“මිහිඳු සඳ” පොසොන් කළාපය 2014
Posted on June 15th, 2014

siri Bandara

මහින්දාගමනය සිදුවූ පින්බර පොසොන් මංගල්යය එක්සත් රාජධානියේ වෙසෙන ශ්රී ලාංකිකයන්ට ඉතාම ඉහලින් සැමරීමට “මිහිඳු සඳ” නමින් පොසොන් කළාපයක් මේ වනවිට ලහි ලහියේ සූදානම්වෙමින් පවතී. බොහෝ බෞද්ධාගමික කටයුතු මෙරට බෞද්ධ විහාරස්ථාන කේන්ද්ර කර ගනිමින් සිදුවූවත්, “මිහිඳු සඳ” පොසොන් කළාපය විහාරස්ථානයක අනුග්රහයක් නොමැතිව සංවිධානය වීමවිශේෂත්වයකි. සාමාන්යයෙන් ශ්රී ලංකාවේදී පොසොන් උත්සවය සැමරීමේදී විවිධාකාර අංගගණනාවක් එහි අලංකාරත්වය ත්රීව්රර කිරීමට එක් කර ගත්තත් එංගලන්තයේදී ඒ සඳහා ඇතිඉඩකඩ සීමා වීම නොවැළැක් විය හැක. ඒ සඳහා විව්ධ හේතු කාරණා බලපාන බව අප කවුරුත්හොඳින් දන්නා කරුණකි.

විශේෂයෙන් මෙරට වෙසෙන බොහෝ දෙමාපියන්ට සහ පාසල් වයසේ පසුවන දරුවනට අත් විඳින්නටසිදුවන ඛේදවාචකයක් නම් වෙසක් සහ පොසොන් උළෙල ශ්රී ලංකාවේදී එලෙසින්ම දැක බලා ගන්නටඑහි යාමට අවස්ථාව නොලැබීමයි. එයට මූලිකම හේතුව නම් මෙ රටේ පාසල් වල වසරාවසාන විභාගපැවැත්වෙන්නේ එම කාල වකවානුවේ වීමය. මේ හේතුවෙන් අපේ දේ අපේ දරුවනට එලෙසින්ම දැකබලා ගන්නට ලැබෙන අවස්ථාව මග හැරී යයි. මේ සියල්ල සැලකිල්ලට ගනිමින් “මිහිඳු සඳ”සංවිධායක මණ්ඩළය යට කී කාරණා සියල්ල අභියෝගයට ලක් කරමින් ශ්රී ලංකාවේදී අප දකිනපොසොන් උත්සවයක් මෙන් ඉතා උසස් මට්ටමකින් සියළුම දෑ එක් කොට ඔබ වෙතට ගෙන එන්නටමෙවර සූදානම්.

බුද්ධ චරිතය පිළිබිඹු කෙරෙන දර්ශණීය තොරණ, විචිත්රවත් පහන් කූඩු සහ සැරසිළි, දන්සැල, බැතිගී ගයනා සහ මිහින්තලා අනුරුව ආදී බොහෝ දෑ “මිහිඳු සඳ” පොසොන් කළාපය තුලින් දැක බලාගත හැක. විශේෂයෙන් කුඩා දරුවනට පොසොන් උත්සවය සහ එහි ඇති වැදගත්කම විස්තර කෙරෙනපරිදි විශේෂ ධර්ම දේශණයක් සහ තොරණේ විස්තරය ඉංග්රිසි බසින් විස්තර කිරීමටත් කටයුතුයොදා ඇත.

ලන්ඩන් නුවරින් මඳක් බැහැර Watford ප්රදේශයේ Woodside Community Centre,48 The Brow, Garston, Watford WD25 7ET හිදී මේ මස 16 වෙනි ඉරිදාසවස 5.00 සිට 10.30 දක්වා මෙය පැවැත්වෙන අතර සැබෑ පොසොන් උළෙලක සිරි අසිරි විඳගන්නට ඔබේ පවුලේ අය සහ සිත මිතුරන් සමඟ එක්වන මෙන් සංවිධායක මණ්ඩළය බැති සිතින්ආරාධනා කර සිටී. වැඩි විස්තර සඳහා 07939030252, 07712519780 අංකයන් ඇමතීමෙන් ලබා ගතහැක.

අපේ සූදානම පහත පින්තූර සහ වීඩියෝව මගින් දැක බලා ගන්න
http://www.youtube.com/watch?v=m5qrYUjNkm4&sns=em

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress