Author Archive for මතුගම සෙනෙවිරුවන්

උතුර හෝ නැගෙනහිර දෙමළ ජාතියට පමනක් අයිති නැත-ආණ්ඩුව එය පිළිගත යුතුය

Tuesday, June 8th, 2021

මතුගම සෙනෙවිරුවන්              ඇමරිකාවේ කොන්ග්‍රස් සභික ඩෙබෝරා රෝස් නම් කාන්තාව ලංකාවට එරෙහිව සකස් කළ බරපතල ලියවිල්ලක් එහි කොන්ග්‍රස් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.කරුණු ගණනාවකින් සමන්විතව තිබුණද එම ලියැවිල්ලේ ප්‍රධාන වශයෙන් ඉස්මතු කරවන කාරණය නම් ලංකාවේ  උතුරුකරය ද්‍රවිඩ නිජභූමියක් බවයි. එම භූමිය ලංකා හමුදාවේ මිලිටලීකරණයට ලක්ව ඇතැයිද ඇය වැඩිදුරටත් චෝදනා කරයි. මෙම චෝදනා වල කිසිම අලුත් බවත් […]

More >

එන්නත් විෂ වුවහොත් විෂ ඉවත් කිරීමට ක්‍රමවේදයක් තිබේද?

Friday, June 4th, 2021

මතුගම සෙනෙවිරුවන්         වත්මන් වසංගත තත්වය නිර්මාණය කළ කොරෝනා වෛරසය ට එරෙහිව මිනිස් සිරුර තුළ ප්‍රතිදේහ නිර්මාණය කරලීම උදෙසා මේ වන විට ලෝකයේ ප්‍රමුඛ ඖෂධ සමාගම් එන්නත් වර්ග හතක් පමණ නිෂ්පාදනය කර තිබේ.මෙම එන්නත් සියල්ල එක සමාන යයි අප සිතුවද ඒවායේ හඳුන්වා දීම් අනුව සමාන නැත. ලංකාව තුළ පළමු වරට අත්හදා බැලූ ඔක්ස්ෆඩ් එන්නතත් ෆයිසර් […]

More >

සිංහල ආහාර හා විහරණ නැතිතැන කොවිඩ් පාලනය අසීරුයි

Friday, May 28th, 2021

මතුගම සෙනෙවිරුවන්        කොවිඩ් හෝ කොරෝනා යනුවෙන් හඳුන්වන ප්‍රතිශ්‍යා තත්වයේ රෝගය ආගන්තුකව මිනිස් සිරුරට පැමිණියකි. ලෝකයේ ඖෂධ මාෆියාව විසින් සහ  ලෝක බල ආධිපත්‍ය ට නතු වූ විද්‍යාඥයන් විසින් චීනයේ කරන ලද අත්හදා බැලීමක ප්‍රතිඵලයක් ලෙසට මෙම ආගන්තුක වෛරසය පැතිරීම සිදු විණි යැයි පළ කරන මතයද අපට ඉවත දැමිය නොහැකිය.වෛරසය පිටුපසින් පැමිණි එන්නත්කරණය මෙම ඖෂධ මාෆියාවේ […]

More >

හොරුන්ට ගිය රට චීනත් සමග පෙරට

Tuesday, May 25th, 2021

මතුගම සෙනෙවිරුවන් ලංකාවට නිදහස ලබන විට රත්තරන් පවුමත් වී බුසලත් එකම මිලක් නොහොත් රුපියල් විස්සකට තිබුණි යැයි කතාවක් තිබේ.හැටේ දශකය වන විට එම මිල රුපියල් දෙසීයකට නැග තිබුණි.2000 වර්ෂය පමණ වන විට රුපියල් 2000 ආසන්නයේ තිබුණි යැයි දැන ගන්නට ඇත.අද වන විට වීබුසලක මිල රුපියල් දෙසිය දහයකි. රන්පවුමක මිල රුපියල් එක්ලක්ෂ අටදාහකි.මෙය සිදු වූයේ කෙලෙසකද […]

More >

වාන් ඇළ සිංහලයන්ට එදා කොටි ගැහුවා අද පොලිසිය ගහනවා

Sunday, May 2nd, 2021

මතුගම සෙනෙවිරුවන්             2021 මාර්තු මස 02 දින කන්තලේ වාන්ඇළ විහාරගල ගම්මානයට කඩා වැදුණු පොලිස් බල ඇණියක් සහ වන සංරක්ෂණ නිළධාරීන් ගම්මුන් ගේ ගෙවල් පොඩි පට්ටම් කොට ජනයා පළවා හරිනු ලැබූහ.නිවාස වල තිබූ බුදු පිළිම පොලේ ගසා ලීමට මෙහි පැමිණි ඇතැම් වන නිළධාරීන් කටයුතු කල ආකාරය ගැන ගම්මු මහත් සංවේගයෙන් කතා කරති. ගෙවල් විනාශ කරලීමෙන් […]

More >

මරණ පරීක්ෂකවරු බඳවා ගැනීමට අදාළව ආණ්ඩුවේ වර්ගවාදය

Saturday, April 10th, 2021

 මතුගම සෙනෙවිරුවන්          හදිසි මරණ පරීක්ෂකවරු සඳහා තනතුරු බිහි කිරීම සිදු වන්නේ 1979 අංක 15 දරණ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 108 වගන්තිය අනුවයි. සිවිල් පුරවැසියන්ගෙන් තෝරාගත් උගත් බුද්ධිමත් පුද්ගලයන්  සීමිත පොලිස් බලතල සහිතව මෙම තනතුරට  පත්කිරීමට  අධිකරණ ඇමතිවරයාට බලය හිමිවී තිබේ.මෙම තනතුර සඳහා පඩිනඩි සැපයීමක් සිදු නොවන අතර හදිසි මරණයකදී කරන ලද පරීක්ෂණයකින් අනතුරුව ලබා […]

More >

නූතන වන විනාශය ඉඩම් මංකොල්ලයේ ප්‍රතිඵලයක්ද?

Monday, March 22nd, 2021

මතුගම සෙනෙවිරුවන්              ලංකාව බ්‍රිතාන්‍ය කිරීටයට භාර දීමට ප්‍රථම දිවයිනේ සංවර්ධන ඉලක්කයන් සැම සැකසුණේ ගොවිතැන මූලික කොට ගෙනය.වැව් තැනවීම කුඹුරු අස්වැද්දීම හේන් කෙටීම ඇළ මාර්ග තැනවීම ආදී සියල්ල සිදු කරන ලද්දේ ජනතාවගේ ආහාර අවශ්‍යතාවය සපුරා ගැනීම පිණිසය.ඇතැම් කාලවකවානුවල දීර්ඝ අක්‍රමණික සමයන් පසුකිරීමට අපගේ මුතුන් මිත්තන්ට සිදු විය. එවැනි අවස්ථාවලදී රජරට මහා මූකලාන් වලට යටවිය. වැව් […]

More >

ජිනීවා යදමින් නොමිදුණු රටක සෞභාග්‍ය සිහිනයකි

Thursday, March 4th, 2021

මතුගම සෙනෙවිරුවන්         කන්දක් විලි ලා මී පැටියෙක් වැදුවා බඳු වූ සෞභාග්‍ය ආණ්ඩුව මෑතකදී තම හෙණ්ඩුවෙන් කළ එකම දේ ජිනීවා විරෝධය ට පළිහක් නිර්මාණය කරලීම පමණි.ඒ සඳහා රටේ සෞඛ්‍ය විද්වතුන් ගේද ඇඳිවත ගලවමින් කළ විගඩම දෙස කෝපයෙන් බලා සිටීන ජනතාවක් නිර්මාණය කරමින් ඇත.ඉරණතිව් දූපතේ මිනී වැළලීම තුළින් එම දූපත මුස්ලිම් දූපතක් වන බව දුටුවේ සිංහලයන් […]

More >

නීති අධ්‍යාපනය ට සිංහල බස තහනම් අධිකරණ ඇමති බලය අතට ගනී

Friday, February 19th, 2021

මතුගම සෙනෙවිරුවන් මෙරට පවතින වර්තමාන නීතියට අදාළව නීති අධ්‍යාපනය සංස්ථාගත කිරීම ආරම්භ කරන ලද්දේ වර්ෂ 1873 දී පමණය.නීති අධ්‍යයන සභාව පිහිටුවා 1874 දී ලෝකොලෝජිය ආරම්භ කර ඇත.ඉන්පසු 1889 උසාවි භාෂා පනත ප්‍රකාරව කටයුතු කර ශ්‍රේෂ්ඨාධිකරණයේ හොඳ පිළිගැනීමක් ඇති.දක්ෂ දැනුමක් ඇති අය වෙනුවෙන් බැරිස්ටර්වරුන් සහ ප්‍රොක්ටර්වරුන් වශයෙන් බඳවා ගැනීමට 1900 දරණ ආඥාව මගින්   සංස්ථාගත නීති අධ්‍යයන […]

More >

කොවිඩ් එන්නත ලබා දීම භයානක ප්‍රවේශයකි

Saturday, January 16th, 2021

මතුගම සෙනෙවිරුවන්              වර්තමාන වසංගත තත්වය පාලනය කිරීම සඳහා තිබෙන එකම විකල්පය එන්නත්කරණය යයි දැඩිව විශ්වාස කරන ආණ්ඩුවක් අප ඉදිරියේ තිබේ. කුමන හෝ එන්නතක් විදේශයකින් ගෙන්වා ගැනීම සඳහා විශේෂ නිළධාරියෙකුද පත් කර ඇති මෙම ආණ්ඩුව වෙනත් විකල්පයක් ගැන නොසිතන තරම්ය.වර්තමාන සෞඛ්‍ය ඇමතිවරියත් වසංගත පාලනය සඳහා පත් කර ඇති රාජ්‍ය ඇමතිවරියත් විකල්පයක් ගැන කතා කිරීමත් කාලය […]

More >

ශ්‍රී ලංකාව වෛරස් යුද්ධයක් අභියසට පැමිණ තිබේද

Wednesday, January 6th, 2021

මතුගම සෙනෙවිරුවන්            වසංගත මගින් ඇති කළ බලපෑම යනු ලෝක ඉතිහාසයේ සෑම අවස්ථාවකම ඉස්මතු වූ රෝග තත්වයකි. සූර්ය ශක්තිය විසින් පාලනය කරන ලෝකය එහි උපරිමයට පත් වන විට වසංගත පැතිරෙන බව පැරණීයන් දැන සිටියහ.එම තත්වය තුළ රෝග පැතිරෙන කාලය තුළ ශරීර ප්‍රතිහක්තිකරණය බිහි කර ගැනීමටද සිරුරේ මල කොටස් බැහැර කොට හක්තිමත් කර ගැනීමද සිදු විය.නවම් […]

More >

එන්නතක් එනකන් සිංහල බෙහෙත් වලට වලිය අදිනවද

Friday, December 18th, 2020

මතුගම සෙනෙවිරුවන්                කෑගල්ලේ දේවාලයක් පවත්වාගෙන යන ධම්මික බණ්ඩාර නම් කපු මහත්මයෙකු විසින් කොරෝනා රෝගයට බෙහෙතක් ලබා දීමෙන් රෝගීන් සුවපත් කල කතාව සමාජ ගත වී ඇති සමයක මෙම විෂය ගැන තවදුරටත් කතා කිරීම කලෝචිතය.මෙම සාකච්ඡාව පටන් ගත යුත්තේ නිදහසින් පසු මෙරට සෞඛ්‍ය සේවය අත්පත් කරගත් ආධිපත්‍ය ගැන සඳහන් කරමිනි.මෙරට ප්‍රධාන සෞඛ්‍ය ධාරාව ඇලොපති වෙදකම විසින් […]

More >

පර්යේෂණායතන විද්වතුන්ගේ විශ්ව විද්‍යාල කෙමන

Sunday, November 29th, 2020

මතුගම සෙනෙවිරුවන්              ලංකාවේ දැනට ක්‍රියාත්මක රාජ්‍ය විශ්ව විද්‍යාල ගණනින් අටකි.එයට අමතරව කාර්මික විද්‍යාල සහ පෞද්ගලික විශ්ව විද්‍යාලයන් ද කීපයකි.මෙයින් පිටවන උපාධිදාරීන් විශාල සංඛ්‍යාවකට මෙරට රැකියා ලබා දීමේ ඉඩකඩක් නැත. දේශාපාලන විද්‍යාව කළ සිසුවියකට වත්මන් ජනපතිවරයා දුන් පිළිතුරකින් ගම්‍ය වූයේ පොලිටිකල් සයන්ස් වලට වඩා ටෙක්නිකල් සයන්ස් සඳහා රැකියා ඉඩ ප්‍රස්ථා විවර කර දීමට රජය පෙළඹෙන […]

More >

දිගාමඩුල්ලේ ආශ්චර්ය හෙවත් දීඝවාපී ස්ථූපයේ සාධුනාදය

Friday, November 27th, 2020

මතුගම සෙනෙවිරුවන්             නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ පවතින දීඝවාපී චෛත්‍ය රාජයාණන් වහන්සේ සමස්ත සිංහල බෞද්ධ ජනතාවගේ සදා වන්දනීය පූජ්‍යස්ථානයකි.බුදුන් වහන්සේ ලංකාවට වැඩම කොට දිවාගුහාවේ සමවත් සුවයෙන් වැඩ සිට නැගෙනහිර පළාතේ දීඝ මණ්ඩලයට වැඩම කළහ.එහි භාවනායෝගීව වැඩ සිටි අතර සම්බුද්ධ පරිනිර්වානයෙන් පසුව ලබාගත් උන්වහන්සේ ගේ දික්නිය ධාතුව මෙහි තැන්පත් කොට සත්රියන් උස ඉඳුනිල් මුවා දාගැබක් නිර්මාණය […]

More >

මරක්කල නීතිරීති වලට ප්‍රමුඛස්ථානය ලැබුණේ කවරදාද?

Monday, November 16th, 2020

මතුගම සෙනෙවිරුවන්               මහමදාගම්කාරයන් යනු මොහොමඩ් නබි තුමාගේ අනුගාමිකයන්ය.ඒ නිසාම නබිතුමා නිර්මාණය කල ආගමට මහමත් ආගම යයි ව්‍යවහාරයක් ඇත. මහමත් ආගම ඉතාමත් ආක්‍රමණශීලි ස්වභාවයෙන් ලෝකයේ නොයෙක් රටවල පැතිරීම  නිසා ස්වදේශිකයන් ඝාතනයට ලක් වූහ.එසේම මහමත් ජනයා ගේ වානිජ ශූරත්වය නිසා ඉතා ඉක්මනින් විදෙස් රටවල වෙළෙඳ ආධිපත්‍යද ගැනීමට ද හැකි වී ඇත. ඉන්දියාවට පැමිණි මහමත් අක්‍රමණිකයන් විශාල […]

More >

සීනි තිත්ත කරන මුදල් ලොක්කන්ගේ වැඩකිඩ

Saturday, November 14th, 2020

මතුගම සෙනෙවිරුවන්           රජයේ නියෝගයෙන් පාරිභෝගික අධිකාරිය විසින් සුදු සීනි සඳහා උපරිම සිල්ලර මිලක් හඳුන්වා දී තිබේ.මෙම ගැසට්ටුව නිකුත් කරනුයේ නොවැම්බර් මස 14 වනදා වන විට බදු පනත යටතේ වන නවතම ගැසට්ටුවක් පිටවීමට නියමිත වන වකවානුවකය.පසුගිය ඔක්තෝබර් මස 14 දින සීනි ආනයනය සඳහා වන බද්ද රුපියල් 49 ශත හැත්තෑපහකින් අඩු කරමින් ආණ්ඩුව ගැසට් නිවේදනයක් නිකුත් […]

More >

ව්‍යවස්ථා චෞරයෙකු සමග අලුත් ව්‍යවස්ථාවක් සැකසිය හැකිද

Thursday, November 5th, 2020

මතුගම සෙනෙවිරුවන්          ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා යටතේ පත් කරගන්නා ලද නව රජය ස්වකීය ප්‍රමුඛ කාර්යයක් වශයෙන් සලකා ඇත්තේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමයි.මේ කරුණ සාකච්ඡා කිරීමේ දී පැවති ආණ්ඩුකම ව්‍යවස්ථා පිළිබඳ විමසීම කරනු වටී. එංගලන්ත රැජින යටතේ ස්වාධීන පාලනයක් ලංකාවට ඇති කරලීම පිණිස 1948 දී සකස් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සමග  යම් පමණක දේශපාලන නිදහසක් […]

More >

දහනවයේ පියා රනිල්දාසගේ කපටි වෙස් මාරුව

Thursday, October 15th, 2020

මතුගම සෙනෙවිරුවන්             යහපාලන මෛත්‍රීපාල රනිල් ජෝඩුව සහ එවකට ආණ්ඩුබලයේ සිටි මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ මන්ත්‍රී කණ්ඩායම විසින් සම්මත කරගත් 19 වන සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත්කරන ලද්දේ අධිකරණ ඇමතිව සිටි විජේදාස රජපක්ෂ මහතාය.රනිල් වික්‍රමසිංහ මහතාගේ අවශ්‍යතාවය මත මෙම ව්‍යවස්ථා සංශෝධන කොටුම්පත සකස් කරන ලද්දක් බව බොහෝ දෙනා දනී.විශේෂයෙන්ම එවකට ප්‍රබලව සිටි රාජපක්ෂ කණ්ඩායම දුර්වල කිරීම පිණිස එල්ල […]

More >

බූවැලිකඩින් ගිලාබැස්සේ කලුසුද්දන්ගේ නාගරික පුරාජේරුවයි

Wednesday, September 23rd, 2020

මතුගම සෙනෙවිරුවන්               මහනුවර පොළව කම්පාවී ඇත.බූවැලිකඩ පස් මහල් නිවසක් කඩා වැටීමෙන් එකම පවුලේ තිදෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇත. මේ ඛේදවාචකය උලුප්පා තලු මැරීමෙන් වන්නේ සැබෑ ප්‍රශ්ණය යටපත් වීමයි.එනම් මෙම විනාශය දක්වා පැමිණි ගමන් මග පිළිබඳව සාකච්ඡා නොකර අත හැරීමයි.සෙංකඩගල සිරිවර්ධනපුරය නොහොත් මහනුවර නගරය බිහිවන්නේ උඩරට රාජධානියේ ක්‍රමික විකාශනයත් සමගය.අවසාන සිංහල රජවරුන් ගේ ආරක්ෂාව තහවුරු […]

More >

නවවන වගන්තිය අනුව රජයේ ඉහළ තනතුරු බෞද්ධයන්ට පමණයි

Tuesday, September 1st, 2020

මතුගම සෙනෙවිරුවන්           ලංකාව බ්‍රිතාන්‍ය යටත් විජියක් බවට පත් වීමට පළමු මෙරට පාලනය වන ලද්දේ ලිඛිත ව්‍යවස්ථාවකට අනුව නොවේ.නමුත් ශිලා ලේඛන මගින් ප්‍රකාශ කරන ලද්දා වූ පෙර රජවරුන් විසින් පිළිගන්නා ලද ව්‍යවස්ථාවක් විය.වෙසෙසින්ම සතරවන පැරකුම් රජු කාලයේ රචනා කරන දළදා ව්‍යවස්ථාව මගින් දක්වන ලද කරුණු සිංහල බෞද්ධ පාලකකයෙකු ගේ යුතුකම් වශයෙන් සළකන ලදී.එසේම මෙරට නායකත්වයට […]

More >

බෙන්තර ගඟ අයිනේ තරුණ විප්ලවය

Sunday, August 23rd, 2020

මතුගම සෙනෙවිරුවන්       වලල්ලාවිට කෝරළයේ ඉස්මත්තේ කඳු සිඛර තෙරපාගෙන ඇදෙන බෙම් ගඟ කොමළියට සළු පළදන්නේ දෙගොඩ දෙකෝරළයේ අතු ගංඟාවන්ය. මහාවන ලැහැබ් වලින් සඟවා ගෙන සිටින පිටිගල ඇළ ඕමත්ත ඇළ පැළවතු ඇළ වැලි පැන්න ගඟ ගොරක දූ ඇළ යයි නම් ලත් අතුරු ජලදහරාවන් මගින්  බෙම් ගඟ පෝෂිත වන්නේ යයි කියති. බෙම් ගඟ කලකදී වියරු වෙයි.පිටාර ගලයි. […]

More >

කෝමාරිකා (Aloe Vera) වගාව පරිසරය සහ ඉඩම් ගැටළුව

Sunday, July 19th, 2020

මතුගම සෙනෙවිරුවන් කුමරි නැතිනම් කෝමාරිකා යන නාමයෙන් හඳුන්වන පලෑටිය දේශීය ඛෙහෙත් හේත් වලට යොදා ගැනෙන බලගතු ඖෂධයකි.පිලිස්සුම් තුවාල සඳහා සම මතු පිට ගෑම ට මෙන්ම තෙල් ඛෙහෙත් සිඳ ගැනීමටද යොදා ගන්නා කෝමාරිකා ඌව පළාතේ ජනප්‍රිය ඖසධීය ආහාරයකි.සිංහල ජනතාව මෙම අගනා ඔෂධ පැලෑටිය සිය ගෙවතු වල වගා කොට රැක බලාගන්නේ ඉතාමත් ආදරයෙනි.මෑත කාලයේ දී කෝමාරිකා පැලෑටිය […]

More >

මිලේනියම් චැලේන්ජ් ගිවිසුම හා බැඳි ඉඩම් පරිහරණ සැලැස්ම –

Tuesday, June 30th, 2020

මතුගම සෙනෙවිරුවන් පූර්විකාව –                 ලංකාවේ අතීත ඉඩම් භාවිතය සැමවිටම රජු හා සම්බන්ධ විය. රටේ භාරකරු වශයෙන් සහ පාලකයා වශයෙන් භූපති ලෙසට ඔහු හැඳින් වූ අතර රටේ සංවර්ධනය උදෙසා ඉඩම් යොදා ගැනීම සඳහා ගම් වසම හා බැඳි වැඩ පිළිවෙලක් විය. අනුරාධපුර යුගයේ පණ්ඩුකාභය රජ්‍ය සමය වන විට මෙරට ගම් සීමා කොට විධිමත් ක්‍රමයකට රජ්‍ය පාලනය […]

More >

මහජන මන්ත්‍රීවරයෙකු විය යුත්තේ කුමන අරමුණක් ඉටුකිරීම සඳහාද

Monday, June 15th, 2020

මතුගම සෙනෙවිරුවන්            එක් දහස් නවසිය හතලිස් අටේ අප බ්‍රිතාන්‍ය අධීරාජ්‍යා ගෙන් ලද දේශපාලන නිදහස මත ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෙසට නැගී සිට දැන් වසර හැත්තෑ දෙකක් ගතවී තිබේ.1815 මාර්තු 02 අත්සන් කරන ලද මහනුවර ගිවිසුමට අනුව නම් මෙම පිවිසීම  වැරදි සහගත වුවද ලබන ලද නිදහස තුළ රටක් වශයෙන් අත්පත් කරගත් වාසි සහ අවාසිද අද අප […]

More >

තොන්ඩා ගියා බණ්ඩලාගේ කල දසාව කුමක් වේවිද?

Saturday, June 6th, 2020

මතුගම සෙනෙවිරුවන්            මහනුවර යුගයේ මෙන්ම කෝට්ටේ යුගයේ රදළයන්  බණ්ඩාර නාමය භාවිත කළ හෙයින් ලක තුළ බණ්ඩාරවලියක් ඇති වී යයි කියති. ඉංග්‍රීසීන්ට රට භාර දුන් පසු කාලයේ දී උඩරට බණ්ඩාරලා බණ්ඩා බවට පත් වී කොළඹ කුරුඳුවත්තේ බංගලාවල වැඩට පැමිණියහ.බන්ඩලා මෙන්ම මැණීකේලාද මෙලෙස කොළඹ බංගලාවල මෙන්ම සුද්දන්ගේ වතු බංගලාවලද සේවයට යෑමට සිදු වූයේ උඩරට ඔවුන්ගේ ඉඩම් […]

More >

රජු දැහැමි නම් කලට වැසි වසී සාගත වසංගත පල්ලම් බසී

Friday, May 15th, 2020

මතුගම සෙනෙවිරුවන්         ලෝකයේ බොහෝ රටවල පැතිර පවතින නව වෛරස වසංගතය නිසා ලක්ෂ තිස් එකක් පමණ වන ජනතාවක් මේ වන විට අසරණව සිටී. ලංකාවේ ද මෙම රෝගය වැළඳී අතැයි සැළකෙන පුද්ගලයන් නවසීයකට අධික සංඛ්‍යාවක් හඳුනාගෙන තිබේ.වසංගත පාලනයට අද භාවිතා කරන්නේ වර්ෂ 1897 දී බ්‍රිතාන්‍යයන් හඳුන්වා දුන් නිරෝධායන හා ස්පර්ශයෙන් බෝවන රෝග වැළැක්වීමේ ආඥා පනතයි.එකල පැතිරී […]

More >

ලංකා මුදල් ඒකකය ශක්තිමත් කිරීමට වෙනසක් අවශ්‍යයි

Monday, May 11th, 2020

මතුගම සෙනෙවිරුවන්         ලංකාවේ භාවිත සම්මත මුදල කාලයක් තිස්සේ අව ප්‍රමාණය වීම නිසා රටේ ආර්ථිකය බරපතල ලෙසට කඩා වැටී ඇත.වර්තමාන වසංගත තත්වය හමුවේ ඇතිවී තිබෙන ආර්ථික අවපාතය ගණනය කළ නොහැකි තරම්ය.බොහෝ දේ වෙළෙඳ පලෙන් මිළට ගන්නා ජනතාවට සිය එදිනෙදා වියදම් කළමනාකරණය කරගන්නටවත් අවස්ථාවක් නොදී රුපියල කඩා වැටෙයි.වසංගත තත්වය මර්දනය කර ගැනීමෙන් පසුව  රුපියල පාලනය කිරීමටවත් […]

More >

නිරෝගී දරුවා ජාතියට සම්පතකි

Saturday, May 9th, 2020

මතුගම සෙනෙවිරුවන්         සෞඛ්‍ය අංශයන්හි ප්‍රගමනය මනින එක් දර්ශකයක් වශයෙන් සැලකෙන්නේ ළදරු මරණ අනුපාතය අඩු විමයි. වසංගත රෝග  බෝවන රෝග බාල පක්ෂාගාතය වැනි රොග වලින් ආරක්ෂා වීම පිණිස අලුත ඉපදුනු දරුවෙකුට එන්නත් කීපයක්ම දෙනු ලැබේ. මේ නිසා ළදරු මරණයන් ගේ සීග්‍ර අඩු වීමක් ඇති බව කියති. එන්නත් කරනු ලබන්නේ ශරීරයේ ප්‍රතිශක්තය ජනිත කිරීමටයි.එහෙත් ස්වභාව ධර්මයා […]

More >

කැස්ස හෙම්බිරිස්සාවට බිය විය යුතුද

Sunday, April 26th, 2020

මතුගම සෙනෙවිරුවන්             මෙලොව උපදින සෑම මනුෂ්‍යයෙකුම යම් කිසි ප්‍රකෘතියක් අනුව උප්පත්තිය ලබයි. මෙහිදී  සඳහන් ප්‍රකෘතිය යනු පංච මහා භුත තත්වයන් අනුව ජනිත ප්‍රකෘතියන්ය. ඒ අනුව කෙනෙක් සෙම් ප්‍රකෘතිකයෙක් බවටද තවකෙක් පිත් ප්‍රකෘතිකයෙකු බවටද ඇතැම් අය වාත ප්‍රකෘතිකයන් ලෙසටද නම් කළ හැකිය.සිංහල ජනතාව  මේ බැව්  දැන ගන්නේ කේන්ද්‍ර සටහනිනි. හඳහනේ ලියැවී තිබෙන මේ ස්වභාවය මේ […]

More >

මැතිවරණ බලහත්කාරය සමග ගැටගැහෙන ආර්ථික ඝාතනය

Monday, April 20th, 2020

මතුගම සෙනෙවිරුවන්             සුනාමිය නොහොත් මුහුද ගොඩ ගැලීම සිදු වන කල්හි එවකට සිටි පාලකයන් එම ව්‍යසනය කළමනාකරණය කරන ආකාරය දැන නොසිටියහ. අතීතයේ සිදු වූ මුහුදු ගොඩ ගැලීම් ඉතිහාසයට පමණක් සීමා වීම නිසා දේශපාලකයන් ඒ බැව් නොදත් බව පැහැදිලිය. සුනාමියට මුහුණ දෙන්නට අවශ්‍ය සංනිවේදන උපක්‍රම සූදානම් කර ගැනීමට මෙන්ම ආරක්ෂාව කල් තියා යොදා ගන්නට  ලක ලෑස්ති […]

More >

Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress