දත් දොස්තරෙක් අළුත්ගමට කලදේ නොහොත් සිංහලයින්ට නායකයෙක් නැතිවීම
Posted on June 22nd, 2014

චන්ද්‍රසිරි විජයවික්‍රම

           “තොපිටත් රජෙක් ඇත කුහුඹුවනේ…”
        “වැටත් නියරත් ගොයම් කෑ නම් කාට කියමිද ඒ අමාරුව”

    මීට පෙර බාර් ඇසෝසියේෂන් ලොක්කන් ගැන මා ලියූ කෙටි සටහනේ උපුල් ගොයියලා ගේ “නූගත්” කම හා උසාවියට බඩගෑම ගැන සඳහන් කළෙමි. ලංකා වෙබ් අඩවියට මේ ගැන ලියූ පාඨකයෙක් පෙන්වා දුන්නේ උපුල් ගොයියා ඇඩ්වාන්ස් ලෙවෙල් වැඩ හතරම අසමත් වූ කෙනෙක් බවය. නීති ව්ද්‍යාලයේ තරා තිරමද මෙයින් මැණ ගත හැකි නොවේද? මේ ගිරවුන් බඩගෑමෙන්ම මාලයක් හා ත්‍රී පීස් සූට් දමා ගන්නවා නොවේද? මෙවැනි අය පොරකා තනතුරු ලබා ගැනීමද ලෝක ස්වභාවය ය. මේවා ගැන ඥානසාර හාමුදුරුවන් මෙන් ශුද්ධ සිංහල භාෂාවෙන් මිස කොළඹ කළු සුද්දන්ගේ ඉංග්‍රීසියෙන් ලිවීමේ තේරුමක් නැත කියා මට දැන් වැටහී ඇත.

    මේ දෙවන සටහනෙන් මා පෙන්වා දීමට අදහස් කරන්නේ සිංහල බෞද්ධයින්ට නායකයෙක් නැතිවීම හා දත් ගලවා ජීවත්වූ අයෙක් දේශපාලනයට රිංගා ගෙන ලංකාවට කරන විනාශය ගැනය. රජිතා සේනාරත්න කියන්නේ මාක්ස්වාදී, චන්ද්‍රිකාවාදී, රනිල්වාදී සිංහල කොටියෙක් වූ බව හැමදෙනාම දනිතත්, ඔහු 2005 දී මහින්ද රාජපක්‍ෂට කුණු බැනුම් කලත් ඔහු දැන් මහින්ද රාජපක්‍ෂ අතවැසියෙක් වී සිටී. මහින්ද රජිතාව පාවිච්චි කරනවාද, රජිතා මහින්දව පාවිච්චිකරනවාද කියා කීමට අමාරුය. ඥානසාර හාමුදුරුවන් සිය දේශනයෙන් පෙන්වා දුන්නේ රජිතාගේ උපදෙස් මත අළුත්ගම පොලිස් ලොක්කා මුස්ලිම්වරුන්ට පක්‍ෂපාතව ක්‍රියාකරන සිංහල මොහම්ඩ් කෙනෙක්ව ඇති බවය. මෙය ගෙරි මස් හා අරක්කු සංස්කෘතියකි.  මුස්ලිම් තරුණයින්ට පොසොන් පෝය දවසේ ගමේම හාමුදුරුවන්ට පහර දීමටත්, සිංහල ජනයා තුල පොලිසිය ගැන බලවත් කලකිරීමක් ඇතිවීමට හා තමන්ගේ රටේ දැන් තමන් අසරණවී ඇතැයි යන හැඟීමක් ඇතිවීමටත් හේතුව රජිතාගේ මුස්ලිම් චන්ද කෑදර කමය. ඒ අස්සේ අනුර කුමාර මුස්ලිම් තලිබාන්ලාට කියන්නේ ගැහුවොත් ගහන්න කියාය. අරාබි තෙල් සල්ලිවල බලය එතරම් දුරට පැතිරී ගොස් ය.

    චන්ද බලාගෙන මුස්ලිම් පස්ස ලෙවකෑමත් සුළු ජාතීන්ට අසාධාරණයක් නොකිරීමත් එකක් නොව දෙකක් ය. මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව මුස්ලිම් වරුන්ට පක්‍ෂව හා සිංහල ජනයාට අවාසි වන ආකාරයට ක්‍රියා කිරීම දැන් හොඳටම එලිදරව්වී ඇති කාරණයකි. බැසිල් විසින් විල්පත්තු ඉඩම් දී ඇති ආකාරයත්, ජනාධිපති විසින් කුරගල පුරාවිද්‍යා කැනීම් නතර කිරීමට අණ කිරීමත් වෙන රටක නම් ජාති ද්‍රෝහී ක්‍රියා ලෙස තනතුරෙන් ඉවත්කර හිරේ දැමීමට තරම් බලවත් වැරදිය. දෙදෙනාම රටේ නිතිය කඩකර ඇත. මෙවැනි ක්‍රියා අවම වශයෙන් බලන විට හිතුවක්කාර අමනෝඥ ක්‍රියා ය. මෙවැනි ක්‍රියා කල ජේ ආර්, ප්‍රේමදාස, චන්ද්‍රිකා හා රනිල් ලංකා ඉතිහාසයේ තම නම කැත කර ගත් අයය. ඥානසාර හාමුදුරුවන් පෙන්වා දුන් පරිදි හැම සිංහල ඇමතියාම දැන් කරන්නේ දෙමල හා මුස්ලිම් ජතිකයින්ගේ දුක් ගැනවිලි ගැන කතා කිරීම ය. සිංහලයා ගැන කතා කරන්නට කෙනෙක් නැත. අළුත්ගමදී රජිතා කර ඇත්තේ ද මෙය ය. මුස්ලිම් තරුණයින් හෙල්මට් දාගෙන යන්න අකමැති නිසා පොලිසිය අහක බලාගන්නේ රජිතා මොහම්ඩ් පොලිස්කාරයාට දුන් උපදේශයක් නිසා බව ප්‍රදේශයේ ජනයා විශ්වාස කරණ බව ඥානසාර හිමියෝ පෙන්වා දුන්නේය. මුස්ලිම් තරුනයින්ට උඩ හා යට කියා හෙල්මට් දෙකක්ම අවශ්‍ය නැතැයි රජිතා තීරණය කර ඇතැයි ජනයා විහිළුවක්ද ගොතා ඇත.

    සෝම හාමුදුරුවන්ගේ දෑවැද්දේ බලයෙන්, නූලෙන් බේරී, 2005 දී ජනාධිපතිවූ මහින්ද මහතා දැන් ගයන්නේ පුදුම සිංදුවකි. ඔහු ඉන්ටර්ෆේත් සගයෙක් හා බහු ජාතික ඉත්තෙක් බවට පත්වී ඇත. සිංහල ජාතිය හිත හොඳ ගෑණියෙක් වගේ හැමදාමත් හිරිහැර ව්න්ඳා නේද කියා ඔහුට අමතකව ඇත. බලු නොවටින දේශපාලන පක්‍ෂ හා දේශපාලක හොරුන් ඉදිරියේ ඉතිරිව සිටින එකම පුද්ගලයා වශයෙන් ඔහු දැන් එරී ඉන්නා මඩ ගොහොරුවෙන් ගොඩ ඒමට ඔහුට තවමත් ඉඩ ඇත. විමල් වීරවංශගේ යෝජනා 12 මීට හොඳ අවස්තාවක් ද විය හැකිය. ලෝකයේ සිදුවෙන ක්‍රිස්තියානී හා ඉස්ලාම් අන්තවාදී ව්‍යාපාර ඉදිරියේ, ලංකාවේ සිදුවෙන ව්‍යාපාර ගැන ඔහු නිහඬව සිටීම අදහා ගත නොහැකි ප්‍රහේලිකාවකි. අද ලංකාවේ සිංහලයින්ට නායකයෙක් නැතැයි කියා ඥානසාර හමුදුරුවන් කීවේ මේ නිසාය. වරක් ඇමෙරිකන් ලනු කා අමාරුවේ වැටුන සරත් ෆොන්සේකා ද ලඟදී කිව් ආකාරයට මුස්ලිම්, කොලඹ දෙමල හා ක්‍රිස්තියානි චන්ද වලට කෙල හලමින් ගෙන සිංහලයාගේ ප්‍රශ්න යටගැහීමෙන් සිංහල බෞද්ධ චන්ද නැතිවී යාමේ අවදානම බොදු බල සේනාව විසින් රාජපක්‍ෂ ආණ්ඩුවට පෙන්වා දී ඇත. 

    ඥානසාර හාමුදුරුවන්ගේ කතාවෙන් ජාතිවාදය හා අළුත්ගම ගිනිගත්තා කියා රනිල් වික්‍රමසිංහගේ සිට හැම දේශපාලන කොල්ලන් බල්ලනුත්, දයාන් ජයතිලක වැනි ක්‍රිස්තියානි-මාක්ස්වාදී කළුසුද්දනුත් මොර දෙයි. මේ සියළු දෙනාත් ත්‍රිමාන කියනා වැඩ සටහනකට ආ කළුතර මුස්ලිම් නීතීඥයෙකුත් තමන්ගේ අඳෝනාව පටන් ගන්නේ තමන්ට වාසිවන තැනේ (සිද්ධියේ) සිටය. මේ නිසා බුද්ධාගමේ කියන හේතු ඵල නියාමයට අනුව මේ ගැන විමසා බැලීමට මට සිතුනේ කිරම විමලජෝති හාමුදුරුවන් මෙන් නොව කඩුවක් හෝ බෝම්බයක් වෙනුවට වචනයෙන් ඒ ආයුධ කාර්‍යය කිරීමට ඥානසාර හිමියන්ට ඇති හැකියාව මා අගේ කරන නිසාය.
    
    විමලජෝති හාමුදුරුවන් අවුරුදු දෙකක පමණ කල කරුණාවන්ත ඉල්ලීම් නිසා තබා මහානායක හිමිවරුන් 2009 සිට හෝ සංඝාධිකරණයක් ඉල්ලා අවුරුදු 60 ක සිට කල ඉල්ලීමවත්, බෞද්ධ ශාසන කොමිසම් වාර්‍තා දුසිමකින් පමණ කල ඉල්ලීම් වත් හොර බෞද්ධ දේශපාලකයින් ගණන් ගත්තේ නැත. මෙහිදී ප්‍රධානම වැරදි කරු සෝම හාමුදුරුවන්ගේ දෑවැද්දෙන් නූලෙන් බලයට ආ මහින්ද රාජපක්‍ෂ මහතා ය. දෙවන රාජසිංහ රජු මලයාලම් ගුරන්ට හසුවී පන්සල් කැඩුවා වගේ නූවූ වත් ඉන්ටර්ෆේත් මඟුලක් හා බහු ජාතික සමයමක් නිසා අන්දව සිටිනා මහින්ද මහතාගේ ක්‍රියාකලාපය ගැන නුවර මහානායක හාමුදුරුවරු කෙතරම් කලකිරී සිටිනවාද යන්න උන්වහන්සේ බොදු බල සේනාවේ සහාය පැතීමෙන් එලි විය. ලංකාව හා ආසියාව ක්‍රිස්තියානි කිරීමේ දේව ඒජන්ට් වන් පෝප්ට සිංහල බෞද්ධ ජනාධිපති කෙනෙක් ලංකාවට එන ලෙස ආරාධනා කරන්නේ අංගුලිමාල දමනයක්ට ද? නුවර කාර් රේස් නොතබන ලෙස කල ඉල්ලීම වත් ලබා ගැනීමට මහානායක හාමුදුරුවන්ට නොහැකි විය. වැලිවිට සරණංකර හාමුදුරුවන් රජුගෙන් පන ගලවා ගෙන පැන ගියේ රට ජාතිය වෙනුවෙන් ක්‍රියා කරණ විට විමලජෝති හාමුදුරුවන් ගේ ක්‍රමය වැඩක් නැති බව ඒ කාලයේ පවා පැහැදිලි සිද්ධාන්තයක් වූ නිසාය. 1956න් පසු නතර කල කොළඹ රේස් කෝස් එක වගේ කාර් රේස් පොලක් හම්බන්තොට හදාදීම මිස දළදා මාළිගාව වටේ කාර් වලින් ශබ්ද පූජා දීම බෞද්ධ යයි කියා ගන්නා ජනාධිපති කෙකෙකුට නොවටී.

    ධර්‍මපාලතුමාට ඒ කාලයේ සුද්දන්ට පර සුද්දා කියන්නටත්, කළු සුද්දන්ට ගොන් වස්සා කියන්නටත් භයක් නොතිබුණා නම් දැන් ඉන්නා ගොබ්බ ඇමතිලාට පරයින්, සක්කිලින් කීමට තහනමක් නැත්තේ ජේ ආර් ගේ බහුභූත නොහොත් බලු ක්‍රමය යටතේ ඇමති නාම්බන් හැසිරෙන්නේ ඉතාමත් පහත් විධියට නිසාය. නම්බුකාර ලෙස සැලකිය හැකි නමුබුකාර ඇමතිලා නැත්තේ පක්‍ෂ අපේක්‍ෂක ලැයිස්තුවට නම දාගන්නේ හොරුන්, කසිප්පුකාරයින්, ස්ත්‍රී දූෂකයින් වැනි අය නිසාය.

    දත් දොස්තර රජිතා ඒ කාලයේ (1958-1970) ආර් ප්‍රෙමදාස මෙන් බෝක්කු කටක් තිබුන අයෙකි. රාජපක්‍ෂ ආණ්ඩුව යටතේ ලබාදී ඇති වරප්‍රසාද අනුව අලෙවි මවුලානා වැනි අය “ගව ඝාතන පින්කම්” ගැන නිල ලියුම් නිකුත් කරන අතර අනිත් අය සෝම හාමුදුරුවන් හා අනාගාරික ධර්‍මපාලතුමා පෙන්වා දුන් පරිදි ලංකාව මුස්ලිම් ජනපදයක් කරගැනීමට ලහි ලහියේ ක්‍රියා කරමින් සිටී. ඒ කාලයේ ඔවුන්ගේ මුතුන් මිත්තන් කසාද බැන්දේ කුසුමාවතීලා, ආරියවතීලා කියා අසාද් සාලී බොරුවට කියන මුත් දැන් කාලයේ එක මුස්ලිම් කෙල්ලෙකුටවත් සිංහල කොල්ලෙක් කසාද බැඳීමට ඉඩක් නොදෙන බව ගැන සාලිලා නිහඬය. මුස්ලිම් ආයතන වලට සිංහල ගෑණු ලමයි අරගෙන මුලිම් කොල්ලන්ට මාට්ටු කරදීම එලි කරන්නේ නැත. මේ අනුව ඒ කාලයේ මර්‍වින් සිල්වා මුස්ලිම් ගැහැනියක් කසාද බැන්දේ මැර බලය පෙන්වා විය හැකිය.

    ඔලුවිල් ප්‍රකාශයට පෙර සිටම හා මුස්ලිම් කොන්ග්‍රස් නමින් ජාතිවාදී පක්‍ෂයක් පිහිටුවාට පසුව ලංකාවේ ගමක් ගමක් පාසා අන්තවාදී තලිබාන්-වහබී කල්ලි සම්ප්‍රදායික මුස්ලිම් ජනයාට බලපෑම් කරන බව මේ ආණ්ඩුව දන්නේ නැතය කියා මම නොසිතමි. මා මෑතකදී මාස හයක් ලංකාවේ රස්තියාදුවන කාලයේ දෙහිවල රූබන් මාවතේ ගේකට යන විට පුදුම අන්දමට මුස්ලිම් ජනපදයක් වී ඇති ඒ පැත්තේ පාරවල් අවහිරවන ලෙස මුස්ලිම්කාරයින් මෝටර් බයිසිකල් හා කාර් නවතා ඇති හැටි දුටුවෙමි. මා ගිය සිංහල ගෙය අසරණව සිටිනු මම දුටුවෙමි. හේතුව නගර සභාවේ බලය මුස්ලිම් සල්ලිවලින් අල්ලාගෙන තිබීමය. මෙහිදී තවත් මගේ අත්දැකීමක් සඳහන් කල යුතුය. මා බස් එකෙන් ගාල්ලේ සිට අකුරැස්සට යන විට තරුණ මුස්ලිම් කාන්තාවක් මගේ ලඟින් ඉඳගත්තේය. ඇයව කතාවට අල්ලාගත් විට ඇය මට කිව්වේ ඇය මුස්ලිම් නිසා ආණ්ඩුවේ කන්තෝරුවකදී නොසැලකූ බවය. සිංහල අයටත් මේ කන්තෝරුකාරයින් සලකන්නේ එසේ බව මා ඇයට පෙන්නා දුන්නේ පගාවක් ලබා ගැනීමට ජාතියක් නැති නිසාය. එසේ සලකන්නේ තමන් මුස්ලිම් නිසාය කියා හිතාගෙන ගිය විට සත්‍යය යටවී ජාතිවාදය මතුවන බව මේ කන්තාවට සිතා ගත නොහැක්කේ ඇයව බ්‍රේන් වොස් කර ඇති නිසාය. මේ කාන්තාව මෙසේ සිතන්නේ ගාල්ල පැත්තේ මුස්ලිම් අන්තවාදීන්ගේ එක් එක් ගේ මට්ටමෙන් ගෙන යන ප්‍රචාරක වැඩ නිසා බව මට වැටහින. මේ බව මහින්ද රාජපක්‍ෂ මහතා වැනි අයට නොවැටහෙනවා නොවේ. ඔවුන් බලයේ සිටීමේ ගිජු කෑදරකමින් වෙලී සිටීම නිසා දුර දිග වෙනුවට කෙටි වාසිය ගැන පමණක් සිතීමය. අම්පාරේ රජයේ කන්තෝරුවක සිංහල නිලධාරියෙක් මට කිව්වේ ඒ පලාතේ පුදුම අන්දමට මුස්ලිම් ඒකාධිපතිත්වයක් ගොඩ නැගෙමින් පවතින බවය.

    මෙම පසුබිම යටතේ    අළුත්ගම සිද්ධිය ආරම්භවුයේ හාමුදුරු කෙනෙකුට “හිරිහැර කිරීම” කියා ඇත්ත යට ගැසීම පුදුමයට කරුණක් නොවේ. නියම ආරම්භය මුස්ලිම් කඩකාරයෙක් මව සමඟ ගිය සිංහල පිරිමි ලමයෙකුගේ ලිංගයේ කොණ මිරිකීමත් ඒ ගැන පොලිසිය ක්‍රියා නොකිරීමත් ය. කඩකාරයාගේ පැත්ත ගත් පොලිස් මොහමඩ් ඒ ගැන ක්‍රියා කලොත් ජාතිවාදය ඇවිස්සෙන්නට පුළුවන් කියා නිහඬවූයේ රජිතා සමඟ කතා කිරීමෙන් පසුව විය හැකිය. ආර් ප්‍රේමදාස බෝම්බයෙන් මිය ගිය විට එය දෙමල සේවක බාබුගේ වැඩක්ද කියා එලිවීම වැලැක්වීමට ඉක්මණින්ම එම ස්ථානය සෝදා පිරිසිදු කලේ ජාතිවාදී කලබල ඇතිවිය හැකිය යන බය නිසාය කියා රාජන් හූල් ගේ පොතේ කියා ඇත. මේ අකාරයට ලංකාවේ මුස්ලිම් අයට වෙනම නීතියකුත් සිංහල අයට වෙනම නිතියකුත් ක්‍රියාවේ යොදවන බව ඥානසාර හාමුදුරුවන් පෙන්වා දී ඇත. පොලිසියෙන් ක්‍රියා නොකරන විට පන්සලට ගියවිට පන්සලේ හාමුදුරුවන්ට නඩුවක් දැමීමට යන සිද්ධියක්ද ඥානසාර හාමුදුරුවෝ සඳහන් කලේය.

    ඥානසාර හාමුදුරුවන්ගේ දේශන වලින් කරන්නේ 1948 ට පසුවත් දැනුත් පවතින දේශපාලන ක්‍රමය යටතේ සිංහලයාට, සිංහල බෞද්ධයාට සිදුවන අසාධාරණය පෙන්වා දීමය. සෝම හමුදුරුවන් මෙය කලේ බණ දේශනා මඟින් බණ මඩු වලය. නමුත් ඥානසාර හාමුදුරුවන් එය කරන්නේ මහජන දේශපාලන වේදිකාවේය. එහිදී නිද්‍රාශීලීව සිටිනා හා නියම සත්‍යය නොදන්නා මිනිසුන්ට එය ඔවුන්ට තේරෙන් භාෂාවෙන්ම කියා දීම උන්වහන්සේගේ කාර්‍යය ය.  අපේ හාමුදුරුවනේ, අපේ හාමුදුරුවනේ කිය කියා බොරුවට වේදිකාවලදී කියා චන්දයට පසුව සිංහල බෞද්ධයින්ට විරුද්ධව ක්‍රියා කරණ මන්ත්‍රී ගොයියලා පරාජය කිරීමට ලබන චන්දයේදී ක්‍රියා කරණ බව බොදු බල සේනාව විසින් ප්‍රකාශකර ඇත. මේ නිසා මොන වචන යොදාගෙන එම කාරිය ඉහලින්ම කල හැකිද යන්න තීරණය කරන්නේ ජූනි 20 දා බොස්ටන් ලංකා ටී. වී අයිතිකාරයාවන චිත්‍රාල් ද මැල් වත් දයාන් ජයතිලකවත් නොව ඥානසාර හාමුදුරුවන් විසින් පමණය. බොස්ටන් ටී වී කාරයාට ලොකු කැක්කුමක් වී ඇත්තේ ඇමතිලාට නිග්‍රහ කිරීම ගැනය.

    රැස්වීමෙන් පසුව සාමකාමීව විසිරී යන ලෙසත්, ගල් මුල් ගැසීම් ආදියෙන් කරන්නේ තමන්ටම හානියක් බවත් ඥානසාර හාමුදුරුවන් කිහිප වරක්ම කියා සිටියේය. ජාති වාදය හා ජාතිකවාදය යනු දෙකකි. ජාතිවාදය කියන්නේ අනිත් ජාතියකට හිරිහැර කිරීමය. ජාතිකවාදය කියන්නේ තමන්ගේ ජාතිය සුරැකීමය. බුරුමයේ  විරතු හාමුදුරුවන් කියන්නේ ද මෙයමය. 1940ස් ගනන් වල බණ්ඩාරනායක මහතා සිංහල මහ සභාව පිහිටුවද්දී කිව්වේත්, තමන්ගේ ජාතිය ගැන ආඩම්බර විය හැකි කෙනෙක් අනෙක් ජාතීන්ට කෙනෙහිලිකම් නොකරන බවය. තමන්ගේ ජාතිය වෙනුවෙන් අනිත් ජාතීන් ක්‍රියාකරණ එක ගැන රජිතාලාටවත් දයාන් ජයතිලකලාටත් ප්‍රශ්නයක් නැත.

    ලංකාවේ ප්‍රශ්නය නම් බොරුකාර සිංහල බෞද්ධ අගමැතිවරු හා ජනාධිපතිවරු රටේ දේශපාලන, ආර්‍ථික, සාමාජික හෝ වාර්‍ගික/සුළු ජාතික ප්‍රශ්නවලට විසඳුම් දීමට ශක්තියක් නොතිබූ ආත්මාර්‍ථකාමී අය වීමය. මොවුන් බුරුත්තම කළු සුද්දන් විය. ලංකාවේ පවතින සිංහල බෞද්ධ විරෝධී නීති වෙනස් කිරීමටවත්, අවශ්‍ය අළුත් නීති පැනවීමටවත් මේ අය තබා, හැමෝම බලා පොරොත්තු තැබූ මහින්ද රාජපක්‍ෂ මහතාවත් ඉදිරිපත් නොවීය. ඔහු කළු සුද්දන්ගේ හිර කාරයෙක් වී සිටී. මේ නිසා බෞද්ධ ක්‍රමයට අනුව ඥානසාර හිමියන් ඔහුට වෙඩී තැබුවේ ඕයි තමුසෙලා කියා ඔහුට ඇමතීමෙනි. ප්‍රේමදාස මහතා මලයාලම් ගුරන් ලවා තෙල් මතුරවා ගත්තා යැයි කියැවේ. රාජසිංහ රජ්ජුරුවන් ද මානසික ලෙඩෙක්ව පන්සල් ගිනි තැබ්බේ මලයාලම් ගුරුන් නිසාය. ඉන්ටර්ෆේත් හා බහු ජාතික ලෙඩේ නිසා රට බේරාගත් රජා වූ රාජපක්‍ෂ මහතා ඔහුට පෙර එම තනතුර දැරූ අයමෙන් අන්ද මන්දව ගොසින් ඇත්ද කියා ඥානසාර හිමියන්ට මෙන්ම මට ද සිතේ.  මේ තනතුර මාදුවෙල සෝභිත හාමුදුරුවන් හා උන්වහන්සේ වටකරගෙන සිටිනා මාක්ස්වාදීන් සිතන පරිදි රටට කල  කොඩිවිනයක් නොවේ. එය නොවේ නම් රටට මෙලහටත් දෙකඩ කැඩී අවසානය.  අවශ්‍යව ඇත්තේ ජනාධිපති නීතියට යටත් තනතුරක් කිරීමය. රාජ්‍ය සේවය දේශපාලනයෙන් නිදහස් කිරීමය. 13 සංශොධනය ඉවත් කිරීමය. දූෂණ, වංචා කල නොහැකි වනසේ පාලන ක්‍රම වෙනස් කිරීමය. ගම් මට්ටමින් ජන සභා වලට බලය මාරු කිරීමය. ඉදිරියේදී බොදු බල සේනාව මෙම කාරිය සඳහා අව්ධානය යොමු කරතැයි මම සිතමි.
    ලංකාවේ ප්‍රශ්නය මහින්ද රාජපක්‍ෂ මහතා පාර වරදවා ගෙන යෑමය. මේ නිසා තව පරීක්‍ෂණයක් අවශ්‍ය නැත. සිංහල බෞද්ධයින්ට වන අසාධාරණය ඉවත් කිරීම දෙමල. මුස්ලිම් හෝ ක්‍රිස්තියානීන්ට කරණ අසාධාරණයක් නොවන බව ඔහුට වැටහිය යුතු නොවේද?

7 Responses to “දත් දොස්තරෙක් අළුත්ගමට කලදේ නොහොත් සිංහලයින්ට නායකයෙක් නැතිවීම”

  1. Nanda Says:

    උපුල් ගොයියා ඇඩ්වාන්ස් ලෙවෙල් වැඩ හතරම අසමත් වූ කෙනෙක් බව මා කිව්වේ පුද්ලික දැනුමින්‍මය (එකම පන්තියෙ ලමයකු ලෙස​.).
    මොහුගේ අය්‍ යා ලලිත් ට වැඩ කලේ ය​. නීති ව්ද්‍යාලයේ න් සමත් වී , පසුව ආන් ඩුව කාලයේ ඔහු Tractor Corporation Chairman බවට පත්විය​.

    “ලංකාවේ ප්‍රශ්නය නම් බොරුකාර සිංහල බෞද්ධ අගමැතිවරු හා ජනාධිපතිවරු රටේ දේශපාලන, ආර්‍ථික, සාමාජික හෝ වාර්‍ගික/සුළු ජාතික ප්‍රශ්නවලට විසඳුම් දීමට ශක්තියක් නොතිබූ ආත්මාර්‍ථකාමී අය වීමය. මොවුන් බුරුත්තම කළු සුද්දන් විය. ලංකාවේ පවතින සිංහල බෞද්ධ විරෝධී නීති වෙනස් කිරීමටවත්, අවශ්‍ය අළුත් නීති පැනවීමටවත් මේ අය තබා, හැමෝම බලා පොරොත්තු තැබූ මහින්ද රාජපක්‍ෂ මහතාවත් ඉදිරිපත් නොවීය. ඔහු කළු සුද්දන්ගේ හිර කාරයෙක් වී සිටී. ”

    This is the exact truth of what is happening today. අද ලංකාවේ තත්වය මෙයින් හරියටම සාරාංශ වේ.

  2. Nanda Says:

    පසුව UNP ආන් ඩුව කාලයේම​ ඔහු Tractor Corporation Chairman බවට පත්විය​

  3. Senevirath Says:

    NANDA
    pl.. let me know…. is this the person who was in SIRI DHAMMA MAWATHA WITH OTHER LAW STUDENTS— near NALANDA COLLEGE—

    WAS HE VERY FAIR IN COMPLEXION AND WAS HANDSOME AT THAT TIME.

    I JUST WANT TO KNOW IF THIS IS THE SAME PERSON BECAUSE THAT PERSON USED TO CREEP INTO A NEAR BY…. PLACE TO ……… F……… TO A WOMAN

  4. Senevirath Says:

    CHANDRA…OR NANDA OR ANYBODY

    boudhayin saha anek aagamikayan ge veda sasanda thiyanava “”””VIMUTHTHI MAGGA HEVATH APAAGATHA NOVANA MAGA”””” (sarasavi book shop)

    SIYALUMA SINHALA BOUDHAYO E KOTAS KIYAVIYA YUTHUY THERUM GANNA NAM >
    I can supply several hundred books freely if there is anybody who can distribute specially to the younger generation who knows nothing about history geography and Buddhist culture and Buddha dhamma
    I am ashamed of Sinhala newspapers articles like this . I have been sending so many articles to the Sinhala paper regarding muslim barbarism in the world .but they never published
    we have to have a separate paper
    15 years back I with several others published a paper named HELADIVA.

    IF U KNOW ANY SINHALA JATHIKA PUVATHPATHAK PL. GIVE ME THE ADDRESS. I AM GOOD IN WRITING IN SIHALA PROBLEM IS I CANT TYPE I CAN SEND HAND WRITTEN ARTICLES . I HAVE ALREADY PUBLISHED SEVERAL BOOKS.. PLEASE…. PLEASE….I AM BURNING IN RAGE………

    IS THERE ANY POSSIBILITY TO SEND HAND WRITTEN ARTICLES TO THE LANKA WEB IF SO WHERE TO…..

  5. Senevirath Says:

    I AM ASHAMED OF SINHALA NEWSPAPERS WHO NEVER PUBLISH ARTICLES LIKE THIS

    CORRECTION……..

  6. Nanda Says:

    Senevirath,
    “WAS HE VERY FAIR IN COMPLEXION AND WAS HANDSOME AT THAT TIME. ” – Lol

    No. He is dark, short, one of my good friends who behave very nicely those days.

  7. Nanda Says:

    Senevirath,
    Calm down. Do not react to “Rage”.

    “IS THERE ANY POSSIBILITY TO SEND HAND WRITTEN ARTICLES TO THE LANKA WEB IF SO WHERE TO…..”

    It is difficult for the editor to publish handwritten stuff. They can post them as photos. Not sure whether there is software which recognise Sinhala letters when scanned, (like English they have for 16 years now).
    You can try sending to editor@lankaweb.com as attachments.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress