Author Archive for වරුණ චන්ද්‍රකීර්ති

සියයක් වෙදකුල

Tuesday, May 12th, 2020

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති චීන වෙදකම ගැන සෑහෙන දෙනෙක් කතා කරනවා. ඒත් ඇත්තටම චීනයේ තියෙන්නේ එකම එක වෙදකමක් නම් නෙවෙයි. වෙදකම් මහ විශාල ප්‍රමාණයක් චීනයේ තියෙනවා. චීන වෙදකම කියලා ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ චීනයේ ප්‍රධාන ජනවර්ගය වන හන් මිනිස්සුන්ගේ වෙදකම. චීන ජනගහනයෙන් සියයට 92 ක් ම ඉන්නේ හන් මිනිස්සු. හන් මිනිස්සුන්ට අමතරව තවත් ජනවර්ග 55 ක් චීනයේ […]

More >

රෝහල් ආලෙට කාලේ

Tuesday, May 5th, 2020

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති කොරෝනාවත් එක්කම විවිධාකාර වෙදකම් ගැන කතාවකුත් ඇති වෙලා. මේ ලෙඩේට මුල් වෙලා තියෙන කෝවිඩ් – 19 කියන වයිරසය නසන ක්‍රමයක් හොයා ගන්න තමයි බටහිර වෛද්‍ය පර්යේෂකයෝ දවල් රෑ නැතුව මහන්සි වෙන්නේ. අපිට වද දෙන වයිරස්, බැක්ටීරියා හඳුනා ගෙන ඒවා නැති කරලා දාන්න මහන්සි වෙන එක බටහිර වෛද්‍ය ක්‍රමයේ මූලික ම ලක්‍ෂණයක්. ඉතින් […]

More >

වගකීම ආණ්ඩුවට පවරලා කොරෝනාවෙන් මිදෙන්න බෑ!

Thursday, March 26th, 2020

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති තමන් මුහුණ දුන් කෝවිඩ් – 19 උවදුරෙන් අත්මිදීමට චීනය සමත් විය. එහෙත් ඉතාලිය ඇතුළු බටහිර රටවල් මෙම සටන තුළ බලවත් අර්බුදයකට මුහුණ පා සිටිති. මේ වන විට අපිදු මෙම වසංගතය නිසා පීඩාවට පත් වී සිටිමු. චීනය මෙම සටනින් ජය ගත්තේ කෙසේ ද, බටහිර රටවල් මුහුණ දී සිටින ගැටලුව මොකක්ද, මේ සියල්ලෙන් අපට […]

More >

දේශප්‍රේමයෙන් කොරෝනාව පැරැද වූ චීන්නු!

Saturday, March 21st, 2020

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති කොරෝනාවේ අවදානම දැන් අපේ රටටත් ඇවිල්ලා. ජනවාරි මාසයේ ඉඳලා චීනයේ කොරෝනාව පැතිරෙද්දි ඒක හැදිච්ච අය ඒ ගමන් ම මැරිලා වැටෙනවා කියලා කියපු අයත් අපි අතර හිටියා. ඒත් අපේ රටේ අය නම් ලෙඩේ හදාගෙන හතර වටේ රෝන්දේ ගහ ගහා අනිත් අයටත් ලෙඩේ දීලා හරි අපූරුවට කකුල් දෙකෙන් හිටගෙන ඉන්න බව අපිට පේනවා. ඉතින් […]

More >

පාර්ලිමේන්තුවේ අතවරයට ලක් වීමෙන් පසු

Sunday, February 16th, 2020

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති පාර්ලිමේන්තුවේ අතවරයට ලක් වීමෙන් පසු … අපේ පාර්ලිමේන්තුවේ අය නිතර නිතර ආරවුල් ඇති කර ගන්නවා. සමහර විට ගහ මරා ගන්නවා. නූගත් කියලා සම්මත ටික දෙනෙක්ගේ නැහැදිච්චකම හින්දා එහෙම වෙන බවක් තමයි මමත් හිතාගෙන හිටියේ. ඒත් ජනවාරි 21 දා සහ පෙබරවාරි 6 දා පාර්ලිමේන්තුවේ දී මම සහභාගී වෙච්ච රැස්වීම් දෙකට ඇවිල්ලා හිටියේ උගත් කියලා […]

More >

23 වැනි ව්‍යවස්ථා සංශෝධනය – ඒ මොකක්ද?

Thursday, February 13th, 2020

වරුණ චන්ද්‍රකීර්ති 23 වැනි ව්‍යවස්ථා සංශෝධනය – ඒ මොකක්ද? 2020 පෙබරවාරි 9 වැනි දා ඉරිදා “දෙරණ 24 – INSIGHT” වැඩසටහනට සහභාගී වී ඉදිරිපත් කළ අදහස් මෙම වැඩසටහනේ දී අවධාරණය කෙරෙන “23 වැනි ව්‍යවස්ථා සංශෝධනය පනත් කෙටුම්පත” පහත සබැඳියෙන් බාගත කර ගන්න පුළුවන්. https://files.fm/u/h7udmumn#/view/23A_Final.pdf

More >

දේශපාලන ස්වයං-වින්දනය

Wednesday, January 22nd, 2020

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති මේ රටේ ජීවත් වෙන සියයට එකකටත් අඩු එක්තරා පිරිසකුත් සියයට 3 කට ආසන්න තවත් පිරිසකුත් දේශපාලන ස්වයං-වින්දනය ඇබ්බැහි වෙලා සෑහෙන අවුලක ඉන්න බවක් පේනවා. “හතේ අපේ පොත” සම්බන්ධයෙන් ඇතිවෙලා තියෙන කලබැලෑනිය එක්කත් මේ කට්ටිය පරල වෙලා. ඇත්තෙන් ම අර සියයට 3 ට සම්බන්ධ අයගෙන් සෑහෙන පිරිසක් නම් අහිංසක මිනිස්සු. ඒත් ඉතින් යමකට […]

More >

හතේ පොතට ලුණු වැඩි වුනාලු!

Tuesday, January 21st, 2020

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති පහුගිය දවස්වල අපේ රටේ මහා ආන්දෝලනයක් ඇති කරපු හතේ අපේ පොත” ගැන සාකච්ඡාවකට මමත් සහභාගී වුනා. අද (ජනවාරි 21 වැනි දා අඟහරුවාදා) ඒ සාකච්ඡාව පැවැත්වුනේ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී. ඒ සාකච්ඡාව කැඳවලා තිබුණේ පාර්ලිමේන්තුවේ අධ්‍යාපන සහ මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්‍ෂණ කාරක සභාවයි කාන්තා සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ ආංශික අධීක්‍ෂණ කාරක […]

More >

අවුලේ මුල

Sunday, January 19th, 2020

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති 1978 සම්මත කරගත්ත දෙවැනි ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මුලින් ම සම්මත කරගනිද්දි ව්‍යවස්ථාවේ සම්පූර්ණ අන්තර්ගතය පරිච්ඡේද 24 ක් යටතේ තමයි පෙළ ගස්වලා තිබුණේ. විධායකයට සහ ව්‍යවස්ථාදායකයට අදාළ ව්‍යවස්ථා සහ විධිවිධාන ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇතුළේ බොහොම පැහැදිළිව පරිච්ඡේදවලට වෙන් කරලා පිළිවෙළකට දක්වලා තිබුණා. විධායකය 7 වැනි පරිච්ඡේදය – ජනරජයේ ජනාධිපතිවරයා 8 වැනි පරිච්ඡේදය – […]

More >

සිවුර

Tuesday, January 14th, 2020

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති වෙන රටවල්වල වගේ ම අපේ රටෙත් අනාගාමික (Atheist) මිනිස්සු ඉන්නවා. ඒ අය අතරින් සමහර අය ඒ බව කියා පානවා. එහෙම කරන එකේ කිසිම වැරැද්දක් නෑ. සමාජයට පොදුවේ හානියක් නැතිනම් යම් කෙනෙක්ට තමන්ගේ අදහස් කියන්න බාධාවක් තිබිය යුතු නෑ. ආගම් අදහන අයට ගැරහීමක් අනාගාමිකවාදය (Atheism) තුළ නෑ. අනාගාමික මිනිස්සු ආගම් ගැන වදවෙන්නේ නෑ. […]

More >

ඔටුවාගේ මරණ සහතිකය

Sunday, January 12th, 2020

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති මේ කතාව පටන් ගන්නේ හැරීගෙන්. හැරී තමයි ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වෙච්ච මුල් ම ඔටුවා. හැරීට ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වෙන්න පොට පෑදුණේ කොන්රාඩ් මෝල්තෙ-බ්‍රැන් (Conrad Malte-Brun) කියන භූ ගවේෂකයා කරපු යෝජනාවක් හින්දා. 1822 අවුරුද්දේ මෝල්තෙ-බ්‍රැන් පුංචි යෝජනාවක් කළා. ඒ යෝජනාවෙන් කියැවුණේ ඕස්ට්‍රේලියාව ඇතුළේ අලුත් බිම් හොයාගන්න” ගවේෂණ වැඩවලට එක එක විදිහේ සත්තුන්ගෙන් උදව් ලබාගන්න පුළුවන් […]

More >

තමිළ්නාඩුවේ බෙංගාලි ගීතය

Saturday, January 4th, 2020

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති ඉන්දියාව කියන රට හදන්න පටන් ගත්තේ 1858 අවුරුද්දේ. ඒ, එංගලන්ත පාර්ලිමේන්තුවේ දී ගවර්මන්ට් ඔෆ් ඉන්ඩියා ඇක්ට් – 1958” කියන පනත සම්මත කරපු දවසේ ඉඳලා. ඊට පස්සෙත් තව තවත් පනත් ගොඩක් සම්මත කළා. හයිද්‍රාබාදය ඈඳගන්න 1948 දී කරපු පෝලෝ මෙහෙයුම” (Operation Polo) වගේ බලහත්කාරකම් පවා කළා. විශාල හමුදා බල ඇණියක් යවලා ඒ හමුදාවේ […]

More >

සාමූහිකත්ව මන්තරය

Friday, December 13th, 2019

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති මිනිසා ස්වභාවයෙන් ම දේශපාලනික සත්ත්වයෙක් කියලා ඇරිස්ටෝටල් කියලා තියෙනවා. අපි නිතර ම වගේ මේ කියමන පාවිච්චි කරනවා. ඉවරයක් නැති නීති රීති, සිරිත් විරිත්, ඇවතුම් පැවතුම් ගොඩක් මැද්දේ මිනිස්සුන්ට ජීවත්වෙන්න වෙලා තියෙන හින්දා තමයි ඒ කියමනට වටිනාකමක් ලැබිලා තියෙන්නේ. මට හිතෙන විදිහට මේ කතාව වෙන විදිහකට කියන්න පුළුවන්. ඒ, මිනිසා ස්වභාවයෙන් ම සංස්කෘතික […]

More >

ආධිපත්‍යය සහ ආයතනික බලය

Thursday, November 21st, 2019

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති ආධිපත්‍යය කියන එක සමාජ කාරණයක් විදිහටත් ජීවිතයට අදාළ කාරණයක් විදිහටත් සළකනවා. ඒ හින්දා ආධිපත්‍යය” කියන එක අස්වභාවික දෙයක් කියලා සළකන්න ඕන නෑ. මේ කාරණයෙන් බලයක්, අධිකාරිත්වයක්, ප්‍රමුඛතාවක් ප්‍රකාශ කෙරෙනවා. සමාජ කාරණයක් විදිහට සළකලා බැලුවාම ආධිපත්‍යය (ඒ කියන්නේ බලය, අධිකාරිත්වය, ප්‍රමුඛතාව) හැම දෙනාට ම සම සේ ලැබෙන්නේ නෑ. ඒක උරුමයෙන්, භාවිතයෙන්, සමාජ සම්මතයෙන් […]

More >

බොඳවුණු ලිබරල් අපේක්‍ෂාව

Sunday, November 17th, 2019

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති 2018 අවුරුද්දේ නොවැම්බර් මාසයේ 23 වැනි දා සිකුරාදා පූර්ව භාග 11:07 ට ගරු විජිත ‍හේරත් මන්ත්‍රීතුමා පාර්ලිමේන්තුවේ දී සභාව කල් තැබීමේ යෝජනාවක් ඉදිරිපත් කළා. ඒ, ගරු කථානායකතුමාත් ජනතා විමුක්ති පෙරමුණේ ගරු මන්ත්‍රීතුමන්ලාත් සහභාගී වුනු සොඳුරු ජවනිකා ගණනාවක් පාර්ලිමේන්තුව තුළ රඟ දැක්වෙමින් තිබුණු දවස් කීපයක්. ගරු කථානායකතුමා පන්දුවක් දැම්මාම ජනතා විමුක්ති පෙරමුණේ ගරු […]

More >

මෙහෙමයි වුනේ – (අටවැනි කොටස)

Thursday, October 3rd, 2019

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති මේ රටේ ලෙඩ්ඩුන්ට වඩා ඉන්නේ වෙද්දු” කියලා වලස් මාමා” කතාවේ එක කොටසක තියෙනවා. ලෙඩක් හැදුනාම ඒකට බෙහෙත් රෙකමදාරු කරන, උපදෙස් දෙන අය කෝටි ප්‍රකෝටි ගානක් ඉන්න හින්දා ඒ කතාව සහතික ඇත්ත බව අපි හැමෝම දන්නවා. හැබැයි ඒ කතාව ඇත්තක් කියලා පිළිගත්ත පමණින් දැන් අපේ රටට ලෙඩ්ඩුත්ගේ හිඟයක් තියෙනවා කියලා කියන්නත් බෑ. මේ […]

More >

ඒකත් අපේ නෑයන්ගේ පක්‍ෂයක්!

Wednesday, September 18th, 2019

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති 1952 අවුරුද්ද වෙද්දි අපේ මිනිස්සු එක්සත් ජාතික පක්‍ෂයට උන්ගේ නෑයන්ගේ පක්‍ෂය” කියලා නමක් පට බැන්දා. ඒකට හේතුවුනේ ඒ පක්‍ෂයේ නායකත්වය සේනානායක – කොතලාවල – ජයවර්ධන පවුල්වලට සීමාවීම. මේ කතාව හදන්න මූලික ම හේතුව වුනේ දොන් චාල්ස් ගෙමෝරිස් ආටිගල මුදලිතුමාගේ දෝණියැන්දලා තුන්දෙනා සේනානායක – කොතලාවල – ජයවර්ධන පවුල් තුනට බන්දලා දීමේ කාරණය. කලින් […]

More >

මෙහෙමයි වුනේ – (හත්වැනි කොටස)

Monday, September 16th, 2019

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති වයස අවුරුදු පනහක් වෙන්නත් තව වැඩි දවසක් නෑ. අපේ පොඩි කාලේ අපිට උපන් දිනේ ගැන වගේ වගක් තිබුණේ නෑ. එක එක ෆෝර්ම කොළ පුරවද්දි අදාළ තැන්වල අපි අපේ උපන් දිනය ලිව්වා. ඒ ඇරෙන්න ඒක ගැන වදවෙන්න තරම් හේතුවක් අපිට තිබුණේ නෑ. ජීවිතේ මුල් ම සහ අවසාන වතාවට මම මගේ කියලා උපන් දින […]

More >

උන්ගේ නෑයන්ගේ පක්‍ෂය සහ සජිත්

Sunday, September 15th, 2019

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති දොන් චාල්ස් ගෙමෝරිස් ආටිගල ඉපැදුණේ 1834 අවුරුද්දේ. ඒ දරුවාගේ ගෙවල් තිබුණේ පිළියන්දල මඩපාත. වයස අවුරුදු 12 ක් තරම් පොඩි කොල්ලෙක් කාලේ පේරාදෙණියේ උද්භිද උද්‍යානයේ වැඩට ගෙමෝරිස් ගියා. අවුරුදු හයක් ම පේරාදෙණිය උද්භිද උද්‍යානයේ වැඩ කරපු ගෙමෝරිස් තමන් කරපු රාජකාරිය ගැන හොඳ දැනුමක් ලබාගත්තා. ඉතින් ඒ හපන්කම ගැන සළකපු ඉංග්‍රීසි ආණ්ඩුව මනුස්සයාව නුවරඑළියේ […]

More >

මෙහෙමයි වුනේ – (හයවැනි කොටස)

Saturday, September 7th, 2019

චාර්ය වරුණ චන්ද්‍රකීර්ති ජේ. ආර්. මහත්තයා සිරි ලංකාව බාරගන්න වෙලාව වෙද්දි මට වයස අවුරුදු අටක්වත් වෙලා නෑ. ඒ සිද්දිය ගැන වැඩි අවබෝධයක් අපිට තිබුණෙත් නෑ. 1977 ඡන්දෙට කලින් නිල්දණ‍්ඩාහින්නේ තිබුණු රැස්වීමට ගිය විත්තියයි, ඡන්දේ දවසේ හා හා පුරාවට තුවක්කුවක් දැකපු සිද්දියයි, ඡන්දෙන් පස්සේ හරස්බැද්ද පන්සලට පල්ලෙහා මාන කැලේ හැංගිලා හිටපු සිද්දියයි විතරයි මට මතක. ඒ […]

More >

මෙහෙමයි වුනේ – (පස්වැනි කොටස)

Sunday, August 18th, 2019

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති ගෙයක් හදනවා කියලා කියන්නේ හැම දෙයක් ම ලෑස්ති කරගෙන ඉවරවෙලා පටන් ගන්න කටයුත්තක් නෙවෙයි. ගෙදර හදන්න ඕන දේවල් ලෑස්ති කරගන්නවා කියලා කියන්නේ ම ගේ හදන්න පටන්ගත්තා කියන එකට. 1981 දී මැටියගනෙන් ඉඩමක් ඇරගෙන ඒකේ කාමර දෙකක පුංචි ගෙයක් හදාගෙන පදිංචියට ආපු එක තමයි අපේ ගේ හැදිල්ලේ ආරම්භය. කාලය ගත වෙද්දි මේ ගෙදරට […]

More >

මෙහෙමයි වුනේ – (හතරවැනි කොටස)

Sunday, August 11th, 2019

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති 1982 අවුරුද්දේ පවත්වපු ජනාධිපතිවරණයෙන් පස්සෙත් අපි හැංගිලා හිටියාට රටේ එහෙමකට කලබලයක් ඇති වුනේ නෑ. දිනලා හිටපු අය ම දිනපු හින්දා එහෙම වෙන්න ඇති. ඉතින් දිනපු අයට උණ වැඩිවෙන්න තරම් හේතුවක් ඇතිවෙච්ච නැති එකත් අපිට හිතාගන්න පුළුවන්. අතරින් පතර උෂ්ණය වැඩිවෙච්ච අය හිටියත් දවසක් දෙකක් යද්දි ඒ අයගේ උණත් බැහැලා යන්න ඇති. ඒ […]

More >

මෙහෙමයි වුනේ – (තුන්වැනි කොටස)

Monday, August 5th, 2019

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති අම්මා තමයි අපේ ගෙදර බුදුන්. අපේ රටේ හැම ගෙදරක ම එහෙම තමයි කියලා අපි හැමෝ ම දන්නවා. ඉතින් අම්මා ගැන කියන්නේ නැතුව අපි ලොකු මහත් වෙච්ච විදිහ ගැන කියන්නේ කොහොම ද? අද මම කියන්නේ අපේ අම්මා ගැන. අම්මායි මමයි ඉපැදිලා තියෙන්නේ එක ම දවසේ. හැබැයි අපේ අම්මා මට වඩා අවුරුදු තිස් තුනක් […]

More >

විනිසුරුට එරෙහිව දැමූ ෆැලෝපීය නාල නඩුව

Saturday, August 3rd, 2019

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති මේ දවස්වල අපේ රටේ වැඩියෙන් ම කතාවට ලක්වුණු මිනිස් ඉන්ද්‍රිය ‍ෆැලෝපීය නාලය කියලා හිතන එකේ වැරැද්දක් නෑ. අපි හැම කෙනෙක් ම වගේ ඒ ගැන කතා කරලා තියෙනවා. මේ ලිපිය ලියන්නේ ඒ කතාවට අත්වැල් අල්ලන්න නම් නෙවෙයි. මේක රට කතාවක්. හැබැයි මේක එසේ මෙසේ රටක වෙච්ච කතාවක් නෙවෙයි. මේ කියන්න හදන සිද්ධිය ඇතිවෙලා […]

More >

මෙහෙමයි වුනේ – (දෙවැනි කොටස)

Wednesday, July 31st, 2019

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති මේ කතාව කියන්න වෙන්නේ අ, ආ, ඇ, ඈ, ඉ, ඊ කියන පිළිවෙළට නම් නෙවෙයි. අපේ ජීවිත අද තියෙන මේ විදිහට හැදෙන්න බලපාපු දේවල් මේච්චරයි කියලා කියන්න බෑ. සිද්දවෙච්ච පිළිවෙළට මේ දේවල් කියන්න ගියොත් ඒ දේවල්වලින් සෑහෙන ප්‍රමාණයක් මග ඇරෙන්න පුළුවන්. අන්තිමට ජීවිතේ එක මානයක් දිගේ විතරක් මේ කතාව කියලා ඉවරවෙයි. එහෙම කරන්න […]

More >

මෙහෙමයි වුනේ – (පළමුවැනි කොටස)

Monday, July 29th, 2019

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති අපේ තාත්තා හොඳ ශ්‍රී ලංකාකාරයෙක්. 1977 අවුරුද්දේ ජූලි මාසේ 21 වැනි දා පාර්ලිමේන්තු මහ මැතිවරණයක් තිබ්බා. ඒ වෙද්දි මට අවුරුදු අටක් සම්පූර්ණ වෙලා නෑ. හැබැයි ඒ වෙලාවේ සිද්දවෙච්ච සමහර දේවල් මට තාමත් මතකයි. අපි ඒ කාලේ හිටියේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ ආසනයට අයති හරස්බැද්ද ගමේ. අපි පදිංචිවෙලා හිටියේ ඉස්කෝලේ ගුරු නිවාසයේමයි. තාත්තා තමයි […]

More >

ජනාධිපති ධූර කාලය අවුරුදු හයයි?

Saturday, July 20th, 2019

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති මේ මාතෘකාව දැක්ක ගමන් අපේ කට්ටිය කලබල වෙන්න පුළුවන්. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිවරයාගේ ධූර කාලය අවුරුදු පහකට අඩු කළා කියන එක නොදන්න කෙනෙක් නැති තරම්. මේ කාරණය තහවුරු කරගන්න හැම කෙනෙක් ම බලන්නේ අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන ජනරජයේ ජනාධිපතිවරයා” ගැන කියැවෙන 30 වැනි ව්‍යවස්ථාව. ඒකට අයිති දෙවැනි අනුව්‍යවස්ථාවේ (ඒ කියන්නේ 30. […]

More >

මම නුසුදුසු ඇයි?

Wednesday, June 12th, 2019

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති ජනාධිපතිවරණය මේ අවුරුද්ද ඉවරවෙන්න කලින් පැවැත්වීමේ විශාල ඉඩක් තියෙනවා. ඒත් මේ ජනාධිපතිවරණයට 2020 කියලා කියන්න අපේ සමහර අය පුරුදුවෙලා. ඒ අය එහෙම කරන්නේ මෝස්තරේට වෙන්න ඇති. මේ කියන්න යන්නේ ඒ මෝස්තර ගැන නම් නෙවෙයි. මේ වතාවේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා කියලා නානාප්‍රකාර අය ඉස්සරහට එනවා. මෙහෙම කියන අය පස්සෙන් යන පිරිසකුත් ඉන්නවා. ඉතින් […]

More >

වඩිගාගමනය

Friday, March 15th, 2019

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති වඩිගාගමනය ගැන කතාව කියන්නම්. දෙමළ භාෂාව කතාකළාට වඩිගයෝ කියලා කියන්නේ දෙමළ ජනවර්ගයක් නෙවෙයි. ඒ අය වැඩිපුර නෑදෑකම් කිව්වේ ආන්ද්‍රා ප්‍රදේශයේ ඉන්න තෙළිඟු මිනිස්සුන්ට. ඒත් කාලයක් තිස්සේ මධුරෙයි නගරයේ ජීවත්වෙච්ච හින්දා ඒ අය කතාකළේ දෙමළ. ඉස්සර විදිහට කියනවා නම් මධුරාපුරය කියලා කියන්නේ පාණ්ඩ්‍ය රටේ අගනුවර. ඒක දෙමළ මිනිස්සු හිටපු රටක්. ඊට අමතර ව […]

More >

තම මුතුන්මිත්තන් කළ අපරාධ වෙනුවෙන් වන්දි ගෙවීමට ක්‍රමයක් සොයාගත් පෘතුගීසි හාමුදුරුවෝ

Sunday, February 3rd, 2019

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති ඈත අතීතයේ ඉඳලා ම අපේ රට බොහොම ප්‍රසිද්ධ වෙළෙඳ මධ්‍යස්ථානයක්. බටහිර ලෝකයේ රෝමයත් එක්ක, ග්‍රීසියත් එක්ක, අරාබි සහ පර්සියානු රටවල් එක්ක වගේ ම නැගෙනහිර ලෝකයේ චීනය සහ අග්නිදිග ආසියාවේ රටවල් එක්කත් අපි ගනුදෙනු කළා. අපේ රට ආසන්නයේ ම තිබුණු දෙමළ මිනිස්සුන්ගේ චෝළ සහ පාණ්ඩ්‍ය රාජ්‍යයන්වලින් වගේ ම තරමක් ඈත උතුරේ තිබුණු කාලිංගයෙනුත් […]

More >

Copyright © 2020 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress