එප්පාවල ප්‍රාදේශීය රෝහලට එප්පාවල ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් පුටු පරිත්‍යාගයක්…
Posted on November 22nd, 2021

තිසර සමල් – එප්පාවල

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ 50 වැනි සංවත්සරයට සමගාමීව එප්පාවල ජාතික ඉතිරි කිරීමේ බැංකු ශාඛාව මගින් එප්පාවල රජයේ රෝහල වෙත පුටු පරිත්‍යාග කිරීම අද (22) සිදු කෙරිණි.

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ වයඹ ප්‍රාදේශීය කළමණාකාර ඩෙනිස් ඔලබොඩුව මහතාගේ ප්‍රදානත්වයෙන් මෙම සත්කාරය සිදු කරණු ලැබීය.

එප්පාවල ප්‍රාදේශීය රෝහලේ සායන කටයුතු වලට පැමිණෙන ගැබිණි මවුවරුන් හා වැඩිහිටි පුද්ලයින්ට තමන්ගේ සායන කටයුතු අවසන් වන තෙක් රෝහල් පරිශ්‍රයේ දිගු වේලාවක් රැදී සිටිමේදී අවශ්‍ය තරම් ආසන නොමැතිකම හේතුවෙන්, ඔවුන්ට පවතින රෝගී අපහසුතා මැද සිටගෙන සිටීමට සිදු වීමෙන් පීඩාවට පත්වන බවට එප්පාවල රජයේ රෝහලේ ප්‍රධාන වෛද්‍යතුමිය හේමමාලී දිසානායක මහත්මිය කළ දැනුම්දීමක් මත එප්පාවල ජාතික ඉතිරි කිරිමේ බැංකුවේ කළමණාකාරතුමිය වන රේණුකා අබේසිංහ මහත්මිය ඇතුළු කාර්ය මණ්ඩලය ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ 50 වැනි සංවත්රයට සමගාමීව මෙම පරිත්‍යාගය සිදු කරනු ලැබීය.

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ වයඹ ප්‍රාදේශීය කළමණාකාර ඩෙනිස් ඔලබොඩුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ එප්පාවල ශාඛාවේ කළමණාකාරතුමිය වන රේණුකා අබේසිංහ මහත්මිය ඇතුළු ශාඛාවේ නිළධාරීන් විසින් එප්පාවල රජයේ රෝහලේ ප්‍රධාන වෛද්‍යතුමිය වන හේමමාලි දිසානායක මහත්මිය හා වෛද්‍ය සම්පත් බංඩාර මහතා ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය වෙත පුටු භාර දීම සිදු කෙරිණි.

එහිදී අදහස් දැක්වූ එප්පාවල රයේ රෝහලේ වෛද්‍ය සම්පත් බංඩාර මහතා,

එප්පාවල ප්‍රාදේශීය රෝහලට ලොකු අවශ්‍යතාවක් වෙලා තිබුණා පුටු, මේ දින වල රෝගීන් සායන වලට සහභාගී කරවීමේදී මීටරයේ පරතරය පවත්වාගෙන යන්න පුටු අවශ්‍යාතවක් තිබෙනවා.ඒ වගේම රෝහල් පරිශ්‍රයේ නව සායන ගොඩනැගිල්ලක් ඉදි වෙනවා, ඒකටත් රෝගීන් අතර පරතරය පවත්වා ගනිමින් රෝගීන්ට අසුන් පැනවීමට පුටු අවශ්‍ය වෙනවා, රජයෙන් හැම දෙයක්ම ඉල්ලන්න බැරි නිසා අපි ප්‍රාදේශීය ආයතන වලින් සහයෝගයන් ඉල්ලලා තියෙනවා.ඒ අනුව එප්පාවල නගරයේ වැදගත් කාර්යභාරයක් ඉටු කරන, වගකිවයුතු ආයතනයක් වන ජාතික ඉතිරි කිරීමේ බැංකුව අපිට පුටු පරිත්‍යාග කිරීම සම්බන්ධයෙන් ස්තූති වන්ත වෙනවා යැයි පැවසීය.

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ වයඹ ප්‍රාදේශීය කළමණාකාර ඩෙනිස් ඔලබොඩුව මහතා,

එප්පාවල ප්‍රාදේශීය රෝහලේ ඉල්ලීමක් අනුව, එප්පාවල ජාතික ඉතිරි කිරීමේ බැංකු ශාඛාවේ නිළධාරීන් එකතු වෙලා මේ දිනවල රෝහලකට අත්‍යවශ්‍යම දෙයක් වෙලා තියෙන පුටු පරිත්‍යාගයක් කරනු ලැබුවා.ජාතික ඉතිරිකිරීමේ බැංකුවට තව නොබෝ දිනකින් අවුරුදු 50 ක් සපිරෙනවා.ඒ වෙනුවෙන් සිදු කෙරෙන සමාජ සත්කාර වැඩටහනක් ලෙස තමයි මෙම කටයුත්ත සිදු කෙරුණේ යැයි පැවසීය.

එප්පාවල ජාතික ඉතිරි කිරිමේ බැංකුවේ කළමණාකාරතුමිය වන රේණුකා අබේසිංහ මහත්මිය,

එප්පාවල ප්‍රාදේශීය රෝහලට මේ දින වල පුටු අවශ්‍ය වන බවට වෛද්‍යතුමිය ඉල්ලීමක් කළා, ඒ අනුව අප ශාඛාවේ සියලු කාර්ය මණ්ඩලයේ දායකත්වයෙන් පුටු ලබා දුන්නා.ඒ මගින් එප්පාවල ප්‍රාදේශීය රෝහලට විශේෂ දායකත්වයක් ලැබෙයි කියලා අපි හිතනවා යැයි පැවසීය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress