විභාග පැවැත්වීම සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යංශය ගනිමින් තිබෙන කැකිල්ලේ තීන්දු සම්බන්ධවයි.
Posted on November 17th, 2021

ලංකා ගුරු සේවා සංගමය.

ගරු අධ්‍යාපන අමාත්‍ය, දිනේෂ් ගුණවර්ධන මහතා, අධ්‍යාපන අමාත්‍යංශය, ඉසුරුපාය,
බත්තරමුල්ල. අමාත්‍යතුමනි,

විභාග පැවැත්වීම සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යංශය ගනිමින්
තිබෙන කැකිල්ලේ තීන්දු සම්බන්ධවයි.

2021 වර්ෂයට අදාළව පැවැත්වීමට නියමිතව තිබු අ.පො.ස. උසස්පෙළ හා සාමාන්‍ය පෙළ විභාග පිළිවෙලින් පෙබරවාරි සහ මැයි යන මාසවල දින නියම කර තිබියදී අධ්‍යාපන අමාත්‍යංශය, නොවැ. 08 පාසල්වල අ.පො.ස. උසස්පෙළ හා සාමාන්‍ය පෙළ පන්ති ආරම්භ කරමින් ”ඉදිරි කාලය තුළ සිසුන්ගේ පාසල් පැමිණීම සැළකිල්ලට ගෙන විභාග දෙපාර්තමේන්තුව විසින් අදාළ විභාග කඩිනමින් පැවැත්වීමට පියවර ගනු ඇති බවට”පෙර නියම කර ඇති දිනවලට සුදානම් වෙමින් සිටි. සිසු දරුවන් පීඩාවට පත්කරමින් සිදු කරන වගකීම් විරහිත ප‍්‍රකාශ සම්බන්ධව ලංකා ගුරු සේවා සංගමය දැඩි විරෝධය පළ කර සිටිමු.

02ග කොරෝනා වසංගතයෙන් වසර 02 කට ආසන්න කාලයක් සමස්ත පාසල් පද්ධතිය වැසී ගොස් රට තුළ මේ වනවිට නිර්මාණය වී ඇති සමාජ, ආර්ථික මෙන්ම දේශපාලන ගැටඵ රැුසකි. ඉන් මේ වනවිට දැඩි සේ පීඩා විදිමින් ඇති සමාජයක සිය දරුවන්ගේ බිද වැටි ඇති අධ්‍යාපනය යථාවත් කිරීම සදහා කිසිදු වැඩ පිළිවෙලක් නොමැති ආණ්ඩුවක් තවදුරටත් එම සිසු දරුවන්ගේ ජිවිත සමග සෙල්ලම් කරමින් ඔවුන්ගේ ජිවිත පිළිබදව ඉතා තීරණාත්මක විභාගයක් සම්බන්ධව වරින්වර මෙවැනි කැකිල්ලේ තීන්දු ගැනීම ඔවුන්ට සිදු කරන බලවත් අසාධාරණයකි.

03ග අධ්‍යාපන අමාත්‍යංශය විසින් වරින්වර වගකීම් විරහිතව සිදු කරන මෙවැනි අමනෝඥ ප‍්‍රකාශ වහා ඉල්ලා අස් කරගන්නා ලෙසත් පාසල් ආරම්භ කර එම සිසු දරුවන්ගේ බිද වැටි ඇති අධ්‍යාපනය යථාවත් කිරීම සදහා සාධාරණ කාලයක් සහ අවස්ථාවක් ඔවුන්ට ලබාදීමට ද කටයුතු කළ යුතුව ඇත.

එසේම මේ මොහොතේ සිසුන්ගේ පාසල් පැමිණීම, නොපැමිණීම වැනි බොළ`ද තර්ක මත නොපිහිටා අධ්‍යාපන  අමාත්‍යංශය විසින් පෙර දැනුම් දී ඇති පරිදි අදාළ දිනවල විභාග පැවැත්වීමට කටයුතු කරන ලෙස ලංකා ගුරු සේවා සංගමය ඉතා වගකීමෙන් යුතුව ඉල්ලා සිටිමු.

මෙයට,
විධායක සභාව වෙනුවෙන්,

මහින්ද ජයසිංහ,
ප‍්‍රධාන ලේකම්,
ලංකා ගුරු සේවා සංගමය.

සම්බන්ධීකරණය – 0718297022/0777685038

පිටපත් – 01. ලේකම් – අධ්‍යාපන අමාත්‍යංශය

  1. විභාග කොමසාරිස් – විභාග දෙපාර්තමේන්තුව

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress