම වැටුප වැඩි කරද්දී ඒ වතු වටා සිටින ගම්වල වෙසෙන සම්පත්ලා, ස්වර්ණමාලිලා දවසට එක වේලක් වත් කන්න නොමැති තරම් වූ  දරිද්‍රත්වයෙන් සිටිනවා නේද කියා රජයන් නොසිතයි/බලා නොබලයි. මේ සම්පත්ලා, ස්වර්ණමාලිලාද වතුවල වැඩට යාමට බොහෝ ආසාවෙන් සිටිත්. නමුත් වතු වෘත්තිය  සමිති ඒවාට විරුද්ධය. සුද්දන් වතු බිහි කලේ සම්පත්ලා, ස්වර්ණමාලිලාගේ මුතුන් මිත්තන්ගේ ඉඩම් බලයෙන් පවරා ගෙන බව දැන් කාටත් අමතකය.

සිංහලයාගේ සැබෑ ප්‍රශ්ණ ගැන කථා කරන්නා සිංහල අන්තවාදියෙක් ලෙසට වූ ලේබලයෙන් අද මෙරට පිදුම් ලබයි. එම ලේබලය ගසන්නේද සිංහලයාමය.

තම අයිතීන්, තම ජාතිය/ආගම ගැන කථා කිරීමට සිංහලයෝ මැලි බවක් පෙන්වත්.  බොහෝ අය එසේ කිරීමට බයය. ‘සිංහල’, ‘බෞද්ධ’  අයිතීන් ගැන කථා කිරීම අද තහනම් වචන බවට පත්වී  ඇද්ද? පුදුමාකාර ලෙස, සිංහල, බෞද්ධකම ගැන කථා කල අයට විරුද්ධව නිති මඟින් කටයුතු කිරීමට බලධාරීන් උත්සහ කර ඇත. මෙය අධිරාජ්‍යවාදී යුගයේවත් නොසිදුවූ දෙයකි. මෙය ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවේ  14වෙනි වගන්තියෙන් ලබාදෙන භාෂනම නිදහසට (freedom of speech) පටහැනිය. ධර්මපාලතුමා ඇති තරම් මෙරට පාලනය කල  බ්‍රිතාන්‍යයනට බැන්නේය. ඔවුහු ඔහුගේ කට වැහිමට නොගියහ.

ද්‍රවිඩ බසින් අන්තවාදී කරුණු කියනා අය ශ්‍රී ලංකාව තුල බොහෝය. මේ අය නියාමනයකට බඳුන් නොවෙනා සේය.

සිද්ධාන්ත 2ක්

(1) මෑතක සිට රුවන්ඩාව පාලනය කරන්නේ ටුට්සින්ය (ඔවුන් ඉතා හොඳින් රට පාලනය කරත්). ඔවුන් ජනගහනයෙන් 9% – 14% පමණ වේ. මහ ජාතිය හුටුන්ය. ඔවුන් ජනගහනයෙන් 86% – 91% පමණ වේ. එන්න එන්නම අසාර්ථක රාජ්‍යක් බවට පත්වන ශ්‍රී ලංකාවද නුදුරේදී ‘ටුට්සි රාජ්‍යක්’ වීම සිදු  විය හැක. 

කදිරගාමර් ජීවත් වුනානම් ශ්‍රී ලංකාව ද ටුට්සින් (දෙමළ) පාලනය කරන රුවන්ඩාවක් බවට පත් වීමට බොහෝ දුරට  ඉඩ තිබුණි. කදිරගාමර් දක්ෂයෙකි, නමුත් ඔහුගේ රජයක් යටතේ රුවන්ඩාවේ ටුට්සින් මෙන් ශ්‍රී ලංකාවේ ද්‍රවිඩයන් ඉහලටම විත් සැම අංශයකින්ම සිංහලයන්ව පාලනය කරන තත්වයක් උදාවීම නොවැලක්විය හැකි කරුණකි. මනෝ ගනේෂන් ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයා විය යුතුය  වශයෙන් ඇතැම් භික්ෂුන් වහන්සේලා පවා ප්‍රකාශ කිරීම කණගාටුදායක කරුණකි. රට යන මාවත දෙස බලද්දී මෙවැන්නක් සිදුවීමට ද බොහෝ ඉඩ ඇත. මනෝ ගනේෂන් ප්‍රභාකරන් සමඟ එකම වේදිකාවේ සිටි බව බොහෝ අයට අමතකය.

(2) ශ්‍රී ලංකාව කෙරෙහි වූ චීන බලපෑම අති දැවැන්තය. මේ යන ආකාරයට ගියහොත් ඉදිරි වසර 30 – 40 ඇතුලත  මේ රටේ මුළු ජනගහනයෙන් අඩුම තරමින් 10%ක් වත් චීන ජනගහනය වීමට බොහෝ සෙයින් ඉඩ ඇත.  වසර 60කදී,100දී?

පෝට් සිටිය, හම්බන්තොට වරාය සහ වෙනත් විවිධාකාර ව්‍යාපෘති යටතේ දස දහස් ගණනින් ඉදිරියේදී මෙරටට චීන්නුන් පැමිණීම නොවැලක්විය හැකි කරුණකි. ඔවුන්ගෙන් ඇතැමෙක් ශ්‍රී ලාංකිකයන් සමඟ විවාහ වීම්/එක්ව ජිවත්වීම් සිදු කරනු ඇත.

(අක්කර ගණනාවකින් යුත් කොළඹ මැද පිහිටි පැරණි මැනින් මාකට් භූමියට රජය කුමක්ද කරන්න යන්නේ?).

හම්බන්තොට වරායෙන් චීන ජාතිකයන්ට ශ්‍රී ලංකාව තුලට නිදහසේ, ඉතා පහසුවෙන් පැමිණීමට අවස්ථාවක් උදා වී ඇද්ද?  එහි සිදුවන ආගමන රෙගුලාසි නියාමන කටයුතු කෙසේ සිදුවේද? දැනට ශ්‍රී ලංකාව තුල වර්ෂ  2010ට පසුව පැමිණි චීන ජාතිකයෝ කොපමණ වෙත්ද? විසා නොමැතිව මෙරට සිටින චීන ජාතිකයන් ගණන කොපමණද? මේවා සම්බන්ධව දැඩි සොයා බැලීමක් කල යුතු නොවේද?  පසුගියදා හම්බන්තොටට න්‍යෂ්ටික අවි රැගත් චීන නෞවකාවක් පැමිණ ඇති බව අප දැනගත්තේ එය පැමිණ ගියාටත් පසුවය.

අරක්කු/බියර්, වයින්  වැනි මත්පැන් නිතර බොමින් (ගැහැණු/පිරිමි), කුකුල්/ඌරු මස් කමින්,  බයිලා/හිප්හොප් ගායන තාල වලට නටමින් ඉතා සැහැල්ලුවෙන් සිටිනා ජාතියක් ලෙසටයි සිංහලයන් දැන් බොහෝ දුරට පෙනෙන්නේ. ඔවුහු තමන්ගේ සහ තම පවුලේ අයගේ අභිවෘධිය ගැන පමණක් සිතති. රට ගැන, රටේ අනාගතය ගැන නොසිතති.  පාලකයන් තමන්ට උවමනා ලෙස මුදල් හොරකම් කරමින්, ඉතා අකාර්යක්ෂම ලෙස රට පාලනය කරමින් රට තව තවත් අඝාදයට ඇද ගෙන යාම ගැන ඔවුනට එතරම් තැකීමක් නැත. මන්ද, එවැනි උසස් තැන් වලට පැමිණියහොත් ඔවුන් බොහෝ දෙනෙක්ද හැසිරෙන්නේ ඒ අයුරින්ම හෙයිණි.

කැනේඩියානු අගමැතිවරයා තමන් ගමන් කරන වාහනයේ සීට් බෙල්ට් එක නොපැලඳුවහොත් ඔහුට විරුද්ධව දඩ කොලයක් නිකුත් කිරීමට එරට පොලිස් කොස්තාපල් වරයෙක් කටයුතු කිරීමෙන් විද්‍යාමාන වනුයේ එරට ජනතාව තුල ඇති ‘නිතිය අකුරටම ක්‍රියාත්මක විය යුතුය’ යන විශ්වාසයයි; ඔවුන් තුල තම රට කෙරෙහි පවත්නා අසීමිත වූ ආදරයයි.

ශ්‍රී ලංකාවට, සිංහල ජාතියට, බුද්ධාගමට බලපාන ප්‍රශ්ණවලදී සිංහලයා බුද්ධිමත්ව/ශිෂ්ටසම්පන්න ලෙස නැගී නොසිටීයි. සිංහලයාට පොදු වූ අසාධාරණකම් ගැන කථා නොකරයි. සිංහලයා සිංහලයාටම ගරහයි.

අද සිංහලයා තමන් සහ තම පවුල ගැන පමණක් සිතයි. රට ගැන නොසිතයි. සිංහල ජාතියේ විශේෂයෙන්ම එහි දිගු කාලින පැවැත්ම ගැන ඔහුට/ඇයට ඇත්තේ අල්පේච්ච වූ හැඟීමකි. කොටි ත්‍රස්තවාදීන් සමඟ පවා ඩීල් දැමු සිංහලයෝ වුහ.

සිංහලයා ක්‍රමයෙන් සංක්‍යාවෙන් අඩුවී යන ජාතියකි.  එහි සැකයක් නැත. ඒ නයින් සිංහල භාෂාවද  ක්ෂය වෙන භාෂාවකි. කලින් සඳහන් කලාක් මෙන් මහනගරවල දැනටමත් සිංහල ජන සංඛ්‍යාව ඉතා සිග්‍රව අඩුව ඇත. මේවා ක්‍රමානුකුලව පළාත්, නගර, ප්‍රාදේශීය සභා ප්‍රදේශවලද සිදුවනු ඇත. ශ්‍රී ලංකාවෙන් සිංහලයා සදහටම වඳවී නොයනු ඇත. නමුත්, ශ්‍රී ලංකාව තුල සිංහලයා සුළු ජාතිකයෙක් ලෙස දවසක ජිවත්වෙනු ඇත (35% – 40% ක පමණ ලෙස). එවිට මෙය කියවන ඔබ – වර්තමානයේ බොහෝ මැදි විය පැන ඇති අය, දිවි මඟ හැර ගොසිනි.   ඉදිරි දරු, මුණුබුරන්ගේ අනාගතය ගැන අප මිට වඩා සැලකිලිමත් නොවීම ඉතා අභාග්‍යට කරුණකි.

5 Responses to “සිංහලයා මෙරට සුළු ජාතියක් බවට පත්වීම වැලැක්වීම අපහසු වනු ඇත”

  1. aloy Says:

    Acquiring the Trade and Space are the name of the game!.
    Sinhalayas have the space (land and sea) but has no brains to do the trade. That is the reason we cannot make use of our own ports, valuable land and the sea lane to make a paradise on earth. We can sea the tip of the ice burg but cannot see the mountain of gold underneath.

    I just feel that the struggle the teachers are engaged on is for a much bigger cause than for pay. They are a mighty force that will not fight for pea nuts. If we lose the control of our assets, then match is over for everybody.

    Yes, go on fighting for Mother Lanka, iron lady!.

    Never knew you are a ‘Chanakaa’ before your previous article.

  2. aloy Says:

    Sorry for the typo.

    I think we must have a convention to identify the feminine gender by adding a suffix ‘a’ to male sounding names.

  3. Chanaka B Says:

    Aloy

    Agree, we own a vast sea area, if we use it wisely we can immensely prosper.

    The country needs foreign investments – there’s no question about it. All countries have developed through foreign investment. For this, foreigners (including China, US, India, EU countries, Australia) should come and establish companies here. This is how Levers (Uni Lever), Harleys, Browns, Mackwoods etc were established. These foreign companies can start on their own or enter into joint ventures with local private companies/government owned businesses. The government should facilitate them – to buy/lease private lands. We have the BOI for this. But, what we are doing is selling off our precious assets to foreigners; and that is also for peanuts. Eg: sale of Galle Face land to Shangri-La, CPC (to IOC), 5000+ acres to Dole, recent Kerawalapitiya sale etc. These companies must pay us taxes and employ locals. They should be allowed to bring in very few foreign workers (key workers). Privatization of government ventures is an outdated concept, started by Margret Thatcher. It will not help today. Leasing Hambanthotha port to China for 99 years is too long; it should have been for 40 years. I am concerned whether or not we have provided the Chinese a Gateway to enter Sri Lanka willy nilly. Can they bring in any number of Chinese to Sri Lanka through this port? Is our Immigration active enough to curb any potential illegal migration?

    Yes, teachers struggle has gone far too much. It does not have the popular support any more. They should accept the PM’s proposals yesterday.

    Aloy, I am a male!

  4. aloy Says:

    Chanaka,

    Extremely sorry for the mishap as I have taken another Bandarage for you as per the description of the author of an article that appeared in this forum on 29th last month:

    “Asoka Bandarage PhD is the author of Sustainability and Well-Being, The Separatist Conflict in Sri Lanka, Women, Population and Global Crisis, Colonialism in Sri Lanka and many other publications. She serves on the”

    She seemed a worrier fighting for the country.

    This thread is on saving the land for Sinhalaya and if we cannot see the wood for the trees, then there is a problem. Saving the land from scheming foreign powers should be the main concern, development can come later. We may have to suffer a little bit now. Nobody in this land will die of starvation. Its better to suffer now than to lose entire country and become slaves of those companies that you are talking about. No country has developed by being dependent on foreigners. Taiwan, South Korea, Singapore and Malaysia are examples and they practice the Boomiputra concept where as we are going to ignore the locals by creating a Portcity concept that is going to engulf the entire country.

  5. Chanaka B Says:

    Aloy, Thanks for the clarification.

    To me, it is not really ‘saving land for the Sinhalayas’. All races must live in this country amicably and peacefully.
    But, there is a lot of discrimination that the Sinhalese face (I have set them out in my article); somebody must fight against them. Unfortunately, there’s hardly anyone doing this currently with vigour. Those who say they are patriotic are fighting for Sri Lanka, not for the Sinhalese (and the Buddhist).

    In the 80s and 90s that is what the patriots did – they fought for the Sinhalese and the Buddhist. Some of the genuine patriots of that era include Ven Madihe Pagnaseeha, Dr De Soysa (Dentist), Dr Neville Fernando, HB Sugathadasa (Author), Cyril Mathew, Ven Gangodawila Soma, SL Gunasekera, Dharmadasa Wijemanne, Gamini Jayasuriya, etc. My father Dr DS Bandarage, diseased in 2009, was a giant among the giants. He introduced Ven Maduluwawa Sobhitha, Ven Keethalagala Seelankara (Dimbulagala Thero), Ven Bengamuwe Nalaka, Dr Gamini Iriyagolla, Hewage Jayasena, Padma Bailey (nee Gunasekera) into the patriotic scene.

    Some of the stalwarts remaining from the bygone era include Dr Gunadasa Amarasekera, Professor Nalin De Silva, Dr Anula Wijesundera, Dr Hema Goonathilake, Dr Wasantha Bandara, Charles Perera, Dr Harischandra Wijethunga, Ven Ellawala Medhananda, Dharmasiri Weerasinghe, HLD Mahindapala, Douglas Wickramarathne, Anil Amarasekera, Sarath Weerasekera, Ven Omalpe Sobhitha, Ven Rajawatte Vappa, Ranjith Soysa, Suriya Gunasekera, Neville Ladduwahetti, TB Kotakadeniya etc (yes, the list is more). Let us hope that they will continue with revived vitality to fight for the Sinhalese Buddhist.

    You said – ‘Saving the land from scheming foreign powers should be the main concern, development can come later.’ –

    Yes, the country must be saved from ‘scheming foreign powers’.

    What we must do is to involve foreigners wisely to develop our country. We are a tiny island. We must interact with the world. We can’t rise on our own. As stated earlier, foreign exchange is the key. Without $, we can’t even import wheat, sugar and gas.

    It is foolish to think we can generate $ only through tourism and remittances sent by our overseas workers (our exports have somewhat come to a standstill).

    We must attract good, solid foreign investment. That does not mean selling off our assets. Look at our best private companies – Uni Lever, Ceylon Tobacco, Hayles, Walkers, Cargills, Whittal Boustead, Lipton, Brooke Bond, Ford Rhodes, Carson Cumberbatch, Aitken Spence, BCC, Freudenberg, Pure Beverages, Nestle, Elephant House, Walker & Grieg, Baurs, JL Morrison Son & Jones, Bartleets etc. They all came from Europe. They invested European capital here. They established companies in Sri Lanka. There is nothing wrong with that – these companies pay taxes and provide good employment to our people.

    Having those companies here, does not mean that people (employees) become slaves of them. What about John Keels, Sri Lanka’s biggest company. That was established here through foreign (UK) capital. Even Communist and Socialist countries beg for foreign investment. Though China is ruled by the Communist Party, one can say it is the ‘biggest capitalist country’ in the world today.

    After the WW 2, Germany and Japan rose from the ashes thanks to foreign investment. South Korea was built after the Korean War in 1952. Taiwan was helped by USA, and Hong Kong by UK. Malaysia is one of the world’s largest computer chip manufacturers. Microsoft, IBM, Apple, Google, Amazon, Ebay, Facebook and many leading companies have branches there. Why can’t we have those branches here?

    If we sell the Galle Face land for US$50 million (worthed around US$2 billion in 2014), 40% of Kerawalapitiya for US$250 (worth around US$1 billion), hand valuable Colombo lands to China through Selendiva for a song; there’s something definitely wrong with us. The Serivanija Jathakaya comes to mind. What the greedy trader, Seri did to the innocent grandmother and granddaughter – some foreign countries seem to be doing to us today. Sadly, there is no Kacchaputa to come and rescue us. We must find our own salvation. For that, we must be smart, brave and tactful. Do our leaders have those traits?

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2021 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress