ලංකාවේ ඉදිරි ආර්ථීකගමන පිළිබදව අන්ත දෙකට සීමා නොවී වෙනස් ඇසකින් දැන් අප බැලිය යුතුයි
Posted on July 7th, 2014

අමාත්‍ය චම්පික රණවක –

ශ්‍රී ලංකාවේ ඉදිරි ආර්ථීක උපායමාර්ගය කවරක් වියයුතු ද යන්න පිළිබද තවමත් පැහැදිලි සංවාදයක් නැත. සේවා ආර්ථීකය තවදුරටත් පුළුල් කිරීම හා විනෝදාස්වාද ආර්ථීකය වේගවත් කිරීම මගින් ආර්ථීකය තවදුරටත් වර්ධනය කළහැකි යැයි ඇතැම්හුු කල්පනා කරති. ඒ අනුව කි්‍රියාත්මක වෙති. තවත් අය රටේ පවතින දුෂණය හා යහපාලනයේ ගැටළු පිළිබදව මිස ඉහත කී උපායමාර්ගය ප්‍රශ්න නොකරති. මන්ද එය ඔවුනගේ ද එකම උපායමාර්ගය නිසාය. රටේ ආර්ථීක ප්‍රතිපත්තිය පැරැණි සංවෘත ආනයන ආදේශක නිෂ්පාදනය සදහා දේශීය සම්පත් යොදාගත් යුගය වියයුතු යැයි තර්ක කරන්නෝ ද වෙති. තවත් බොහෝ දෙනෙකුට මේ පිළිබදව කිසිදු අදහසක් නැතිවත්් උස්හඩින් විවේචනයේ යෙදෙති. ලංකාවේ ආර්ථීක ඉදිරිගමන පිළිබදව ප්‍රහර්ශයට පත්වු අතිශෝක්තියත්, නිර්දය හරසුන් විවේචනයේත් අන්ත දෙකට සීමා නොවී වෙනස් ඇසකින් දැන් අප බැලිය යුතු බව තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කර සිටී. අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලේ අද(07) පැවති තාක්ෂණ හා පර්යේෂණ සංවර්ධනය පිළිබඳ පස් අවුරුදු ආයෝජන සැලැස්ම පිළිබඳ ”විද්වත් සංගායනාව” ආරම්භ කරමිනි.

අපි අපේ ඉතිහාසයේ විවිධ ආර්ථීක මාදිලි ක්‍රියාත්මක කර ඇති අතර විවිධ සමාජ දේශපාලන ප්‍රශ්න ආර්ථීක වර්ධනයට බාධා ලෙස හදුනා ගෙන ද ඇත. විශේෂයෙන් 1956-70 යුගයේ ක්‍රියාත්මක වු රජය මැදිහත් වී බැර කර්මාන්ත හා කෘෂීකර්මාන්තය කිරීමෙන් රටේ ආර්ථීකය ගොඩනැංවීමට දැරූ උත්සාහයත් ,1970 -75 යුගයේ ආනයන ආදේශක නිපදවීම මගින් ස්වයංපෝෂනය වීමට දැරූ උත්සාහයත්් ,1977 න් පසු අපනයන නිෂ්පාදන මුලික කරගත් නිදහස් වෙළ`දපොල ක්‍රමයත් අප විසින් අත්හදා බලා ඇත. නිදහස් වෙළ`දපොල ක්‍රමයට මුල දී සංස්කෘතික ප්‍රහාරයක් එල්ලවු අතර ඉන්පසුව උතුරේ හා දකුණේ චක්‍රීය ත්‍රස්ත ප්‍රහාරවලට මුහුණදීමට ද සිදුවිය. ශ්‍රී ලංකාවේ ආර්ථීකය විවෘත කළ මුල් වකවානුවේ ( 1978-82) ආර්ථීක වර්ධනය ඉහළගිය අතර රටතුළ අපනයන නිෂ්පාදන විශේෂයෙන් ඇගළුම් අපනයනයට පදනමක් වැටිණි. දකුණු ආසියාතික කලාපයේ මුලින්ම විවෘත කළ ආර්ථීකය නිසාත්, ගම්බද ශ්‍රම වෙළදපොල ලාභයට තිබු නිසාත්, බටහිර දේශපාලන උපායමාර්ගය අනුව කටයුතු කළ නිසාත් ණය, ආධාර හා ආයෝජන ගලා ආවේය. නමුත් 1987-91 වකවානුව පෙන්වා දුන්නේ විරැකියාව ණයබර, උද්ධමනය,  දේශපාලන අස්ථාවරත්වය, සමාජ අසහනය ආදියෙන් රට උග්‍ර අර්බුදයක කොටු වී ඇති බවය. 1994-2000 වකවානුවේ මෙය කිසියම් දුරකට ස්ථාවර වී නැවත 2001-04 වකවානුවේ අර්බුදයට ගියේය. දේශපාලන අස්ථාවරත්වය, බලශක්ති අර්බුදය හා සමාජ අසහනය කරළියට පැමිණීම සිදු වූ බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ලංකාවේ විද්‍යා තාක්ෂණ ෙක‍ෂ්ත්‍රයේ ආයෝජන පිළිබද විවේචන දෙකක් පවතී. එකක් නම් ආණ්ඩුව හා පුද්ගලික අංශය පර්යේෂණ ස`දහා වියදම් කරන්නේ සොච්චමක් බවය. අනෙක් කර්කශ විවේචන නම් රාජ්‍ය අංශයට හා පුද්ගලික අංශයට පර්යේෂණ ස`දහා දී ඇති අරමුදල් හා බදු සහන ආදියෙන් ආර්ථීකයට ප්‍රතිඵලදායක කිසිවක් සිදුනොවී ඇතිබවය. පළමුව කිවයුත්තේ පර්යේෂණ ස`දහා හෝ අධ්‍යාපනය ස`දහා ආයෝජන කළ පමණින් ආර්ථීකයට ප්‍රතිලාභ  නොලැඛෙන බවය. පර්යේෂණ වානිජකරණය වන වෙළ`දපොලක්, උගතුන් කළමණාකරුවන් කරනා වානිජ සමාජ වටපිටාවක් ද තිබිය යුතුය. ශ්‍රී ලංකාව දැනුම් ආර්ථීක සංගුණකයෙන් ඉතා පසුපසින් සිටින්නේ මේ නිසාය. අපි ඉදිරි පස්වස (2015-2020) ස`දහා ප්‍රමුඛතාවය දියයුතු ක්ෂේත්‍ර දහයක් හ`දුනාගෙන ඇත. ඒවානම් ජලය, ආහාර,සෞඛ්‍යය, නිවාස, බලශක්තිය, ඇගැළුම්, ඛනිජ සම්පත්, දැනුම් සේවාවන්, මුලික විද්‍යාවන් හා තාක්ෂණයන්, පරිසරය ලෙසය. එමෙන්ම ඒ ස`දහා ක්‍රියාමාර්ගික මැදිහත්වීම් දහයක් ද හ`දුනාගෙන ඇත. ඒ ප්‍රතිපත්ති සම්පාදනය,පර්යේෂණ,නව උත්පාදන, නිනිති තාක්ෂණය, ජීව තාක්ෂණය, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, දේශිය දැනුම, විද්‍යා යටිතල පහසුකම්, හැකියා ප්‍රවර්ධනය හා අලෙවිකරණය හා ප්‍රවර්ධනය ලෙසය.

1952 හා 1972 පස් අවුරුදු සැලසුම්වලින් පසු ජාතික සැලසුමක් සහිත රාජ්‍ය ආයෝජනයක් සිදුවී නැත. ඉහත පර්යේෂණ ආයෝජනය රාජ්‍ය හා පුද්ගලික දෙපාර්ශවය සම`ගම කළයුතු ක්‍රියාවලියකි. මේ ස`දහා අධ්‍යාපනය, ආර්ථීක හා මුල්‍ය ප්‍රතිපත්ති, සමාජමය ප්‍රතිපත්ති හා දේශපාලන ප්‍රතිපත්තිවල ව්‍යුහාත්මක වෙනසක් අවශ්‍යය. ශ්‍රී ලංකාවට තිරසර අනාගතයක් අවශ්‍ය නම් අපි රට ඒ වෙනස කරා මෙහෙය විය යුතු බව අමාත්‍යවරයා වැඩි දුරටත් අවධරණය කර සිටියේය.

මාධ්‍ය අංශය
තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය

2 Responses to “ලංකාවේ ඉදිරි ආර්ථීකගමන පිළිබදව අන්ත දෙකට සීමා නොවී වෙනස් ඇසකින් දැන් අප බැලිය යුතුයි”

  1. aloy Says:

    Hon.Patali,
    Things happening outside our country are not in our control; we cannot therefore predict anything. But law and order within our country are in our control. So, best thing is to have good governance and keep law and order as best as we could, without simply throwing away our wealth on mega projects. The rest will be done by our industrialist and the almost 2million strong expatriates force earning foreign exchange without a cent being spent by the government. In such a scenario investors will fall over each other to come to SL. They know where to invest and which industries are viable.

  2. AnuD Says:

    Sri Lanka sent every woman and to middle east and they brought foreign babies, extremist cultures as well as polluted characters. Now, Sri Lanka develops based on tourism, That is gambling, prostitution, liquor, foreign cultures, paedophilia, and many things that Sri Lanka is not used.

    Japan, US are developed countries and people enjoyed good lives. But, for how many generations. See how they are suffering.

    So, what we are doing ?

    We are destroying our whole mental and physical environment to make one generation well to do.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress