කාබනික පොහොර නැව ගෙන්වූ අය බුද්ධි මාරඹේ හෙලි කරයි.. දේශපාලන සම්බන්ධතා ඇති සේදර කෙනෙක්…
Posted on October 28th, 2021

උපුටා ගැන්ම ලංකා සී නිව්ස්

ආන්දෝලනයකට ලක්ව ඇති කාබනික පොහොර ගෙන්වූ සමාගමේ දේශීය නියෝජිතයා දේශපාලන සම්බන්ධකම් සහිත සේදර කෙනෙක් බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා සඳහන් කරයි.

කාබනික පොහොර භාවිතය ජනාධිපතිට දුන් ලණුවක් බවත් ඊනියා විද්වතුන් ඉදිරිපත් කිරීම් කරමින් අධිපතිවරයා රවටා ඇති බවත් ඒ මහතා පැවසීය.

ලඟදිම මේ හේතුවෙන් මහත් සාගතයක් නිර්මාණය වන බවත් දැන්වත් මෙම තීරණය පසු පසට ගත යුතු බවත් ඔහු කියා සිටියි.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවක දී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress