හොර ශුරා කවුන්සිලය( Shoora Council) තහනම් කරනු
Posted on July 9th, 2014

බොදු බල සේනා

බොදු බල සේනා  අලුත්ගම අපරාධ වලට වගකිව යුතු බව ප්‍රකාශ කරමින් “ජාතික උපදේශක සභාවක්” නමින්  ආයතනයක් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත. ආගමික කටයුතු ගැන ගැටළු නැවත ඇතිකිරීම සඳහා විව්ධ පාර්ශව ක්‍රියාත්මක කරන වැඩපිළිවෙලට  හා බෞද්ධ හා මුස්ලිම් ප්‍රජාවන් අතර අවබෝධය ඇති කිරීම පිණිස බොදු බල සේනා විසින් නිහඩව බිම් මට්ටමෙන් ක්‍රියාත්මක කර ඇති            “විස්වාසා පරමා ඤාතී ”  වැඩසටහන් වලට බාධා කරමින් මුස්ලිම් අන්තවාදී කණඩායම් හා මුස්ලිම් අන්තවාදී දේශපාලකයින්ගේ අවශ්‍යතාවයක් මත මෙවැනි නිවේදන නිකුත් කරන්නේද යන්න මුලින්ම සොයා බැලිය යුතුය.අප්‍රකට හොර සංවිධානයකට  ප්‍රසිද්ධිය ලබා දීමේ කොන්ත්‍රාත්තුවක් කිරීමේ අවශ්‍යතාවයක් අපට නොතිබුණද මේ රටේ පාලකයින් අතීතයේ සිදු කල වැරදි නිසා දුක් විදින අපි අනාගත පරපුරට වඩා සුභදායක පරිසරයක් නිර්මාණය කිරීම සඳහා මෙම හෙලිදරුව් කිරීම් සිදු කළයුතුව ඇත.

දෙවන ගැටලුව වන්නේ අලුත්ගම අපරාධ වලට බොදු බල සේනා වගකිව යුතු බව ප්‍රකාශ  කිරීමට ඇති පසුබිම කුමක්ද? ඔවුන් කතා කරන ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය තුල අපට මෙසේ මඩ ගැසීමට ඔවුන්ට ඇති අයිතිය කුමක්ද? ඔවුන්ට  මෙවැනි ප්‍රකාශයක් කිරීමට  ඇති  සදාචාරය කුමක්ද? මෙලෙස අපරාධ පිළිබඳ තීන්දු ප්‍රකාශ කොට වගකිවයුත්තන් පිලිබඳ තීරණය කිරීමට ඔවුන්ට ඇති නීතිමය අයිතිය කුමක්ද?

අපි පැහැදිලිව එක්  කරුණක් දනිමු. බොරු කීමේ පාපය නිසා ඔවුන්ට  හා තව බොහෝ දෙනාට මෙන්ම නිරයේ දොර විවර වී ඇති බවය. එත් ඔවුන්ට සිය පාපයන් ගෙන් සමාව ලබා ගැනීමට ඔවුන්ගේ දෙවියන් අවස්ථාව ලබා දෙනු ඇතැයි  මෙත් සිතින් යුතුව ප්‍රර්ථනා කරමු

තුන්වන  ගැටලුව වන්නේ  මේ අලුතින් කරලියට ආ “ජාතික උපදේශක සභාව”  කුමක්ද යන්න සොයා බැලිය යුතුය.  ඇත්තවශයෙන්  ශ්‍රී ලාංකිකයින් සියලු දෙන  මෙම “ජාතික උපදේශක සභාව” කුමක්ද යන්න සොයා බැලිය යුතුයි. ශ්‍රී ලංකාවේ ජාතික උපදේශක සභාවක් ස්ථාපිත කර ඇත. ඉංග්‍රීසි භාෂාවෙන් එය “The National Consultative Council”  නම් වේ. ඉංග්‍රීසි භාෂාවට අනුව The භාවිත කර ඇත. ඒ අනුව එවැනි සභාවන් පැවතිය හැක්කේ එකකි. එය National Shoora Council ” ලෙසද නම් කර ඇත. මෙවැනි ආයතනයකින් ප්‍රකාශයක් නිකුත් කලවිට, එය මාධ්‍ය වල පළවූ විට ඒ ගැන ජාත්‍යන්තරව හා ජාතිකව බුද්ධිමතුන් මෙන්ම සාමාන්‍ය ජනතාව සොයා බලනු ඇත. National Shoora Council ”  යනු මුස්ලිම් රටවල රාජ්‍ය පාලනයේ කොටසකි. එය පාර්ලිමේන්තුවක උත්තර මන්ත්‍රී මණ්ඩලය විය හැක. ඒ අනුව බාහිර පුද්ගලයින් සිතන්නේ ශ්‍රී ලංකාව නම් මුස්ලිම් රටේ ඇති රාජ්‍ය පාලක සභාවකින් බොදු බල සේනාවට මෙම චෝදනා ඇති කරන බවය.

උදාහරණයක් ලෙස සෞදි අරාබියේදී ශුරා කවුන්සිලය යනු කුමක්ද සොයා බැලිය යුතුය. : http://www.shura.gov.sa/wps/wcm/connect/ShuraEn/internet/Home/ 

ශුරා කවුන්සිල්  වර්ග කිහිපයක් ලෝකයේ ඇත. විකිපීඩියා අනුව ඉන් සමහරක් පහත දැක්වේ

Majlis-ash-Shura, religious body regarding caliphate

 :http://en.wikipedia.org/wiki/Shura_Council

 Shura Council, house of the Egyptian

 parliament   : http://en.wikipedia.org/wiki/Shura_Council

Consultative Assembly of Saudi Arabia

 :http://en.wikipedia.org/wiki/Consultative_Assembly_of_Saudi_Arabia

Consultative Assembly of Oman

  :http://en.wikipedia.org/wiki/Consultative_Assembly_of_Oman

Consultative Assembly of Qatar

 :http://en.wikipedia.org/wiki/Consultative_Assembly_of_Qatar

Majlis-e-Shoora, Pakistan’s legislative body :http://en.wikipedia.org/wiki/Majlis-e-Shoora

Consultative Council of Bahrain house of the National Assembly of Bahrain :http://en.wikipedia.org/wiki/Consultative_Council_of_Bahrain

Majles-e Shura-ye Eslami, parliament a.k.a. Majlis of Iran

Majlis al-Shura, consultative council of Hamas

 :http://en.wikipedia.org/wiki/Majlis_al-Shura

එමෙන්ම ජාතික උපදේශක සභාව යන පදය  භාවිත කිරීමට මෙම කණ්ඩායමට ඇති අයිතිය කුමක්ද? ඔවුන්ට ඒ සඳහා නීත්‍යානුකුල බලයක් රජය දී තිබේ ද?

මේ රට තුල තවත් ව්‍යාජ පාර්ලිමේන්තුවක් නිර්මාණය කර විකල්ප ආණ්ඩුවක් රට තුල ක්‍රියාත්මක කිරීමක්ද? පාර්ලිමේන්තුවේ මන්ත්‍රී වරුන් මේ ගැන අවදිව සිට කටයුතු කරන්නේද?

ජාතික උපදේශක සභා පත් කරන්නේ සාමාන්‍යයෙන් ජනාධිපති වරයා විසිනි. මෙම පත්කිරීම හා නම් භාවිත කිරීම ජනාධිපති කාර්යාලය දැනුවත්ව සිදු වෙන්නේද යන්න පිළිබඳ ව අප සොයා බැලිය යුතුය.

අනාගත මුස්ලිම් රාජ්‍යක් සඳහා නිර්මාණය කරනු ලැබූ මනංකල්පිත මුස්ලිම් පාර්ලිමේන්තුවක් සඳහා පිඹුරුපත් සැකසීම සඳහා අරාබි කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ලෙස මෙම ව්‍යාජ ආයතනය දෙස බලන ලෙසත් මෙම ජාතික (විජාතික) ශුරා සභාව තහනම් කරන ලෙසත් අප රජයෙන් ඉල්ලා සිටිමු. එමෙන්ම ආයතන පිහිටුවීමේදී හා නම් භාවිත කිරීමේ දී මෙලෙස රිසි සේ කටයුතු කිරීමට ඉඩ නොලැබෙන ලෙස නීති සකස් කරන ලෙස අප ඉල්ලා සිටිමු.

මෙම ශුරා කවුන්සිලයේ පුද්ගලයින් කවුද? ඔවුන් විදේශ සමග පවත්වන සම්බන්දතා  කවරේද? ඔවුන් යුෂුෆ් අල්කර්දාවී සමග පවත්වන සම්බන්ද ය කුමක්ද ? ඔවුන්ට විදේශ රටවලින් ලැබෙන අරමුදල් මොනවද? යන්න සොයා බලා ඔවුන්ගේ ජාත්‍යන්තර දේශපාලනික කුමන්ත්‍රණ මොනවද යන්න සොයා බැලීමට කටයුතු කල යුතුය.

මෑතකදී මාධ්‍යට නිකුත් කල ඉරාක හා සිරියා ත්‍රස්තවාදී මුස්ලිම් රාජ්‍යයේ සිතියමට අනුව ශ්‍රී ලංකාවද  ලෝක මුස්ලිම් රාජ්‍යයේ මුල් පියවරට ඇතුලත් වන බැවින් එම කුමන්ත්‍රණය අනුව අනාගත මුස්ලිම් රාජ්‍යයේ මෙරට පාර්ලිමේන්තුවේ (ශුරා කවුන්සිලයේ) මනංකලපිත ව්‍යුහය මෙයද යන්න සොයා බැලිය යුතුය.

අප “සිංහල පොලිසියක්” ගැන කතා කිරීම ගැන බොහෝ දෙනාට රිදී ඇත.  අපගේ රටේ අපට තිබු නම කියන්නට අප බිය විය යුතු නැත. එය නැවත ඉල්ලා සිටින්නට අප බිය විය යුතු නැත. අප බිය විය යුත්තේ අනාගතයේදී මෙම රට ඉහත ත්‍රස්තවාදී සිතියමට අනුව ” සපිරිස්ථානයක්” ලෙස නම් කිරීමට මිස  සියලු ජනවර්ග වලට සෙවනක් වූ ” සිංහලේ” කිරීමට නොවන බව සියලු දෙනා දන ගත යුතුය.  අප කතා කලේ සිංහල ජාතිකයින් පමණක් සිටින පොලිසියක් හා හමුදාවක් ගැන නොවේ. අප කතා කලේ සිංහල හා දෙමල භාෂා කතා කරන සියලු දෙනාට සේවය කල හැකි සිංහලේ නම්වූ පැරණි නමින් වූ අපගේ රටේ හමුදාව ගැනය. එය තේරුම් ගැනීමට රටේ නියම ඉතිහාසය මේ රටේ සියලු දෙනාට පැහැදිලිව ඉගැන්විය යුතුය. විශේෂයෙන් “මද්රසා” වලට හිරවී සිටින අරාබි ඉතිහාසය පමනක් උගන්වා මේ හිරකර ඇති සිංහල හා දෙමල ඉස්ලාම් භක්තිකයින්ට මේ රටේ ඉතිහාසය හා සංස්කෘතිය ඉගැන්වීමට සාමයට දියුණුවට කැමති සියලු මුස්ලිම් බලවේග කටයුතු කල යුතුය.

අපගේ රට  ඉංග්‍රීසින්  විසින් ආක්‍රමණය කොට අල්ලා ගැනීමට පෙර නම් කලේ “සිංහලේ” ලෙසය. අපගේ කොඩිය වුයේ ” සිංහ ” කොඩියයි. අපගේ ප්‍රධාන භාෂාව වුයේ “සිංහලයි”.  විදේශිකයින් නම් කල සිය රටේ නම “බුරුමයේ සිට මියන්මාරය ලෙස නම් කර ගැනීමට එරට පාලකයෝ දේශප්‍රේමී විය. අපගේ නම් ගම්, ඇඳුම්  , නගරවල නම්, පාරවල් වල නම් පමනක නොව අපගේ අධ්‍යාපනය, සෞඛ්‍ය , රාජ්‍ය පාලනය, නීතිය ආදී සියලු දේ විදේශික අවශ්‍යතාවයන් අනුව සිදු වෙමින් පවතී. අපගේ පාලකයින් ඔවුන්ගේ හුදෙක් රුකඩ ලෙස ක්‍රියා කරමින් තිබේ. වසර 2300 ක් තිස්සේ අවිච්ජින්නව බුදු දහම සුරැකි ලෝකයේ එකම ජාතිය වූ සිංහල ජාතියේ අක්මුල් සිඳින්නට සියලු විදේශ බලවේග අද ගෝලීයකරන බලවේග ලෙස මෙම දීන ජාතික ප්‍රතිපත්ති වලට හා පාලකයින්ට සහය දෙමින් හා විටෙක එළිපිට විරෝධී වෙමින් ක්‍රියාත්මක වේ. 

මේ රටේ මුස්ලිම් නමින් නගර හා කලාප ඉදි වෙද්දී, මුස්ලිම් වෙනම කලාපයක් සඳහා ” ඔලුවිල්” ප්‍රකාශ නිකුත් වෙද්දී , අපගේ ආහාර පද්ධතිය “හලාල් සහතිකකරණය” යටතේ ආක්‍රමණය වෙද්දී, මුල්‍ය , බැංකු හා රක්ෂණ ක්‍රමය “ෂරියාකරණයට” ලක් වෙද්දී, ක්‍රිස්තියානි මුලධරමවාදීන් අපගේ ගම බිම් සාමකාමී සහජීවනය විනාශ කරද්දී , ගෝලීය මුල්‍ය, දේශපාලනය, මාධ්‍ය, ආගම්  මෙන්ම  ත්‍රස්තවාදයද  ගෝලීය බලවේග ලෙස අපට එරෙහිව ක්‍රියාත්මක වෙද්දී  නාමිකව ජාතික බහුතරය නමින් ස්වයං වින්දනය ලබන එහෙත් ගෝලීය සුළුතරයක්  වී හැමවිටම පහර කමින් සිටින අපට අප සිංහලයින් ලෙස නිහඩ කිරීමට අපගේ පාලකයින්ම උත්සහ දැරීම දෛවයේ සරදමකි. එහෙත් බොදු බල සේනා මේ ගැන නිහඩව සිටීමට සුදානම් නැත.අප අප සතු ව්‍යවස්ථානුකුල රාමුව තුල බෞද්ධ ධර්මයට අනුව අපගේ අයිතිවාසිකම් සුරකින්නට දිවි හිමියෙන් කටයුතු කරන බව දැඩි ලෙස ප්‍රකාශ කරමු.

හොර ශුරා කවුන්සිලය(Shoora Council)  තහනම් කරනු

 බොදු බල සේනා  – 2014/7/8

7 Responses to “හොර ශුරා කවුන්සිලය( Shoora Council) තහනම් කරනු”

  1. Lorenzo Says:

    Thank you BBS.

    BBS is not the best of organizations but when other DOGS are asleep, at least the DONKEY should save the people from INVADERS.

  2. Nanda Says:

    “ජාතික උපදේශක සභා පත් කරන්නේ සාමාන්‍යයෙන් ජනාධිපති වරයා විසිනි. මෙම පත්කිරීම හා නම් භාවිත කිරීම ජනාධිපති කාර්යාලය දැනුවත්ව සිදු වෙන්නේද යන්න පිළිබඳ ව අප සොයා බැලිය යුතුය.” –

    හරියටම හරි. එසේ පත් කලත් නැතත් දැන් බොදු බල සේනාව එය හෙලිකල නිසා වහාම් මේ සඳහා කටයුතු නොකලොත් ජනාධිපතිත් මේ කවුන්සිලයේ ම සිටින් බව අපි තීරනය කල යුතුය​.

    Exactly right. Whether this terrorist committee is appointed with the blessing of the President or not now BBS has exposed this to the only credible media of lankaweb it is his duty to take action. If not we have to decide it is appointed by him.

  3. Nanda Says:

    “BBS is not the best of organizations” why ?

  4. hela puwath Says:

    “BBS is not the best of organizations”

    It is the ONLY organization, for the Buddhists in “Sinhele`” (Sri Lanka).

  5. hela puwath Says:

    From personal experience – Bodu Bala Sena will not solicit funds or help from anyone. Therefore, it is our duty to find out what help they need and do the needful.

    BBS’s website and all FaceBook facilities have been blocked by the efforts of interested parties. There is not one media outlet, TV or Newspaper, that will give fair coverage to BBS. Most, if not all, TV and Newspapers in Sri Lanka are owned or controlled by non-Buddhists, that includes the “government owned” ones as well.

    So it is up to us find out and to do what we can to help BBS.

    Those who have a million questions before giving up a rupee need not bother!

  6. Lorenzo Says:

    In my view NFF and JHU should be taking up the issues BBS is handling.

    By involving Buddhist monks it is BAD for Buddhists and Buddhism IN HE EYES OF THE OUTSIDE WORLD. This is not the BEST approach. Why monks have to do what politicians are supposed to do?

    NFF and JHU are BETTER EQUIPPED organizations to handle these. These bloody idiots are PAID and VOTED to do what BBS is doing.
    But they are NOT working. That leaves ONLY BBS to do the work.

    BBS even has to do the work of the police! Police should be doing half the work BBS is agitating for.

    TNA and SLMC on the other hand get things done for their communities.

    I agree BBS is the ONLY RESIDUAL voice for Sinhale Buddhists now.

  7. Senevirath Says:

    chandraprema and dayan are pals . chandraprema should be chased away fro m the island paper he is a shme for upali the tru owner of the paper.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress