ලංකාවට ආනයනය කර ඉතිරි වී තිබූ යූරියා මෙට්ට්‍රික් ටොන් 5000 ක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ බඩඉරඟු ගොවීන් වෙත ලබාදෙයි
Posted on October 28th, 2021

තිසර සමල් – අනුරාධපුර 

මේ වන විට රසායනික පොහොර තහනම් කර තිබූවද , පසුගිය කාළයේ ලංකාවට ආනයනය කර ඉතිරි වී තිබූ යූරියා මෙට්ට්‍රික් ටොන් 5000 ක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ බඩඉරඟු ගොවීන් වෙත ලබා දීමට අවශ්‍යය කටයුතු ජනාධිපතිතුමන්, අගමැතිතුමන් හා කෘෂිකර්ම අමාත්‍යයතුමන්ගේ මැදිහත්වීමෙන් සිදු වූ බව රාජ්‍ය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පැවසීය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ අනුරාධපුර පිහිටි එතුමාගේ කාර්යාලයේදී පැවති මාධ්‍ය සාකච්ජාවකදීය,

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යයවරයා,

ඉතාමත් සතුටු වෙනවා මේ වෙලාවේ ලංකාවේම ගොවිමහත්වරු පොහොර පිළිබඳව මහා බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නවා, ඒ වගේම සමහරුන්ට තිබිච්ච බලාපොරොත්තු නැති වෙලා තියෙනවා.ඒ වගේම තත්වයක් තමයි අනුරාධපුර දිස්ත්‍රික්කයේ බඩඉරඟු ගොවීන්ටත් උදාවෙලා තිබුණේ, සාමාන්‍යයෙන් අපි මහ කන්නයේදී බඩඉරඟු අක්කර එක්ලක්ෂ විසි පන්දහසක් පමණ වගා කරනවා, නමුත් මේ කන්නයේදී පොහොර ටික නොලැබෙයි ? එහෙම නැත්නම් ලැබෙන පොහොර ටික කවදා ලැබෙයිද ? ලැබෙන පොහොර ටිකෙන් හොඳ අස්වැන්නක් ගන්න ලැබෙයිද? කියලා අවිශ්වාසයෙන් තමයි පහුගිය කාළය පුරාවටම වර්ෂාව ලැබුණත් සමහරු බිම් ටික සකස් කරන්න ගියේ නෑ, මේ තියෙන සැකය නිසා, සමහරු බිම් සකස් කර ගෙන බලාගෙන හිටියා.

අපි ස්තූතිවන්ත වෙනවා සියලු දෙනාටම මේ වන විට රසායනික පොහොර තහනම් කරලා තිබුණත්, පසුගිය කාළයේ ලංකාවට ගෙනවිත් තිබූ ඉතිරි වී තිබූ යූරියා යම් ප්‍රමාණයක් තිබුණා, ඉන් මෙට්ට්‍රික් ටොන් 5000 ක් අනුරාධපුරයට නිදහස් කරන්න සියලු දෙනාගේම සහයෝගය ලබා දී තිබෙනවා.අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඉන්න බඩඉරඟු ගොවීන් වෙනුවෙන් අපි ස්තූතිවන්ත වෙනවා මේ සඳහා සහයෝගය ලබා දුන්න ජනාධිපතිතුමන්,  අග්‍රඅමාත්‍යයතුමන්, කෘෂිකර්ම අමාත්‍යයතුමන් ඇතුළු අනෙකුත් සියලු දෙනාටම, කාබනික පොහොර වලින් වගා කරන්න නියමිත වෙලා තිබුණත් ඉතුරු වෙලා තිබුණ  රසායනික පොහොර ටික මේ කන්නයට පමණක් වගා කිරීමට නිදහස් කිරීම පිළිබඳව ස්තූතිවන්ත වෙනවා ගොවි ජනතාව වෙනුවෙන් යැයි පැවසීය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress