පලිබෝධනාශක ආනයනයට මාස දෙකහමරාක් යනවා.. මහ කන්නයට දෙන්න බෑ..- සමාගම් කියති…
Posted on November 25th, 2021

උපුටා ගැන්ම ලංකා සී නිව්ස්

පලිබෝධ නාශක ආනයනය සඳහා අවසර ලබා ඇතත් මහ කන්නයට අවශ්‍ය පළිබෝධනාශක ආනයනය කිරීම සඳහා මාස දෙකහමාරක පමණ කාලයක් ගතවනු ඇතැයි මෙරට ප්‍රධාන පෙළේ ආනයන සමාගම් කියා සිටිති.

මේ හේතුවෙන් මහ කන්නයේ වී ගොවිතැනට අවශ්‍ය කෘමිනාශක දිලීරනාශක සැපයීම ගැටලුවක් බවද ඔවුන් පෙන්වා දෙති.

එමෙන්ම අවශ්‍ය පළිබෝධනාශක ඉල්ලුම් කර ලබා ගැනීමට යම් කිසි කාලයක් ගත වන බවත් ඒවාට ගෙවීම් සදහා ඩොලර් හිගයද බලපා තිබෙන බවත් ඔවුන් කියා සිටිති.

මාස හයකින් පසු මුදල් ගෙවීමේ පදනම මත ආනයනය කරන ලෙස රජය දැනුම් දී ඇතත් බොහෝ සැපයුම්කරුවන් මාස දෙකක් තුනක් අතර කාලයකදී මුදල් ඉල්ලා සිටින බවද සමාගම් පවසති.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress