ජන සභා සංකල්පය තුලින් සාමකාමි තිරසර ලංකාවක් බිහි කර ගැනීම (බෞද්ධ දේශපාලනය)
Posted on September 25th, 2014

චන්ද්‍රසිරි ව්ජයවික්‍රම

හැඳින්වීම

    මෙම සංදේශය පිළියෙල කරන ලද්දේ මේ මස 28 දා පැවැත්වෙන බොදු බල සේනා මහා සංඝ සමුළුවේදී සංවාදයට ලක් කල හැකි යෝජනාවක් වශයෙනි. මෙහි දැක්වෙන මූලික අදහස නම් ගම් මටටමින් පුර වැසියන්ට බලය පවරා දෙන පක්‍ෂ දේශපාලනයෙන් තොර (නිදසුන: ගැමි දිරිය වැඩ සටහන) පරිසර නිර්‌ණායක අනුව මායිම් වෙන් කරනු ලබන ජන සභා පිහිටුවීමේ අවශ්‍යතාවය ය. (රටේ ප්‍රශ්න වලින් 70% ක පමණ මේ මඟින් විසඳා ගත හැකිය). ඌව චන්දයෙන් පෙනී ගිය කරුණක් නම් (හැම දෙනාම අමතක කර දමන්නට හදන) බොදු බල සේනාවට විරුද්ධව කතා කල ඇමතිලා දෙන්නෙක්ම ලැබූ පරාජය ය. ඉදිරි චන්ද වලදී බොදු බල සේනාව විසින් 1956 දී මෙන් බලවේගයක් ගොඩ නඟණු නිසැකය.

    මිසිස් චන්ද්‍රිකා බලයට ඒමට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සිටි කොටස, යූ එන් පී එකේ කරු ජයසූරිය කොටස, ජාතික හෙල උරුමය, මාදුළුවාවේ සෝභිත නාහිමි, විමල් වීරවංශ, සරත් ෆොන්සේකා, දිනේශ් ගුණවර්‍ධන, ගුණදාස අමරසේකර, නලින් සිල්වා හා අනුර කුමාර දිසානායක යන කොටස් එකමුතු කිරීම කල හැක්කේ බොදු බල සේනාවට ය. යූ ඇන් පී එක ලංකාවට කල විනාශය, ජාති ද්‍රෝහි ක්‍රියා මහජනයාට මතක් කර දුන් විට හා රාජපක්‍ෂ ආණ්ඩුව යනු යූ එන් පී එක මෙන්ම සිංහල බෞද්ධයාට හිත හොඳ ගෑණුන්ට සේ සලකන බහු ජාතික ජරමරයක් හා සර්‌වාගමික පූට්ටුවක් බදාගත් අදක්‍ෂ කළු සුද්දන් පිරිසක් බව මහජනයාට පෙන්නා දුන් විට රට සෙලවීමේ බලයක් තවමත් සිංහල බෞද්ධයින්ට හා දුප්පත් සිංහල කතෝලිකයින්ට ඇත. ගෝඨාභය රාජපක්‍ෂවද අළුත් ආණ්ඩුවකට එකතුකර ගන්නා බව රැස්වීම් වලදී ප්‍රකාශ කල හැකිය. සිංහල බෞද්ධ ජනයා කිසිම අනිකුත් ජන කොටසකට වෙනස් කම් කර නැත.

සිංහල බෞද්ධයින් මුහුණ දෙන ප්‍රධාන අභියෝග දෙක (1. දුක)

    ලංකාව දෙකට කැඩීමේ දෙමල-ක්‍රිස්තියානි බෙදුම්වාදී ව්‍යාපාරයත්, ලංකාවේ සමාජ, ආර්ථික, සදාචාරාත්මක සාරධර්‍ම හා පරිපාලන කළමනාකරණ රටාව ශීඝ්‍රයෙන් බිඳ වැටෙමින් පැවතීමත්, සිංහල ජාතියට, විශේෂයෙන්ම සිංහල බෞද්ධයින්ට හා දුප්පත් කතෝලිකයින්ට, මුහුණ දීමට සිදුවී ඇති ප්‍රධාන අනතුරු දෙකය.    මාලදිවයින, ඇෆ්ඝනිස්ථානය, ඉන්දුනීසියාව යන රටවලට (හා කාෂ්මීරයට) අතීතයේදී සිදුවූවා මෙන් ලංකාව ද ඉස්ලාම් ෂාරියා රටක් කිරීමේ ව්‍යාපාරය තවමත් නිය පොත්තෙන් කඩා දැමිය හැකි ප්‍රමාණයේ පවතින තවත් අභියෝගයකි.

මෙම අභියෝග ජය ගැනීමේ මග (4. දුක නැති කිරීමේ මග)

    සුදු පාලකයින්ගේ වාසිය සඳහා 1832 දී පටන් ගත්, ලංකාවේ පරිසර භූගෝල විද්‍යාවට පටහැනි, කෘතිම මායිම් වලින් යුත් පලාත් නමයේ ක්‍රමය අහෝසි කර, අපේ දිවයින ප්‍රධාන ගංඟා නිම්න හතකට බෙදිය යුතුය. ආර් ප්‍රේමදාස මහතා විසින් නැණ විකල්ව 4,000 සිට 14,000 දක්වා වැඩි කල ග්‍රාම සේවා වසම්, මතු පිට හෝ භූගත ජලය ආශ්‍රයෙන් නිර්‌ණය කල මායිම් අනුව අළුතින් ස්ථාපිත කල යුතුය. පක්‍ෂ දේශපාලනයෙන් තොරව තෝරා පත් කර ගත් දොලොස් දෙනෙකුගෙන් යුත් ජන සභාවකට ඒවායේ සිවිල් පරිපාලනය භාර දිය යුතුය. ගම් මට්ටමින් ජනතාවට බලය පැවරිය යුතුයැයි උගත් පාඩම් හා සංහිඳියා කොමිසම කල නිර්දේශය මෙම ජන සභා තුලින් ක්‍රියාත්මක කල යුතුය.

    දිවයිනේ ලොකු කුඩා ගංඟා නිම්න 103 ක් හඳුනා ගෙන ඇති අතර, ගම් මට්ටමින් ජන සභාවල සිට පලාත් මට්ටමින් ප්‍රධාන ගංඟා නිම්න හතක් වශයෙන් බෙදෙන්නේ මෙම ගංඟා නිම්න 103 ය. මෙම ගංඟා නිම්න කලාප හත නම් යාල්පානම්, රජරට, දඹදෙණි, කැළණි‌, රෝහණ, මහවැලි හා දීඝවාපී ය (සිතියම බලන්න). මෙම අළුත් ගංඟා නිම්න “පලාත්” භූමි ප්‍රමාණයෙන් එක සමාන සේ වන අතර, සෑම පලාතකටම සාගර මූණතක් ඇත. දිය උල්පත, ඇල, ඔය, ක්‍රමයෙන් පහලට ගලා ගොස් ලොකු ගංඟා නිම්න හතක් වන අන්දමට, ජලය මුල් කර ගත් පරිසර නිර්‌ණායක අනුව මායිම් ඇති ජන සභා වලින් එම ගංඟා නිම්න හත සමන්විත වේ.

    ගිනිගත්‌හේන පොලිසියේ වහලේ එක පැත්තට වැටෙන වැහි වතුර මහවැලි ගඟටත්, අනිත් පැත්තේ වතුර කැළණි ගඟටත් ගලා යනවා කියන්නේ මේ “ගංඟා නිම්න පලාත්” දෙකේ මායිම එතැනදී එම පොලිස් ඉඩමෙන් සළකුණු වෙන බවය. පාර්ලිමේන්තු චන්ද කොට්‌ඨාශ (හා අවශ්‍ය නම් දිස්ත්‍රික් මට්ටමේ සිවිල් පරිපාලන ඒකක ද) මෙම ජන සභා එකතුවකින් සමන්විත වේ. මෙසේ එක් “ගංඟා නිම්න පලාතක” ජන සංඛ්‍යාව අනුව තීරණය වූ එක්තරා චන්ද කොට්‌ඨාශ ගණනක් (හා අවශ්‍ය නම් සිවිල් දිස්ත්‍රික් දෙක තුනක්) තිබිය හැකිය. වැදගත් කරුණ නම් මේ හැම ඒකකයකම මායිම් පරිසර/ස්වභාවධර්‍මයට එකඟ මායිම් වීමය. නිව්සීලන්තය එරට නීතියෙන් එය තීරණය කර ඇතිවා මෙන්, ලංකාවේ ද කුඩාම සිවිල් පාලන ඒකකයේ (ග්‍රම සේවක වසමේ හෙවත් ජන සභාවේ) පදනම පරිසරමය නිර්‌ණායක (ඉකොලොජිකල්) විය යුතුය.

    ලෝකල් ගවර්න්මන්ට් රිෆෝම් කොමිසම (අභයවර්‍ධන කොමිසන් වාර්‌තාව) මගින් 1999 දී නිර්දේශ කලේ, 1988 දී කල ව්කාර ප්‍රාදේශීය සභා ක්‍රමය වෙනුවට ආපසු පරණ ගම් සභා ක්‍රමයට හා වෝඩ් චන්ද ක්‍රමයට යන ලෙසය. 1981 දී ගම් සභා 549ක් හා වෝඩ් 7137 ක් විය. 2011 වනවිට මහ නගර සභා 23ක්, නගර සභා 41ක් හා ප්‍රාදේශීය සභා 271ක් විය. මේ හැම එකකම වෝඩ් මායිම් ග්‍රාම සේවා වසම් වල පරිසර (ඉකොලොජිකල්) මායිම් හා ගැලපිය යුතුය. ජන සභා පක්‍ෂ දේශපාලනයෙන් තොරව ක්‍රියාත්මක වීමත් සමග පක්‍ෂ දේශපාලනය මත දුවන මෙම අකාර්යක්‍ෂම, දූෂිත, ලෝකල් ගවර්න්මන්ට් යුනිට් බොහොමයක්ම ක්‍රමයෙන් දියවී යාමට ඉඩ ඇත.

    මෙසේ පරිසරාත්මක නිර්‌ණායක අනුව භූමීය කුඩා ඒකක වලට බෙදීම දැන් ලෝකය පුරාම පැතිරෙමින් පවතී. එසේ වුවත් ඈත අතීතයේ සිටම මෙම දිවයින ගම-වැව-දාගැබ යන ත්‍රිත්වය මත රඳා පැවති සමාජයක් විය. සෑම ගමක්ම වැවක් ආශ්‍රයෙන් ගොඩ නැඟුණි. එය වැව් බැඳි රාජ්‍යයක් විය. 1990 ගණන් වලදී උඩ වලවේ නිම්නයෙන් හඳුනාගත්  ‘වැටිය’ යන සංකල්පය අනුව, වැසි කාලයේදී වැටියක් (බැම්මක්) බැඳ ගඟේ හෝ ඔයේ වතුර උඩට ඔසවා, උස් බිම ජලයෙන් යට කර, ආපසු එම ජලය පහලින් ගඟටම නැවත නැවත එකතු කරන වැටි වැල මෙම එතෙක් නොදැන සිටි  ත්‍රිත්වයේ තවත් මූලික ලක්‍ෂණයක් විය. යාපනයේ භූගත ජලය ආශ්‍රයෙන් ද තිබූ මෙම වැටි වාරි ක්‍රමය අනුව පරිසරාත්මක ගම්මාන (ඉකෝ විලේජස්) රට පුරාම  විසිරී තිබිණි.  කලින් සිතා සිටියේ, මෙම වැටි, වියලි කලාපයේ ගංඟා ආශ්‍රිතව ඉදිකල සිය ගණන් කුඩා වැව් වල නටබුන් වු වැව් බැමි කියාය.

මස් රාත්තලම ඉල්ලා සිටින බෙදුම්වාදීන් (2. දුකට හේතුව)
   
    ගිරවෙක් මෙන් කඩ පාඩමින් ඒබ්‍රහම් සුමන්තිරන්ගේ මුඛයෙන් පිටවන්නේ “නොබෙදුන එක්සත් රට තුල උපරිම බලය බෙදීම ක්‍රමය යටතේ” සහයෝගයෙන් ක්‍රියා කිරීමට කැමති බවය. මෙය රොබට් බ්ලේක් වැනි බටහිර ක්‍රිස්තියානි බලවේග කියන “ඇත්ත වශයෙන්ම, තේරුමක් ඇති, ගතියක් ඇති, නියමාකාරයටම බලය බෙදීම” (මීනින්ෆුල්) යන්න ව්ග්‍රහ කිරීමකි. නමුත් සුමන්තිරන් අධොමුඛයෙන් කියන්නේ උතුර හා නැගෙනහිර එකතු කිරීමට සත්‍යක්ග්‍රහයක් 2015 ජනවාරී සිට අරඹා ‘සහයෝගය’ දෙන බවය. උතුර හා නැගෙනහිර එක්තු කිරීමකට සිංහලයින් කැම්ති නොවන බව ඔහු හොඳින්ම දනී.  මොවුන්ට සද්භාවයක් නැත. බෙදුම් වාදය අතහැර දැම්මා යයි ඔවුන් ශ්‍රේෂ්ඨාධිකරණයට දෙන දිවුරුම් පෙත්සම් ඒ කාලයේ හිට්ලර් අත්සන් කල ගිවිසුම් වගේ ය.

    හසලක වීරයින් සමඟින්, ගෝඨාභය රාජපක්‍ෂ හා සරත් ෆොන්සේකා විසින් බේරාදුන් රට අධූරදර්ශී ලෙස ක්‍රියා කිරීම නිසා රාජපක්‍ෂ ජනාධිපතිතුමා විසින් නැවත යුද්ධ මාවතකට ඇදගෙන යනවා සේ පෙනේ. සර්‍වාගමික පූට්ටුව හා බහු ජාතික නාඩගම යන බටහිර ක්‍රිස්තියානි නව යටත් විජිත වාදී මත අනුගමනය කර වෙස්සන්තරලා වීමට ගිය පසු ගිය ජනාධිපතිධූර ධාරීන් දෙන්නෙක්ම සිරි සංඝබෝලා වී ඉතිහාස ගතවිය. තාමත් නියපොත්තෙන් කඩා දැමිය හැකි ෂාරියා විෂ පැලෑටියක් ද ඇත. 1978 න් පසුව ශීඝ්‍රයෙන් සිදුවෙමින් පවතින සිංහල බෞද්ධ සාර ධර්‍ම, ජාතක කතා ආශ්‍රයෙන් ගොඩ නැගුණාවූ ඉපැරණි ශිෂ්ටාචාරයක් රැක ගැනීමේ යුද්ධයක් ද ඇරඹීමට අවශ්‍යවී අත. මෙම සියළු යුද්ධ දිනා ගැනීම සඳහා බොහෝ දුරට සාර්‌ථක වන විසඳුමක් ජන සභා සංකල්පය ක්‍රියාවට නැගීම මගින් ලබා ගත හැකිය. එය එක ගලකින් කුරුල්ලන් කීප දෙනෙක්ම බිම දමා ගන්නවා යන කියමන වගේ ය.

මධ්‍යම ප්‍රතිපදාව නොහොත් සාධාරණ යුක්තිය (3. දුක නැති කිරීම)

    දෙමල බෙදුම් වාදය උඩුදුව ගිය තුවාලයක් බවට පත් කලේ සුද්දන් විසින් 1948 දී ලංකාව පවරා දී ගිය, ක්‍රිස්තියානීකරණය වූ, කොළඹ කළු සුදු පන්තිය විසින් ය. එය පසුව පිළිකාවක් වූයේ 1971 දී ලැබුණ අනතුරු අඟවීමක් තිබියදීත් සුද්දන් විසින් රට සූරා කෑමේ ක්‍රියාවලියේදී රටට උරුම කරදී ගිය පරිසර, සමාජීය හා ආර්ථික, මානව හා භූගෝලීය (භූමිය) විෂමතා, ජනයාට සමාන අවස්ථා අහිමිවීම යන ප්‍රශ්න විසදීමට කළු සුද්දන්ට ඕනෑකමක් නොතිබීම හෝ හැකියාවක්, දක්‍ෂතාවයක් නොතිබීම හෝ විය හැකිය.
දරිද්‍රතාවය, සමාන අවස්ථා නැතිවීම, ස්ථානගත උග්‍ර ජීවන විෂමතා දෙමල ජනයාට පමණක් සීමාවූ ප්‍රශ්න නොවේ. කොළඹ සිටින සියේට 65 ක් වන දෙමල හා මුස්ලිම් ජන කොටස් ලංකාවේ සිටින පොහොසත්ම කොටස ය.

    දෙමල ජනයා වැඩිපුර ජීවත් වන්නේ දකුණේ පලාත් හතේ විසිරී ය. ටැමිල් නාඩ් උවදුරු, කෙණෙහිලි හා ලෝකයේ දෙමල රටක් සදා ගැනීමේ දෙමල ව්‍යාපාරය ඉදිරියේ 13-ඒ යටතේ බලය බෙදීමට සිතීම සිංහල ජාතියේ ගෙල සිඳීමකි. ඊට හේතුව 13-ඒ මර උගුලට මූල වූ 1987 දී රජිව් හා ඩික්‍ෂිට් ජේ ආර් ලවා බලෙන් අත්සන් කරගත් “ගිවිසුමේ” ලංකාවේ උතුර හා නැගෙනහිර ඓතිහාසික දෙමල ප්‍රදේශය කියා සඳහන් කර තිබීමය. නීතිය කියන්නේ බූරුවෙක් බව දෙමල බෙදුම්වාදීන් හොඳින් තේරුම් ගෙන ඇත. ඓතිහාසිකව සිංහල බෞද්ධයින්ට සිදු කල හා 1948 න් පසුව සිදුවන හිරි හැර හා වෙනස් කම් ඉවත් කිරීම සෙසු සුළු ජන කොටස් වල මානව අයිතිවාසිකම් කඩ කිරීමක් නොවේ. මේ හේතුව උඩ වෙනම රටක් උදෙසා පාරක් කපා ගන්නට බැලීම අසාධාරණ වන්නේ දෙමල ජනයාට ලංකාවේ දී ලැබෙන වරප්‍රසාද ඔවුන්ට ඔවුන්ගේ නිජ භූමිය වන ටැමිල්නාඩ් වලදී වත් නොලැබෙන නිසාය.

    යම් විධියකින් ලංකාව දෙකට කැඩූනොත්, ඉන්දියාවෙන් හා ලෝකයේ අනිත් රටවලින් ලංකාවේ අළුතින් පිහිටුවා ගත් ඊලම් රටට වක්කඩ කැඩුවා සේ ගලා එන, සංක්‍රමණික දෙමල ජනයා සමග, භූමි මායිම් හා ගංඟා ජලය සඳහා මරා ගන්නා දකුණු ආසියාවේ පලස්තීනයක් හා ඊශ්‍රායලයක් බිහිවනු ඇත. වීම යනු සිංහල බෞද්ධයාගේ මළබෙරය ගැසීම ය (ටැමිල්නාඩ් හා එය අවට ප්‍රාන්ත අතර මෙවැනි ‘යුද්ධ’ නිතර හටගනී). මෙවැනි පසු බිමක් යටතේ, සාකච්චා කර සමථයකට (කොම්ප්‍රොමයිස්) ඒමට නොහැකි නම් බලයෙන් ක්‍රියාත්මක කිරීමට සිදුවන (2006 ජූලි 20 දා මාවිල් ආරු ඇනිකට් එකෙන් ඇරඹී-2009 මැයි 19 දා නන්දිකඩාල් වගුරෙන් අවසන් වූවා මෙන්), රීසනබල් (මධ්‍යම ප්‍රතිපදාව) විසඳුම කුමක්ද?

    එම විසඳුම නම් ඔවුන් වැඩියෙන් ඉන්නා බිම් ප්‍රදේශවල (ස්ථානවල-ලොකේෂන්ස්) ඔවුන්ගේ එදිනෙදා කටයුතු ඔවුන් කැමති ආකාරයට කරගෙන යාමට ඉඩ සලසා දීමය. වරක් කුමාර් පොන්නම්බලම් විසින් කොළඹදී පැවසූ පරිදි ඔවුන්ගේ පොදු අභිලාශ හා ප්‍රාර්‌ථනා සිංහලයින්ගේ අයිතිවාසිකම් හා නොගැටෙන තාක් දුරට ඒවා ශාක්ශාත් කර ගැනීමට ඉඩ දීම බෞද්ධ ආකල්පය විය යුතුය.  දෙමල ජනයා රවටන බෙදුම්වාදී ටී එන් ඒ අතලොස්ස වෙනුවට, කෙලින්ම, දෙමල ජනයාට, ඔවුන් බහුතරයක් සිටිනා ජන සභා ප්‍රදේශ වල තමන්ගේ එදිනෙදා කටයුතු කරගෙන යාමට බලය පවරා දීම, රොබට් බ්ලේක්, බෑන් කි මූන්, නවනීතන් පිල්ලේ, හිලරි ක්ලින්ටන්, සෝනියා ඝාන්ධි හෝ නරේන්ද්‍ර මෝඩි යනාදීන් බල කර දන්වා සිටින මීනින්ෆුල් (නියම වශයෙන්, ඇත්ත වශයෙන්ම) බලය බෙදා දීමකි (ඩිවොලූෂන්). ජන සභා යටතේ යම් ස්වෛරීභාවයක් දෙමල ජනයාට ලැබෙන නමුත්, රට දෙකට කැඩීමේ සැඟවුන න්‍යාය පත්‍ර වලට ඉඩක් නැත.

බෞද්ධ දේශපාලනය – විසඳුම් සූත්‍රය (ශීල-සමාධි-ප්‍රඥා)

    මෙම විසඳුම ක්‍රියාවට නැගීම සඳහා ගතයුතු මූලික පියවරවල් කීපය මෙහි පහතින් දක්වා ඇත. සර්වෝදය සංවිධානය විසින් මීට සමාන ග්‍රාමෝදය සමිති ක්‍රමයක් බොහෝ ප්‍රදේශවල ක්‍රියාවට නගා ඇතැයි කියැවේ. ග්‍රාම රාජ්‍ය ක්‍රමයක් ඇති කල යුතුය යන යෝජනාව ලංකාවේ ගාන්ධි සංවිධානය විසින් ද දිගින් දිගටම යෝජනා කරමින් සිටී. බොහෝ දෙනෙක් නොදන්නා වැදගත් කරුණක් නම ගැමි දිරිය යනුවෙන් පක්‍ෂ දේශපාලනයෙන් තොරව (දේශපාලක ඇඟිලි ගැසීමෙන් තොරව) ගම් වල මිනිසුන් විසින් කෙලින්ම ක්‍රියාත්මක කල ව්‍යාපාරයක් රටේ පැතිරෙමින් තිබුණු බවත්, එය බලවත් දේශපාලකයින් විසින් කඩාකප්පල්කර දමන ලද බවත් ය. මෙය උතුරේ දෙමල ජනයා අතරටද ගෙන ගියා නම් මේ වන විට දෙමල ජනයා බෙහෙවින් තෘප්තිමත් වීමට හොඳටම ඉඩ තිබුණි.

1. ලංකාවේ තිබුණු ග්‍රාම සේවක වසම් 4,000, ජනාධිපති ප්‍රේමදාස මහතා විසින් 14,000 දක්වා වැඩි කරණ ලදී. මෙයට හේතුව කුමක්දැයි බුද්ධිමත් හේතුවක් වාර්තා වී නැත. මෙම ග්‍රාම සේවක වසම් පරිසරයට අනුකූල මායිම් වන මතුපිට හෝ භූගත ජලය මූලාශ්‍ර කරගත් අළුත් භූගෝලීය ඒකක වලට නැවත බෙදිය යුතුය. අළුත් ඒකක සංඛ්‍යාව 4,000 ට වැඩි හෝ අඩු විය හැකිය.

2. සෑම ජන සභාවකම ස්ථිර පර්යේෂණ ඒකකයක් පිහිටු විය යුතුය. මෙම පර්යේෂණ ඒකකය ජන සභා ප්‍රදේශයට අදාල දත්ත එකතු කර සංඛ්‍යා ලේඛන, සටහන් හා, සම්පත්, භූමි පරිභොගය, පරසර දූෂණය යනාදියට අදාල සිතියම් පිලියෙල කල යුතුය. මෙම දත්ත හා සිතියම් මධ්‍යම ආණ්ඩුවේ ජාතික ජන සභා පර්යේෂණ ඒකකය විසින් ප්‍රමිත කරණ ලද ආකාරයට එකතු කර පරිගණක ගත කල යුතුය. මෙම දත්ත ජාතික භූමි පරිභොගය පෙන්වන නිතර අළුත් කල හැකි මහා පරිමාණ ජාතික සිතියම් බවට පෙරලිය හැකි විය යුතුය. මෙවැනි සිතියම් පිලියෙල කිරීම එංගලන්තයේ ආරම්භ වූයේ 1930ස් 40 ස් ගණන් වලය. පාසැල් වල භූගෝල විද්‍යාව උගන්වන ගුරුවරු, ගුරුවරියන් හා ශිෂ්‍යයින් මෙයට හවුල් කරවා ගත යුතුය.

    මෙම ඒකකයේ නිලධාරීන් ඔවුන්ගේ එදිනෙදා පැමිණීම හා විනය කටයුතු (නිතරම ප්‍රමාදවී හෝ බීමත්‌ව වැඩට පැමිණීම?) සම්බන්ධයෙන් ජන සභා සභාපතිටත්, ජන සභාවටත් හා මාස දෙකකට වරක් කැඳවන ජන සභාවේ චන්ද දායකයින්ගේ සභාවටත් අනුක්‍රමයෙන් වගකිව යුතුය.

    ඔවුන්ගේ වෘත්තිය රාජකාරි සම්බන්ධයෙන් ඔවුන් වගකිව යුතු මධ්‍යම ආණ්ඩුවේ ජන සභා පර්යේෂණ අධ්‍යක්‍ෂක ජෙනරාල්ටය. ඔවුන්ගේ වෘත්තිය කටයුතු හෝ වගකීම පැහැර හැරීමක් සම්බන්ධයෙන් ජන සභාවේ සභාපති, ජන සභාව හෝ ජන සභා චන්ද දායක සභාවට යම් ප්‍රශ්නයක් මතු වුවහොත් එය ලිඛිතව අධ්‍යක්‍ෂක ජෙනරාල්ට වාර්තා කල යුතුය.
    පරිගණකවල හෝ වෙනත් බාහිර වාර්තා, සටහන් වෙනස් කිරීමේ බලයක් ජන සභා සාමාජිකයින්ට නැත. පරිගණක දත්ත, සටහන් හා සිතියම් චන්ද දායකයින්ට විමසා දැක බලා ගැනීමට හැකි වනසේ ජන සභා කාර්‍ය්‍යාලයේ, මහජන පුස්තකාලයේ හා පාසැල් වල ප්‍රදර්‍ශනය කල යුතුය. ඕනෑම ජන සභාවකට වෙනත් ජන සභාවල දත්ත හා සිතියම් හා අනිකුත් තොරතුරු පරිගණකය මගින් දැක බලා ගත හැකි විය යුතුය.

3. පරිසර (ඉකොලොජිකල්) නිර්‌ණායක අනුව මායිම් කල එක් එක් ග්‍රාම සේවක වසමකම පක්‍ෂ දේශපාලනයෙන් තොරව තෝරා පත් කර ගත් දොලොස් දෙනෙකුගෙන් යුත් ජන සභා කමිටුවක් ස්ථාපිත කල යුතුය. චන්ද කොට්‌ඨාශය වන්නේ මුළු ග්‍රාම සේවක වසමය. අවුරුදු තුනක කාලයක් සඳහා පත් වෙන ජන සභාවේ සාමාජිකයින් හතර දෙනෙක් සෑම අවුරුද්දකදීම ඉන් ඉවත්විය යුතුය. ඔවුන්ට දෙවරක් පමණක් නැවත චන්දය ඉල්ලා සිටිය හැකිය.

4. ග්‍රාම සේවක වසම තුල ප්‍රතිපත්ති තීරණ ගැනීමේ බලය ඇත්තේ ජන සභාවට ය. ඉන්දියාවේ පංචයාති රාජ්‍ය නීතිය මෙන් ජන සභාවලට පවරන බලතල ලංකා ව්‍යවස්ථාවෙන් නියම කල යුතුය. උදාහරණයක් වශයෙන්, ජනසභා භූමි ප්‍රදේශය තුල සිදුවන ජනයාගේ එදිනෙදා ජීවිතයට බලපාන කාරණා වන, කෘෂිකර්‍මය, කර්‍මාන්ත, වානිජ කටයුතු, හෝටල්, මූලික සෞඛ්‍යය, සනීපාරක්‍ෂාව, ජල කළමනාකරණය, කැලි කසල, පරිසර දූෂණය, පස හා පරිසරය සුරැකීම, මූලික අධ්‍යාපනය යන දේ ජන සභාවේ කාර්‍ය්‍යවේ.

5. ස්වභාවික හෝ ආර්ථික හෝ අවශ්‍යතාවය අනුව එකිනෙකට මායිම් වන ජන සභා කීපයකට එකිනෙකාට පොදුවේ බලපාන තීරණ ගත හැකිවේ. ආගම, කුලය හෝ භාෂාව සම්බන්ධව කරුණු මීට ඇතුලත් නොවේ.

6. සෑම ජන සභාවකම සභාපතිලා ගෙන් දිස්ත්‍රික් හා/හෝ “ගංඟා නිම්න පලාතේ” ජන සභා මණ්ඩලය සැදේ.

7. ගංඟා නිම්න ජන සභා මණ්ඩල හත, එකකින් දහදෙනෙකු බැගින් ජාතික ජන සභා කවුන්සිලයට නියෝජිතයින් යවයි. ලංකාවේ සෙනේට් සභාවක් නැවත පිහිටු වන්නේ නම් එම සභාවට මෙම ජාතික ජන සභා කවුන්සිලයෙන් නියෝජිතයින් යවනු ඇත. ලංකාවේ පාර්ලිමේන්තුවටද මෙම නියෝජිතයින් යවනු ඇත.

8. පාර්ලිමේන්තුව, විධායක ජනාධිපති ධූරය, මධ්‍යම ආණ්ඩුවේ අමාත්‍යංශ යන රාජ්‍ය පාලන ඒකක හා ජන සභා අතර ගණු දෙණු දැන් පවතින 13-ඒ  ජරමරය මෙන් නොව, රටේ තිරසර සංවර්‍ධනයට හේතුවන ආකාරයට තෝරා බේරා ගත යුතුය.

    මෙහි ඉහතින් දක්වා ඇත්තේ මෙම විසඳුම ක්‍රියාවට නැගිය හැකි අන්දම ය. මෙම අදහස සාකච්චා කර, විග්‍රහ කර බැලිය යුතුය. මෙම විසඳුම බෞද්ධ සම්ප්‍රදාය හා එකඟවන විසඳුමකි. ඉතිහාසයේ මෙවැනි බෞද්ධ භික්‍ෂූ දේශපාලන ක්‍රියා එමට ඇත. 1805 පෙබරවාරි 27 දා නෝර්ත් ආණ්ඩුකාරයා ඔහුගේ මව් රටට දන්වා යැව්වේ භික්‍ෂූන් හා ගිහියන් අතර ඇති සම්බන්ධය නැතිකර දැමිය යුතු බවය. මෙම සංඝ සම්මේලනය හා බොදු බල සේනාව විසින් දැන් ඉෂ්ට කරන්නේ රට ගලවා ගැනීමේ මෙම යුග කාරිය ය. මෙම විසඳුම් ක්‍රමය ලංකාවේ මහජනතාවට තේරුම් කරදීමේ බර කරට ගත හැකි බොදු බල සේනාවට පමණය. ගමේ පන්සල් මගින් මෙම විසඳුම ප්‍රචලිත කර මී ලඟ ජනාධිපති, පාර්ලිමේන්තු මැතිවරණ වල දී මෙයට ජනතා වරමක් ලබා ගත යුතුය. මේ නිසා මිට අදාල පසු බිම හා ඉතිහාසය විමසා බැලීම කාලෝචිතය.
   
1948 දී නොලැබුණ නිදහස

    ක්‍රිස්තු වර්‍ෂ 1505 න් ලංකාවේ ආරම්භ වුණ යුරෝපීය සුදු යටත් විජිත පාලන ක්‍රමය 1948 පෙබරවාරි 4 දායින් අවසන් වුණා යයි කියැවේ. ලේ බින්දුවක් වත් නොසෙල්වා මේ ලබා ගත්තාය කියන ‘නිදහස්’ වීමේ කතාව ඇත්ත නම් 1505 ට හෝ 1802 ට හෝ 1815 ට හෝ පෙර තිබූ සිංහල බෞද්ධ ශිෂ්ටාචාරයේ මූලික සාර ධර්‍ම හා පාලන-සමාජ-ආර්ථික ක්‍රම 1948 න් පසුව ලංකාවේ නැවත මතුවී, කාලානුරූපව සිදුවිය යුතු වෙනස් කිරීම් වලට එකඟව, යලි ක්‍රමයෙන් ක්‍රියාවට නැගෙනු අපට පෙනී යා යුතුව තිබුණි. අඩුම තරමින් අවුරුදු 500 ක කාලයක් තුල සිංහල බෞද්ධයින්ට හිතා මතාම සිදු කරණ ලද හිරි හැර, වෙනස්කම් හා සුද්දන් විසින් නීති ගත කරණ ලද හානි ඉවත් කිරීම 1948 දී නිදහස භාර ගත් අයගේ යුතු කම හා වගකීම විය (එවැනි උත්සාහයක් 1956 දී ආරම්භ වුවත් එය සාර්‌ථක නොවීය).

කළු සුද්දන් පන්තිය බලයට ඒම

    එහෙත් බලාපොරොත්තු වූ ආකාරයේ වෙනසක් මෙම ඊනියා නිදහසට පසුව සිදුවූයේ නැත. මෙයට හේතුව සුදු යටත් විජිත පාලකයින් ලංකාව භාර දී ගියේ කළු සුද්දන් පිරිසකට වීම ය. යටත් විජිත වල මිනිසුන්ගේ යටි සිතට හීන මානයක් කවා, තමන්ට, යුරෝපයට, දේවත්‌වයෙන් සලකන, ඉංග්‍රීසි කතා කරණ, ඍජුවම හෝ බලවත් ලෙස හෝ ක්‍රිස්තියානී- කරණයට ලක්වූ කළු සුද්දන් නමැති පාලක පන්තියක් සැදීම සුද්දන්ගේ පාලන උපක්‍රම රටාව විය. රට වැසි ජන කොටස් බෙදා පාලනය කිරීම (ඩිවයිඩ් ඇන්ඩ් රූල්) යටත් විජිත උපක්‍රමය වූ අතර මෙය 1832 සිට නීතිගතවම ලංකාවේ ක්‍රියාත්මක විය.

    ක්‍රිස්තියානී වූ, කළු සුද්දන්වූ, සිංහල පන්ති කොටස බෞද්ධයින්ට හතුරුවූ අන්දම ගැන උදාහරණ දෙකක් දැක්විය හැකිය. 1880 ගණන් වල වෙසක් දිනය රජයේ නිවාඩු දිනයක් කිරීමට ආණ්ඩුකාරයාද එකඟවූ වත් ක්‍රිස්තියානිකාර සිංහල නියෝජිතයා ඊට විරුද්ධ වූයේ නත්තලට දිගු නිවාඩු කාලයක් දැනටමත් තිබෙන නිසා වෙසක් විශේෂ නිවාඩු දිනයක් කිරීම අනවශ්‍ය බව කියමින් ය. බුද්ධාගමට හා බෞද්ධයින්ට නැතිවූ අයිතිවාසිකම් සම්බන්‌ධයෙන් විමසා බැලීමට කොමිෂන් සභාවක් පත් කරන ලෙස ගුනපාල මලලසේකර මහතා කල ඉල්ලීමට, අයිවොර් ජෙනින්ස් ගේ උපදෙස් මත, ඩී එස් සේනානායක ප්‍රථම අගමැති දුන් පිලිතුර වූයේ, “ආණ්ඩුව සරණං ගච්චාමි” කියා හතරවන ශික්‍ෂාපදයක් බුද්ධාගමේ නැත කියා ය.

ලංකාවේ දුෂ්ඨ ත්‍රිකෝණය

    ලංකාව මුහුන පා සිටින අනතුරු තුන එකිනෙක හා අත්වැල් බැඳගත්, අන්තෝ ජටා බහි ජටා ප්‍රශ්නයක් බවට පත්වී ඇත්තේ ලංකාවේ ක්‍රියාත්මක වන දුෂ්ඨ ත්‍රිකෝණයක් නිසාය. පිළිවෙලින්, දේශපාලකයා, නිලධාරියා හා එන් ජී ඕ ලා මේ වංක-කූට කල්ලි තුනය. පක්‍ෂ දේශපාලනය නමැති විෂ ඝොර සර්‍පයා විසින් මෙම දුෂ්ඨයින් හරහා ගම් මට්ටමින් ලංකා සමාජය දැනටමත් බෙහෙවින් විනාශ කර, බෙදා දමා ඇත. මෙම කොල-නිල්-රතු යන බෙදීම නිසා තමන්ගේ ගමට, රටට, ජාතියට, ඓතිහාසික ජීවන රටාවට හා සංස්කෘතියට වන හානිය ඉදිරියේ, විශේෂයෙන්ම සිංහල බෞද්ධයින් අන්ධයින් වී, අතරමංවී සිටී.

මිනිසා මිනිසා සූරා කෑම

    රටවල්, ප්‍රාන්ත, ප්‍රදේශ, නගර හා ගම් යන සෑම භූගෝලීය මට්ටමකින්ම ලෝකය පුරාම දක්නට ලැබෙන්නේ, සිදුවන්නේ, එක්තරා සුළු පිරිසක් විසින් සෙසු ජනතාව යටපත් කරගෙන සූරා කෑමය. රටේ නීති යනු මොවුන් විසින් තමන්ගේ වාසියට සාදා ගත් පරි පාලන ක්‍රමයකි. මෙය දැන් කාලයේ හඳුන්වන්නේ ධනවාදී, නිදහස් වානිජ ප්‍රජාතන්‌ත්‍රවාදය යනුවෙනි. මෙම ක්‍රමය, ඊට කලින් ක්‍රිස්තියානී ආගම ආශ්‍රයෙන් මතුවුන යුරෝපීය සුදු යටත් විජිත වාදයේ අළුත්ම ජවනිකාව ය. සුදු යටත් විජිත වාදය යටතේ, බයිබලය, කඩුව හා බෝතලය (අරක්කු) රැගෙන යුරෝපයෙන් ආ ඉතා සුළු පිරිසක්, යටත් විජිත වල සුළු පිරිසක් නොයෙක් ආකාරයේ වාසි දී රවටා ගෙන එම රටවල් සූරා කන ලදී. මෙම දේශීය සුළු පිරිස ක්‍රිස්තියානී ආගම වැළඳගත්, ක්‍රිස්තියානී නම් දමා ගත්, සුද්දන් විසින් ක්‍රමාණුකූලව පටවන ලද හීන මානයකින් පෙලෙන කළු සුද්දන් පිරිසක් විය. ලංකාවේ දුෂ්ඨ ත්‍රිකෝණය මොවුන් ය.

සිංහල බෞද්ධ පුනර්ජීවනය

    සුද්දන් හා කළු සුද්දන් ලංකාව ක්‍රිස්තියානි රටක් කරගැනීමට ගත් ව්‍යායාමයට ඉතාමත් සාර්‌ථක ලෙස මුහුණ දීමට සිංහල බෞද්ධ භික්‍ෂූන් වහන්සේලාට හැකි විය. අසරණ වූ බොහෝ ගිහියන් කලේ දියසේන කුමාරයෙක් පහලවී තමන් ගලවා ගනීවි යයි සිතමින් ලතවීමය. පසු කාලයක, සිදත් සඟරාව විග්‍රහ කල හා සව් සත් දම් වාදයට හවුල් වූ, හා ආණ්ඩුකාරයාගේ ව්‍යවස්ථාදායක කවුන්සිලයේ නිල නොලත් සිංහල නියෝජිතයාව සිටි ජේම්ස් ද අල්විස්, 1840 ස් ගණන් වල කියා සිටියේ ඉදිරි දශක දෙක තුනක් ඇතුලත බුද්ධාගම ලංකාවෙන් නැති වී යන බවය. එහෙත් වලානේ සිද්ධාර්‍ථ හාමුදුරුවන් පානදුරේ සිට රත්මලානට වැඩම කර 1841 දී (1848 කැරැල්ලට පෙර) පරම ධම්මචේතිය පිරිවෙන ඇරඹුවේ මෙම ‘බෞද්ධ සටන’ ගෙන යාමට සටන් බිම දෙසට (කොළඹට) යා යුතුයයි තීරණය කල නිසාය. පසු කාලයක ලංකාවේ කළු සුද්දන්ට විරුද්ධව න්‍යායාත්මකව නැගී සිටි විද්‍යොදය හා විද්‍යාලංකාර පිරිවෙන් බිහිවීමට හේතුවූ මෙම තීරණය, 1935 දී මැකෝලි සාමි විසින් ඉන්දියාවේ “දුඹුරුපාට බ්‍රිතාන්‍යයින්” (කළු සුද්දන්) බිහි කිරීමට කල යෝජනාව හා සැසඳිය හැකි ය. 1873 පානදුරා මහා වාදය, 1885 කොටහේන ගැටුම, 1915 සිංහල-මුස්ලිම් කෝලාහලය, මෙම ‘බෞද්ධ සටනේ’ නොයෙක් මූණත් විය.

ග්‍රාම ප්‍රතිසංස්කරණය හා අපරාධ මර්දනය

    කළු සුද්දන්, දුෂ්ඨ ත්‍රිකෝණය හා පක්‍ෂ දේශපාලනය නම් සර්‍පයා විසින් ලංකාවට දැන් කරගෙන යන්නාවූ විනාශය ගැන සැලකීමේ දී ඉතාමත් වැදගත් ඓතිහාසික සිදුවීමක් නම් සම්මුති දේශපාලනය, සමූපකාරය යන බෞද්ධ සංකල්ප මත පදනම් වූ කලුකොඳයාවේ ප්‍රඥාශෙඛර මහනාහිමියන් විසින් 1933 දී හේවාගම් කෝරළයෙන් ආරම්භ කරන ග්‍රාමාරක්‍ෂක හා අපරාධ මර්දන ව්‍යාපාරය ය (ස්වයංලිඛිත ශ්‍රීප්‍රඥාශෙඛර චරිතාපදානය, 1970, 282 පිටුව) අක්බාර් විනිශ්චයකාරතුමා, තරුණ සහකාර පොලිස් සුපිරින්ටැන්ඩන්ට් ඔස්මන්ඩ් ද සිල්වා හා දෙමල ජන කොටස්, ගම්මුලාදෑනීන්, විදානaාරච්චිලා ද හවුල් කරවා ගෙන ඇති කල මෙම ව්‍යාපාරය විශේෂ කරුණු 99 ක් කෙරෙහි අවධානය යොමු කලේය. මැලේරියා උවදුර නිසා බාධක ආවත් ඉතාමත් සාර්‍ථක වූ මෙම ව්‍යාපාරය කොළඹ කළු සුද්දන් හා නිලධාරීන් විසින් 1940 ස් ගණන් වලදී කඩාකප්පල් කර දමන ලදී. “පරලොවටම සීමා නොවූ ධර්‍මදේශනාක්‍රමයක් රටට අත්‍යාවශ්‍යක බව” ඒ කාලයේදීත්,1933 දීත් උන්වහන්සේගේ අදහස විය (283 පිටුව). 1935 දී පිහිටුවූ මාක්ස්වාදී සමසමාජ පක්‍ෂය ද මෙම ව්‍යාපාරයට සහයෝගයක් දුන්නේ නැත.

ගංගොඩවිල සෝම හාමුදුරුවෝ

    අනාගාරික ධර්‍මපාලතුමා 1933 දී භික්‍ෂූන් වහන්සේ නමක් වශයෙන් ඉන්දියාවේ බුද්ධගායාවේ දී අපවත් විය.  ගිහි ජීවිතයේ දී එතුමා කල ලොකුම සේවය නම් සුද්දන් හා කළු සුද්දන් ව්සින් ලංකාවේ ජනතාවට ඇටවූ හීනමානය ඉවත් කිරීමේ අවශ්‍යතාවය වටහා ගෙන එය මැඩලීමට ක්‍රියා කිරීමය. ජනයාට දැඩි ලෙස තරවටු කිරීමට අමතරව එතුමා යොදාගත් උපාය මාර්‍ගයක් නම්, පඹයෙකු සදා, සුදු හුණු ගා, ගෙයි දොරකඩ තබා උදේ හවස එයට පර සුද්දා-පර සුද්දා කියමින් පහර දීමය. මෙය ආත්ම ශක්තිය, ආත්ම ගෞරවය ගොඩ නැගීමේ ඉනි මගක් විය. මේ ගැන සුදු නඩුකාරයෙක් උසාවියේදී ඔහුගෙන් ප්‍රශ්න කල විට ඔහු දන්වා සිටියේ, පර යනු උතුම්, විදේශික යන අර්‌ථය මිස, පර බල්ලා වැනි අර්‌ථයක් නොවන බවය.

    ධර්‍මපාලතුමා පෙන්වා දුන් අනතුරු නැවත වරක් විස්තර කලේ ගංගොඩවිල සෝම හාමුදුරුවන් ය. තමන් සිංහල බෞද්ධ යයි කීමට ලැජ්ජා වන තරමටම, දුටුගැමුණු රජතුමාගේ නම සඳහන් කිරීමට බය වන තරමට රට පිරිහී ගිය සමයක ඉදිරියට ආ සෝම හාමුදුරුවන්, බණ දේශනා කරමින් රටේ හතුරන් ගැන පෙන්වා දුන්නේය. අවසානයේදී උන්වහන්සේ තීරණය කලේ පක්‍ෂ දේශපාලකයන් රටට කරණ විනාශයෙන් රට-ජාතිය බේරා ගැනීමට නම් රාජ්‍ය පාලනයට කෙළින්ම මැදිහත් විය යුතු  බවය. මේ නිසා 1959, 1962 බලවේගම 2003 දෙසැම්බර් 12 දින රුසියාවේදී උන්වහන්සේව අපවත් කලාය කියා බලවත් සැකයක් පවතී.

    සෝම හාමුදුරුවන් පණදුන් සිංහල බෞද්ධ මානසික බලවේගය 2005 දී මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපති කිරීමට හේතු විය. 2009 මැයි මාසයේ 19 දා ලංකාව නිදහස් කරගත් සටනට ලංකාවේ භික්‍ෂූන් වහන්සේලා අති විශාල මෙහෙවරක් ඉටු කරණ ලදී. එසේ වුවත්, කළු සුද්දන්ගේ ග්‍රහණයට අසුවූ ඔහු නූතන බටහිර යටත් විජිත පාලකයින්ගේ ගුන්ඩු වන සර්‍වාගමික පූට්ටුව හා බහුජාතික රටක් යන අදහස් භාරගෙන අද ක්‍රියා කරමින් හා ක්‍රියා නොකරමින් සිටී. 2012 මැයි මාසයේදී බොදු බල සේනා සංවිධානය බිහි වූයේ මෙම හැසිරීමට ප්‍රතික්‍රියාවක් වශයෙනි. අතීතයේදී ධර්‍මපාලතුමා ද,  මෑතකදී සෝම හාමුදුරුවන් ද ඉටු කලේ  මෙවැනිම සේවයක් නොවේ ද?

අතරමංවූ සිංහල බෞද්ධයා

    මහානායක හාමුදුරුවරුන් කියනා දේ නොසලකා හැරීමත්, කාර්ඩිනල්ට දෙවියන්ට සේ සැලකීමත්, ඉස්ලාම් වාදයට ඉඩදී නිහඬව සිටීමත්, රටට මර උගුල් වූ බහුභූත ව්‍යවස්ථාව, දූෂිත මැතිවරණ ක්‍රමය, 13-ඒ සංශොධනය ඉවත් නොකිරීමත්, අයථා හා කූට ක්‍රම වලින් වෙන අන්‍යාගමීකරණයට හා ඉස්ලාම් ෂාරියා ව්‍යප්තවාදයට නිදැල්ලේ හැසිරීමට ඉඩ හැරීමත්, මහින්ද චින්තනය නොවන බව බොදු බල සේනාව විසින් අවුරුදු දෙකක් පුරාම පෙන්වා දුන්නත් එය බීරි අලියාට වීනා ගායනා කිරීමක් වැනි විය. සිංහල බෞද්ධයින් කියමින්, සිංහල බෞද්ධ චන්ද රවටා ගෙන පාර්ලිමේන්තුවට යන අය සිංහල බෞද්ධයාට සිදුවන අසාධාරණ ක්‍රියා හා හානි ගැන වචනයක් වත් කතා නොකර, හැම විටම මුස්ලිම්, දෙමල හා ක්‍රිස්තියානී ව්‍යාපාර ‘බෞද්ධ ආක්‍රමණ’ වලින් බේරා දීමක් ගැන කතා කරණ බවත් අළුත්ගම රැස්වීමේදී පෙන්නා දුන් ඥානසාර හාමුදුරුවෝ, සිංහල බෞද්ධයාට නායකයෙක් සොයා ගත යුතුව ඇති බව මහජනතාවගේ සිතට කා වැද්දුවේ ය.

    දැනට පවතින දුෂ්ඨ, අශිෂ්ට පක්‍ෂ දේශපාලන ක්‍රමය නමැති වසංගතය නැති කිරීමේ ක්‍රියාවලියේදී ආරම්භක “බෞද්ධ වෙඩිල්ලක්” වූයේ, හඳුනාගත් හොර, වංචාකාරී මැති ඇමති වරුන්ට පරයා, ජඩයා කියා ප්‍රසිද්ධියේම හංවඩු ගැසීමය. මෙය අනාගාරික ධර්‍මපාල ක්‍රමය ය. මේ උපක්‍රමය බෙහෙවින් සාර්‍ථක වූ බව දැන් පෙනේ. බොදු බල සේනාව විසින් කියා සිටින්නේ සිංහල බෞද්ධයින්ට සිදුවී ඇති ඓතිහාසික අසාධාරණකම් ගැන ආණ්ඩුව, බලධාරීන් හා අනිකුත් අදාල පාර්‌ශව සමග සාකච්චා කල යුතුව ඇති බවය. පිරිහී යමින් පවතින සිංහල බෞද්ධ සමාජය නමැති වත්ත සුද්දකර ගැනීම, සිංහල බෞද්ධයාට සිදුවූ, සිදුවන හිරිහැර ඉවත් කරන ලෙස ඉල්ලීම, ලංකාවේ වසන අනිත් සුළු ජන කොටස් වල මානව අයිතිවාසිකම් කඩ කිරීමක් නොවේ.

    චක්‍රාකාරී මේ ජීවිතය අනිත්‍ය බවත්, ගස් ගල් වලට පවා කරුණාවෙන් හා දයාවෙන් සැලකිය යුතු බවත් පවසන හා හේතු ඵල න්‍යාය ධර්‍මය හා මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරන සිංහල බෞද්ධයා සතුන්ට හෝ වෙනත් මිනිසුන්ට හිංසාකාරී ලෙස නොසලකයි. මානව හිමිකම් හෝ ප්‍රජාතන්ත්‍රවාදය හෝ සාකච්චා මාර්‍ගයෙන් විසඳුම් සොයා ගැනීම ගැන හෝ බොදු බල සේනාවට පිටස්තර අයගෙන්, විශේෂයෙන්ම බෞද්ධ නොවන කොටස් වලින් උපදෙස් අවශ්‍ය නොවන්නේ මේ නිසාය.

අනුරාධපුරයට (රජ රටට) අගනුවර ගෙන යෑම

    ලංකාව මුහුණ දී සිටින අභියෝග ජය ගත හැක්කේ බෞද්ධ මාවතක් අනුගමනය කර පමණය. අබුදුල් කලාම් හා ප්‍රතිභා පටිල් ඉන්දියාවේ ජනාධිපති තනතුර දැරූ බෞද්ධ නොවන දෙදෙනෙකි. මේ දෙන්නාම කියා සිටියේ ලෝකයේ ප්‍රශ්න වලට විසඳුම් බුද්ධාගම ආශ්‍රයෙන් සොයා ගත හැකි බවය. එසේ නම් මෙම විසඳුම් ප්‍රායෝගිකව ක්‍රියාවට නඟා මුළු ලෝකයටම ආදර්‍ශයක් දීමට ලංකාවට වඩා සුදුසු කම් ඇති වෙන රටක් තිබේද? මෙවැනි ක්‍රියා මාර්‍ගයක් මීට කලින්, 2010 දී සංහිඳියා කොමිසමට ද ඉදිරිපත් කලත් එය එම වාර්තාවේ පිටු වලට පමණක් සීමා විය. ලංකාවේ අගනුවර අනුරාධපුරයට ගෙන යා යුතුයයි බෞද්ධ කොමිසන් සභා වාර්තාවෙන් 1955 දී කල නිදේශය මෙසේ බෞද්ධ දේශපාලන මාවතක් ගැනීමට කල උත්සාහයකට ඉතිහාසයෙන් නිදසුනකි.  දේශපාලනය කියන්නේ දේශය, පාලනය කිරීමටය. දේශය කියන්නේ රටේ භූමිය, භූගෝල විද්‍යාව ය. ඉතිහාසය කියන්නේ රටක අතීත භූගෝල විද්‍යාවට ය. රටේ අගනුවර අනුරාධපුරයට ගෙන යන්නට යෝජනා කිරීම රටේ ඉතිහාසයේ හා භූගෝල විද්‍යාවේ වටිනාකම හඳුනා ගැනීමකි. ලංකාවේ පාර්ලිමේන්තුව (අගනුවර?) කොළඹ සිට සැතපුම් දහයක් ඈතට, ගොඩකරන ලද වගුරු බිම් ප්‍රදේශයකට ගෙන යෑම, බෞද්ධයින් විසින් 1955 දී කල යෝජනාවට, 1979 (1982) දී ලංකාවේ කළු සුද්දන් විසින් කරන ලද සරදමක් නොවේ ද? මෙම සිද්ධිය ලංකාව ගිය හා දැන් යන වැරදි මාවත පිළිඹදව කදිම නිදසුනකි. කොළඹ හා තදාසන්න ප්‍රදේශවල දැන් නිරන්තරව සිදුවන ගංවතුරු මෙම වගුරු බිම් ගොඩ කිරිමේ එක් අහිතකර ඍජු ප්‍රතිඵලයක් පමණය.

13 වන සංශොධනය නමැති මර උගුල

    ලංකාවේ වෙනම දෙමල රටක් සදා ගැනීමේ උත්සාහය, දකුණු ඉන්දියාවේ දෙමල රටක් සාදා ගැනීමේ ව්‍යාපාරය හා සම්බන්ධ, ඉන්දියාව කැබලි කිරීමේ ලෝක ක්‍රිස්තියානි සැලැස්මේ ම කොටසක් වන්නේ එය කොළඹ වසන, ඉංග්‍රීසි කතා කරන ක්‍රිස්තියානි කළු සුද්දන් අතලොස්සකගේ කුමණ්ත්‍රනයක් වූ නිසාය. ලංකාවේ සාමාන්‍ය හින්දු හා දුප්පත් කතෝලික ජනයාට එවැනි අවශ්‍යතාවයක් 1920 ගණන් වලවත්, 2009 දී වත් නොවී ය. දැන් 2015 ජනවාරි වලදී සත්‍යක්ග්‍රහ ඇරඹීමට තීරණය කර ඇත්තේ තිස් අවුරුදු යුද්ධයකට පසුව, බෙදුම්වාදය නමැති පිලිකාව සම්පූර්‍ණයෙන්ම ඉවත් කිරීමට පෙර උතුරේ චන්දයක් තිබීමට ජනාධිපති විසින් ගන්නා ලද හිතුවක්කාර තීරණය ය. යුද්ධයෙන් දිනා ගත නොහැකි වූ දේ චන්දයෙන්, නීතියෙන් සාම තැටියකින් 13-ඒ මර උගුල හරහා ලබා ගන්නට බෙදුම්වාදී අතලොස්සක් බලා සිටින බව දැන දැනම ක්‍රියා කිරීම රටේ අවාසනාව නොවේද?

    වැඩි හරියක් දෙමල ජනයා ජීවත් වන්නේ සිංහල ප්‍රදේශ වල විසිරී නිසාත්, ලංකාවේ සියළුම ජන කොට්‌ඨාශම මුහුණ දෙන්නේ භූමිය වශයෙන් දක්නට ලැබෙන සම්පත් හා සමාන අවස්ථා නොලැබීම යන විෂමතා නිසාත්, ටැමිල් නාඩ් ද ඇතුළු ලෝකයේ වෙන කිසිම රටක නැති අයිතිවාසිකම් හා වරප්‍රසාද ලංකාවේ දෙමල ජනයාට හිමිව ඇති නිසාත්, 13-ඒ යටතේ දෙමල නිජ භූමියක් වෙන් කර දෙන ලෙස බෙදුම්වාදී කල්ලි කරන ඉල්ලීමේ කිසිදු සාධාරණ භාවයක් නැත. මේ නිසා 13-ඒ අහෝසිකර ජන සභා සංකල්පය ක්‍රියාත්මක කල යුතුය.

කුඩා පරිමාණ භූමි ඒකක

    ජන සභා සංකල්පය මිනිස් ස්වභාවය හා බැඳී ඇති ක්‍රියා දාමයකි. මිනිසා නමැති සතා තම කෙටි ජීවිත කාලය තුල දුරස්ථර ප්‍රදේශ හා අනාගත කාලය ගැන නොව ලඟ තොට හා දැන් (වත්මන් කාලය) ගැන අවධානය යොමු කරයි. ශීඝ්‍රයෙන් ගෝලිකරණය වීමත් සමග දක්නට ලැබෙන එක් ප්‍රවණතාවක් නම් මිනිසුන් තමන්ගේ අවට තදාසන්න ප්‍රදේශය, ගම, ටවුම, ගැන වැඩි වැඩියෙන් අවධානය යොමු කිරීමය. මේ නිසා බොහෝ කාලයක සිට පැවත එන ලෝකල් ගවර්න්මන්ට්, (යුරෝපා රටවල කවුන්ටි) යන අදහස දැන් කොමියුනිටි නේබර්හුඩ්ස් වශයෙන් විශේෂයෙන් බටහිර රටවල නගරවල විමධ්‍යගත වෙමින් පවතී. විශාල නගරවල මෙවැනි ජන සමාජ ඒකක විශාල සංඛ්‍යාවක් දැකිය හැකිය. මහා පරිමාණ (රාජ්‍ය හා පුද්ගලික කොම්පැනිවල) ව්‍යාපාර අසාර්‌ථක වීමට හේතුවක් වශයෙන්, පීපල් පාර්ටිසිපේසන්, කොමියුනිටි පාර්ටිසිපේසන් නොමැතිකම ඉස්මතු වීමත් සමඟ කුඩා ඒකක වල වැදගත්කම ලොව පුරාම පිළිගනිමින් පවතී.

    ‘ස්මෝල් ඊස් බියුටිෆුල්’ යනුවෙන් ෂූමාෂර් විසින් 1970 ගණන් වල ඉදිරිපත් කල ආර්ථික සංකල්පය, 1980 ගණන් වන විට ‘හියුමන් ස්කේල්’ යනුවෙන් කර්ක්පැට්‍රික් සේල් විසින් ඉදිරියට ගෙන යන ලද්දේ ද මෙම “අවුට් ඔෆ් සයිට්-අවුට් ඔෆ් මයින්ඩ්” යන මිනිස් ගතිය (ස්වභාවය) අනුවමය කියා සිතිය හැකිය. මෙසේ ලඟ, ආසන්න ප්‍රදේශයට සීමාවූ මිනිස් අවධාන පථයට, අනාදිමත් කාලයක සිට යම් මිනිස් සමාජ-භූමි ඒකකයක එක් රැස් වූ චාරිත්‍ර-වාරිත්‍ර, දැනුම් සම්භාරය (පීපල් කැපිටල්) අළුත් සාධකයක් වශයෙන් කරලියට පැමිණ ඇත.  මේ අනුව පාර්ටිසිපේසන් යන්න එම්පවර්‍මන්ට් වශයෙන් අළුතින් හඳුනා ගැනීමක් සිදුවී ඇත. නිලධාරීන් තමන්ගේ තීරණ වලට ගැමියන්ව හරවා ගන්නට තැත් කරනවා වෙනුවට ගැමියන් විසින්ම තමන්ගේ දැණුම් තමන්ගේ ප්‍රශ්න විසඳා ගැනීමට යොදවා ගැනීම නියම වශයෙන් ගැමියන්ට බලය පැවරීමය. නිලධාරීන් විසින්, බටහිර, නූතන, මහා පරිමාණ ව්‍යාපාර හා අදහස් කලින් යටත් විජිතව තිබූ සමාජවලට බලෙන් පැටවීම එවැනි ව්‍යාපාර අසාර්‍ථක වන්නට ප්‍රධාන හේතුව බව එළිදරව් වීම මීට මූලික හේතුවක් විය. උදාහරණයක් වශයෙන් යුරෝපීය ක්‍රමයට ඉගෙන ගත් ලංකාවේ ඉංජිනේරුවන් අතීත වාරි කර්‍මාන්ත ගැනත්, දොස්තරලා ආයුර්වේදය ගැනත් සිතුවේ ඒවා “නොදියුණු” දේ කියාය.

    මොන්ටෙස්කි විසින් ද කියා සිටියේ බලය බෙදා වෙන් කරන ලෙස නොව සමස්ත බලය හැකිතාක් ඒකක ඇති කර විසුරුවා හරින ලෙසය. මෙහිදී හොඳම නිදසුන නම් පෝප් ප්‍රධාන කරගත් කතෝලික පල්ලි සංවිධාන ක්‍රමය හා ලංකාවේ ගම් වල පන්සල් වල නායම් හාමුදුරුවරුන්ගේ  ස්වෛරීභාවයය (ස්වාධිපත්‍යයය). පල්ලියේ පූජකතුමා කාර්ඩිනල්ගේ අණසකට යටත් ය. ව්‍යවස්ථාදායක හා විධායක බලය හා යම් අධිකරණ බලයක් සහිත කුඩා ඒකක විශාල ප්‍රමාණයක් ඇති කිරීම මොන්ටෙස්කිගේ අදහස විය. කුඩා ඒකක වලදී විශාල ඒකක වලදී මෙන් “පවර් කරප්ට්ස්, ඇබ්සොලියුට් පවර් කරප්ට්ස් ඇබ්සොලියුට්ලි” යන කතාවට ද එතරම් ශක්තියක් නොලැබේ. කුඩා ඒකක වලදී සම්මුති දේශපාලනයට ඇති අවකාශය වැඩිය. පංචයාත් අදහස අනුව පස් දෙනෙක් එකඟතාවයට ආ තැන දෙවියන් සිටී. කොල-නිල්-රතු වශයෙන් අන්‌ධයන්සේ බෙදී සිටින මිනිසුන්ට එවැනි එකඟතාවයකට එන ලෙස නීතියෙන් බලකර සිටීම මුල් අවස්ථාවලදී අවශ්‍ය විය හැකිය. අවුරුදු තිහක් පුරා යටි හිතේ කා වැදුණු මරණ බියකින් පෙළී සිටි ජනතාවක් අතිශයින් ආත්මාර්‍ථකාමී ලෙස හැසිරීම, මානසික වශයෙන් ඉවත් කිරීමට, සෑහෙන කාලයක් ගතවේ. කරුණාව, දයාව සමඟ බලයයොදා ගැනීමද අවශ්‍යය.

    ලංකාව කුඩා දිවයිනක් වුවත් අධික ස්වාභාවික විවිධත්වයක් ඇති රටකි. (උඩරට ඇති ලිප්ටන්ගේ සීට් එකේ සිට බලන විට අහස පැහැදිලි දවසකදී ලංකාවේ හතර දිශාවෙන්ම මුහුද බලාගත හැකිය). බුල්ඩෝසර් දමා ඒවා සමතලා කර දැමීම නොව ඒවා රැක ගැනීම අපේ යුතුකමය, ගැලවීමය. ගංවතුර, නාය යාම් අපට කියා පාන්නේ මේ දුකය. මධ්‍යම කඳුකරයක සිට වටේට ගලනා ගංඟා ඇති මෙම දූපතේ කෘෂි-දේශගුණික (ඇග්‍රෝ-ක්ලයිමටික් සෝන්ස්) කලාප හතක් ඇත. දේශගුණය, පස, භූමි විෂමතාවය අනුව හඳුනාගත් කෘෂි-පරිසර කලාප 46 ක් ඇත. මෙම විවිධත්වය අප විසින් රැක ගත යුතුය. එය දේශීය හා විදේශීය සංචාරකයින්ට පෙන්වා දිය හැකි වස්තුවකි. ජන සභා ඒකක බෙදිය යුත්තේ මෙම විවිධත්වය රැකෙන ආකාරයටය.
   
තිරසර සංවර්‍ධනය
   
    විශේෂයෙන්ම ලංකාවේ දෙවන අභියෝගය වන, සමාජ-ආර්ථික-සදාචාරාත්මක පරිහාණිය, ජයගත හැක්කේ තිරසර සංවර්‍ධනය නම් සංකල්පය ජන සභා මට්ටමෙන් ක්‍රියාවට නැගීමෙනි. ඇති-නැති පරතරය අඩු කිරීම, ගම හා කොළඹ අතර වෙනස මකා දැමීම (කොළඹට කිරි, අපිට කැකිරි, 1971 ජේ වී පී කැරැල්ල), ජනතාවට සමාන අවස්ථා ලබා දීම, රට ස්වයංපෝෂිත කිරීම, පරිසර දූෂණය හා ඊට සම්බන්ධ ලෙඩ රෝග, ගංවතුර, නියං, නාය යෑම් හා පාංශු ඛාදනය වැලැක්වීම, වනාන්තර සංරක්‍ෂණය, නීතිය සාමය විනය පවත්වා ගෙන යෑම යනාදී සියල්ලම තිරසර සවර්‍ධනය යන ත්‍රිකෝණයට–පරිසරය-සංවර්‍ධනය-මහජන යහපත–ඇතුලත් වේ. සම්පත් නාස්ති නොකිරීම යටතේ පුරා වස්තු රැක ගැනීම, දේශීය බෙහෙත් පැල රැක ගැනීම, දේශීය සම්ප්‍රදායික දැනුම සුරැකීමද වැදගත් ය. මහවැලි ව්‍යාපාරයටය කියා රට ජාතිය ඉතිහාසය ගැන නොදන්නා ඉංජිනේරු තරුණයින් අතීත වැව්, වාරිමාර්‍ග කඩා බිඳ කොන්ක්‍රීට් වලින් යට කර දැමීම තිරසර සංවර්‍ධනය නොවේ. තිර සර සංවර්‍ධනයකට ඇති බලවත්ම බාධකය නොනවත්වාම කළු සුද්දන් බිහි කරවන, යටත් විජිතව සිටි වෙනත් රටවල මෙන්ම ලංකාවේ ද බලය හා වරප්‍රසාද ලත් පන්තියකගේ උඩු හා යටි සිත් වල පැලපැදියන් වී ඇති, “යුරෝපීය දේ  ඉහලය යන හීන මානය ය.”

බමුණු කුලය බිඳ වැටීම   

    මෙම කළු සුද්දන්ගේ බලය 1956 දී පංච මහා බලවේගය විසින් පැරදුවා යයි සිතූ මාර්ටින් වික්‍රමසිංහ මහතා එය බමුණු කුලයේ බිඳ වැටීම ලෙස සඳහන් කලේය. මෙය මිථ්‍යාවක් පමණක්  බව 1959 දී බණ්ඩාරනායක අගමැතිට නයි විෂ දැමූ කිරි වීදුරුවක් දීමට යාමෙන් හා පසුව ඔහුව ඝාතනය කිරීමෙන් ද, 1962 ක්‍රිස්තියානී පොලිස්-නාවික හමුදා කුමණ්ත්‍රනයෙන් ද එලිදරව් විය. මෙම කළු සුද්දන්ගේ ගනයට වැටෙන තවත් පිරිසක් නම් 1935 සිට ක්‍රියාත්මක වූ මාක්ස්වාදීන් ය. දුටු ගැමුණු රජතුමාට ගඩොල් මෝඩයෙක් (රුවන් වැලි සෑය සැදූ නිසා) කියාත්, ඩී බී ජයතිලක මහතාට ඇබිත්තයා (කුඩා කාලයේ පන්සලේ ඉගෙන ගත් නිසා) කියා රාජ්‍ය මන්ත්‍රණ සභාවේදී කෑ ගැසුවේත්, බංග වේවා දේශපාලනය මගින් කම්කරුවන් නොමග යැව්වේත් මොවුන් ය. 1964 දී දළදා මාළිගාවට සමන් පිච්ච මල් වට්ටියක් අරගෙන එන් එම් පෙරේරා යන විට ගමේ පන්සල සමග ඔවුන් ඇති කරගත් අනවශ්‍ය අමනාපය උඩුදුවා ගොස් ය.

ලංකාවල් රාශියක් ඇති ලංකාව

    1948 වන විට ලංකාව, ලංකාවල් කීපයකට බෙදී තිබුනේය. කොළඹ ලංකාව හා ගම්බද ලංකාව එක් බෙදුමකි. ක්‍රිස්තියානි ලංකාව හා බෞද්ධ-හින්දු-මුස්ලිම් ලංකාව යනු තවත් බෙදීමකි. ඉංග්‍රීසි කතා කරන ලංකාව හා සිංහල දෙමල කතා කරන ලංකාවක් ද විය. පෝසත් ලංකාව හා දුගී ලංකාව, බටහිර ආභාෂය නිසා දියුණු වූවාය කියන ලංකාවත්, නොදියුණු, නූගත්, ගතානුගතික (ප්‍රිමිටිව්) ලංකාවත් එකිනෙකට හොඳින් පෑස්සුනේය. බටහිරට ගැති කළු සුද්දන් හා සෙසු ජනයා යනුවෙන් තිබූ බෙදීම මේ හැම බෙදීමකම පසු බිමේ විය. යුරෝපීය ක්‍රම බදාගත් හීනමානය වැඩියෙන්ම තිබුණේ කළු සුද්දන් ටය.

    මෙවැනි බෙදීම් නිසා භූමීය වශයෙන් බලවත් විෂමතා සහිත රටක් බිහි විය. ඇති-නැති පරතරය 1971 වන විට “කොළඹට කිරි අපිට කැකිරි” යනුවෙන් හඳුන්වනු ලැබීය. යටත් විජිත ආර්ථික ක්‍රමය වෙනස් කිරීමට “ජාතික,””දේශීය” ආකල්පයක්, පාලක පන්තියේ කළු සුද්දන්ගෙන් ඉදිරිපත් නොවීය. රට සූරාකෑම ඔවුන්ගේ ද අරමුණ විය. රබර්, මිනිරන් පිට රට යවන රට පාසැල් ලමයින් ට මකන කෑලි පැන්සල් රටින් ගෙනා වේය. සහල් නිෂ්පාදනයෙන් වත් ස්වයංපෝෂිත වීමට නොහැකි විය.

    දැන් ඇති ලංකාව ආප්පයක් රුපියල් 200 ට හා විස්කි බෝතලයක් ලක්‍ෂ 9 කට ව්කුණන ලංකාවක් හා විනෝදය සඳහා කාර් එකෙන් දන් සැල් යන ලංකාවකි. ලංකාවේ ගැහැණුන් අරාබි රටවල පාරවල් අතුගා, කුස්සි, වැසිකිලි හෝදා එවන විදේශ විනිමය, ලැම්බගානි කාර් ගෙන්නීමට යොදා ගන්නා ලංකාවකි. නිල්, රතු, කොල පාට වලට බෙදී මහජනයා රවටමින් සියළුම ආකාරයේ දූෂණ ක්‍රියාවල යෙදෙමින් වැජඹෙන නූගත්, මෝඩ, කාමුක හා මිනී මරු පක්‍ෂ දේශපාලකයින් හා ඔවුන්ගේ තැරැව් කාරයින් ගෙන් හිරිහැර විඳිනා ලංකාවකි. දේශපාලකයින් ඔවුන්ගේ එහෙයියන් අතලොස්සක් හා සෙසු අයත් යනුවෙන් ලංකා දෙකක් දැන් ඇත. මෙම ලංකා දෙක නූගත් ලංකාව හා අනිත් ලංකාව කියාද බෙදීමට හැකි වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීන් 225 න් 142 කට ඇඩ්වාන්ස් ලෙවල් නැති බවත් 94 කට ඕ ලෙවල් වත් නැති බවත් බුද්ධික පතිරණ නම් මන්ත්‍රී විසින් එලිදරව් කල නිසාය. 
   
    දේශපාලනයට ඒමට පෙර මසකට රුපියල් 1,500 ක පඩියක් ගත් දැන් ඇමතියෙක්වී ඉන්නා පුද්ගලයෙකුගේ දික්කසාද නඩුවේ දී ඉල්ලන වන්දිය මසකට ලක්‍ෂ 50 නඩත්තු මුදලක් හා ලක්‍ෂ 5,000 ක වෙන්වීමේ මුදලක් ද ය. මෙය එලිදරව් වූ එක සිද්ධියක් පමණය. මේවා පසේනදී කොසොල් රජතුමා දුටු සීන දාසැය සිහි නොකරන්නේ ද? මුළු රටම අසරණවී නැද්ද? මෙයින් රට ජාතිය ගලවා ගත හැකි එකම බලවේගය නම් ධර්මිෂ්ඨ භික්‍ෂූන්ගේ කසා වතය.

(මෙම සංදේශය ජයන්ත අහංගමගේ සිංහල ලිවීමේ ක්‍රමය අනුව ලියන ලදී, අහංගම ඩොට් කොම්)

චන්ද්‍රසිරි ව්ජයවික්‍රම

21 Responses to “ජන සභා සංකල්පය තුලින් සාමකාමි තිරසර ලංකාවක් බිහි කර ගැනීම (බෞද්ධ දේශපාලනය)”

  1. Senevirath Says:

    Chandra
    I like u these are the things we were discussing but what is this about ven gnaanasaara thera ‘s keep in france . check it and keep us informed . b b s can do a lot as u say graama raajya is good. we have yo abolish13 a and palaath sabhaa . gnanasaara thero has to be more like ven soma if he wantas to lead the deshapremis
    u can do more. talk to them and change them .

  2. Nanda Says:

    “උදාහරණයක් වශයෙන් යුරෝපීය ක්‍රමයට ඉගෙන ගත් ලංකාවේ ඉංජිනේරුවන් අතීත වාරි කර්‍මාන්ත ගැනත්, දොස්තරලා ආයුර්වේදය ගැනත් සිතුවේ ඒවා “නොදියුණු” දේ කියාය.”

    I don’t condemn our heritage. Which stupid engineer is dare to condemn Yodha Elaa technology, which has beaten stupid western science. Western donkey Civil Engineers had to blast through numerous rocks and spend millions of dollars when contructed kala Weva Right Bank main canal which was done to replace Yoha Ela. They had no “technology” to predetermine this but our Sinhalayas had that technology or brains.

    Which stupid Structural Engineer condemns our Lowa maha paya , numerous CHaythiyas ? Why our CHayiththiyas have a unique shape compared to other structures in the world ?

    Which stupid Geotechnical Engineer dare to condemn settlement aspects of Ruwanweli Seya, Jethawana ramaya which are solid structures with a bearing capacity comparable to a modern 40 storey building ? What kind of piling system our meemuttas adopted ?

    We do not need these stupid engineers. Most of them assume they have a right to rob the country. They build palaces using bribes and buy material comfort robbing the poor.

  3. Nanda Says:

    (1. දුක) – Unable to drink whiskey and drive Lamborghini and womanise all the time because of fear.

    (2. දුකට හේතුව) Sinhala people do not appreciate us and our right to rob the country because we used the poor boys to defeat LTTE for us in particular and in general to all to have a peace of mind. Tamils are not satisfied whatever we give them by stealing from Sinhalas. West and Endia are not satisfied even though we lick their bum on daily basis.

    (3. දුක නැති කිරීම) Win elections somehow getting support from enemies and making Sinhalas Modayas

    (4. දුක නැති කිරීමේ මග) sell the country to Saudi and to Endia and try to build support at UN. To hell with Sinhala give more money and demands of Tamils and Muslims

  4. Dilrook Says:

    There is no need to reinvent the wheel. Going back to the electorate based election system can address these problems.

    Only 37% of MPs have passed GCE A/L which is a national tragedy caused by the present Constitution and the PR system. 13A is also responsible for bringing these provincial politicians to the national stage.

    Sri Lanka’s net foreign reserves climed to its historical highest in 2010 but has since collapsed and needing to borrow again thanks to the wasteful conduct of the present government. Over 90% of borrowed money is wasted in the north east only benefitting 10% of the population.

    Those who earn in foreign currency should as much as they can try not to bring their hard earned foreign currency to Sri Lanka. Hotels earning in foreign currency should invest abroad as much as they can to deprive the government its wasteful conduct. That should bring some vital fiscal discipline and put these earnings to better use.

  5. Nanda Says:

    “Only 37% of MPs have passed GCE A/L which is a national tragedy caused by the present Constitution and the PR system.”

    Statement is correctly worded.

    ” Present constitution and the PR system has attracted mainly ( 73%) those who have failed GCE A/L as MPs which a national tragedy “.

    But these MPs are better than our bar association chairman who got 4Fs at the GCE A/L. This is a national tragedy because our “Low” college keeps producing these kinds of people.

    On the other hand we have a minister who got the highest marks at GCE A/L and a top graduate who was demoted and condemned to lower valued ministry by the president, even though he performed very well.

  6. Nanda Says:

    Few corrections.

    “Statement is incorrectly worded.”

    “which is a national tragedy “.

    “who got the highest marks at GCE A/L in a district”

  7. Lorenzo Says:

    I have to disagree a bit.

    How many people pass the final school exam? I think 30%. So 70% fail. IF parliament has 73% people who FAILED that is representative of the society!

    There are some great brains who have dropped out of school.

    As Nanda says LOW COLLEGE has produced some WORSE crooks than some uneducated people. The MOST CORRUPT in parliament today is a well educated man.

    So educational qualifications should NOT be used to check how suitable a MP is.

  8. Nanda Says:

    I agree. In fact I was surprised to know 37% passed.

    But the key issue is ” Present constitution and the PR system has attracted mainly ( 73%) those who have failed GCE A/L as MPs “. It implies an important issue.

    This system attracts Low College hooligans and thugs. We need more professional qualified people, honest top bracket business people who can run a country. These buggers are good for running fish markets.

  9. aloy Says:

    I think education alone will not make a successful politician or a great person. Until the age of 14 years Einstein never went to school and was discarded by his parents as a daft boy. His first job was as a warehouse clerk but ended up being the best brain of the world.
    But in today’s context we need an economist or a top scientific minded person who has a deep understanding of our history and an appreciation of our country’s Sinhalese Buddhist culture to rule our land.

  10. Christie Says:

    BBS or any other Sinhala organization should ask for the abolition of provincial councils that was imposed by Indian imperialists. What we need is the unity among the non Indians in the island nation. Unfortunately those who claim to represent Sinhala interest are crooks.

  11. Christie Says:

    “ඉන්දියාව කැබලි කිරීමේ ලෝක ක්‍රිස්තියානි සැලැස්මේ ම කොටසක් වන්නේ …. India was made by the British. There was no India before that. That is the main problem we have today. The writer has forgotten Kotte was part of the Sinhala History. UNP developed Anuradhapura as Anuradhapura new town and there were talks of moving the administrative capital there. What we need is unity among the non Indians in the country.

  12. Lorenzo Says:

    “India was made by the British. There was no India before that. That is the main problem we have today.”

    WELL SAID CHRISTIE!

    Why should the Christian west break up Endia which THEY created with UTMOST difficulty!!

    That will never happen. They LOVE Endia as it is.

    Even the split of Pakistan and Bangladesh FROM Endia was NOT done by the Brits. It was done by the PEOPLE after the Brits left!

    It was the bloody west that created this MONSTER ENDIA which even Emperor Asoka could NOT have. His empire was SMALLER that Endia which the Brits left behind. Thank god it split into at least a few pieces since then.

  13. Lorenzo Says:

    Aloy,

    “But in today’s context we need an economist or a top scientific minded person who has a deep understanding of our history and an appreciation of our country’s Sinhalese Buddhist culture to rule our land.”

    Economist?

    ALL the economists (especially in the UNP) are dumbos. We don’t need them even in parliament.

    We need someone like GR to rule the country. A PROVEN patriot.

  14. Lorenzo Says:

    GR has a MASTER OF SCIENCE in defence!!

    So he is a “top scientific minded person who has a deep understanding of our history and an appreciation of our country’s Sinhalese Buddhist culture”.

  15. aloy Says:

    Lorenzo,
    Please be reminded that LKY of Singapore is an economist from Harvard. His exposure to the world affairs and the expertise helped him to build that country from a fishing village to what it is today. I have no doubt about GR’s suitability to remain as a leader or even a contender to be the president.

  16. Nanda Says:

    Aloy,
    LKY was did Law in Cambridge as I know. He speaks a lot of economics yes, studied briefly economics first, but he did not graduate from Harvard doing economics.

  17. Nanda Says:

    Most good economists are not originally economists, I believe successful business people are better than “economists”.
    Our Peter Keunaman had a PhD in economics ? What did he do ?

  18. Nanda Says:

    Sorry, I made the same mistake as our friend Aloy. It is not Peter Kuhenaman, it is Dr. N.M Perera.
    Who knows, my be NM was right and had no support. Only thing I remember was we had to go to political pandamaa’s house to buy bread, during his time as Minister. I was wondering those days these hooligans ( political organiser in our area) wash their hands properly when handing over bread.

  19. Lorenzo Says:

    Aloy,

    LKY studied LAW. That is his background. But he is a DICTATOR and qualifications don’t count. Nothing bad with that though.

    GR should not just be a contender. He should be the PRESIDENT. If there is NO military take over GR is the best choice.

  20. Lorenzo Says:

    We welcome Ven. Ashin Virathu to SL. JIHAD attempts to block his arrival must be defeated.

  21. Nanda Says:

    “If there is NO military take over GR is the best choice.”

    better still if he becomes president in a military takeover.

    I don’t agree LKY is a dictator being there for 15 years, since he was prime minister and then leaving and becoming ” senior minister” but actually senior prime minister.
    If he is a dictator he could have easily got JB Jeyaratman killed. JB easily beats him in parliamentary debates.
    He got him killed economically though.

    Some of his policies were,

    1. Chinese should rule Singapore ( correct)
    2. Muslims and Tamils should be allowed to live without Sharia and arguments (, marginalised), which is good.
    3. Racial percentages should remain constant no matter who is more fertile. ( He could do this by importing Chinese)
    4. Corruption is limited to few privileged only, others will be punished
    5. Caning on backside to those who behave bad.
    6. Very small cabinet
    7. Indian degrees not recognised
    8. Interviews to select candidates to Uni medial College to kick out unwanted
    9. Death penalty to drugs and fire arms
    10. No landed property for foreigners
    11. national song remains in Malay

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress