ඉන්දු-ශ්‍රී ලංකා ගිවිසුම අප පිළිගත යුතු ද? මෙය කොන්ත්‍රාත්තුවක් වශයෙන් බැඳීමක් ඇති ගිවිසුමක් ද?
Monday, August 24th, 2009ආචාර්ය සෙල්ලකපු එස්. උපසිරි ද සිල්වා
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති ෙජ්. ආර්. ජයවර්ධන මහතා සහ ඉන්දියානු ජනරජයේ අගමැති අතිගරු රජීව් ගාන්ධි මහතා කොළඹ දී 1987 ජුලි 29 දින ඉන්දු-ශ්‍රී ලංකා ගිවිසුමට අත්සන් තැබුවේ ශ්‍රි ලංකාවේ සියලූ ජනකොටස් හි ආරකෂාව, සුභසිද්ධිය සහ සමෘද්ධිය වෙනුවෙන් සාමය සහ සාමාන්‍යත්වය ස්ථාපිත කිරීම මගින් සියලූ ජනවාර්ගික ගැටලූ විසඳීම [...]