නැනෝ නයිට‍්‍රජන් ජාවාරම පසුපස ශෂීන්ද‍්‍රද… මහින්දානන්ද නොවේලු..- රෝහිණි
Posted on November 19th, 2021

උපුටා ගැන්ම ලංකා සී නිව්ස්

ඉන්දියාවේ ඩොලර් තුනට ඇති නැනෝ නයිට‍්‍රජන් පොහොර ශ්‍රී ලංකාවට ඩොලර් 12.5ට ගැනීමේදී යම් අකටයුත්තක් සිදුවී ඇති බව කෘෂිකර්ම අමාත්‍යවරයා පිළිගෙන ඇතැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝහිණී කවිරත්න මහත්මිය පැවසීය.

ඉන්දියාවෙන් හෝ චීනයෙන් පොහොර ගෙන්වීම සඳහා තමන්ගේ කිසිදු සම්බන්ධයක් නැතැයි ද මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කර ඇති බව ද ඇය පැවසුවාය.

ඒ අනුව මෙම පොහොර ගෙන්වීම සදහා සම්බන්ධ රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාදැයි රටට හෙලිකල යුතු බවත් ඇය පැවසුවාය.

මන්ත්‍රීවරිය මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේ අයවැය දෙවන වර කියවීමේ විවාදයට එක්වෙමිනි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress