ආදරණීය සටන් සගය
Posted on September 7th, 2014

Chandrasena Pandithage

අයිතීන් යනු කුමක්දැයි ඔබ දන්නේද? ඔබ කවරෙක්දැයි ඔබ දනනේද?
ඇතතටම ඔබ කවුද?
උපතේ සිටම යදම් වලින් බැදි වහලෙකි.
ඔබ කිසිදා යදම් දුටුවේම නැත.
ඔබට උපතක් ඇත. මරණයක්ද ඇත.
ඔබ උපතවත් මරණයවත් තීරණය කරන්නා නොවේ.
ඔබට උපතේ සිට මරණය දක්වා සිය කටයුතු කර ගැනීමට කාලයක් උරුම කරදී ඇත.
ඒ කාලයේදී ඔබ කරන්නේ මොනවාද?
විරෝධතා පුවරු අතට ගෙන, පාරේ වේලෙමින්, තමාගේ අනාගතයද, කැප කරමින්, අනාගතය වෙනුවෙන් සටන කරන බව කියයි.
අනාගතය කැප කරන එකා, අනාගතය වෙනුවෙන් සටන් කරන්නෙක් නොවන බව, ඔබ නොහදුනයි.
අනාගතය කැප කරන්නා හා අනාගතය වෙනුවෙන සටන් කරන්නා අතර වෙනස ඔබ නොහදුනයි.
මේ අභිමානයෙන් කථා කරන අනාගතය කැප කරන්නා, විරෝධතා පුවරු අතට ගෙන, පාරේ වේලෙමින්, තමාගේ අනාගතය, පමණක් නොව, වර්තමානයද කැප කරයි. ඔහ වර්තමානය කැප කර න බවක් නොදකී.
වර්තමානය කැප කිරීම තුලින්, මේ වර්තමානයට ලගාවීම සදහා අතීතය පුරාම කලකැප කිරීම්ද විනාශ කරයි. ඔබ ඒ බවක නොදකී.
ඔබ මේ කැප කිරීම නමින් හංවඩු ගසා විනාශ කරන්නේ, ඔබගේ දෙමව පියන් ඔබ උපතේ සිටම ඔබ වෙනුවෙන් කරන ලද කැප කිරීම් සම්භාරයයි.
ඔබ මේ විනාශ කරන්නේ, ඔබේ ඥාතීන් ඔබ උපතේ සිටම ඔබ වෙනුවෙන් කරන ලද කැප කිරීම සම්භාරයයි.
ඔබ මේ විනාශ කරනනේ ඔබගේ ගුරුවරු ඔබ වෙනුවෙන් සිදුකල අතීත කැප කිරීම් සම්භාරයයි.
මුලු මහත් සමාජයම මහත් අසීරුතා මධ්යේ ඔබ වෙනුවෙන් ගොඩනැංවූ ඒ මහා මනදිරට ගිනි අවුලවා, දමා ඇත.
උඹ මහා පට්ට පල් මෝඩයෙකි.උඹේ උපත වෙනුවෙන, උඹේ දෙමව් පියන්ට එදින යමෙක් වසු පැටවෙක හා වැස්සි පැටවෙකු තෑගි වශයෙන්,ලබා දුන්නේ නම්,
නුඹේ දෙමව් පියන් උන් දෙන්නාව, නුඹව බලා ගත්තා සේ ආදරයෙන් රැක බලාගත්තේ නම්,
සිතන්න මේ වනවිට මේ රටේ සිදුව ඇති. පෙරලිය.
කිරි සදහා පිටරට යන සියලුම මුදල් කන්දරාවම, ඉතිරිව, කිරියෙන් සපිරි දේශයක් අපට උරුම වනු ඇත.
එසේ සිදු නොවීම හරහා අපට ලැබී ඇත්තේ, වස කුප්පියක් අතට ගෙන මම මෙය අනාගතය වෙනුවෙන් පානය කරන බව පවසන ඔබයි. නුඹ මහා කාලභක්ෂකයෙකි.

One Response to “ආදරණීය සටන් සගය”

  1. AnuD Says:

    If some one works for a private company, one would not dare to strike or protest. Because the private employer would fire them because of the lost productivity and for making the employer vulnerable. In Sri lanka, the biggest employer is the govt.

    Students strikes are non-sense, if the strike is totally unrelated to their education or they are fighting for the teachers of the non-academic staff, just ban from the school.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress