ලංගමයට පුනරාවර්ථන වියදම් හා ප්‍රාග්ධන වියදම් සඳහා රුපියල් මිලියන 16 000 ක මුල්‍ය ප්‍රතිපාදන ලබාදීමට කඩිනමින් මැදිහත් වන ලෙස ඉල්ලා සිටීම
Posted on October 24th, 2021

සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය

ගරු ජනාධිපති,
ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා,
ජනාධිපති ලේකම් කාර්යාලය,
කොළඹ – 01.

ගරු ජනාධිපති තුමනි,

☭▸ ශ්‍රී ලංගමය ශක්තිමත් කිරීමට, සේවක අයිතීන් සුරක්ෂිත කිරීමට 2022 අයවැය ලේඛනය තුළින් ප්‍රවාහන අමාත්‍යංශය යටතේම ශ්‍රී
ලංගමයට පුනරාවර්ථන වියදම් හා ප්‍රාග්ධන වියදම් සඳහා රුපියල් මිලියන 16 000 ක මුල්‍ය ප්‍රතිපාදන ලබාදීමට කඩිනමින් මැදිහත් වන ලෙස ඉල්ලා සිටීම .

ශ්‍රී ලංගම සේවකයින්ගේ අයිතීන් සුරක්ෂිත කිරීමටත්, මගී ජනතාවට විධිමත් ප්‍රවාහන සේවයක් ලබාදීමටත් ශ්‍රී ලංගමය ශක්තිමත් කිරීමටත් 2022 වසර සඳහා ප්‍රවාහන අමාත්‍යංශය යටතේම ශ්‍රී ලංගමයට රුපියල් මිලියන 16 000 ක මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමට අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා ලෙස පළමුව අප සංගමය ඔබතුමාගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නෙමු.

විධිමත්ව නියමිත දිනට සේවක වැටුප් සහ පාරිතෝෂික මුදල් ගෙවීමට, සේවක වැටුප් වැඩි කිරීමට, පාසල් ළමයි ඇතුළු වැඩකරන ජනතාවට සහන සැලසීමට ශ්‍රී ලංගමය ආයතනවලට ගෙවීමට ඇති ණය මුදල් ගෙවීමට, සේවක අර්ථසාධක අරමුදල් විධිමත්ව අඛණ්ඩව බැංකුගත කිරීමට පුනරාවර්ථන වියදම් වශයෙන් රුපියල් මිලියන 14 000 ක මුල්‍ය ප්‍රතිපාදන ද,

2006 අංක 30 දරණ සහ 2016 අංක 02 දරණ කළමණාකාර සේවා චක්‍රලේඛණයට අනුව සියලූම ශ්‍රී ලංගම සේවකයින්ගේ වැටුප් විෂමතාවය ඉවත්කර නිලධාරීන්ගේ 2018.10.01 දින සිට හිඟ වැටුප් සමඟ වැටුප් සංශෝධනය කිරීමට, නව බස්රථ ලබාගැනීමට, ශ්‍රී ලංගමයේ කාර්මික අංශයට නවීන තාක්ෂණ උපකරණ ලබාගැනීමට, දැනට අඩාල වී ඇති සේවක සුභසාධක ක්‍රියාවලිය විධිමත්ව පවත්වා ගැනීමට, සියලූම ඩිපෝ වැඩපළවල්, ආයතනවල අළුත්වැඩියා කර සංවර්ධනය කිරීමට, පරිගණක තාක්ෂණය වැඩි කිරීමට යන ඉල්ලීම් ඉටු කිරීමට ප්‍රාග්ධන වියදම් වශයෙන් රුපියල් මිලියන 2,000 ක මූල්‍ය ප්‍රතිපාදන ද ඇතුළු රුපියල් මිලියන 16 000 ක මූල්‍ය ප්‍රතිපාදන ප්‍රවාහන අමාත්‍යංශය යටතේම 2022 අයවැය ලේඛනය තුළින් ශ්‍රී ලංගමයට ලබාදීමට කඩිනමින් මැදිහත්වන ලෙස ඔබතුමාගෙන් අප සංගමය කාරුණිකව ඉල්ලා සිටින අතර, ප්‍රවාහන අමාත්‍යංශය යටතේම අයවැය ලේඛනය තුළින් වෙනමම ශ්‍රී ලංගමයට මුදල් වෙන්කරන ලෙස අප සංගමයේ ඉල්ලීමට පිළිතුරු වශයෙන් එවන ලද ලිපිවල පිටපත් ඔබතුමාගේ අවධානය සඳහා යොමු කරන්නෙමු.

ගරු ජනාධිපතිතුමනි, ශ්‍රී ලංගමයේ අනන්‍යතාවය සහ ආත්ම අභිමානය රැකගැනීමට ප්‍රවාහන අමාත්‍යංශය යටතේම අයවැය ලේඛන තුලින් මුල්‍ය ප්‍රතිපාදන ලබාදෙන ලෙස අප සංගමය දිගින් දිගටම ඉල්ලා සිටියද එය මෙතෙක් සිදුවී නොමැති බව ඔබතුමාට දන්වා සිටින අතර 2022 ශ්‍රී ලංගමයට අයවැය තුළින් ලබාදෙන මුල්‍ය ප්‍රතිපාදන ප්‍රවාහන අමාත්‍යංශය යටතේම ලබාදීමට මැදිහත් වන ලෙස ඔබතුමාගෙන් ඉමහත් ගෞරවයෙන් ඉල්ලා සිටිමු.

ස්තූතියි.

මෙයට විශ්වාසී,
සේපාල ලියනගේ
සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය.

පිටපත්:
1. ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමා
2. ගරු මුදල් අමාත්‍ය, බැසිල් රාජපක්‍ෂ මැතිතුමා,
3. ගරු ප්‍රවාහන අමාත්‍යතුමිය, – පවිත්‍රා වන්නිආරච්චි මැතිණිය.
4. ගරු නියෝජ්‍ය ප්‍රවාහන අමාත්‍ය, – දිලූම් අමුණුගම මැතිතුමා.
5. ශ්‍රී ලංගම ගරු සභාපති, කිංස්ලි රණවක මැතිතුමා
6. ශ්‍රී ලංගම නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මුදල්) මංගල මැතිතුමා
7. ශ්‍රී ලංගම ප්‍රධාන මූල්‍ය කළමණාකාර – චන්දන මැතිතුමා
8. ජා.වෘ.ස.ම. ගරු සභාපති ලාල්කාන්ත මැතිතුමා
9. ශ්‍රී ලංගම සියලූම වෘතීය සමිති වෙ

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress