Author Archive for වරුණ චන්ද්‍රකීර්ති

අනේ සීසර් – අපට හිමි දේ දෙන්න

Monday, June 19th, 2017

වරුණ චන්ද්‍රකීර්ති බයිබලයේ මතෙව් 22: 15 – 22 කියන කොටස්වල මෙහෙම කතාවක් තියෙනවා. පරිසිවරුන්ට උවමනා වුනා යේසුස්වහන්සේ ලවා රාජද්‍රෝහී කතාවක් කියවලා උන්වහන්සේ ව කරදරයකට පත්කරන්න. ඉතින් ඒ අය තමන් ගේ ගෝලයන්වත් හෙරෝද්ට පක්‍ෂ ව සිටි අයවත් යේසුස්වහන්සේ ළඟට යවලා සීසර්ට බදු ගෙවන්න ඕන ද නැති ද කියලා උන්වහන්සේගෙන් ඇහුවා. යේසුස්වහන්සේ ඒ අය ගේ දුෂ්ට චේතනාව […]

More >

අරාබියට ගල්ගැසීම

Thursday, June 15th, 2017

වරුණ චන්ද්‍රකීර්ති මුස්ලිම් භක්තිකයන් ඉලක්ක කරගත්ත ආරවුල් ඇතිවෙන්නේ අපේ රටේ විතරක් නෙවෙයි. ඇමෙරිකානු ජනපද සංගමයේත්, ප්‍රංශයේත් නිතර ම මේ විදිහේ අවුල් මතුවෙනවා. මෑතක ඉඳලා මියන්මාරයේ බංග්ලාදේශ දේශසීමාව ආසන්නයේ ඉන්න මුස්ලිම් ජනතාව සම්බන්ධයෙනුත් ආරවුලක් ඇතිවෙලා තියෙනවා. අපේ රටෙත් මුස්ලිම් අය ගේ දේපලවලට පහරදීම්, පෙට්‍රල් බෝම්බ ගැසීම් වගේ දේවල් සිද්දවෙනවා. හටපු ගමන් මේ ආරවුල් දුරදිග යන වෙලාවලුත් […]

More >

රෝද තුනේ ආණ්ඩුව

Friday, June 9th, 2017

වරුණ චන්ද්‍රකීර්ති දැන් අපේ රට ආණ්ඩු කරන්නේ විධායකයයි ව්‍යවස්ථාදායකයයි අධිකරණයයි කියන දැති රෝද තුනෙන් සැකසුණු යාන්ත්‍රණයකින් කියලා කියනවා. ඒ විදිහට ගත්තම මේ තියෙන්නේ රෝද තුනේ ආණ්ඩුවක් කියලා කියන්න පුළුවන්. මේ රෝද තුන කැරැකෙන්න ඕන විදිහ ගැන ව්‍යවස්ථාවෙන් කියනවා. කොහොම හරි කැරැකෙන විදිහේ අවුලක් තියෙනවා කියලා දැනෙන හින්දා යලට වගේ ම මහටත් මේ ව්‍යවස්ථාව සංශෝධනය කරනවා. […]

More >

සූරියවැවේ සිංහ කුසලානය

Friday, June 2nd, 2017

වරුණ චන්ද්‍රකීර්ති ජාත්‍යන්තර බෙරවාදන සහ වෙස්මුහුණු උත්සවයක් පැවැත්වීමෙන් අපේ සංස්කෘතික උරුමයන් ඉස්මතු කරවීමටත් ඒ හරහා විශාල ප්‍රමාණයකට ජීවනෝපාය මාර්ග උදාකරගැනීමටත් අවස්ථාවක් සළස්වලා දෙන්න පුළුවන් කියලා මෙයට පෙර ලියූ ලිපියෙන් කිව්වා. ඒක හුදෙක් ම ප්‍රාථමික මට්ටමේ යෝජනාවක් විතරයි. ඒක ඇත්තක් කරගන්න කළ යුතු වැඩ විශාල ප්‍රමාණයක් තියෙනවා. කලින් ලිපියකින් කියපු විදිහට උගතුන් සංවිධානගත වෙන්න ඕන මේ […]

More >

රොයිටර් ගේ චීන කොළණිය

Sunday, May 21st, 2017

වරුණ චන්ද්‍රකීර්ති ෴ 1977 අවුරුද්දේ යුනෙස්කෝ සංවිධානය කොමිසමක් පත්කළා. ඒකේ ලොක්කා විදිහට පත්කළේ 1974 දී නොබෙල් සාම තෑග්ග දිනාගත්ත ශ්වොන් මැක්බ්‍රයිඩ් ව. මේ කොමිසම පත්කරන්න හේතුවුනේ ඇමෙරිකානු ජනපද සංගමයත් බ්‍රිතාන්‍යයත් ප්‍රංශයත් මුල්කරගත්ත ප්‍රවෘත්ති ඒකාධිකාරියට විරුද්ධ ව ඇතිවෙච්ච කලබලය. මේ කලබලය ගැන කියන්න කලින් තව පොඩි කාරණයක් පැහැදිළිකරන්න ඕන. යුනයිටඩ් ස්ටේට්ස් ඔෆ් ඇමෙරිකා කියන එක සිංහලෙන් […]

More >

සිහින නොදකින ජාතිය ලොවැ නො නඟී!

Saturday, May 20th, 2017

වරුණ චන්ද්‍රකීර්ති දවල්ට නින්ද යන්නේ නැති ලෙඩක් මේ ලේඛකයාට තියෙනවා. මේක පොඩි කාලේ ඉඳලා ම එක දිගට ම තියෙන ලෙඩක්. දවල් නිදා නොගත්තාට හීන දකින්න බැරිකමක් නෑ. ඉතින් හොඳින් ඇස් ඇරගෙන මහ දවාලේ හීන දකින හැකියාව මේ ලේඛකයා උරුම කරගෙන. මමත් මිනීමරුවෙක්”, නළාවේ අයිතිය හොඳහිතට”, බස් කඩ දෙකක් සහ දුම්රිය කඩයක්”, දකුණු ලකේ අගනගරේ – […]

More >

නළාවේ අයිතිය හොඳහිතට!

Saturday, March 18th, 2017

වරුණ චන්ද්‍රකීර්ති හැඳින්වීම අපේ රටේ තරම් ප්‍රශ්න තියෙන තවත් රටක් මේ ලෝකයේ තියෙනවා කියලා හිතන්න අමාරුයි. මිනිස්සු කාට කාටත් ප්‍රශ්න තියෙන එක ඇත්ත. ඒත් මිනිස්සු ඒ ප්‍රශ්නවලට විසඳුම් හොයාගන්නවා. එහෙම නැතිව කාකොටාගන්නවා කියන්නේ තියෙන ප්‍රශ්න තව තවත් අලුත් කරගන්න එකයි, නැති ප්‍රශ්න ඇති කරගන්න එකයි. අපේ රටේ තියෙන මේ අවුල ගැන අමුතුවෙන් කියන්න ඕන නෑ. […]

More >

පෙරදිගට ගමනක් – 26 මකර ලෝකයට ඇතුළුවීමට පෙර

Monday, August 8th, 2016

වරුණ චන්ද්‍රකීර්ති මේ ලිපි පෙළේ මුල් භාගයෙන් හඳුනාගත්ත විදිහට ඉන්දියාව කියලා හදලා තියෙන රටේ සමාජ සංස්කෘතික නිමැවුම් පෝෂණය වෙලා තියෙන්නේ පර්සියානු, මූගල්, තුර්කි, අරාබි සංස්කෘතික ප්‍රවාහවලින්. ඒ විදිහට දායාද කරගත්ත දේවල් යම් ආකාරයකින් ඉන්දියානුකරණයකට ලක්වෙලා තියෙන බව ඇත්ත. ඒත් අපේ සංස්කෘතිය වැඩියෙන් නෑකම් කියන්නේ බෞද්ධ උරුමයන්ගෙන් පෝෂණය වුනු සමාජවලට. අවුරුදු පන්සියයකට වැඩි බටහිර බලපෑම පවා […]

More >

පෙරදිගට ගමනක් – 25 – නාගාර්ජුන නොතැකූ චිරස්ථිතිය

Tuesday, August 2nd, 2016

වරුණ චන්ද්‍රකීර්ති ථෙරවාදී කලාපයේ අපි එකිනෙකා අතර බෙදා හදාගත්ත ප්‍රධාන ම – ඒ වගේ ම වැදගත් ම; දේ තමයි අපේ ආගම. ඒ කියන්නේ ථෙරවාදය. මේ කලාපයේ බෞද්ධ අපි හැමෝ ම මූලික වශයෙන් ථෙරවාදය පිළිගන්නවා. ඒ අනුව කටයුතුකරනවා. දැන් දැන් ඇතැම් අය ඒ සම්බන්ධයෙන් – එහෙම නැතිනම් ථෙරවාදයේ තියෙනවා කියලා ඒ අය හිතන අඩුපාඩු සම්බන්ධයෙන්; විවිධ […]

More >

පෙරදිගට ගමනක් – 24 – හරියට ම හරි අවුරුද්ද …

Monday, July 25th, 2016

වරුණ චන්ද්‍රකීර්ති ථෙරවාදී කලාපයේ ඉන්න අපි හැඩරුවින් එකිනෙකාට වෙනස් වුනත් අපි අපි අතර බෙදා හදාගත්ත දේ අපමණයි. මේ හැම බෙදාහදා ගැනීමකට ම මුලින් තියෙන්නේ ආගමික හා ශාසනික කටයුතුවලට සම්බන්ධ දේ බව ඇත්ත. ඒත් කලින් කිව්වා වගේ ආගමික දේ, ශාසනික දේ හුදකලාව, අනෙක් සංස්කෘතික දේවලින් බැහැර ව බෙදා හදාගන්න බෑ. ඉංග්‍රීසි යටත්විජිත කාලයේ මේ රටට හින්දු […]

More >

පෙරදිගට ගමනක් – 23-නිශ්ශංකමල්ල නම් ඒ බෑනා …

Sunday, July 17th, 2016

වරුණ චන්ද්‍රකීර්ති මේ දක්වා කියපු කරුණුවලින් පැහැදිළි වන දේ තමයි අපේ ථෙරවාදී කලාපය ඇතුළේ සිදුවෙච්ච ගනුදෙනු, සංස්කෘතික හුවමාරු කරගැනීම් ආදීයේ ස්වභාවය. චෝල ආක්‍රමණයට කලිනුත්, චෝල ආක්‍රමණයෙන් පස්සෙත් මේ ගනුදෙනු, යාම් ඊම් සිද්දවෙලා තියෙනවා. ක්‍රිස්තු වර්ෂ 993 විතර ඉඳලා ක්‍රිස්තු වර්ෂ 1070 විතර දක්වා තිබුණු චෝල පාලනයේ දී මේ සම්බන්ධකම් බිඳවැටෙන්න ඇති. ඒත් මහා පරාක්‍රමබාහු රජතුමා […]

More >

Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress