මුල් ළමාවිය සංවර්ධනය පිළිබද NVQ-4 පාඨමාලාවේ සමාරම්භක උත්සවය
Posted on January 26th, 2022

Media Unit –

ඌව පළාත් මුල් ළමාවිය සංවර්ධනය පිළිබද NVQ-4  පාඨමාලාවේ සමාරම්භක උත්සවය ඊයේ දින ඌව පළාත් ආණ්ඩුකාරවර ඒ.ජේ.එම්. මුසම්මිල් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඌව පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවැත්විය.

ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ අධීක්ෂණයෙන්, ඌව පළාත් මුල් ළමාවිය සංවර්ධන අධිකාරියේ මෙහෙයවීමෙන් හා යුරෝපානු සංගමය (EU) මුදල් අනුග්‍රහය ඇතිව, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) ආයතනයේ පළාත් පාලන ආයතන වල ධාරිතා වර්ධනය කිරීමේ (CDLG) ව්‍යාපෘතිය මගින්, NAITA ආයතනයේ තාක්ෂණික සහයෝගයත් සමග පවත්වනු ලබන මෙම පාඨමාලා සඳහා පළාත් පාලන ආයතන වලින් පවත්වාගෙන යන මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන වල ඉගැන්වීම් කරන ගුරුවරුන් 38 දෙනෙකු සම්මුඛ පරීක්ෂණ ක්‍රියාවලියන් හරහා තේරී පත්ව ඇත.

පළාත් පාලන ආයතන විසින් පවත්වාගෙන යනු ලබන පෙර පාසල්වල ගුරුවරුන්ගේ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම, ගුරුවරුන් සඳහා පිළිගත් NVQ-4 සහතිකය පිරිනැමීම, දරුවන්ගේ නිපුණතාවය සමඟ ගුරු රැකියා සුරක්ෂිතභාවය සහතික කිරීම, අනෙකුත් සංවිධාන අතර සම්බන්ධීකරණය වැඩිදියුණු කිරීම වැනි අරමුණ පෙරදැරි කරගෙන මෙම පාඨමාලාව පැවැත්වීම විශේෂත්වයකි.

මෙම අවස්ථාවට බදුල්ල නගරාධිපති ප්‍රියන්ත අමරසිරි මහතා, ඌව පළාත් ප්‍රධාන ලේකම් පී.බී.විජේරත්න මහතා, ආණ්ඩුකාරවර ලේකම් එම්.එම්. විජේනායක මහතා, පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සන්ද්‍යා අඹන්වල මහත්මිය ඇතුළු රජයේ නිලධාරීන්, CDLG/UNDP ව්‍යාපෘති සම්බන්ධීකාරක සිහාන් සරූක් මහතා,  Zoom තාක්ෂණය ඔස්සේ UNDP ආයතනයේ නිලධාරීන් එක්ව සිටියහ

– Media Unit –

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress