සුද්දගෙ නීතිය අපිට එපා – පස්වෙනි කොටස
Posted on November 29th, 2021

 චන්ද්‍රසිරි විජයවික්‍රම,  LL.B., Ph.D.

නීතියේ ආධිපත්‍යය නමැති මිථ්‍යාව

‘The rich and the poor both have an equal right to sleep under the bridges in Paris.’- Source: Donald Black, The Behavior of Law, 1976

එක රටක් එක නීතියක් බලකාය යාපනේ පැවැත්වූ  රැස්වීමේදී  වයෝවෘධ කුරක්කල්තුමා  ගැයූ ලතා වල්පොලගේ ‘අමතක කරලමු පැරණි කතා’ යන සිංදු කොටස හා තරුණ  දමිළ  වාර්තාකරුවෙකු විසින් ඇසු <ටී.එන්.ඒ ප්‍රශ්ණ>  සාමන්‍ය හින්දු ජනයා හා දමිළ බෙදුම්වාදීන් අතර ඇති පරතරය එලිකරයි. ජේවීපීකාරයින් විජේවීරව සැමරීම හා ශිවාජිලිංගම්ලා, විග්නේශ්වරන්ලා මහවිරුදිනය කියා නොවැම්බර් 27 දා ප්‍රභාකරන් සැමරිම එක සමාන සිද්ධීන් දෙකක් නොවේ. විජේවීර රට දෙකඩ කඩන්නට මිනීමැරුවේ නැත. රට බෙදීමට කතාකිරීම නීති විරෝධීය. මේ නිසා මේ කාරණාවේදී උතුරට  එක නීතියක්, දකුණට වෙන නීතියක් ඇයි යන ප්‍රශ්ණය, ආබ්‍රහම් සුමන්තිරන්, ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්, ශනක්‍යයන් රාසමානික්කම්ලා උතුරේ දමිළ තරුණයින්ට දාන නාස් ලණුවක් පමණය.

1957 දී අගමැති බණ්ඩාරනායක කුලය අනුව මිනිසුන්ට සවුත්තු ලෙස සැළකීම තහනම් කිරීමට නීතියක් පැණවූයේ මැත් ප්‍රොෆෙසර් සුන්දරලිංගම් විසින් හරිජනයාට හින්දු කෝවිල් වලට ඒමට ඉඩ නොදීම පිණිස ගෙනගිය ව්‍යාපාරයට විරුද්ධවය (An act to prevent the imposition of Social Disabilities on any persons by reason of their caste, no 21 of 1957 & 18 of 1971). රා බොන්නට කුලහීන ජනයා ලඟට යන වෙල්ලාලයෝ කුලහීනයින්ට ලිඳකින් වතුර බොන්නට ඉඩ නොදෙයි! මෙම නීතිය අදටත් නිසිලෙස යාපනේ නගර සභා ප්‍රදේශය තුලවත් ක්‍රියාත්මක නොවන බව අරුන් සිද්ධාර්ථන් විසින්  පෙන්වාදෙන ලදී. උතුරේ පලාත් සභාව මේ සම්බන්ධයෙන් ක්‍රියාකලාද? කර්නල් රත්නප්‍රිය බන්ධු මෙහිලා කල සේවය ඔහුව මාරුකර යවද්දී වවුනියා ජනයා  හඬා වැටුණ පින්තූර වලින් පෙනී ගියේය.  ටී.එන්.ඒ කාරයිනේ තවමත් හැසිරෙන්නේ 2019 මැයි 19 දාට කලින් යුගයේමය! උතුරේ ජනයා බෙදුම්වාදීන්ගෙන් මුදාගැනීම සඳහා ක්‍රියාකරණ බ්‍රදර් චාර්ල්ස්ටද අරුන්ගේ සංවිධානය සමඟ එකතුවී මෙම බලකායට උපරිම සහයෝගයක් දීමට අවස්ථාවක් උදාවී තිබේ.

LankaWeb – බ්‍රදර් චාල්ස් තෝමස්ගේ හා සිංහල බුද්ධාගම Posted on May 24th, 2021

උලමා සභාව මෙම බලකාය ඉදිරියට එන තෙක් රටම බලා සිටී. මුස්ලිම් විවාහ නීතිය අහෝසිකරණවා නම්, විහාර දේවාලගම් පණතද අහෝසි කලයුතුයයි අලි සබ්‍රි කල කතාව, මුස්ලිම් පිරිමින් විසින් මුස්ලිම් ස්ත්‍රීන් යටපත් කරගෙන ගෙනයන කාමාශා ජාවාරම, ශාරියා-වහාබ් ව්‍යාප්තවාදය සමඟ බද්ධකර ඇති තරම එලිකරයි. රට දෙකට කැඩීමේ ඊළම් ප්ලෑන නිසා ලංකාව දකුණු ආසියාවේ පලස්තීනයක් වනු ඇත. මායිම් සටන උතුරින් ටැමිල්නාඩ් හා දකුණේ සිංහල රට අතර අරගලයක් වන්නේ  රනිල් වික්‍රමසිංහ දමන්නට යෝජනා කල පාලම ටැමිල්නාඩ්-ඊළම් පාලමක් වන නිසාය.

ඉස්ලාම් ව්‍යාප්තවාදය මිටත් වඩා භයානකය. රටේ එක ප්‍රදේශයක නොව මුළු දිවයින පුරාම ගම් මට්ටමින් මුස්ලිම් බලකොටු පිහිටුවීම හා එමඟින් මුළු රටම ඉස්ලාම් කිරීම ශාරියාකාරයින්ගේ, උලමාකාරයින්ගේ අභිප්‍රාය වේ. මේ සඳහා අරාබි ඩොලර් ගලා එන්නේ, ගඩාෆි හා යසාර් අර්පත්  1976 දී ලංකාවට ඇවිත් මුස්ලිමුන්ට යෝජනාකල ගර්භාශ යුද්ධයත් සමඟය.

LankaWeb – ට්‍රිපල් තලාක්/සබරිමාලා නඩු තීන්‌දු හා ලංකාවේ අනාගතය – 2 කොටස
Posted on December 5th, 2020

අසාධාරණ නීතිවලට රූල් ඔෆ් ලෝ එකක් නැත. ගාන්ධි දකුණු අප්‍රිකාවේ හා පසුව ඉන්දියාවේදීත්, මාටින් ලූතර් කිං ඇමෙරිකාවේදීත් සිවිල් නීති කඩකලේ ඒ නිසාය. එහෙත්  යාපනේ ටි.එන්.ඒ. කාරයින්  කඩකරන්නේ සමාජ අසාධාරණය පිළිඹඳ 1957 නීතියත්, රට කැඩීමට විරුද්ධව ඇති ව්‍යවස්ථාවත් නොවේද? 2002 මිසිස් චන්ද්‍රිකාගේ බෞද්ධ කොමිෂන් වාර්තාවේත්, 2020 පෙබරවාරි 19 ජාතික ආරක්ෂාව පිළිඹඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව, (මලිත් ජයතිලක, සභාපති), මාතෘකා 14 ක් යටතේ කියන්නේත්, රටේ හැකිතාක් දුරට එක සාධාරණ නීතියක් තිබිය යුතු බවය.  මෙම කාරක සභාවට සිංහල, දෙමළ හා මුස්ලිම් මන්ත්‍රීන් සහභාගි විය. ඥානසාර හිමියන්ගේ කාර්ය සාධක බලකායට  ඇස්පියා ගෙනම, විශේෂයෙන් මලික් වාර්තාව, හමස් පෙට්ටියෙන්  එලියට ගත හැකිය.

LankaWeb – නීති පොතේ ඇති, එහෙත් රටේ නැති, ආධිපත්‍ය දෙකකට නැසෙන සුප්‍රීම් උසාවිය Posted on May 10th, 2020

මෙම කෙටි හැඳින්වීමෙන් පෙන්වන්නට සැදුවේ <රූල් ඔෆ් ලෝ කතාව> ඉස්සරහට දමාගෙන, තමන්ගේ සැබෑ අරමුණ තේසවලාමෙයි අස්සේ සැඟවීමට ඊළම් හෙවනැළි ගන්නට සැදූ  උත්සාහයත්, ශාරියා කාරයින්ගේ ලංකාව අරාබිකරණය කිරීමේ ප්ලෑනත්, දැනට ඉන්නා සිංහල පක්ෂ දේශපාලන හොරුන් විසින් පරාජය නොකරණ බවය. අරාබි ඩොලර් වලින් හෝ ඊළම් හොර ඩොලර් වලින් ශූක්ෂම ලෙස රටේ ඉඩ-කඩම් අල්ලාගන්නා ආකාරය ගැන පර්යේෂණයක් කිරීමේ ආරම්භක පියවර වන්නේ කාර්යාලවල ලියාපදිංචි කර ඇති ඉඩම් ඔප්පු සමීක්ෂණය කිරීමෙනි. මෙය ස්වේචා බලකායක් විසින් රටපුරාම කලොත් සත්‍යය රටට හෙලිවනු ඇත.ඥානසාර හිමියන් ඉදිරියේ ඔවුන් වැල්ලේ හිස් සඟවාගත් පැස්බරුන් වැනිය.

‘භූගෝල විද්‍යාවට පටහැනිවන නීති පැණවිය නොහැක’

ඓතිහාසිකව සුදු අධිරාජ්‍යවාදීන් කලේ භූමි ප්‍රදේශවල (රටවල්වල) භූගෝල විද්‍යාවට එරෙහිව ක්‍රියාකිරීමය. මැදපෙරදිග, අප්‍රිකාවේ රටවල් වල, දැනට ඇති ගැටුම් වලට ප්‍රධානම හේතුව හිතුවක්කාරී ලෙස ප්‍රදේශ හරහා මායිම් රේඛා ඇඳීමය. මේ මඟින් එකම ගෝත්‍ර රටවල් දෙකකට බෙදීයාම හෝ වෙනස් ගෝත්‍ර එකට දැමීම සිදුවිය. සුද්දා බැලුවේ තම සූරා කෑමේ වාසිය පමණය. ඉන්දියාවේ භූගෝල විද්‍යාවට අනුව එය තනි රටක් ලෙස (ඇමෙරිකාව මෙන් පෙඩරල්) තිබිය යුතු වුවත්, එය රටවල් තුනකට කැඩීයාමට සැළැස්වීම ලෝක අපරාධයකි. ලංකා කොලනියද 1832 දී පහකට බෙදුවේ  මේ කුඩා දිවයිනේ භෞතික හා මානව භූගෝල විද්‍යාව  අමතක කර දමාය. ලංකාවේ භෞතික භූගෝල විද්‍යා හෝ වාරි කර්මාන්ත  සිතියම දෙස බලන්නෙකුට පලාත් නමයේ බෙදීම කෙතරම් අඥාන ක්‍රියාවක්දැයි සිතාගත නොහැකිද?  2021 දී ඥානසාර කමිටුවට මෙය රටේ පරිසර විද්‍යාවට අනුරූප වනසේ නිවැරදි කිරීමට නිර්දේශ කල හැකිය. එක රටක්-එක නීතියක් යන සංකල්පයේ පදනම එයය. මධ්‍යම කඳුකරයේ සිට වටේට ගලනා ගංඟා 103 ක් හා අවුරුද්දේ ඝෘතු අනුව හමන නිරිතදිග හා ඊසානදිග මෝසම් සුළං වලින් ලැබෙන වර්ෂාපතන ප්‍රමාණය හා  එය පතිතවන භූමි ප්‍රදේශය තීරණය වන, වෙනස්වන, දිවයිනක පරිපාලන ඒකක සීමා  නිර්ණය කලයුතු කෙසේද යන්න  පක්ෂ දේශපාලක කළුසුද්දන් තවමත් අවභෝධ කරගෙන නැත.

 මේ සම්බන්ධයෙන් කලකට පෙර සංහිඳියා කොමිෂමටත්, මෑතකදී ව්‍යවස්ථා සම්පාදක කොමිටියටත් දන්වා ඇතත්, එහි ඉන්නා නීතීඥයින් අට දෙනා මීට පෙර මේ වැඩේ කල නීතීඥයින්ට වඩා වෙනස් පිරිසක් යයි සිතිය හැකිද? මෙහිදී ඇති ගැටළුව නම් මෙම කෝල්බෲක් පැරඩයිම් එකෙන් ගැලවීමට වෝඩ් මට්ටමේ සිට ජනාධිපති දක්වා බලය අල්ලාගෙන ඉන්නා නාස්ලණු නියෝජිත පිරිස සූදානම්ද යන්නය. මෙවැනි විප්ලවයක් කල හැක්කේ පක්ෂ දේශපාලන වංචාවෙන් ඇට්ටකුණානොවුන ජනාධිපති ගෝඨභය වැනි අයෙකුට පමණය. මේ නිසා ඥානසාර හිමියන්ගේ කොමිටියට ඇත්තේ ඓතිහාසික වගකීමකි. පරිසරයට අනුකූලවූ, භාෂා, ආගම්, අනුව නොවන පරිපාලන ඒකක ග්‍රාම් සේවා වසම් මට්ටමේ (මේවා වෝඩ් ඒකකද වන්නේය) සිට පිහිටුවා ගැනීමෙන් රටේ ප්‍රශ්ණ වලින් සියේට 70 ක් පමණම විසඳාගත හැකිය. එක රටක්-එක නීතියක් යන සංකල්පයෙන් අපේක්ෂා කරන්නේත් මෙය නොවේද? විවිධත්වයෙන් මතුවන එකමුතුවකක් සඳහා  (unity in diversity) භූමීය (spatial) පදනම සපයන එය, යහපාලන කාලයේ මනෝ ගනේෂන්ලාගේ හා මිසිස් චන්ද්‍රිකාලාගේ බොරු සංහිඳියා කතාවලට දිය යුතු, විද්‍යාත්මක හා දාර්ශණික, ජනහිතකාමී පිළිතුරය. තිරසර සංවර්ධනය යන සංකල්පය හා බෞද්ධ දර්ශණය අතර ඇත්තේ සුවිශේෂ ගහට පොත්ත වැනි බැඳීමකි.  කොරෝනා වසංගතය ලෝකයට ඉගැන්වූ එක් පාඩමක් නම් මිනිස් ශුභසාධනය සඳහා බෞද්ධ ජීවන රටාව කෙතරම් යෝග්‍යයද යනුය.

භූගෝල විද්‍යාව-නීතිය-බුද්ධාගම

ලංකාවේ වසන දමිළ හා ඉස්ලාම් ජනයාට ලෝකයේ වෙන කිසිම රටකදී ඔවුන්ට ලැබෙනවාට වඩා අයිතිවාසිකම් ඔවුන් වාසය කරණ මේ සිංහල රටතුල ඓතිහාසිකව ලබාදී තිබෙනවා යන්න අතිශයෝක්තියක් නොවේ. ටැමිල්නාඩ් හෝ අරාබි රටවලින් ඊට නිදසුන් ලබාගත හැකිය. ලංකාවේ තිබෙන්නේ ජනවර්ග අතර ඇති විෂමතාවයක් නොවේ (discrimination based on language or religion). එසේ බැලුවොත් ඉන්දියන් වතු කම්කරුවන් හා උතුරේ හීනකුලවලට අයත් යයි කියන ජනයා හැරුණු විට, රටේ සිංහල මහජාතියට වඩා හොඳ ජීවන තත්වයක් (living standard) සෙසු ජන වර්ග වලට ඇත. නමුත් නියම ප්‍රශ්ණය එය නොවේ. ප්‍රශ්ණය නම් ප්‍රදේශ වශයෙන්, ස්ථාන ගම්, ප්‍රාදේශීය සභා, දිස්ත්‍රික් (places, locations, villages) යනාදී භූමි ඒකක වශයෙන් රට පුරා දක්නට ලැබෙන විෂමතාවයය. මෙයට සිංහල, දමිළ, මුස්ලිම් කියා භේදයක් නැත (spatial inequality in resource distribution and equal access to opportunity). ස්වභාව ධර්මයෙන් ලබාදී ඇති විවිධත්වය හා සම්පත් (භූගෝල විද්‍යාව), දේශපාලකයින් විසින් අවභාවිතා කිරීමය (නීතිය). මෙම සංසිද්ධිය ට්‍රැජඩි ඔෆ් ද කොමන්ස් යනුවෙන් හැඳින්වේ..

ගම කබලෙන් ලිපට දමන දේශපාලනය

ආණ්ඩුව නමැති පක්ෂ දේශපාලන සංස්ථාව ගම ගොඩ නැඟීමට යයි නටනා නාඩගම් කොමිස් හා දූෂණ වලින් අවසාන වේ. ප්‍රේමදාස ජනාධිපතිගේ ගම් උදාව කටු නොකැරකෙන ඔර්ලෝසු කණු වලින් කලින් තිබුණු ගම තවත් විනාශ කලේය. නැටූ නැටුමකුත් නැත, බෙරේ පළුවකුත් නැත! සමෘධි ලාභීන් අඩුවෙනවා නොව වැඩිවෙන විට දේශපාලකයා හා නිලධාරියා ඉන් මෝඩ සුදියක් ලබයි. දුප්පතුන් හා පොහොසතුන් අතරත්, කොළඹ හා ගම අතරත් ඇති, ඇති-නැති පරතරය වැඩිවනවා මිස අඩු නොවේ. මෙම අර්බුදයට විසඳුම දේශපාලකයාට අයවැයෙන් මුදල් වෙන්කර දීම නොව, ජන සභා ක්‍රමයක් මඟින් ජනතාවට පාලන බලය මාරු කිරීමය. නිව්සීලන්තයේ මෙන් ජන සභා පරිසර ඒකක ලෙස භූගෝල විද්‍යාවට අනුව මායිම් කර ගැනීමය. පක්ෂ දේශපාලකයා ඉන් ඉවත් කිරීමය. පලාත් සභා මර උඟුල අහෝසි කිරීමය. මීට විරුද්ධවන්නේ ජනතාව නොව දේශපාලන හොරු රැළ්ය. ගැමි දිරිය නම් සාර්ථක ව්‍යාපාරය, දේශපාලකයින් විනාශකලේ, 1940 දශක වලදී කළුකොඳයාවේ ප්‍රඥාශෙඛර නාහිමියන්ගේ ග්‍රාම ප්‍රතිසංස්කරණ හා අපරාධ මර්දන ව්‍යපෘතිය ඩි. බී. ජයතිලක හා ඩී ඇස්. සේනනායකලා විසින් කඩාකප්පල් කල පරිදිමය.

බල පිරමිඩය හා ධර්ම චක්‍රය

සර්වෝදයේ ආරියරත්න මහතා විසින් 1988 දී ලියන ලද, ‘බල පිරමිඩය හා ධර්ම චක්‍රය’ යන අගනා කෘතියේ  114 පිටුවේ ඇති සටහනක් මෙහි පහතින් කොපිකර ඇත. මා ලියන මීළඟ අවසාන ලිපියෙන් පෙන්වා දීමට අදහස් කරණ භූගෝලවිද්‍යා- නීතිය-බුද්ධාගම යන ත්‍රිත්වය මෙම සර්වෝදය රූප සටහනේ සැඟවී සිටී. එහි නීති වර්ග තුනක් සඳහන්කර තිබේ (ජන/ස්වභාව/ධර්ම). සම්පත් වශයෙන් එහි දැක්වෙන්නේ රටක භූගෝල විද්‍යාවය. රට-දැය-සමය ගම, වැව, දාගැබ යනාදිය මානව භූගෝල විද්‍යා අංගය. අනිත් අතට, බුදුදහම, පිරමිඩයේ තුන්වන ගෝලය ලෙස සෙසු ගෝල දෙකත්, සියළු පිරමිඩත් සම්බන්ධකරයි. ඊට පිටින් ඇති රවුමේ සංඝයා වහන්සේ ලොව වෙන කිසි රටක නැති ලංකාවේ මුරදේවතා සංකල්පය සනිටුහන් කරලන්නේය.

මීලඟ අවසාන කොටස: ලෝකයේ ප්‍රශ්ණ බුදු දහම අනුසාරයෙන් විසඳා ගත හැකිය- ඉන්දියාවේ ජනාධිපතිව සිටි අබ්දූල් කලාම්

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress