ජාතික පාසල් මාරු මණ්ඩලය නොකැඳවීම හේතුවෙන් මතුව පවතින ගැට`ඵ සම්බන්ධවයි.
Posted on October 29th, 2021

මහින්ද ජයසිංහ, ප‍්‍රධාන ලේකම්, ලංකා ගුරුසේවා සංගමය.

ලේකම්,
අධ්‍යාපන අමාත්‍යංශය,
ඉසුරුපාය,
බත්තරමුල්ල.

ලේකම්තුමනි,

ජාතික පාසල් මාරු මණ්ඩලය නොකැඳවීම හේතුවෙන්
මතුව පවතින ගැට`ඵ සම්බන්ධවයි.

අධ්‍යාපන අමාත්‍යංශය විසින් ආයතනික කටයුතු දෛනිකව පවත්වාගෙන යමින් සිටියදීත්, දිවයින පුරාම පාසල් විවෘත කර පවත්වා ගෙන යමින් තිබියදීත් ජාතික පාසල් ගුරු මාරු මණ්ඩලය කැඳවීමට කටයුතු නොකිරීම සම්බන්ධව අප සංගමයේ විරෝධය ඔබ වෙත පළ කර සිටිමු.

02ග ජාතික පාසල් මාරු මණ්ඩලය කැඳවා එහි කටයුතු පවත්වාගෙන යාමට කටයුතු නොකරන ජාතික පාසල් ගුරුමාරු අධ්‍යක්ෂ ඇතුළු ඔබගේ නිලධාරීන් අත්තනෝමතිකව ක‍්‍රියාකරමින් පහත අක‍්‍රමිකතා සිදු කරන බවට අප වෙත තොරතුරු ලැබී තිබේ.

1ග දේශපාලන බලපෑම් හා හිතවත්කම් මත ද, පෞද්ගලික හිතවත්කම් මත ද, ගුරු ස්ථාන මාරු සිදුකිරීම.
2ග බොහෝ ස්ථාන මාරු සුදුසුකම් සහිත ගුරුවරුන්ගේ ස්ථාන මාරු ලබාදිය හැකි වුවද ඒවා වළක්වමින් සිටීම.
3ග ස්ථාන මාරුව යම් පාසලකට බාධාවකින් තොරව ලබාදිය හැකි අවස්ථාවලදී සාවද්‍ය නෛතික කරුණු ගෙන හැර දක්වා, ස්ථාන මාරුව වෙනත් පාසලකට යන ලෙසට ගුරුවරුන්ට තර්ජනාත්මක බලපෑම් සිදු කිරීම.
4ග ස්ථාන මාරු සඳහා ගුරුමාරු අංශයට පැමිණෙන ගුරුවරුන්ට ඔබගේ නිලධාරීන් විසින් ගුරුවරුන්ගේ ගෞරවය හා අභිමානය කෙලෙසන අන්දමින් පරිභව කිරීම.

03ග මෙවැනි වාතාවරණයක් තුළ සාධාරණ ගුරු ස්ථාන මාරු සිදුනොවන බවත් ආණ්ඩුවේ දේශපාලන හිතවත්කම් හා ඔබගේ නිලධාරීන්ගේ පුද්ගලික හිතවත්කම් මත ගුරු ස්ථාන මාරු සිදුකරන බවත්, එවැනි සම්බන්ධකම් නොමැති ගුරුවරුන් බහුතරයට ගුරු ස්ථාන මාරු වලදී ඔබගේ නිලධාරීන්ගේ නින්දා අපහාස, ගැරහුම් වලට ලක්වීමටත් එම ගුරුවරුන්ගේ ස්ථාන මාරු ඉල්ලූම්පත්, අභියාචනා ඇතුළු ලිපි ලේඛන අස්ථානගත කිරීම් වලට ලක්වීමටත් සිදුව තිබේ.

04ග මෙය ඉතා නරකම පිළිකුල් සහගත තත්ත්වයක් බැවින් ජාතික පාසල් ගුරු මාරු මණ්ඩලය වාහාම කැඳවා ගුරු ස්ථාන මාරු එම නෛතික ව්‍යුහයට යටත්ව සිදු කිරීමට කටයුතු කරන ලෙස ඔබගෙන් ඉල්ලා සිටිමු.

එසේ සිදු නොවන්නේනම් මෙකී අනීතික තත්ත්්වයට එරෙහිව වෘත්තීය හා නෛතික ක‍්‍රියාමාර්ග වලට එළැඹීමට සිදු වන බව ද දන්වා සිටිමු.

මෙයට,
විධායක සභාව වෙනුවෙන්,

මහින්ද ජයසිංහ,
ප‍්‍රධාන ලේකම්,
ලංකා ගුරුසේවා සංගමය.

සම්බන්ධීකරණය – 0718297022/0777685038

පිටපත් – 01. ජාතික පාසල් ගුරු මාරු අධ්‍යක්ෂ – අධ්‍යාපන අමාත්‍යංශය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress