මස් මුදලාලිලාට බුද්ධාගම භාර දෙන ලංකා මීට් හෙඩ්ස්
Posted on August 1st, 2014

චන්ද්‍රසිරි විජයවික්‍රම

    පාර්ලිමේන්තුවේදී සර් ජෝන්ව කේන්ති ගැස්වීමට විජයානන්ද දහනායක නොයෙක් කතා කියන විට, සර් ජෝන් බොහෝ විට කෑ ගැසුවේ තෝව කනවා කියාය. එවිට දහනායක කියන්නේ ඔව් එතකොට බඩේ වත් මොළයක් තිබේවි කියාය. සර් ජෝන් වගෙ අයට ඇමෙරිකාවේ කියන්නේ මීට් හෙඩ්– ඔළුවේ තියෙන්නේ හරක් මස්– කියාය. ඊයේ මා දුටු රනිල් වික්‍රමසිංහගේ වීඩියෝ එක අනුව මට සිතුනේ රනිල් ද මීට් හෙඩ් කෙනෙක් නොවේද කියාය.  ඒ කාරණා දෙකක් නිසාය. එකක් නම් බුද්ධාගම වෙනුවෙන් කිඹුල් කඳුළු හෙලූ ආකාරය නිසාය.

ප්‍රේක්‍ෂකයාට තමා හෙලන්නේ බොරු කඳුළු බව තේරෙන බව නොතේරෙන්නේ මෝඩයෙකුටය. දෙවන කාරණය නම් තමාගේ කතාව නියමම මීටි හෙඩ් කෙනෙකු මත පදනම් කර ගැනීමය. සිරිල් නම් පේරදෙණි මස් ගුරුවරයා මස් මුදලාලි කෙනෙක්ද බව ඔහුගේ රක්‍ෂා විස්තරයෙන් එලි වේ (ඉංග්‍රීසි භාෂාවෙන් ලියා ඇති එය මේ සටහනට වෙනම අමුණා ඇත. එය කියවා බලන්න).

    මෙම සිද්ධිය විහිළුවක් සේ පෙනුණත් මෙය ඉතා වැදගත් කාරණා රාශියක්ම එලි දරව් කරයි. බොදු බලසේනාව විසින් ඇති කරණ ලද නව බෞද්ධ ප්‍රභොධය මුළු රටම කළඹා හොලවා ඇත. ලංකාවේ දේශපාලක පක්‍ෂ හොරු සිංහල බෞද්ධයාට සලකා ඇත්තේ සලකන්නේ හරියට පිරිමි හිත හොඳ ගෑණුන්ට සලකනවා වගේය යන සත්‍යය සාමන්‍ය ජනතාවට තේරෙන භාෂාවෙන් ප්‍රසිද්ධ රැස්වීම් වලින් එලි කලේ ඥානසාර හාමුදුරුවෝය. රනිල් ගේ මිනිත්තු 15 ක බෞද්ධ කිඹුල් කඳුළු මෙහි අළුත්ම ප්‍රතිපලය ය.

    2009 මැයි මාසයේදී ගෝඨාභය ලවා රට ගලවා ගැනීම නිසා දුටුගැමුණු, වලගම්බා, විජයබා කුලයට වැටුන මහින්ද රාජපක්‍ෂ ජනාධිපති, මලයාලි ගුරන් නිසා නොමග ගිය දෙවන රාජසිංහ රජු වගේ වෙන්න යනවාද කියන සැකයක් සිංහල බෞද්ධයින් තුල ඇතිවීම බොදු බල සේනාව නිසා ඇතිවූ ප්‍රධානම ප්‍රතිපලය ය. මේ යුද්ධය නම් කවදාවත් දිනන්න බෑ කියමින් සිටි කල්ලියට අයත් නා නා ප්‍රකාරයේ අය (එන් ජී ඕ ඩොලර් නඩ, ඩිලාන් පෙරේරා, රාජිතලා වැනි සිංහල ක්‍රිස්තියානි-මාක්ස්වාදී මොහම්ඩ්ලා) මනස විකල්වූ ආකාරයෙන් හැසිරීම තවත් ප්‍රතිපලයකි. සී ඒ චන්ද්‍රප්‍රේම වැනි මාක්ස්වාදී කටුස්සන් අයිලන්ඩ් පත්තරේ හරහා හාමුදුරුවරුන්ට බැටන් චාජ් කිරීමටත්, රස්තියාදු කාරයින්ට අරක්කු පොවා බොදු බල සේනා රැස්වීම් වලට යවා හූ කියවිය යුතුය කියා ලියන්නේත් මේ නිසාමය.

මුස්ලිම් සම්බන්ධතා ඇතැයි සැක කරන මාක්ස්වාදී තිසරනී ගුණසේකර වැනි අයත්. ක්‍රිස්තියානී මාක්ස්වාදී දයාන් ජයතිලක වැනි අය රෑ දවල් තිස්සේ වලිකන්නේත් ඥානසාර හෝමුදුරුවන් ගැසූ ඝංටාරය නිසාය    ෆේස් බුක්, ඇමෙරිකන් විසා නිලධාරීන්, හා ලංකාවේම ඉංග්‍රීසි හා සිංහල මාධ්‍ය කතා කිරීමේ හා ලිවිමේ නිදහස බොදු බල සේනාවට අහිමි කරන්නට හදන්නේද බොදු බල සේනාව විසින් විදේශීය හතුරු බලවේග වල හා ලංකාවේ කළු සුද්දන්ගේ ද රෙදි ගලවා හෙළුව පෙන්නා දුන් නිසාය. පුදුම අරුම පුදුමය නම් බොදු බල සේනාව කියන්නේ අපට ප්‍රශ්න ඇත, ඒවා සාකච්චා කල යුතුව ඇත, ඒ සඳහා ඉඩක් ලබා දෙන්න කියා වුවත් එයට ත්‍රස්තවාදී ලේබලයක් ඇලවීමට කරන උත්සාහයය. හොරුන්ට පරයන් කීම බොදු බල සේනාව කල නූතන අනාගාරික ධර්‍මපාල සේවයයි. සෝම හාමුදුරුවන් කලේ බණ දේශනා කිරීමය. උන්වන්සේ අකාලයේ නැතිව ගියේ ඒ අහිංසාවාදී හැසිරීම නිසාමය. කාශ්මීරය මුස්ලිම් වුනේත් මේ නිසාමය. මේ අහිංසා වාදය බෞද්ධයින්ට කියා දෙන්නේ බෞද්ධ නොවන අය වීම හිනාවට කරුණකි. දළදා මාලිගාවට බෝම්බ ගැසීම, ශ්‍රී මහා බොධියට වෙඩි තැබීම වැලක්විය හැක්කේ නවගුන වැල ගැන ගැන සිටීමෙන් බව මලින්ද සෙනෙවිරත්න වැනි තරුණ කොටස් ද  සිතයි.

    රනිල් ගේ තාත්තා එස්මන්ඩ් මාක්ස්වාදී ක්‍රිස්තියානිකාරයෙක් විය. රනිල්ගේ අම්මා නලිනි (ඩී ආර් විජේවර්‍ධනගේ දුව) බුද්ධාගමේ වුනත් ලේක් හවුස් එක අමු අමුවේ සිංහල බෞද්ධයින්ට කල විනාශය (1964 පත්තර කොම්ශන් වාර්‍තාව බලන්න) කුස්සියේ විප්ලවයකින් වත් නවත්තන්නට ඇයට හැකියාවක් තිබී නැත. රනිල් ගොස්ට් රයිටර්‍ලා ලවා බුද්ධාගමේ දර්‍ශනය ගැන පොතකුත් ලිව්වත් රනිල්ට ඇති කෙහෙල්මල් බුද්ධාගමක් නැත. යූ එන් පී කාරක සභා රැස්වීම් තුනුරුවන් මතක් කර ඇරඹීමට යෝජනා කල විට, ඒවා ගෙදරදී කර මීටිමට එන ලෙස රනිල් කී බව යූ එන් පී පරණ සාමාජිකයෙක් ලඟදී එලි කලේය. විවාහයට පෙර රනිල් ජෝඩුව ගියේ පල්ලියේ පාදිලි හමු වීමටලු!
   
    රනිල්ගේ කැබිනට් එකේ සියළුම වැදගත් ඒවා දුන්නේ ක්‍රිස්තියානීන්ටය. කැබිනට් එකේ 60% ක් ම ක්‍රිස්තියානී විය. ජෝන් අමරතුංග යටතේ ලංකාවේ පොලිසි මිනි පල්ලි වැනි විය. එපමණක් නොව රනිල් ලෝක ක්‍රිස්තියානි දේශපාලන එකමුතුවේ ක්‍රියාකාරී සාමාජිකයෙකි. ලංකාවේ පන්සල් කඩා, ඒවායේ පොත් පත් ගිනි තියා ඒ ගල් වලින් පල්ලි සැදූ පෘතුගීසීන් ලංකාවට ඒමේ 500 උත්සවයකට පෘතුගාල අගමැතිව ලංකාවට ගේන්න යෝජනා කලේ රනිල් අගමැතිය. ලෝකයේ කිසිම රටක වත්මන් නායකයෙක් මෙවැනි වහල් මනසක් පෙන්නා නැත. මෙය බෞද්ධ ජනාධිපති කෙනෙක් බිලියන් ඩොලර් ඇති පෝප්ට ලංකාවට එන ලෙස ආරාධනා කර බිල ද ගෙවීම වැනිය.

පෝප් ලාගේ ජොබ් ඩියුට් ලිස්ට් එකේ ඇති එක කාර්‍යයක් නම් ආසියාව, ලංකාව 21 සියවසේදී ක්‍රිස්තියානී කිරීම ය!    රනිල් සිතන්නේ ඔහුට රැවුල ගිනිගත් වේලේ සුරුට්ටුව පත්තු කරගත හැකිය කියාය. මහානායක වහන්සේලාට ආණ්ඩුව නොසලකා සිටීම ගැන ඔහු කම්පා වෙන්නේ මේ නිසාය. ඔහු සිතන්නේ මේ මඟින් ඔහුගේ චන්දෙට බොදු බල සේනාව මතු කල බෞද්ධ බලවේගය හරවා ගත හැකි වේය කියාය. කෝට්ටේ රජමහා විහාරයේ ප්‍රධාන දායකයා වූයේ රවි කරුනාරත්නය. මොන රැවටීමක් කර ඔහු මෙය ලබාගත්තාද? එවැනි ප්‍රයෝග සාර්‍ථක වූ නිසා රනිල් ද මෙසේ සිතීම ගැන අප පුදුම විය යුතු නැත. රවි ප්‍රධාන දායක තුමා ඉස් ඉස්සෙල්ලාම කලේ අල්ලපු වත්තේ තිබෙන පල්ලියට හැරී තිබූ බෝ ගහේ (නා ගහේ?) අත්ත කපා දැම්ම වීමය. ගස ඉක්මණින්ම මිය ගියේය.

සමහර හාමුදුරුවරුනව රවටා ගැනීම ඒ තරමටම ලේසිය.

    පාමංකඩ-අලිමංකඩ, මැදවච්චිය-කිලිනොච්චිය, සල්ලි තියෙනවා නම් ඕනෑම ගොනෙකුට යුද්ධ දිනිය හැකිය, තොප්පිගල කියන්නේ කැලයක්, සරත් ෆොන්සේකා කියන්නේ සැල්වේශන් ආමි එකේ ලොක්කා යනාදී මෝඩ හා දේශ ද්‍රෝහී කතා කියා අනාථ වූ මේ රනිල් ලා කවදාවත් පාඩම් ඉගෙන නොගන්නේ මිට් ඔලුවේ තිබෙන නිසාම නොවේද? එසේ නැත්නම් මස් මුදලාලි කෙනෙක් ගේ බුද්ධි සංසඳයකට රනිල් ගොස් පැය කාලක්ම බෞද්ධ අඳෝනාවක් කරයිද? ලංකාවේ ඉන්නා දෙනෝ දාහක් අතරින් හරක් ගැන, හරක් මස් ගැන පමණක්ම දන්නා මිනිහෙක් ගේ ආරම්භක රැස්වීමට ගොස් තමන්ටම වල් කපා ගන්නේ මොන මෝඩයාද?

    මේ සිරිල් නමැති හරක් මස් පේරාදෙනි ගුරා මා ගිය විශ්ව විද්‍යාලයේ නමටත් නිග්‍රහයකි. ඔහු ලංකාවේ බුද්ධාගම බේරා ගන්නට ඉදිරියට ඒම කොසොල් රජ්ජුරුවන්ගේ සීන දාසැය මතක් කර දේ. නිවන් ගිය, බුදුවුන අය සිටින දැන් ලංකාවේ අබුද්දස්ස කාලයට මේ මස් ගුරා තමා මස් ගැන වැඩ කරලා සෝවාන් වුනා යයි කිව්වා නම් එයද පුදුමයට කරුණක් නොවේ. මේ සිරිල් පොඩි කාලේ පන්සලක ඉරිදා පාසැලකටවත් ගිහින් තිබෙනවාද? කරණීය මෙත්ත සූත්‍රය කියමින් හරක් හදන විට හරකාගේ මස්, මස් රස හා කිරි වැඩි වනවාය කියා සිරිල් පර්‍යේෂන කර හොයා ගෙන තිබෙනවාද? හරකා තමන්ගේම කැමැත්තෙන් බෙල්ල කැපීමට නිදාගන්නා විඩියෝවක් සුදු ඉස්ලාම් භක්තිකයෙක් පෙන්වනවා මා දැක ඇත. ඔබලාටද ඉන්ටර්නෙට් එකෙන් මර්සි කිලින් ඔෆ් ඇනිමල්ස් යන මාතෘකාව ඔස්සේ ගූගල් කර මෙය බැලිය හැකිය.

    මේ සිරිල් අඩු ගණනේ බුද්ධාගමට අදාලව එක ශාස්ත්‍රීය ලිපියක් වත් ලියා තිබෙනවාද?  “කක්කුස්සියක් හොයන්නේ රෙන්න බර වුනහමයි” කියා ඉතා අශික්‍ෂිත කියමණක් ඇත. මෙය හිරිකිත කියමනකි (මා මේ කියමන දුටුවේ ඉතින් මගේ නඩුව ඉවරයි කියා සරත් ජයසූරිය නම් විශ්ව විද්‍යාල ගුරුවරයෙක් ලියූ පොතේ, වෙනත් මහාචාර්‍ය වරයෙක් ඔහුට එසේ කී බව ඔහු  ඒ පොතේ සඳහන් කර තිබීම මඟිනි). රනිල් ට වී ඇත්තේද මෙවැනි දෙයකි. පිදුරු ගහක් වුනත් අල්ලා ගන්නට ඔහු සූදානම් ය. එසේ නැත්නම් ටියුෂන් පන්තියක් ඉදිරියට ගොස් ආණ්ඩුව පෙරලන්න සපෝට් ඉල්ලයිද? ටියුෂන් ගන්න යන්නේ සාමාන්‍යයෙන්ම ගොන් ලමයින් නොවේ ද?  විශේෂයෙන් මේ ටියුෂන් පන්තිය සිංහල ලමයින්ට සිංහල ගැනය!

    ලංකාවේ හරක් මැරීම තහනම් කර, මුස්ලිම් හා ක්‍රිස්තියානි අයට අවශ්‍ය මස් පිටරටින් ගෙන්වන්න කියා සිංහල බෞද්ධයින් හා හින්දූන් ඉල්ලා සිටින අවස්ථාවක සිරිල් ඉදිරියට ඒම චමත්කාර ජනක විහිළුවකි. ඉන්දියාවේ රාජස්ථාන් වල ගවයන් ගැන හැදෑරීමට විශ්ව විද්‍යාලයක් ද පිහිටුවා ඇත්තේ ගවයින් මරන්නට හොඳටම සුදුසු ක්‍රමය සෙවීමට නොව ගවයා මිනිසාට ඇති අනගි සම්පතක් සේ සලකාය. ගවයා හා පොල් ගස දෙන ප්‍රයෝජන ගැන සිතා බලන්න?

    හරක් මස් බිස්නස් එක ගැන මගේ අත්දැකීමක් ලියා මෙම සටහන අවසන් කරන්නට සිතමි. මා සමග ඇමෙරිකාවේ ඉගැන්වූ සුදු ගුරුවරයෙක් ඔහුගේ මස් පිනිස ඇති කරන හරක් බිස්නස් එක ගැන කිව්වේය. වැඩිම ලාභය ලැබෙන ආකාරයට රාන්ච් එකේ ගවයින් පාලනය කල යුතුය. ලංකාවේ ගොවියෙක් වී ගොවිතැන කරනවා වගේ ය.

මේ සුදු ගව ගොවියාට බුද්ධාගම මතක් කලාට වැඩක් නැත. බුද්ධාගමට ලංකාවේ ඉන්නේ මිලියන් 15 ක් පමණය.

බෞද්ධ නොවන ලෝකය බිලියන් 6-7 අතරය.

    දිනක් විද්‍යාලයේ උත්සවයකට ඔහු ඔහුගේ බිරිඳ හා දරු දෙදෙනා සමඟ පැමිනියේය. ඔහුගේ වයස අවුරුදු 50 ට වැඩිය. ලම්‍යි දෙන්නාව ගෙනාවේ තල්ලු කරගෙන යන ලමා කරත්ත දෙකකය. දෙන්නාම අංග විකල, මන්ද බුද්ධික ලමයි ය. මීට හේතුව දෙමාපියන්ගේ ඩී එන් ඒ ප්‍රශ්නයකද, කරුමයද, මස් මැරීමේ විපාකද කියා මම නොදනිමි. සිරිල් ගුරා ගෙන් මේ ගැන ඇසිය හැකිය.

    රස්සාවට උදේට සැතපුම් 40ක් යන විට ඉරපායා ඇති නැගෙනහිර පැත්තේ ඈතින් පෙනෙන නිල් තණ ඉඩම් වල තණකන ගවයින් පෙනෙන විටත්, හවසට ගෙදර එන විට හිර බැස යන රතු පාට වී යන තණ පිටිවල සිටින හරකුන් දැකත් මානසික ආශ්වාදයක් ලැබීමට මා පුරුදුව සිටියෙමි. මගේ යාළු සුදු ගුරුවරයාගේ මස් ගොවිතැන ගැන අසා ඉන් මගේ සිතට වෙනසක් වුනේ නැත. නමුත් ඔහුගේ දරු දෙදෙනා දැක මට ඇතුවූ කම්පනය කෙතරම්ද යත් ඉන් පසුව තණ පිටිවල ගවයින්ගේ දර්‍ශනය මට චමත්කාරයක් ගෙන දුන්නේ නැත. මනෝ පුබ්බංගමා ධම්මා කියන්නේ මේ නිසා නොවේ ද? රනිල් නියම බෞද්ධයෙක් වූවා නම් මහින්ද රාජපක්‍ෂව දැන් පැරදවීම කජු කනවා තරමටම ලේසිය.

මිසිස් බීට හා ජේ ආර් ta වූ දේ අමතකද?

5 Responses to “මස් මුදලාලිලාට බුද්ධාගම භාර දෙන ලංකා මීට් හෙඩ්ස්”

  1. Ancient Sinhalaya Says:

    UnPatriotic Party (UNP) is full of catholics and mossies.
    So they have done irrepairable damage to the Sinhala Buddhists and their
    country.
    What UnPatriotic Party (UNP) does is divide the Sinhalese and make the
    minorities king makers. If this traitors exist for another 50 years Sri Lanka will be a mossie
    country.
    It is not just Kashmir became mossies.
    pakisthan
    bangladesh
    iran
    afganisthan
    malaysia
    indonesia
    maldives all became mossies within a few hundress since their arrival in those countries
    due to the relentless breeding.
    It is sad to see these countries become hell holes for the mossies themsleves and they
    want to come to Sri Lanka and claim refugee status as if we don’t have enough of this menace
    already in Sri Lanka. You can see what these mossies doing all over the world.
    Syria
    Nigeria
    Pakesthan
    afganisthan
    iraq etc. etc. are hell holes. Still breed, breed and breed.
    Problem is they don’t know everybody outside their religion hates them.
    The religion of peace teach them to be ignorant.
    Ignorance is bliss.

  2. AnuD Says:

    Syril was a drunkard when he was a student. As a drunkard -student he created lot of problems.

  3. Nanda Says:

    Who is the Siril meathead ? Can some one tell me the proper name ? I am curious.
    Is he the owner of “meat shop” chain ?

  4. Lorenzo Says:

    Prof. Hewa Waduge Cyril.

  5. Nanda Says:

    Thanks Lorenzo.
    Hope this meathead is not related to Shenali Waduge.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress