විධායක ජනාධිපති නාඩගම නොහොන් කළු සුද්දන් ඇටවූ මර උගුල්
Posted on July 22nd, 2014
චන්ද්‍රසිරි විජයවික්‍රම
මිනිස් හට සොඳුරු ගුණ සහ නුගුණ ඇත
නිදොස් කෙනෙකු මෙදියතැ උපදනේ නැත
වෙසෙස් සිනිඳු මුවරද බර සහස්පත
කොරොස් නළින් යුතුවෙයි කටු පෙළිණි යුත
කුරිරු ගොර සපුන්ගේ දළ’ගෙහි විසය
මදුරු මැසි කැලන්ගේ තුඩ’ගෙහි විසය
රුදුරු නුහුසුවන්ගේ වල’ගෙහි විසය
නපුරු දුදනන් ගෙ සිය’ලඟෙහි මැ විසය
සුභාෂිතය
මග හොඳට තිබේ නම්
යන්ට දෑසත් පෙනේ නම්
කිම බැදිවල යන් නේ
මංමුලාවූ එකෙක් සේ
පණ්ඩිත කොග්ගල ධම්මතිලක
වරද කාගේද හා කඩවුණ පොරොන්දුව
ජේ ආර් හා ආර් ප්‍රේමදාස යන මහත්‌වරු ලංකාවට අටවා දී ගිය මර උගුල්, රනිල් වික්‍රමසිංහ මහතාගේ ලංකාව සිංහලයින්ට බෝම්බ රටක් කල දේශ ද්‍රෝහී 2002 සටන් විරාම ගිවිසුමට වඩා දරුණුය.
ඊට හේතුව හසලක වීරයින් වගේ අයට මේ මර උගුල් ගලවා දැමීමට නොහැකි වීමය. මේ මර උගුල් කළු සුද්දන්ගේ බරවා කකුල් වගේය. රටේ ඉන්නා දේශපාලන කෛරාටික පිරිස මේ මර උගුල් තමන්ගේ හොද්ද බොර කර ගැනීම සඳහා කදිමට ගලපවා ගෙන ඇත. මේ නිසා ඔවුන් කරගෙන යන සෙප්පඩ විජ්ජාවක් නම් කාගේ වරදද, කවුද පොරොන්දු කඩ කලේ යනාදී බොරු ප්‍රශ්න අසමින් මහජනයා මෝඩයාට ඇන්ඳවීමය. මේ උගුල් පිළිඹදව සිංහල බෞද්ධයාගේ, දුප්පත් කතෝලිකයාගේ පැත්තෙන් විමසා බැලිය යුතුව ඇත. මේ දැන් ඉන්නා විකාර දේශපාලන නැට්ටුවන් මවා පෙන්නන්නට හදන අන්ඳමේ අන්තෝ ජටා බහි ජටාවක් ප්‍රශ්නයක් මෙහි ඇත්තේ නැත. සිදුවන්නේ වැරදි ප්‍රශ්නය ඇසූ විට වැරදි උත්තරයක් ලැබීම පමණය.
මාදුළුවාවේ සෝභිත හිමියන්ට ලණු දීම
මෙම මාතෘකාව ගැන සලකා බැලීමේදී ප්‍රථමයෙන් කිවයුතු දෙයක් ඇත. එය නම් කුමාර් ඩේවිඩ්, ජයම්පති වික්‍රමරත්න හා ජේ සී වැලිමුණ යන දෙමල, ක්‍රිස්තියානි, මාක්ස්වාදී ඩෙඩ්ලි කොක්ටේල් එක, තම තරුණ කාලයේ රට ජාතිය වෙනුවෙන් ගුට්කෑ හාමුදුරුනමක් රවටා ගැනීමය. ජයම්පති යනු චන්ද්‍රිකාගේ කාලයේ ජී එල්-නීලන් පැකේජ් ඩීල් වලට වැඩ කල හා තිස්ස විතාරන ඒ පී ආර් සී එකේ මැජෝරිටි රිපෝට් එකට අත්සන් කල මාක්ස්වාදියාය (ඒ කොමිටියට ක්‍රිස්තියානි හස්බන්ඩ්-වයිෆ් දෙන්නෙක්ද සිට්‍යේය). ඔවුන් රෙකමන්ඩ් කලේ ලංකාවේ හැම ගමකම දෙමල පොලිස් නිලධාරියෙක් ස්ථානගත කල යුතුය කියාය! ලංකාවේ බෞද්ධ පදනම නැති කල යුතුයයි කියන රෝසි සේනානායක, දයාන් ජයතිලක, තිසරණී ගුණසේකර, ජෙහාන් පෙරේරා යනාදීන් විසින් ව්‍යංගයෙන් පිලිගත් දෙයක් නම් මේ රටේ දේශපාලන පක්‍ෂ විසින් සිංහල බෞද්ධයාට හිත හොඳ ගෑනියෙක්ට සේ සලකා ඇති බව බොදු බල සේනාව විසින් රටට පෙන්වා දී ඇති බවය. ගංගොඩවිල සෝම හාමුදුරුවන් කිව්වේත් මෙය වුවත්, උන්වහන්සේ මෙන් බණ මඩුවක බණ දේශනාවක් ලෙස නොව වාග් චාතූර්‍යය නමැති වෙඩි උන්ඩ මගින් සාමාන්‍ය ජනයාගේ හිතට කාවදින්නට වේදිකාවලදී ශුද්ද්ධ සිංහලෙන් එය එලිකිරීම බොදු බල සේනාව කල සේවය විය. මේ නිසා නිරුවත් වූ නා නා මාදිලියේ දේශපාලන පක්‍ෂ හා එන් ජී ඕ නඩ අන්ද මන්දව සිහි විකල්ව ක්‍රියා කරන්නට විය.
හාමුදුරුවරු දේශපාලනය නොකල යුතුයයි මොරදුන් අයම හාමුදුරුකෙනෙකුගේ සිවුර අස්සේ රිංගීමට බැලීම හාස්‍යජනකය. ඥානසාර හාමුදුරුවන්ට බැටන් චාජ් කලයුතුයැයි කී සී ඒ චන්ද්‍රප්‍රේම ගේ අළුත්ම යෝජනාව බොදු බල සේනා රැස්වීම් වලට රස්තියාදු කාරයින් යවා හූ කියවීම ය! සන්ඩේ අයිලන්ඩ් භාරව සිටින මේ පුද්ගලයා ඔහු විසින්ම ඔහුගේ මාක්ස්වාදී හෙළුව එලිකර දෙනවා නොවේද?
යටත් විජිතවල කළු සුද්දෝ
සුද්දන් යටත් විජිත අතහැර ගියේ ඒ සෑම රටකම කළු සුදු පරම්පරා හදලාය. මේ අයත්, යූ එන් ඕ, කොමන්වෙල්ත්, ඩබ්ලිව් ටී ඕ, එන් ජී ඕ නඩ, ජිනීවා මරගාතය යන සුදු ආයතනත හරහා, සුද්දන් තම බලය දිගටම පවත්වා ගෙන යයි. තමන්ගේ බඩ වඩා ගැනීම මිස මේ කළු සුද්දන් තම රට ගැන නොතකන බව ලෝකයේ හැම පරණ යටත් විජිතයකින්ම පෙනී යයි. ලංකාවේද සිදුවූයේ, සිදුවන්නේ මෙයමය.
සුද්දන් ආවේ මේ රටවල් ශිෂ්ට කිරීමට කියාය. මෙය කලේ කඩුවේ බලයෙන්, බයිබලයෙන් හා බෝතලයෙන් (අරක්කු) ය. ම්ලේච්ච, වනචාරී මිනිසුන් ශිෂ්ට කිරීමේ ව්‍යාපාරය ඇත්තවශයෙන්ම බලන විට යටත් විජිතවල බිහිවෙන, සුද්දන්ට සේවය කරන වැඩ කාරයින්, ඔත්තුකාරයින් හා පන්‌දම්කාරයින්ගේ හිත් තුල හීනමානයක් ජනිත කරවීමක්ද විය. උදාහරණයක් වශයෙන් මහ මුදලි, මුදලි හෝ ආරච්චිල, කච්චේරියේ සුදු ඒජන්ත ඉදිරියේ බලු කුක්කෙකුසේ හැසිරී, ගමට පැමිණ තමන්ට පහලින් ඉන්නා මුලෑදෑනියාට හා අසරණ ගැමියාට පුස් පාට් දමයි. මෙම හීන මානය ලංකාවේ ප්‍රභූ පෙලන්තිය කියා ගත් හැම දෙනාටම තිබුනි. ඔවුන්ගේ දරුවන්ව කොළඹ ක්‍රිස්තියානී ඉස්කෝලවල බෝඩිම් කර මේ හීනමානය හිත් වලට කාවද්දවන ලදී. මේ නිසා සිංහල භාෂාව හා බුද්ධාගම කුස්සියට සීමා විය (චන්ද්‍රිකාගේ-රනිල්ගේ කාලයේ සිංහල බෞද්ධයයි කීමට මිනිසුන් ලැජ්ජා වුනු ආකාරය ගැන මෙහිදී හිතා බලන්න) . අද දවසේත් ලංකාවට තිබෙන ලොකුම ප්‍රශ්නය නම් රටේ ජනාධිපතිලාගේ සිට පියුන්ලා දක්වාත්, අනිකුත් බොහෝ අයත් මේ හීනමානයෙන් පෙලීමය. මෙය වටහා ගත් ධර්‍මපාලතුමා පඹයෙකු සදා, එහි සුදු හුනු ආලේපකර තම ගෙදර ඉදිරිපස තබා උදේ හවස පර සුද්දා, පර සුද්දා කියමින් එයට පයින් ගසා යන ලෙස කියා සිටියේය. මෙය හරියට ඉස්ලාම්වරු දවසට පස් සැරයක් මක්කම පැත්තට වඳිනවා වගේය. එසේ වඳින කෙනෙකුට, බෞද්ධයෙකුට මෙන් කම් ඇන්ඩ් එක්සැමින් මාදිලියේ නිදහස් මනසක් වඩවා ගත නොහැකිය.
සෑහෙන තරම් කළු සුද්දන් බෝවූ පසු වනචාරින්ව ක්‍රිස්තියානීකරණය මගින් ශිෂ්ට කිරීම, රට හා මිනිසුන් මොඩනයිශේෂන් කිරීමක් බවට පෙරලුනි. ප්‍රොග්‍රෙස් යනු සියලුම බටහිර දේ බදා ගැනීමත්, ඉංග්‍රීසි කටේ ගා ගැනීමත්, කොළඹ කාලෝ ගමේ කරොලිස් වීමත්, හර්‍මන් හරමානිස් වීමත් ය. ගණනාත් ඔබේසේකර, එච් එල් සෙනෙවිරත්න, ස්ටැන්ලි තම්බයියා වැනි අය ඇමෙරිකාවේ සිට ප්‍රොටෙස්ටන්ට් බුඩිසම් ගැන ලිව්වේත්, වයි බුඩිස්ට් කිල් කියා ඇසුවේත්, “වර්ක් ඔෆ් කිං” ලාගේ වැඩ වලින් හාමුදුරුවරු ඉවත් විය යුතුය කියා පොත් ලිව්වේත් මේ අනුවය. ආයුර්වේදය වෙනුවට බටහිර පාට වතුරබීම, ඉංජිනේරුවන් වැව් හා ඇලවල් විනාශ කිරීම, අවුරුදු දහස් ගනනක් තිස්සේ ගම් වල දියුණුවූ පාරම්පරික දැනුම් හෙලා දැකීම මේ මොඩනයිශේෂන් ප්‍රොජෙක්ට් එකේ අංග විය.
කඳු කපා තේ වැවීම දියුණු වීමේ හිනි පෙත්ත විය.
මස් කටු ඉල්ලා ඇඬීම
යහ පාලනය හා සාමය සඳහාය කියමින් හැම දෙයක්ම තමන්ගේ වාසියට පාවිචිච් කිරීම ඉංග්‍රීසි උපාය විය. මේ නිසා ක්‍රිස්තියානී වූ ඉංග්‍රීසින්, කුල භේදය, වැසියන් බෙදා පාලනයට යොදා ගත්තේය. පෘතුගීසී ලන්දේසි කාලයේ සිට ඔවුන්ට බැල මෙහෙ කර තැනක් හදාගත් පිරිස්, ඉංග්‍රීසි කාලයේදී බර්‍ගර්‍වරුන්ට පහලින් සිටි ඉංග්‍රීසි කතා කරන ක්‍රිස්තියානි සිංහල කොටස විය. මේ අය තම දරුවන් එංගලන්තයට යවා උගන්නවා ගත්තේය. සුද්දන්ට හා බර්‍ගර් අයට සීමාව තිබූ ආණ්ඩුවේ රක්‍ෂාවල් තමන්ටත් ලබා ගැනීම මේ පවුල්වල මූලික දේශපාලන අරමුණ විය. මේ පිරිස් ක්‍රමයෙන් ව්‍යවස්ථාදායක සභාව මගින් මස් කටුවත් ඉල්ලා සිටියේය. 1931 ඩොනමෝර් රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සාමාජිකයින්ගේ ලැයිස්තුව බැලුවොත් කීප දෙනෙකු හැර අන් හැමෝම මෙසේ මස් කටු ලෙවකෑ ප්‍රාදේශීය ලොකු පවුල් විය. මොවුන් කළු සුදු අරටුවය. අද ඉන්නේත් මේ අයගේ බාල පරම්පරාවල් හා අළුතින් අයථා ක්‍රම වලින් ධනවත් වූ අයය.
මිනිරන් පතල් හා ඉඩම් හිමියෙකුවූ ආටිගලගේ දුවලා තුන් දෙනෙක් පිලිවෙලින් කොතලාවල, ජයවර්‍ධන, සේනානායක පවුල් වලට කසාද බැන්දේය. බණ්ඩාරනායක, ද අල්විස් හා ඔබේසේකර පවුල් මේ අයව සැලකුවේ “නෝ බොඩීස් සම් බොඩීස්” වෙන්න හදනවා කියාය. 1815 උඩරට රජු අල්ලා ගත් තැන ජේ ආර් ගේ හා අගමැති බණ්ඩාරනායකගේ අතීත සීයලා දෙන්නාම සිටියේය. ටොම්බි මුදලි ලොජිස්ටික් භාරව සිටියේය. පන්ඩාරනායක සිටියේ භාෂා පරිවර්‍තක ලෙසය. ටියුෂන් ගන්නට ආ සිංහල කෙල්ලෙක් හා ආදරයෙන් බැඳුන දෙමල ජාතික ජේමිස් රත්නම් 1950 ස් ගනන් වලදී මෙය විස්තර කලේ, “මුස්ලිම් හා දෙමල (කේරළ) දෙන්නෙක් තරඟයට සිංහලයින්ව අතරමං කරමින් සිටිනා බවය.”
1915 සිංහල මුස්ලිම් කෝලාහලය
මැද පෙරදිග ඉස්ලාම් ජනතා අවධිවීමක් 1915 කාලයේ සිදුවිය. 2014 දී තලිබාන් අවධිවීම නිසා අළුත්ගම දර්‍ගා ටවුමේ දී වගේ බෞද්ධ පෙරහැරකට ගල් ගසන්නට ගම්පොල මුස්ලිම් කොටසක් ක්‍රියාකලේය. ටොරින්ටන් ගවනර් ක්‍රියාකල දරුණු ආකාරය නිසා සිංහල නායක පිරිසක් බිහිවිය. මේ මගින් ඔවුන් සම්බොඩීස් බවට පත්වී දේශපාලනයට තල්ලුවිය. අමද්‍යප ව්‍යාපාරය, බෞද්ධ පුනරුදය (1862 පානදුරා මහා වාදය, 1885 කොටහේන කතෝලික- බෞද්ධ ගැටුම) තිබුනත් 1915 දී සිංහලයින් වෙඩිතබා මැරීම හා හිරේ දැමීම මේ කාලයේ මහින්ද -ගෝඨාභය රට බේරා ගැනීම මෙන් මිනිසුන් තුල බලවත් උද්වේගයක් ඉපදෙව්වේය.
1947 වෙස්ට් මිනිස්ටර් ව්‍යවස්ථාව අනුව බලය ලැබුනේ මේ අයටය. එසේ වුවත් මේ බලය ලබාගත් අය ක්‍රිස්තියානී පල්ලියට යටවූ බටහිරට ගැතිවූ ආත්මාර්‍ථකාමී පිරිසක් විය. දෙමල ක්‍රිස්තියානීන්ගේ රට කැඩීමේ ව්‍යාපාරයටවත්, මාක්ස්වාදීන්ගේ බංගවේවා සිංහල බෞද්ධ විරෝධී ව්‍යාපාරයටවත් මුහුණ දීමට මේ කළු සුද්දන්ට උවමනාවක් හෝ හැකියාවක් නොවීය. මේ අය 1931 දී සර්‍ව ජන චන්දබලය දීමටත්, නිදහස් අධ්‍යාපනයටත් විරුද්ධ වූ
අය බව අමතක නොකල යුතුය. කොළඹ ගිනි ගහන අව්වේ, දහඩිය දමමින් රෂ්නේ, ටයි කෝට්, කොලර් තදකර ගෙන 1948 දී මේ අය නිදහස භාර ගත්තේය.
ආණ්ඩුව සරණං ගච්චාමි
1948 දී සිංහල බෞද්ධයාට නිදහසක් ලැබී නැති බව අයිවෝර් ජෙනිස් ගේ උපදෙස් මත ඩී එස් විසින් මහාචාර්‍ය ගුනපාල මලලසේකරට සරදමක් සේ පැවසූ බුද්ධාගමේ හතරවන ශික්‍ෂාපදයක් නැතැයි යන කීමෙන් එලි විය. සර් ඩී බී ජයතිලක ලංකාවේ පලවෙනි අගමැති වූවා නම් ලංකාවේ ඉරණම වෙනස් වීමට තිබුනා යැයි බලංගොඩ ආනන්ද මෛත්‍රී නාහිමියන් කිව්වේ මේ නිසා විය යුතුය. ලංකාවට පක්‍ෂ දේශපාලනය නොගැලපෙන බවත්, ලංකාව බුද්ධාගමේ කියැවෙන සම්මුති-සාකච්චා දේශපාලනයක් තිබුන රටක් බවත් ඩී එස් ලා, සර් ඔලිවර්‍ලා හා එස්මන්ඩ් වික්‍රමසිංහලා භාර ගත්තේ නැත. බකල් කර දමන ලද ගම් සභාවට අමතරව වින්සන්ට් සුබසිංහ දියුණු කල සඳලංකාවේ සමූපාකාර ව්‍යාපාරය හා කලුකොඳයාවේ ප්‍රඥාශෙඛර නාහිමියන්, සහකාර පොලිස් අධිකාරී ඔස්මන්ඩ් ද සිල්වා, අක්බාර් නඩුකාරතුමා හා දෙමල කොටස් සහභාගී කරගෙන ඇරඹූ අපරාධ මර්‍ධන හා ග්‍රාම සංවර්‍ධන ව්‍යාපාරය 1940ස් ගනන් වලට පමණක් නොව අදටත් ගැලපෙන දෙයක් වුවත් ඩොනමෝර් කළු සුද්දෝ ඒවා නැති කර දැමීමට ක්‍රියා කලේය. ඔස්මන්ඩ් සිල්වා හා ගැමියන් අතර සම්බන්ධය නැති කිරීමට අන්තිමේදී ඔහුව බම්බලපිටියේ පොලිස් අභ්‍යාස විද්‍යාලයට මාරු කර දැම්මේය.
පක්‍ෂ දේශපාලන උවදුර
1947 ව්‍යවස්ථාව රටේ ජනයාගේ අදහස් විමසා සැදූ එකම ව්‍යවස්ථාව වන්නේ එය අමාත්‍ය මන්ඩලය සැදු යෝජනා අනුව පිලියෙල වූ වක් නිසාය. රටක් හැදීමට අවශ්‍ය සැකිල්ල එහි තිබුනි. 29 (2) වගන්තිය සිංහල බෞද්ධයින්ගේ නැතිවී ගිය අයිතීන් ලබා දීමට බධාවක් නොවීය. නමුත් කොල හා නිල්-රතු කළු සුද්දන් කලේ තමන්ට වාසි වන ආකාරයට එම ව්‍යවස්ථාව දූෂණය කිරීමය. තමන්ගේ බලය තහවුරු කර ගැනීම මිස රට ගැන නොසිතූ මොවුන්ට තඩි බෑමට මුව හමක් වුයේ වෙස්ට්මිනිස්ටර් ව්‍යවස්ථාවය. 1972 හා 1978 විකාර වලට පසු අද වුවත් හොඳම ව්‍යවස්ථාව එයය. රාජ්‍ය සේවය විනාශ කිරීම, අධිකරණ ක්‍රමය බල්ලාට දැමීම, සෙනේට් සභාව චන්දයෙන් පැරදෙන අයට රක්‍ෂාව දෙන තැනක් කිරීම, පත් කල මන්ත්‍රීන් ලෙස ගැත්තන් දාගැනීම ආදී සියල්ලම පක්‍ෂ දේශපාලනයේ ප්‍රතිපල විය. මේ අස්සේ මේ ක්‍රිස්තියානි බලවේග වලට යටවූ අගමැතිලා බුද්ධාගමට මොකක්ද එකක් දෙනවා කියා 1972 හා 1978 තවත් බොරුවක් කලේය. මේ නිසා වුයේ බුද්ධාගම කබලෙන් ලිපට වැටීමය. අද බුද්ධාගමට සිටින ලොකුම හතුරා බුද්ධ ශාසන ඇමතියා හා එහි නිලධාරීන් ය. වල්පොල රාහුල හිමියන් ජේ ආර් හා මිසිස් බී ඉදිරියේ කිව්වේ යූ එන් පී හා ශ්‍රී ලංකා පක්‍ෂ දෙක ලංකාව විනාශ කලා කියාය. මෙම විනාශයට මාක්ස්වාදී බංගවේවා දේශපාලනකාරයින්වද ඇතුල් කල යුතුය. 1971 දී ජේ වී පී කාරයෝ මිනී මැරීම දේශපාලනයට ඇතුලත් කලේය.
ජේ ආර් ගේ ජරමර
ජේ ආර් ජයවර්‍ධන මහතා තරම් අසාර්‍ථක වුනු දේශපාලකයෙක් තවත් නැත. ඔහු අතගැසූ හැම දෙයින්ම රටට විනාශයම ගෙන දුන්නේය. මෙය පුදුම කරුමයක් වන්නේ ඔහුගේ අන්තිම කාලයේ ලංකාවේ මිනිසුන් ඔහුව විශ්වාස කර ඔහුට පුදුම බලයක් පවරා දුන් නිසාය (මට නම් සිතෙන්නේ මිසිස් බී හා ෆිලික්ස් ගැන තිබූ කලකිරීම නිසා මිස ජේ ආර් ගැන විශේෂ මහජන විශ්වාසයක් තිබුනේ නැත කියාය. ඒ කාලයේ, එන් එම්, කොල්වින්, ලෙස්ලිලාට විරුද්ධවත් පොල් පිත්තක් දැම්මත් දිනන්නේය). ගොනා පිටු පස ගැල එනවා සේ ඔහු කල අධර්මිෂ්ඨ ක්‍රියා නිසා අවශ්‍ය වුවොත් තමාගේ පණ බේරාගෙන ගැලවීයාමට නැවක් සපයා දෙන ලෙස ඩික්‍ෂිට්ට බැගෑපත් වීමට අන්තිමේදී ජේ ආර් ට සිදුවූයේය.
කඳවල වලව්වේ කෑම පාටියකට පසු සර් ජෝන් කිව්වා යැයි මා පුවත් පතක දුටුවේ, “ඔය යන එක්කෙනා (මැදි වයසේ සිටි ජේ ආර්) ලංකාවේ අගමැති වෙන්න හිතා ගෙන ඉන්නවාලු, කවදා හරි එය වුනොත් එදාට ලංකාව විනාශ වෙනවා” යන අනාවැකි යය. ජේ ආර් කල නොයෙක් ගොන් කම් අතරින් එකම ගොන් නොවන දේ නම් රජිව් ගාන්ධි ඉදිරියේ දණ ගැසීමය. එසේ නොවන්නට, රජිව් ලංකාව අල්ලාගෙන උතුර-නැගෙනහිරට ඊලම් එකක් හදාදී යනවා නිසැකය. අඩු ගණනේ යැංකි ඩිකී කියන ටයිටල් එකේ නම්බුවවත් රොනල්ඩ් රීගන් ජේ ආර් ට ඉතිරි කර දුන්නේ නැත. රීගන්ලා ඉදිරියේ පම්පෝරි ගැසූ මුත් රතිංඤා කරලක් වත් නැතිව හිස් අතින් ගෙදර ඒමට ඔහුට සිදුවිය.
ජේ ආර් ට තිබූ කෙහෙල්මල් බුද්ධාගමක්ද නැත. ජපානය වෙනුවෙන් සැන් ෆ්‌රැන්සිස්කෝ සම්මේලනයේදී නහි වේරානි කී ඔහු මිසිස් බී ට දුන් වදය වෛරක්කාරී කෘර පලිගැනීමකි (ඔහුගේ පුතා හා බෑණා අත් අඩංගුවට ගැනීමට අමතරව මිසිස් බී ද ජේ ආර් ට සැලකුවේ ඉතාමත් සවුත්තු ආකාරයකටය). ඒ සඳහා ඔහු ප්‍රේමදාසව යොදවා ගත්තේය. ඔහු එදිරිවීර සරච්චන්ද්‍ර මහතාට බයිසිකල් චේන් වලින් ගැස්සෙව්වේය. ඔහු උන්මත්තකයෙකු සේ ක්‍රියාකල හැටි වික්ටර් තෙන්නකෝන් ලංකාවෙන් පැනගිය සිද්ධියෙන් පෙනුණි. ඔහු මිසිස් බී ට කලදේ දී ගාමිනී දිසානායක හා ලලිත් ඇතුලත්මුදලි නිහඬව සිටියේය. ඔහුගේ බහුබූත ව්‍යවස්ථාවේ සවුත්තුකම ඒ දෙන්නාට තේරුනේ ප්‍රේමදාස බලයට ආවාට පසුවය.
රජිව් ගාන්ධිට දණ ගැසීම ඔහු කල නිවැරදි ක්‍රියාවක් වූ පරිදිම ඔහු ඇතිකල විධායක ජනාධිපති තනතුරද නිවැරදි සංකල්පයක් ය කියා මම සිතමි. එම තනතුර නිසා නොවේ නම් ප්‍රභාකරන් අද වෙනම රටක් හදාගෙන ලංකාවේ අනුරාධපුරය, පොලොන්නරුව, සෝමාවතිය, ඌව පලාත හා උඩරට බෝම්බ මගින් ආක්‍රමණය කරමින් සිටිනවා නිසැකය. ලංකාව යම් අදෘෂ්‍යමාන බලවේගයක් විසින් ආරක්‍ෂාකර දෙන බව මගේ විශ්වාසයය. මාක් කුරේ (කළු සුදු, ක්‍රිස්තියානි) හා චෙල්වනායගම්ගේ දුවගේ සැමියාවූ ඒ. ජේ. විල්සන් (කළු සුදු, දෙමල, ක්‍රිස්තියානි) ලවා ජේ ආර් හදවා ගත් බහුබූතය, 1923 සිටම පැවති ක්‍රිස්තියානි-දෙමල-ඉංග්‍රීසි ආණ්ඩුකාර කුමන්ත්‍රණය ක්‍රියාවට නැගීමක් මිස නිකම්ම බහුබූතයක් නොවීය. එය ලංකාවට, සිංහලයාට ඇටවූ මර උගුලක් ය. මෙම මර උගුල තවත් උග්‍ර වූයේ (1) චන්ද ක්‍රමය ජොබ් ඉන්ටර්විව් එකක් සහිත බලු පොරයකට වෙනස් කිරීම මගින් හොරුන් මන්ත්‍රීන් කිරීම (2) 4,000 ක් ව තිබූ ග්‍රාම සේවක නිලධාරී කොට්ටාශ ගණන 14,000 ක් කිරීම හා (3) 13-ඒ නමැති සුදු අලියා බිහිකිරීම, යන ක්‍රියාවලීන් නිසාය. මේ හැම දෙයකදීම වරද, විනාශය, එම ආයතන වලට එන දුෂ්ට පුද්ගලයා නිසා මිස ආයතන යේ නොවීය. ඊට අමතරව මේ ආයතන ඇතිකිරීමේදී ඒවාට යම් තහංචි නොදැමීම හෝ මුග්ධ ලෙස හා හිතුවක්කාරී ලෙස ඒවා තමන්ගේ පුද්ගලික දේපල ලෙස සිතා ක්‍රියාකිරීම ද දුෂ්ට හැසිරීමකි.
විධායක ක්‍රමයක් ඕනෑ යයි ජේ ආර් තීරණය කලේ පාර්ලිමේන්තු චන්ද ක්‍රමයේ හා මන්ත්‍රීවරයා කියන තනතුරේ තිබූ වැරදි දෙකක් නිසාය. මේ දෙකම මිනිස් වැරදි මිස ආයතන වල වැරදි නොවීය. වක්කඩ කැඩුවා සේ පාර්ලිමේන්තු ආසන දිනන පක්‍ෂය පැරදුන පක්‍ෂයට සැලකුවේ බලු විධියටය. උදාහරණයක් වශයෙන් 1956 වූ මහජන විප්ලවයේදීත් සර් ජෝන්ගේ පක්‍ෂයට රටේ ජනතාවගෙන් සියේට 30-40 අතර ප්‍රමාණයක් චන්දය දී තිබුනි. මේ නිසා ඔවුන්ගේ ආසන අටට වඩා මහජන බලයක් ඔවුන්ට තුබුනු අතර එයට ගරු කල යුතුව තුබුණි. ගම්පහ මන්ත්‍රී එස් ඩී බණ්ඩාරනායක තරුණයා මේ බව අගමැති බණ්ඩාරනායකට පෙන්වා දුන්නේ විපක්‍ෂයද ආණ්ඩුවට ගන්නා ලෙස ඉල්ලමින් ය. නමුත් අවුරුදු විසිපහක් පමණ බලය සඳහා රස්තියාදුවූ අගමැති, බලය බෙදා ගැනීමට සූදානම් මනසක නොසිටියේය.
ජේ ආර්ගේ දෙවැනි කාරණය නම් මන්ත්‍රීලාට පගාව දී ආණ්ඩු පෙරලීමය. 1964 දී ලේක් හවුස් මගින් පගාවදී එසේ කිරීමට ජේ ආර් ද හවුල් විය. ලන්ඩන්වල ටේලර් සාප්පුවක් දාගෙන සිටියා කියන මංගල සමරවීරගේ තාත්තාත් එසේ පගාව ගත් කෙනෙකි. මේ නිසා රටට වැඩක් කරන්නට නම්, රට වෙනුවෙන් ජනප්‍රිය නොවන තීරන ගන්නට නම් මන්ත්‍රීන් පෙන්‌දන්ට යට නොවන ස්ථාවර ජනාධිපති තනතුරක් අවශ්‍යබව ජේ ආර් ගේ තර්‍කය විය. නමුත් ජේ ආර්‍ට අන්තිමට ලැබුනේ ඔහුත් වැටුන බොරු වලක් ය. මෙය ඒ ජේ විල්සන් විසින් හිතා මතාම කල දෙයක් කියා මම සිතමි. එයට හේතුව සේරම නැටුම් නටා, පිරිමියෙක් ගෑණියෙක් කරන්නටත් බලන ජනාධිපතිව පාර්ලිමේන්තුවේ එක වැඩි චන්දයකින් කොට උඩ යැවිය හැකි වීමය. බජට් එකෙන් පැරදුනොත් ජනාධිපතිගේ ආරක්‍ෂක භටයින් පවා බඩගින්නේය. ඒ හැර ප්‍රේමදාසට වෙන්න ගියා වගේ මන්ත්‍රීන්ට ජනාධිපතිට විරුධව විශ්වාස බංග යෝජනාවක් ගෙනා හැකිය. එය පාස් නොවුනත් ඉන් ඇතිවන කචල් එක ජනාධිපතිව හිඟන්නෙකුගේ තත්වයට ඇද දමයි. විමල් වීරවංශ නිසා නොවේ නම් බජට් එක පැරදී යුද්ධය කොට උඩ යාමට ඉඩ තිබුනි. 2005 දී හා 2010දී තමන්ට හා රටට හතුරන්වූ අයට පගා වශයෙන් ඇමතිකම්දී දැන් හිරකාරයෙක්වී ඉන්නට මහින්ද මහතාට සිදුවී ඇත්තේත් ජේ ආර් අසුවූ කුරේ-විල්සන් උගුල නිසාය.
ජේ ආර් ට තමාම තමා කප්පවා ගත් වලේ වැටී සිටින බව තේරුම් ගිය බව පෙනීයන්නේ පාර්ලිමේන්තු චන්දයක් නොතියා දිගටම සිටීමෙනුත්, මිසිස් බී ට භය වීමෙනුත්, මවට විරුධව පුතාව (අනුර) යොදා ගැනීමෙනුත් ය. මේ හැර ජේ ආර්‍ට ප්‍රේමදාසත්, ප්‍රේමදාසට ජේ ආරුත් එකිනෙකාට භයින් සිටි බව ලෝරන්ස් මාෆියාවට සම්බන්ධව සිට විශ්‍රාම ගිය පොලිස් නිලධාරියෙක් ඊයේ පෙරේදා එලි කලේය. ප්‍රේමදාස ජේ ආර් ගේ මේසයට ගසා තර්‍ජනය කල බව ඊට පෙර වාර්‍තාවක මම දුටුවෙමි. ප්‍රේමදාස ඩඩ්ලිට ද හෘදයාභාධයක් දුන්නේය. නමුත් මේ ආකාරයට ජේ ආර් අතරමංවීම, හා හැම පැත්තෙන්ම අසරණවීම ඔහු හදවාගත් මර උගුලේම ප්‍රතිපලයකි. ඒ ක්‍රමය අනුව අගමැතිකම් දියයුතුව ඇත්තේ පඹයෙකුට බව ප්‍රේමදාස ඩී බී ව්ජේතුංගටත් (හේමා ප්‍රේමදාස ඔහුට අරලියගහ මන්දිරය භාරදීමට පෙර දුන් වදය ගැන මම පුද්ගලිකව දනිමි), චන්ද්‍රිකා රත්නසිරි වික්‍රමනායකටත්, මහින්ද දි මු ජයරත්නටත් එය දීමෙන් නොපෙනේද? චන්ද්‍රිකා මහින්දට එය දුන්නේ නොදී බැරි නිසාය. ජේ වී පී කාරයින්ට ඕනෑ වුනේ ලක්‍ෂ්මන් කදිරගමාර්‍ට එය දීමටය. මහින්දට එය දීම නිසා චන්ද්‍රිකාට වූ දේ ගැන සිතා බලන්න?
ජනාධිපති නිලය දරන්නා ඉබේම සිහි විකල් භාවයට පත්වීම
මේ විධායක ක්‍රමය අඩුතරමින් ඇමෙරිකාවේ ජනාධිපතිට ඇති ආකාරයේ සීමා කිරීම් සහිතවත් විය යුතුව තිබුණේය. බා ගෙන කනවා වෙනුවට ඉහගෙන කෑමට යෑමෙන් ජේ ආරුත් ඔහුට පසු එම තනතුරට ආ අයත් පිරිහී ගියේය. ඉර හඳ පායනවා වැනි මුලික ලෝක සනාතන ධර්‍ම, බුද්ධාගමේ මුලික ධර්‍ම, සාර ධර්‍ම, යුක්තිය, සදාචාරය වැනි මිනිස් ගතිගුණ මේ තනතුරට එන අයගෙන් ගිලිහී යන්නේ ඔවුන්ටත් රටටත් සිදුවන ශාපයක් වගේය. තනතුර දරණ අය අන්ද මන්දව යනු පෙනේ. ජේ ආර්, ප්‍රෙමදාස හා චන්ද්‍රිකා එසේ හැසිරෙනු ඔබ දුටුවේ නැද්ද? පොලිස් නිලධාරින් 600 ක් මරා ප්‍රභාකරන් ඔහුව අතරමං කලවිට පොඩි ලමයෙක් මෙන් ලේකම් කේ එච් ජේ විජේදාසගේ සරණ පැතීමට ප්‍රේමදාස මහතාට සිදුවිය. මලයාලි ගුරන්ට කිට්ටු විය. තෙල් මතුරා කොඩිවින කරාවි යයි සැකයෙන් ජීවත් විය. ඔහුගේ භාර්‍ර්‍ය්‍යාව හා දුව බුද්ධාගම අතහැරියේ ය. චන්ද්‍රිකා ගැන නම් මිසිස් බී විසින්ම කිව්වේ, “මේ චන්ද්‍රිකා පිස්සු කෙලිනවා” කියාය. සිංහල බෞද්ධ චන්දය නිසා යාන්තමින් 2005 දී බලයට ආ මහින්ද මහතාද සර්‍වාගමික පූට්ටුවක හා බහු ජාතික අට්ටාලයක හිරවී සිටින්නේ මේ තනතුරේ ඇති මනස විකල් කිරීමේ ශාපය නිසාද? දැන් දැන් සිංහල බෞද්ධයින්ට ඔහුව පේන්නේ හරියට මලයාලි ගුරන්ගේ පැත්ත ගත් රාජසිංහ රජු මෙන් ය. ගෝඨාභය හරහා රට ගලවා ගෙන දුටුගැමුණු, වලගම්බාහු, විජයබාහු හා හයවෙනි පරාක්‍රමබාහු කුලයට අයත්වූ ඔහු මේ තත්වයට වැටීම කණගාටුදායක නොවේද? මා මහා පරාක්‍රමබාහුව මේ කුලයට ඇතුලත් නොකලේ ඔහු ඉන්දියාව ආක්‍රමණය කලත්, ඔහු සියළුම ලංකාවාසී ප්‍රබල නායකයින් (එඩිතර සිංහල ලේ)සමූලඝාතනය කර ඉතා සුළු කාලයකින් ලංකාව කොට උඩ යෑමට මග පෑදූ නිසාය. සෝම හාමුදුරුවන්ට පසු ඉතිරිවූ එකම එඩිතර සිංහල ලේ මස් පංචස්කන්දය ඥානසාර හමුදුරුවන් වූවා සේය.
මහ ජාතිය දණගස්වන ක්‍රිස්තියානි බළල් හස්තය
1923 දී ක්‍රිස්තියානි සිංහල නායකයින් දෙදෙනෙක් හා ක්‍රිස්තියානි දෙමල නායකයින් අතර ඇතිවූ ගිවිසුමකින් ලංකා ඉතිහාසය ආරම්භවන බව, කාටත් නොතේරෙන සංස්කෘත ශ්ලෝකයකින් හැම තිස්සේම තම කතාව පටන් ගන්නා උතුරේ මහ ඇමති විග්නේෂ්වරන් ගේ මතයය. ඉංග්‍රීසි ආණ්ඩුකාරයාගේ උල්පන්‌දම් දීම අනුව ඇතිකරගත් මේ රහස් ගිවිසුමේ අරමුණ වූයේ සුළු ජාතීන් එකතු කර ඒ මගින් ව්‍යවස්ථාදායකයේදී (රාජ්‍ය මන්ත්‍රන සභාව, පාර්ලිමේන්තුව) මහජාතිය සුළු ජාතියක් කර වීමය. මෙය එක් අතකින් පොන්නම්බලම් කිව් පනහට-පනහ ක්‍රමයය. ඉංග්‍රීසියෙන් මෙයට කිව්වේ බැලන්ස් රිප්‍රසන්ටේසන් (—-) කියාය. සියයට 75 ක් වූ සිංහලයින්ට මෙසේ සැලකීමට හිතීමවත් යකාගේ කෙලියක් වුවත් සිංහල නායකයින්ට වඩා බුද්ධියෙන් ඉහල යයි කියනා දෙමල ක්‍රිස්තියානී නායකයින්ට එසේ ගරු කලයුතුයයි සිංහල ක්‍රිස්තියානි දෙන්නා තීරණය කරන්නට ඇත.
1832 සිට සිංහල නියෝජිතයින්වූයේ අරටු බැසපු සිංහල ක්‍රිස්තියානීන් ය. 1880 ගණන් වල, වෙසක් පෝය නිවඩු දිනයක් කිරීමට ඇමෙරිකන් ජාතික කර්‍නල් ඕල්කොට්, දෙමල හින්දු රාමනාදන් හා ක්‍රිස්තියානි ආණ්ඩුකාරයා ක්‍රියා කරන විට සිංහල නියෝජිතයා ඊට ව්‍රැද්ධව කතා කලේය. ඔහු කිව්වේ නත්තල් කාලයට ලැබෙන දිගු නිවාඩුව හැම දෙනාටම ඇතිය කියාය! අවුරුදු සීයකට පසු 1931 දී සර්‍ව බල චන්දය ඒමත් සමග 1832 සිට ආ
ජාතිවාදී නියෝජන ක්‍රමය අහෝසි විය. මේ නිසා සිංහල බෞද්ධ ජනයාට ව්‍රැද්ධව 1923 නේ කල කුමණ්ත්‍රනය වැලලී ගියේය.
1923 කුමන්ත්‍රනයට යලි පණ දීම සඳහා දෙමල කතෝලික පෙඩරල් ඒ ජේ විල්සන්ට ජේ ආර් ව අතකොලුවක් කරගත හැකිවිය. මේ නිසා ජේ ආර් ට ලැබුනේ ජේ ආර් සිතා සිටි දෙය නොවේ. ජනාධිපති චන්දය සඳහා සුළු ජන කොටස් (දෙමල, මුස්ලිම්, ක්‍රිස්තියානි) වල චන්දය ලබා ගැනීමට පෙන්‌දෙක් සේ හැසිරීමට අපේක්‍ෂකයාට සිදුවේ. සරත් න්සේකා මහතා දෙමල චන්ද ගන්නට කල කරණංගැසීම හොඳ උදාහරණයකි. ඔහුගේ ආත්ම ගරුත්වය පවා ඉන් කෙලසී ගියේය. මෙසේ සුළු ජන කොටස් සතුටු කිරීම සඳහා ඔවුන් කැපිලි කරන්නේ සිංහල, සිංහල බෞද්ධ කොටස් වලටය. මහ බලවත් ජනාධිපති ධූරයට ඇත්ත වශයෙන්ම වී ඇත්තේ කුමක්ද? 1923 ප්ලෑන ඉතා සියුම් ලෙස දැන් ක්‍රියාත්මක නොවේද?
බල පිරමිඩය හා ධර්‍ම චක්‍රය
1988 දී සර්වෝදයේ ඒ ටි ආරියරත්න මහතා ලියූ කුඩා පොතෙන් මේ මාක් කුරේ-විල්සන්-ජේ ආර් මර උගුල ශාස්ත්‍රීය වශයෙන් පෙන්නා දී ඇත. දේශපාලන විද්‍යාව අනුව 1947 සිට 1978 දක්වා වූ මහජනයාට බලය අහිමිවීම ඔහු රූප සටහන් සහිතව පෙන්නා දී ඇත. මොන්ටෙස්කි පෙන්වා දුන් බලය බෙදීමේ න්‍යාය (ව්‍යවස්ථාදායක-විධායක-අධිකරණ) වෙනුවට ජේ ආර් ඇතිකර ගත් ක්‍රමය මුලු ලෝකයේම නියෝජිත ප්‍රජාතන්‍රවාදයට කල නිග්‍රහයක් විය. එහෙත් ජනාධිපති අසීමිත බලතල ඇත්තෙක් සේ මතුපිටින් පෙනී ගියත් ඇතුලතින් බලනවිට එය මිනිසුන් විසින් නිර්‍වස්ත්‍ර කල මුසෝලීනි ගේ මිනිය වැනි විය.
දෙසැරයක් වෙනුවට තුන් සැරයක් ඉන්නට ජේ ආර් ද සිතුවත් ප්‍රේමදාසගේ තර්‍ජනය ඉදිරියේ ඔහු නිහඬ විය. රටට වැඩක් කිරීමට අවුරුදු දොලහක් හොඳටම සෑහේ. සුප්‍රීම් කෝට් නඩුකාරයින් ජනාධිපති විසින් පත් කිරීම නිසා අපක්‍ෂපාතබව තිබිය යුතු පමණක් නොව ඒ බව පෙනී යාද යුතුය යන රීතිය කඩ විය. මේ මගින් මුලු අධිකරණ පද්‌ධතියම රටේ හෑල්ලුවට ලක්විය. ජනාධිපති නීතියට ඉහලින් තැබීම නිසා ඕනෑම ජඩ වැඩක් කිරීමට ඇති බය නැතිව යයි. ඒ නිසා වන්නේ තනතුර නැතිවූ විට සිදුවිය හැකි ආනිශංස ගැන බයක් ඇතිවීමය. පවර් කරප්ට්ස්, ඇබ්සොලියුට් පවර් කරප්ට්ස් ඇබ්සොලියුට්ලි යන රීතිය ලංකාවේ ජනාධිපතිට කදිමට ගැලපේ.
මෙවැනි බලයක් නිසා සීමාව ඉක්මවා, අසාධාරණ හා මධ්‍යම ප්‍රතිපදාවට පටහැනි ලෙස ක්‍රියාකිරීමට ජනාධිපතිව ඉඹේම පෙළඹේ. උදාහරණයක් වශයෙන් ජේ ආර් විසින් මන්ත්‍රීන්ලා හැමෝටම වාගේ කිසියම් ඇමතිකමක් දුන්නේය. චන්ද්‍රිකාව පරිවාසයේ තැබූ ජේ වී පී එක කැබිනට් ගාන සීමා කලේය. මහින්ද මහතා මුලු පාර්ලිමේතුව සල්ලි වලට ගත්තා වගේ විය. කෙතරම් දුරට ඇමති උපaැමතිධූර ඇති කලාද යත් මේ නිසා රජ්‍යපාලන ක්‍රමය විහිළුවක් බවට පත්වී ඇත. සීනි වලටත් ඇමති කෙනෙක් ඇත! කුක්ලා වැඩිවෙලා සුප් එක නරක් වුනා වගේය. ලෝකයේ යම් පිලිගත් සිද්ධාන්ත ඇත. ඒවා කඩකිරීමෙන් බලාපොරොත්තු නොවූ ආකාරයේ විපාක ලැබේ. අද ලංකාවේ හැම විෂයයකම අර්බුද ඇත්තේ මෙසේ පැටව් ගැසූ ඇමතිලාට කිසිම වගකීමක් නොගෙන ගැලවීමට හැකිවන සේ විෂය කාර්‍ය බෙදී ගොස් ඇති නිසාය.
පාර්ලිමේන්තු චන්ද ක්‍රමය වෙනස් කිරීමෙන් මහජනයා අතරමංවී ඇත. හොරු කසිප්පු කාරයින් මන්ත්‍රීන් වී ඇත. බොහෝ ඇමතිලාට අටේ පන්තියේ තරම්වත් සාමාන්‍ය අධ්‍යාපනයක්වත් නැත. මෙවැනි අයට රටේ අනාගතය භාර දීම මොනතරම් භයානක ද? පලාත් සභා ක්‍රමය හා මේ චන්ද ක්‍රමය ඉවත්කිරීම ජනාධිපතිධූරයේ තටු කැපීම වගේම වැදගත් කාරණයකි. මේ නිසා ලංකාවට අවශ්‍යව ඇත්තේ එහෙන් මෙහෙන් පැලැස්තර දැමීමක් නොව මහජනයාගේ සහභාගීත්‌වයෙන් අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සදා ගැනීමය.
17 වන සංශොධනය මෙවැනි පැලැස්තර දැමීමක් විය. 1947 සිටම මේ රටේ ප්‍රශ්නය වූයේ කෙහෙල්මල් ව්‍යවස්ථාව නොව ඒවා භාරව සිටි මිනිසුන්ගේ වැරදි දුෂ්ට හැසිරීමය, ගතිගුණය. උදාහරණයක් වශයෙන් 17 යටතේ නොයෙක් කවුන්සිල්ස් තිබුණත් ඒවාට පත්‌වන අය දේශපාලන පක්‍ෂ වලින් පත් කරණ අය ය. මේ අය අපක්‍ෂපාත හෝ යථා සුදුසුකම් සහිත අය වේවිද? ජයදේව උයන්ගොඩව ව්‍යවස්ථාදායක සභාවට පත්කිරීමට රනිල් වික්‍රමසිංහ වලිකෑ හැටි මතකද? රනිල්ට අනුව මුළු රටේම මීට වඩා සුදුසු කෙනෙක් නොවීය. 17 හෝ 18 හෝ 13 හෝ නොව මේ සියල්ල අතුගා දමා නව මහජන බලවේගයක් විසින් නව ව්‍යවස්ථාවක් පිලියෙල කල යුතුව ඇත. මෙහිලා ඉතා වැදගත් වන්නේ බොදු බල සේනා සවිධානය විසින් ලඟදී කල ප්‍රකාශය ය. ඔවුන් දේශපාලනයට එන බවත් නමුත් එය පක්‍ෂ දේශපාලනය නොවන බවත් ඥානසාර හාමුදුරුවන් ඩේලි මිරර් පත්තරයට එලි කලේය.
මෙම ලිපියේ දෙවන කොටසින් පෙන්නා දීමට යන්නේ සංහිඳියා කොම්සම විසින් ද කී අයුරු මහජනයාට බලය පැවරෙන හා කාර්‍යක්‍ෂම පාලන රටාවක් හදාගන්නා ආකාරය ය (මෙම අකාරය ඉංග්‍රීසි භාෂාවෙන් නැවත නැවතත් ලියා ඇතත් බීරි අලියන්ට-කළු සුද්දන්ට- වීනා ගැයීමක් පමණි). ලංකාවේ දැනට පවතින අහිතකර ආර්ථික, සාමාජික හා අධ්‍යාත්මික පරිහාණිය පාරවල් හෝ පාලම් දමා නැවැත්විය නොහැකිය. එසේ දමන පාරවල්
පවා පගාව අරගෙන බාල ප්‍රමිතියට සදන නිසා හෝදා පාළුව යන අන්දම අපිට පෙනේ. රටේ දුප්පත් ජනයා වෙනුවට එක්තරා සුළු කොටසකට ජය වී ඇති ආකාරය කොළඹ නගරයේ සිදුවන සංවර්‍ධනයෙන් පෙනේ. දැන් කොළඹ කාර් වලින් යන කොළඹ වසන මුස්ලිම් හා දෙමල තුනෙන් දෙකට හදා දුන් නගරයක් වැනිය. බස් එකෙන් හා පයින් යන කෙනෙකුට දැනෙන හා පෙනෙන කොළඹ මීට වෙනස් බව මාස හයක්ම කොළඹ ඇවිද්ද මම දුටුවෙමි.
July 23rd, 2014 at 3:51 pm
මම්ද දුටුවෙමි.
මේ පාරවල් වලින් මුදලාලි ලාටත්, සල්ලිකාරයින්ටත්, පිටරට සිට සවාරි ගැසීමට යන කලු සුද්දන්ටත් හැර දුප්පත් මගියාට අැති වැඩක් නැත. කොළඹ යකඩ පාලම් පගා ගැසීමට මිස අන් කිසිම අරමුනකටකල ඒවා නොවන බව ඒශේත්‍රයේ වසර 30 කට අධික ඉහලම පලපුරුද්දකින් මම කියමි. මේ පාලම් සැලසුමකින් තොරව ඉදිකර ඇති නිසා තව අවුරුදු 5 කින් කඩා දමා පලල් කිරීමට සිදුවනු නියතයි.
July 24th, 2014 at 2:36 pm
“පාර්ලිමේන්තු චන්ද ක්‍රමය වෙනස් කිරීමෙන් මහජනයා අතරමංවී ඇත. හොරු කසිප්පු කාරයින් මන්ත්‍රීන් වී ඇත. බොහෝ ඇමතිලාට අටේ පන්තියේ තරම්වත් සාමාන්‍ය අධ්‍යාපනයක්වත් නැත. මෙවැනි අයට රටේ අනාගතය භාර දීම මොනතරම් භයානක ද? පලාත් සභා ක්‍රමය හා මේ චන්ද ක්‍රමය ඉවත්කිරීම ජනාධිපතිධූරයේ තටු කැපීම වගේම වැදගත් කාරණයකි. මේ නිසා ලංකාවට අවශ්‍යව ඇත්තේ එහෙන් මෙහෙන් පැලැස්තර දැමීමක් නොව මහජනයාගේ සහභාගීත්‌වයෙන් අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සදා ගැනීමය. ”
Agreed 100%. This is the ONLY problem we are facing. There is no point blaming others or other problems. This is the MOTHER OF ALL PROBLEMS. We are at fault by not discarding endless elections to power up gangsters, kuddos and rasthiyadu kaarayos. When you have a properly working Sinhala Buddhist , educated, intelligent Minister running a ministry correctly, he is kicked out by the uneducated.
July 24th, 2014 at 2:55 pm
On the bridges, take just 1 obvious example, Dehiwala overhead bridge. Let us forget about the material of construction, ugliness, which a lot of people questioned.
Galle road had 6 lanes. Call it 100%. Now we have only 33.33% going over and continuing without interruption. That is the designer has assumed 66.66% of the vehicles coming from Galle are not continuing beyond Dehiwala. Same is in the opposite direction. What kinds of FOOLS are we ? Simply they have created a big bottle neck on our no.1 road.
“Cleaveland Bridge” a famous company who have done a lot of iconic steel structures ( such as Sydney Harbour Bridge) in the world had no jobs to do two years ago. Sri Lanka gave them to design upgrade of all rural bridges ( single span very short simple bridges ANY student in the engineering faculty could design without a degree). At the same time UK is bullying Sri Lanka and still is. Why ? එසේ දමන පාරවල් පවා පගාව අරගෙන බාල ප්‍රමිතියට සදන නිසා ?
Dehiwala overhead bridge could have been designed with all 6 lanes supported on ONE single pier at the centre, leaving ample space below (Viaduct ), allowing 100% traffic to continue. Of course you need to widened the approaches which they did even now but more. Why built a 1/3 capacity with nearly the same cost ?
July 24th, 2014 at 11:22 pm
Govt. should EXPAND the Galle road from Dehiwela to Bamba junc by removing some buildings along the way.
Benefits – MASSIVE time saving, cost saving. Tourists also use this road. Even MR, GR, BR, NR, CR, etc. use this road.
Cost – well spent money to tear down the ugly junk.
Votes lost – NOTHING. These are TNA supporters and UNP voters anyway. Nothing to lose.
Votes gained – millions of people use this road. They will vote.