Author Archive for ධර්මන් වික්‍රමරත්න
Tuesday, December 13th, 2016
ග්රන්ථ එළි දැක්ම වසර 1986 සිට 1990 දක්වා පැවති 60,000ක් ඝාතනය වූ ධවල භීෂණ වකවානුව පිළිබඳව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ධර්මන් වික්‍රමරත්න විසින් රචිත ජවිපෙ 2වැනි කැරැල්ල ග්‍රන්ථය 2016 දෙසැම්බර් 20 අඟහරුවාදා පස්වරු 3ට කොළඹ 5 තුංමුල්ල මංසන්දිය අසළ පිහිටි ශ්‍රී සම්බුද්ධ ජයන්ති මන්දිර ශ්‍රවණාගාරයේදී එළි දැක්වේ. වසර 27කට පෙර පැවති ජවිපෙ 2වැනි කැරැල්ලේ සත්‍ය කතාව මෙම කෘතියට […]
More >
Posted in ධර්මන් වික්‍රමරත්න | 1 Comment »
Sunday, October 9th, 2016
ධර්මන් වික්‍රමරත්න ජවිපෙ 1983 ජුලි තහනමින් පසු එහි සන්නද්ධ අංශය 1985 මැදභාගයේදී ආරම්භකල අතර ඒ සඳහා බඳවා ගත් අයට අවි පුහුණුව ලබාදීම සඳහා දෙසතියක සන්නද්ධ පුහුණුවක් ලබාදීම සඳහා කඳවුරු 10ක් පමණ රටපුරා පවත්වන ලදී. ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීමට පෙර 1987 මැයි මස වන විට ජවිපෙ සන්නද්ධ අංශයට බඳවාගෙන සිටියේ 125ක පමණ කැරළිකරුවන් පිරිසකි. එක් […]
More >
Posted in ධර්මන් වික්‍රමරත්න | No Comments »
Sunday, October 2nd, 2016
ධර්මන් වික්‍රමරත්න ජවිපෙ 71 කැරැල්ලෙන් පසු පක්ෂයේ කටයුතු නිල වශයෙන් යළි ආරම්භ කරමින් තාවකාලික මධ්‍යම කමිටුවක් 1975 මාර්තු 18වැනිදා පිහිටුවන ලදී. රෝහණ විජේවීර එහි සභාපතිවූ අතර වැඩබලන ලේකම් වූයේ උපතිස්ස ගමනායකය. වසර 1971 අප්‍රේල් කැරැල්ලට සම්බන්ධව අත්අඩංගුවට ගෙන ඇති සියළුම සැකකරුවන්ට විරුද්ධව නඟා තිබූ චෝදනා අපරාධ යුක්ති විනිශ්ව කොමිසම මගින් විභාගකර මුළුමනින්ම අවසන් වූයේ 1976 […]
More >
Posted in ධර්මන් වික්‍රමරත්න | No Comments »
Friday, September 30th, 2016
ධර්මන් වික්‍රමරත්න විසිනි මෙරට ජන සමාජය තුළ සමාජගතවූ ඓතිහාසික චරිතයක්වූ රජයේ මිනින්දෝරුවන්ගේ වෘත්තීය ජීවන රටාවේ කැපකිරීම් සහ අභියෝගයන් මෙන්ම රසමුසු තැන්ද , අත්දැකීම්ද අළලා ලියන ලද පිටු 384කින් යුත් ග්රන්ථයක් දැන් නිකුත්වී තිබේ. මිනින්දෝරුවෙකු ලෙස දශක දෙකක් පමණ රජයේ සේවයේ නිරතවූ වසර 27 අත්දැකීම් ඇති වර්තමානයේ බලයලත් මිනින්දෝරුවෙකු වන සුනිල් කුසුම්සිරි එහි කතුවරයාය. පේදුරුතුඩුවේ සිට […]
More >
Posted in ධර්මන් වික්‍රමරත්න | No Comments »
Sunday, September 25th, 2016
ධර්මන් වික්‍රමරත්න ශ්‍රී ලංකාවේ පරිපාලන බෙදීම් අනුව උතුරින් කළුතර දිස්ත්‍රික්කයෙන්ද ඊසාන සහ නැගෙනහිර දිසාවෙන් රත්තපුර දිස්ත්‍රික්කයෙන්ද සීමාවී ඇති ගාලු දිස්ත්‍රික්කය නිරිතදිග තෙත් කලාපයට අයත් ප්රදේශයකි. අක්මීමන, අම්බලන්ගොඩ, බද්දේගම, බලපිටිය, බෙන්තර ඇල්පිටිය, ගාල්ල, හබරාදූව, හිනිදුම, කරන්දෙණිය සහ රත්ගම යන මැතිවරණ කොට්ඨාශවලින් සමන්විත ගාල්ල දිස්ත්‍රික්කයේ වර්ග ප්‍රමාණය කිලෝමීටර් 1,652කි. දකුණු පලාතට අයත් ගාල්ල දිස්ත්‍රික්කයේ අගනගරය වූයේ ගාල්ලය. […]
More >
Posted in ධර්මන් වික්‍රමරත්න | No Comments »
Saturday, September 17th, 2016
ධර්මන් වික්‍රමරත්න ලාංකීය සාම්ප්‍රදායික වාම ව්‍යාපාරය කලක නියෝජනය කළේ උගත් මධ්‍යම පන්තිකයන්වූ කාන්තාවන් පිරිසකි. ඔවුන් අතින් සමාජ ප්රගමනයට ඉවහල් වන කාරණා රැසක් සිදුවුවද පසුකාලීනව එහි ස්වරූපය මෝස්තරරූපි ලක්ෂණ වලින් ගහණ විය. එන්.ජී.ඕ කාන්තා ව්‍යාපාරය මගින් එය තවත් උඩු යටිකුරු කරන ලදී. විප්ලවවාදී දේශපාලනය තුළ කාන්තාවන්ගේ දායකත්වය ප්‍රථමයෙන් පෙන්නුම් කළේ 1971 අප්‍රේල් කැරැල්ල තුළය. එම කාන්තාවන් […]
More >
Posted in ධර්මන් වික්‍රමරත්න | 1 Comment »
Friday, September 16th, 2016
ධර්මන් වික්‍රමරත්න තැනින් තැන ගලායන දිය සීරාවන්ය. දසත ගස් කොලන්ය. පසෙකින් මාඔය ගලා බසී. ඉන් නැගෙන්නේ අපූරු සිසිලකි. මෙය දේශගුණිය ස්වභාවික තුලනයේ මනා සංකලනයකි. ඒ තුළින් මීගමුව වයික්කාලේ කරුණාකරල ආයුර්වේද ස්පා ඇන්ඩ් රිසෝට් ජීවක අසපුවේ සිරි අසිරිය මතුවේ. එය ශ්‍රී ලාංකීය ආයුර්වේද වෛද්‍ය සත්කාර ලෝකය පුරා සිටින සංචාරකයන්ට පමණක් නොව දැරියහැකි මිලකට වෙනස් විදියේ නිවාඩුවක් […]
More >
Posted in ධර්මන් වික්‍රමරත්න | No Comments »
Saturday, September 10th, 2016
ධර්මන් වික්‍රමරත්න අසූව දශකයේ රාජ්‍ය ත්‍රස්තවාදය ඉදිරියේ මුළු මහත් සමාජයම දණගසා සිටි මොහොතක ඒ සියල්ලටම එරෙහිව පෙරට පැමිණියේ සරසවි සිසුන්ය. රාජ්‍ය භීෂණය, ශිෂ්‍ය මර්ධනය, නිදහස් අධ්‍යාපන කප්පාදුව, ජාතික අර්බුදය, ඉන්දියන් හමුදා ආක්‍රමණය ඇතුළු කරුණු ගණනාවක් හමුවේ සංවේදීවූ මෙම සිසුන්ගෙන් බහුතරයක් ජවිපෙ 2වැනි කැරැල්ලට සෘජුව සහ වක්‍රව බද්ධ විය. අවසානයේදී භීෂණ යුගය පැවති 1986 සිට1990 දක්වා […]
More >
Posted in ධර්මන් වික්‍රමරත්න | 3 Comments »
Friday, September 9th, 2016
ධර්මන් වික්‍රමරත්න වත්මන් දේශපාලන වටපිටාව පුවත් මවන මැෂිමකි. හිටපු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ඝාතනයේ නඩුවේ සැකකරුවන්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා ඇතුළු 5 දෙනෙකුට අධිකරණයෙන් ඊයේ මරණ දඩුවම්ය. ජේෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්රමතුංගගේ දේහය වැඩිදුර පරික්ෂණ සඳහා ලබන 27වැනිදා යළි ගොඩගන්නවාය. ඒ අතරතුර එජාපයට 70කි. ශ්‍රිලනිපයට 65කි. සීගිරි ගලෙහි, සමනොළ කන්දේ සහ සිංහරාජයේ හැර රටපුරාම ‘යහපාලන’ […]
More >
Posted in ධර්මන් වික්‍රමරත්න | 1 Comment »
Friday, September 2nd, 2016
ධර්මන් වික්‍රමරත්න ලංකීය වෘත්තිය සමිති ව්‍යාපාරයේ දැවැන්ත නායකයෙකු වූ බාලා තම්පෝ ජීවිතයෙන් සමුගත්තේ මෙයට හරියටම වසර දෙකකට පෙර එනම් 2014 සැප්තැම්බර් 2වැනිදාය. සිය 92හැවිරිදි දිවිය තුළ ආත්ම ගෞරවය පාවානොදුන් වැඩකරන පන්තියේ නායකයෙකු ලෙස හෙතෙම ප්‍රචලිතය. දශක 7ක් තුළ ඔහු විසින් සටන්පාඨ වලට පමණක් සීමා නොකර පාලකයින්ට එරෙහිව වෘත්තීය සමිති ව්‍යාපාරය මෙහෙයවූ බව බොහෝ දෙනා දැනගෙන […]
More >
Posted in ධර්මන් වික්‍රමරත්න | 1 Comment »
Friday, September 2nd, 2016
ධර්මන් වික්‍රමරත්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය(ශ්‍රිලනිප) යනු මෙරට පොදු ජනතාව වෙනුවෙන් බිහිවූ දේශපාලන පක්ෂයකි. ශ්‍රිලනිපය ආරම්භ වූයේ හරියටම මෙයට වසර 65කට පෙර එනම් 1951 සැප්තැම්බර් 2වැනිදා අද වැනි දවසකය. එය කාලයේ තාලයට ගොඩනැගුණු පක්ෂයකි. දශක 7ක දේශපාලන සම්ප්රදායකි. යටත් විජිත යුගයේ දේශපාලනයේ සිට ජන සම්මතවාදය දක්වා ගලායන නොනවතින දහරාවකි. ඇත්ත ඇති සැටියෙන් කිවහොත් ශ්‍රිලනිප යනු […]
More >
Posted in ධර්මන් වික්‍රමරත්න | 4 Comments »
Saturday, August 27th, 2016
ධර්මන් වික්‍රමරත්න විසිනි. ශ්‍රී ලංකාවේ වාමාංශික ව්‍යාපාරය රටේ ඉතිහාසයට විශාල වශයෙන් බලපෑමක් ඇතිකල ලොකු කථාවකි. කම්කරු පන්ති ව්‍යාපාරයේ සටන් මෙන්ම බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයට සහ රදළවාදයට එරෙහිව කල නිදහස් සටනද එය හා බැදී පවතී. ලංකාවේ මාක්ස්වාදයේ පියා ලෙස සැලකෙන පිලිප් ගුණවර්ධන උපන්නේ හේවාගම් කෝරළයේ කොස්ගම ගම් පියසේය. එය සීතාවක රාජසිංහ රජු යටතේ පෘතුගීසින්ට එරෙහිව සටන් වැදුණු ශ්‍රේෂ්ඨ […]
More >
Posted in ධර්මන් වික්‍රමරත්න | 1 Comment »
Friday, August 26th, 2016
ධර්මන් වික්‍රමරත්න ‘යහපාලන’ ආණ්ඩුව රහස් හෙළිකිරීමට ඉදිරිපත්වීම හොදය. කියන රහසක් දැන්ම කිව යුතුය. නැතිනම් පහු පහු වෙනකොට කොහු කොහු වෙනවාය. අලුත් පක්ෂයක් හැදුවොත් රැකපු රහස් එළියට දානවා කියන්නේ මොන වරද කරත් අලුත් පක්ෂයක් හදන්නේ නැතිනම් අවුලක් නෑ කියන එකය. ‘යහපාලනයක්’ තිබේනම් විනිවිදභාවය තිබිය යුතුය. රහස් ඔට්ටු බැරිය. මහජන අභිලාශ සහ සම්බන්ධ දේ තම පටු දේශපාලන […]
More >
Posted in ධර්මන් වික්‍රමරත්න | 3 Comments »
Wednesday, August 24th, 2016
ධර්මන් වික්‍රමරත්න නන්දන මාරසිංහ 71 කැරළිකරුවන් අතර සිටි සුවිශේෂි චරිතයක් වන අතර විමුක්ති ගී සාර්ථක කරගැනීම සඳහා කැපවී ක්‍රියාකල අයෙකි. ඔහුගේ පියා විදුහල්පතිවරයෙකි. දක්ෂ තබ්ලා වාදකයෙකුවු නන්දන අනුරාධපුර මධ්‍ය මහ විද්‍යාලයේ ඉගෙනුම ලබන විට ගුරුවරයෙකුවූ මුණසිංහ මගින් 1968දී ඔක්තෝබර් මස ජවිපෙට සම්බන්ධවී පූර්ණකාලිනකයෙකු විය. ඔහු ප්‍රථමවරට අධ්‍යාපන කඳවුරට සම්බන්ධවූයේ 1968 දෙසැම්බර් මිද්දෙණියේදී වන අතර පොලිස් […]
More >
Posted in ධර්මන් වික්‍රමරත්න | No Comments »
Sunday, August 21st, 2016
ධර්මන් වික්‍රමරත්න ජවිපෙ 1983 ජුලි පක්ෂ තහනමට පෙර, පසු සහ ජවිපෙ 2වැනි කැරැල්ල පැවති 1986 සිට 1990 දක්වා ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිරින් පරිබාහිරව සන්නද්ධ අරගලය විශ්වාස කල වාමාංශික කණ්ඩායම් 7ක් ක්‍රියාත්මක විය. ඒවා අතර උඩුවරගේ හෙන්රි පෙරේරාගේ රතු භටයෝ, ජයතිලක ද සිල්වාගේ සමාජවාදී ජනතා ව්‍යාපාරය, ගීගනගේ චන්ද්‍රසිරිගේ ජවිපෙ නව ප්‍රවණතාවය, වත්තේගම මඩවල බාවා අබ්දුල් කාදර්ගේ […]
More >
Posted in ධර්මන් වික්‍රමරත්න | 1 Comment »
Friday, August 19th, 2016
ධර්මන් වික්‍රමරත්න ඉකුත් 2015 අගෝස්තු 17 පාර්ලිමේන්තු මැතිවරණය පවත්වා දැන් වසරකි. ‘යහපාලන’ ආණ්ඩුව සම්මතයද නොසලකමින් පිහිටවූයේ පාර්ලිමේන්තු මැතිවරණයට පෙර 2015 ජනවාරි 8 ජනාධිපතිවරණයෙනි. ඒ අනුව දැන් ආණ්ඩුවේ වයස මාස 19කි. අලුත් රටක් කෙසේ වෙතත් ගමන නම් අවුලකි. වසර පහක පළමු සැමරුම මෙසේනම් ඉදිරි වසර 4 ගැන කවර කථාද? ඩී.එස් සේනානායකගේ නායකත්වයෙන් එක්සත් ජාතික පක්ෂයේ(එජාප) ක්‍රියාකාරිත්වය […]
More >
Posted in ධර්මන් වික්‍රමරත්න | 1 Comment »
Monday, August 15th, 2016
ධර්මන් වික්‍රමරත්න දිනය : 1953 අගෝසතු 12වැනිදාය.ඇය නමින් ඇසි අක්කාය. මොරටුව පදිංචිකාරියකි. රතුකොඩියක් අතින් ගත් ඇසි අක්කා ධාවනය වෙමින් තිබෙන දුම්රියට රතුකොඩියක් අල්ලා නැවතුන පසු රියදුරු සහ සේවකයින් බිමට බස්සවන ලදී. අනතුරුව එහි රැස්වූ කාන්තාවන් සමඟ දුම්රිය ඇන්ජිමේ ගිනිගනිමින් තිබූ ගල්අගුරු සියල්ල ඉවතට ඇද දමා දුම්රිය ක්‍රියා විරහිත කළේය. ඉන් නොනැවතී කිසිදු දුම්රියක් ඉන් ඔබ්බට […]
More >
Posted in ධර්මන් වික්‍රමරත්න | 1 Comment »
Sunday, August 14th, 2016
ධර්මන් වික්‍රමරත්න ජවිපෙ නව ප්‍රවණතාවය පිළිබඳව ප්‍රවේශයක් ඉකුත් සතියේ පළවිය. මේ එහි අවසාන කොටසය. ජවිපෙ නව ප්රවණතාවයේ නිල නොවන දේශපාලන මණ්ඩල සභිකයින් ලෙස එහි නම්කර තිබුණේ නායක ගීගනගේ චන්ද්‍රසිරි නොහොත් සමන්ත නොහොත් අසේල, ලයනල් බෝපගේ, කෙලී සේනානායක, ඒ.පී.ඩි රත්නායක සහ වාස් තිලකරත්නය. මින් වාස් තිලකරත්න වර්තමානයේ ජීවතුන් අතර නැත. දැනට සිටින සිව් දෙනාගෙන් තිදෙනෙකුවූ ලයනල් […]
More >
Posted in ධර්මන් වික්‍රමරත්න | 1 Comment »
Friday, August 12th, 2016
ධර්මන් වික්‍රමරත්න මේ වනවිට වර්තමානයේ ශ්‍රී ලංකා ජනමතය හැඩගැසී ඇත්තේ ඒකාබද්ධ විපක්ෂයට වාසිසහගත ලෙසය. ඉකුත්දා පැවති ලක්ෂ සංඛ්‍යාවක් සහභාගිවූ පාද යාත්‍රාවෙන් සිදුවූයේ ආණ්ඩු විරෝධී ව්‍යාපාරයකට අවශ්‍ය සංවිධාන ශක්තිය ගෙන ආ බලවේග කුල්මත් කරන ජනතා ව්‍යාපාරයක් මතුවීමය. මේ වූ කලී වසර 2020න් මෙපිට පවතින රජය පරාජයට පත්කිරීමේ තුරුම්පු සකසන ක්‍රියාවලියකි. පාර්ලිමේන්තුව තුළ වර්තමානයේ තුනෙන් දෙකෙන් වූවද […]
More >
Posted in ධර්මන් වික්‍රමරත්න | 7 Comments »
Thursday, August 11th, 2016
ධර්මන් වික්‍රමරත්න තිස්පස් වසරක් පුරා පුවත්පත් ඡායාරූප ශිල්පියෙකු වශයෙන් කටයුතු කල ශ්‍රී ලාල් ගෝමස්(62) අගෝස්තු 11වැනිදා අලුයම සිය දිවිගමන නිමා කළේය. මහනුවර අරුප්පොලදී 1954 දෙසැම්බර් 15වැනිදා උපන් තිදරු පියෙකු ශ්‍රී ලාල්ට මියයන විට මිනිබිරියන් දෙදෙනෙකි. ශ්‍රී ලාල්ගේ අවසන් කටයුතු 2016 අගෝස්තු 13වන සෙනසුරාදා පස්වරු 3ට සපුගස්කන්ද රෝමානු කතෝලික සුසාන භූමියේදී සිදුකෙරේ. එතෙක් ඔහුගේ දේහය මාකොල, […]
More >
Posted in ධර්මන් වික්‍රමරත්න | No Comments »
Thursday, August 11th, 2016
ධර්මන් වික්‍රමරත්න කලක් අතිශයින් ජනප්‍රියවූ පිලිපීනයේ වෙරිටාස් සහ බ්‍රිතාන්‍යයේ බී.බී.සී සන්දේශයේ කොළඹ වාර්තාකරු වශයෙන් කටයුුතු කල දෙටු ප්‍රවීණ ගුවන්විදුලි මාධ්‍යවේදි එල්මෝ ප්‍රනාන්දු 2016 අගෝස්තු 11වැනිදා අළුයම අභාවප්‍රාප්ත වූ අතර ඔහුගේ අවසන් කටයුතු අගෝස්තු 11වැනිදා පස්වරු 4ට පැලවත්ත රෝමානු කතෝලික දේවස්ථානයේ සුසාන භූමියේදී සිදුකෙරේ. හලාවතදී 1941 නොවැම්බර් 9වැනිදා උපන් තිදරු පියෙකුවූ එල්මෝට මිය යනවිට මුණුබුරු මිනිබිරියන් […]
More >
Posted in ධර්මන් වික්‍රමරත්න | No Comments »
Tuesday, August 9th, 2016
ධර්මන් වික්‍රමරත්න ejournalists@gmail.com වසර 1982 ජනාධිපතිවරණයේ සහ අතුරු මැතිවරණයන්හි ප්‍රතිඵල තුළින් ඇතිවූ ජනතා විමුක්ති පෙරමුණ(ජවිපෙ) පසුබෑම තුළ පක්ෂය තුළ දළුලා වැඩුණු අභ්‍යන්තර ගැටුම් 1983 ජුලි ජවිපෙ තහනම සිදුවීමත් සමඟම කරලියට නැගිණි. එහි ප්‍රතිඵලයක් ලෙස ජවිපෙ සමඟ සිටි ඇතැම් නායකයින්, ක්‍රියාකාරිකයින් සහ හිතවතුන් දෙමළ බෙදුම්වාදී සංවිධාන සමඟ පෝෂණයවීමට මාන බලමින් විවිධ වාම ක්‍රියාකාරි කණ්ඩායම් ගොඩනැගූහ. ඒ […]
More >
Posted in ධර්මන් වික්‍රමරත්න | 1 Comment »
Sunday, August 7th, 2016
ධර්මන් වික්‍රමරත්න ඒකාබද්ධ විපක්ෂය මගින් ජන සටන නමින් පස්දින පාද යාත්‍රාවක් 2016 ජුලි 28 සිට අගෝස්තු 1 දක්වා ලක්ෂ සංඛ්‍යාතික ජනයාගේ සහභාගිත්වයෙන් පැවැත්වීම දේශපාලන ක්ෂේත්රයේ මෑත කාලයේ ඇතිවූ සුවිශේෂි සිද්ධියකි. එම පාගමන පැවතියේ යෝජිත ව්‍යවස්ථා මර උගුලට, පළාත් පාලන ඡන්ද කල් දැමීමට, බදු බර වැඩිකර මිල ඉහළ දැමීමට, රට ඉන්දියාවේ කොලනියක් කරන එට්කා ගිවිසුමට, ගොවි […]
More >
Posted in ධර්මන් වික්‍රමරත්න | 1 Comment »
Friday, August 5th, 2016
ධර්මන් වික්‍රමරත්න ඉකුත් සදුදා නිමාවූ පාද යාත්‍රාව ලාංකීය දේශපාලන ක්ෂේත්රයේ හැරවුම් ලක්ෂය හෙවත් ටර්නින්ග් පොයින්ට් එකක් බවට දැන් පැහැදිලිය. එය ‘යහපාලන’ ආණ්ඩුවට එරෙහිව ලක්ෂ සංඛ්‍යාතික ජනයා ආරම්භ කල සටනක පළමු වෙඩිමුරය විය. පාද යාත්‍රාවෙන් මතුවූ අති ප්‍රබල තරංග මාලාවන් ජනතා අයිතීන් වෙනුවෙන් පෙනී සිටින සහ ‘යහපාලන’ ආණ්ඩුවෙන් පීඩාවට පත්වූ ජනයාට ගෙන ආවේ නව ජවයකි. පන්නරයකි. […]
More >
Posted in ධර්මන් වික්‍රමරත්න | No Comments »
Wednesday, August 3rd, 2016
ධර්මන් වික්‍රමරත්න ලාංකීය පුවත්පත් කලාවට නව මානයක් ඇතිකරමින් අළුත් පත්තර නැඹුරුවක් ඇති කල උපහාස රුසියෙකුවූ දෙටු ප්‍රවීණ පුවත්පත් කලාවේදී චින්තන ජයසේන 2016 අගෝස්තු 2වැනිදා සිය ජීවන මගින් සමුගත්තේය. මොරටුවේදී 1948 ඔක්තෝබර් 16වැනිදා උපන් චින්තන මියයන විට 68 හැවිරිදිය. ඔහුගේ අවසන් කටයුතු ගල්කිස්ස පොදු සුසාන භූමියේදී අගෝස්තු 4වැනිදා පස්වරු 3ට සිදුකෙරේ. චින්තන ජයසේන යනු ලංකාවේ වැඩිම […]
More >
Posted in ධර්මන් වික්‍රමරත්න | No Comments »
Saturday, July 30th, 2016
ධර්මන් වික්‍රමරත්න විසිනි. ජනතා විමුක්ති පෙරමුණේ(ජවිපෙ) නිර්මාතෘ සහ නායක රෝහණ විජේවීර උලපනේ නිවසේදී 1989 නොවැම්බර් 12 වැනිදා පස්වරු 2ට පමණ අත්අඩංගුවට ගන්නා රජයේ ක්ෂණික විහිදුම් බලකාය(ආර්.ඩී.එෆ්) ඔහුව හැව්ලොක් ටවුන්හි පවත්වාගෙන ගිය ඔෆ්ස් කම්බයින් මෙහෙයුම් මධ්‍යස්ථානයට ගෙන එන ලදී. ජවිපෙ 2වැනි කැරළි සමයේදී කැරළිකරුවන් රඳවා තබාගැනීමට නිලනොවන වධකාගාර 80ක් පමණ ශ්‍රී ලංකාවේ තිබූ අතර ඉන් දරුණුතම […]
More >
Posted in ධර්මන් වික්‍රමරත්න | 5 Comments »
Wednesday, July 27th, 2016
ධර්මන් වික්‍රමරත්න වසර 1987 ජුනි 2 රාත්‍රී ටෙලෙක්ස් පණිවුඩ යන්ත්‍රයෙන් ලැබුණ රොයිටර් පුවතින් කියවුණේ තමිල්නාඩු රජය ශ්‍රී ලංකාවේ උතුරේ ජනයා සඳහා සහල්, පරිප්පු ඇතුළු ධන්‍ය වර්ග ඇතුළත් බෝට්ටු 25ක් විදේශීය මාධ්‍යවේදීන් සහ රතු කුරුස නිරීක්ෂකයින් 94 දෙනෙකු සමඟ ශ්‍රී ලංකාවට එවන බවය. රාමේෂ්වරම් තොටුපලේ සිට 1987 ජුනි 3 වැනිදා පැමිණි බෝට්ටු 19ක් පස්වරු 6 උතුරේ […]
More >
Posted in ධර්මන් වික්‍රමරත්න | 6 Comments »
Monday, July 25th, 2016
ධර්මන් වික්‍රමරත්න විසිනි. ජවිපෙ 2වැනි කැරැල්ල 1990 අවසානයේ නිමවුවද එය මර්ධනය කිරීමට ගත් සාහසික ක්‍රියා පිළිවෙත් නිසා රටපුරා භීෂණය, මර්ධනය සහ පීඩනය 1991 වසරේද අළුයට ගිනිපුපුරු මෙන් පැවතිණි. රටපුරා පැවතියේ මහා නිහඬතාවයකි. ප්රජාතන්ත්රය සඳහාවූ පුළුල් ජනතා ක්‍රියාමාර්ගයන් දියත් කිරීමට 1989 පාර්ලිමේන්තුවට පත්වූ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සහ සිවිල් ක්‍රියාකාරින් පිරිසකට අවශ්‍ය විය. ඒ සඳහා ලහි ලහියේ ක්‍රියාමාර්ග […]
More >
Posted in ධර්මන් වික්‍රමරත්න | 3 Comments »
Friday, July 22nd, 2016
ධර්මන් වික්‍රමරත්න යෝෂිත එනවිට උදය ගම්මන්පිල ඇතුලේය. විමල් වීරවංශට රිදවන්නට මුසම්මිල් තවමත් ඇතුලේය. දැන් නාමල් එනවිට බැසිල් රාජපක්ෂ ඇතුළේය. බැසිල්ට තිබූ චෝදනාව සම්බන්ධයෙන් කිසිදු වංචාවක් සිදු නොවී ඇතැයි වර්තමාන සමෘද්ධි ඇමතිවරයා පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කල හැන්සාඩ් වාර්තාවක්ද නීතිඥයින් අධිකරණයට ඉදිරිපත් කළේය. ඇපදීමට නොහැකි කිසිදු අවස්ථාවක් නොමැති බවද ඔවුහු අවධාරණය කළහ. එදා කඩුවෙලය. දැන් නඩුවෙලය. හොද දේවල් […]
More >
Posted in ධර්මන් වික්‍රමරත්න | 7 Comments »
Monday, July 18th, 2016
By Dharman Wickremarathne Thirty-three years ago – from July 24 to July 30, 1983 – took place one of the biggest massacres in Sri Lanka’s history. The perception of the Tamil people was that Black July 1983 was a crime well-planned by organized groups linked to the then Government. According to official Government statistics the […]
More >
Posted in ධර්මන් වික්‍රමරත්න | 9 Comments »