“ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ කොළඹ දිස්ත්‍රික් කාර්යාලය මගින් පවත්වනු ලබන න්‍යායික හා ප්‍රායෝගික තාක්ෂණික පුහුණු වැඩසටහන් 2014 වර්ෂය”
Posted on July 9th, 2014

IDB

සාම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ කොළඹ දිස්ත්‍රික් කාර්යාලය මගින් 2014 වර්ෂය සඳහා තාක්ෂණය ලබාගැනීමට අපේක්ෂාවෙන් සිටින ව්‍යාවසායකයන්හට,ප්‍රායෝගික හා න්‍යායාත්මක තාක්ෂණික පුහුණු වැඩසටහන් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

 ඒ යටතේ

 කාන්තා පාවහන් නිෂ්පාදනය පිළිබඳ දින 5ක තාක්ෂණික පුහුණු පාඨමාලාවක්  2014 අගෝස්තු මාසයේදී පැවැත්වීමට කටයුතු සලසා ඇත.

 මූලික තාක්ෂණය, කාලීන නවීන මෝස්තර නිර්මාණය, අමුද්‍රව්‍ය ඵලදායීව භාවිතය පිලිබඳ තාක්ෂණය හා ප්‍රමිතියෙන් යුතු අමුද්‍රව්‍ය ලබා ගන්න ස්ථාන පිලිබඳ තොරතුරු ලබා දෙනු ලැබේ.

 වැඩසටහන සාර්ථකව අවසන් කරන අය සඳහා ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය මගින් පිළිගත් වටිනා සහතිකයක් පිරිනමනු ලබන අතර  මුල්‍ය පහසුකම් ලබා ගැනීම හා කළමණාකරන, අලෙවි දැනුම සහිතව පසුවිපරම් සේවාවන්ද ලබා දෙනු ලැබේ.

 වැඩි විස්තර ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය,98, දෙවන මහල, හයිලෙවල් ප්ලාසා ගොඩනැගිල්ල,දෙල්කඳ,නුගේගොඩ යන ලිපිනයෙන් හෝ 0112815009 යන දුරකථන අංකයට අමතා හෝ idbcolombo@gmail ට ඊමේල් පණිවිඩයක් ලබාදීමෙන් ලබා ගත හැකි වේ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress