නිසි වෙලාවට බොරතෙල් ආනයනය කිරීමට අපොහොසත්වීම නිසා පිරිපහදුවේ නිශ්පාදන කටයුතු පූර්ණ ලෙස අඩාල වීම පිළිබඳව පැමිණිලි කිරීම
Posted on January 15th, 2022

ලංකා ඛනිජ තෙල් පොදු සේවක සංගමය

ගරු ඛනිජ තෙල් සහ බලශක්ති අමාත්‍යතුමා.
ඛනිජ තෙල් සහ බලශක්ති අමාත්‍යංශය,
මල් පාර,
කොළඹ.

ගරු සභාපතිතුමා ඛනිජ තෙල් නීතිගත සංස්තථාව මගින්,
පිරිපහදු කළමණාකාරතුමා
පිරිපහදුව මගින්,

ගරු ඇමතිතුමනි,

නිසි වෙලාවට බොරතෙල් ආනයනය කිරීමට අපොහොසත්වීම නිසා පිරිපහදුවේ නිශ්පාදන කටයුතු පූර්ණ ලෙස අඩාල වීම පිළිබඳව පැමිණිලි කිරීම

නිසි වේලාවට බොරතෙල් ආනයනය කොට පිරිපහදුවේ නිෂ්පාදන ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වාගෙන යාම, පිරිපහදුවේ ඉහළ කලමනාකාරිත්වයේ සිට ඛනිජ තෙල් නීතිගත සංස්තථාවෙත්, ඛනිජ තෙල් අමාත්‍යංශයේත් ප්‍රමුඛ තම කාර්‍යාභාරයක් ලෙස සලකා ඒ වෙනුවෙන්ම සැකසූ නිලධාරී පලන රටාවක් පවතිද්දී මේ වනවිට නිසි වෙලාවට බොරතෙල් ආනයනය කිරීමට අපොහොසත් වීම නිසා පිරිපහදු ක්‍රියාවලිය පූර්ණ ලෙස බිදවැටී ඇත.

මෙය ඛනිජ තෙල් නීතිගත සංස්තථාවෙත්, රටේත් ආර්ථිකයට බලපාන සාහාසික කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ලෙස හැගීයන කරුණු අප ඉදිරිපස දිගහැරෙමින් පවතී. මෙය ඍජුවම පිරිපහදුවේ සහ පිරිපහදු සේවකයින්ගේ අනාගත සුරක්ෂිතතාවයට බලපාන කරුණක් බැවින් මෙම බිදවැටීමට බලපාන වගකීම්
විරහිතව කටයුතු කළ වගකිවයුත්තන් පිළිබදව පූර්ණ සහ විධිමත් පර්යේෂණයක් සිදුකොට, පිරිපහදුවේ පැවැත්ම මෙන්ම එහි සේවක සුරක්ෂිතතාවය ඇතිකිරීමට කටයුතු සලසන ලෙස ඉල්ලමි.

මෙම ඉල්ලීම සිදුකරනු ලබන්නේ තම ඉතිහාසය තුල ඛනිජ තෙල් නීතිගත සංස්තථාව ලාබ ඉපයීමට තිබූ ශක්තිමත් දේශීය ජාතික නිශ්පාදන යන්ත්‍රාගාර ගණනාවකට සැලසුම් සහගතව මෙන්ම කුමන්ත්‍රණකාරී ලෙස අත්පත්කරදුන් සෝචනීය ඉරණම සම්බන්ධ අප විධායක සභාව සතුව පවතින අත්දැකීම් මතබව
පෙන්වා දෙමි.

උදා-: නයිලෝන් 6 යන්ත‍්‍රාගාරය. යූරියා පොහොර නිපදවීමේ යන්ත්‍රාගාරය, කෘමි නාශක සහ වල්නාශක යන්ත්‍රාගාරය, ලිහිසි තෙල් යන්ත්‍රාගාරය ආදී ලෙස.

ස්තූතිය.

මෙයට,
අශෝක රංවල
සභාපති
ලංකා ඛණිජ තෙල් පොදු සේවක සංගමය.

පිටපත්
1. සභාපති, ජාතික වෘත්තිය සමිති මධ්‍යස්ථානය .
2. කොමසාරිස්තුමා, කම්කරු දෙපර්තමේන්තුව.
3. කැඳවුම්කරු, ජාතික සම්පත් විකිණීමට එරෙහි තෙල්
වරාය විදුලි වෘත්තීය සමිති සංධානය.
4. පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මැතිතුමා, ජාතික ජන බලවේගය
5. සියලූ ජනමාධ්‍ය වෙත

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress