“බලශක්තිය” ඊළඟ මැතිවරණයේ තීරණාත්මක මාතෘකාවක් විය යුතුය
Posted on October 3rd, 2014

–    ඇමති පාඨලී චම්පික

ඛනිජතෙල් සංස්ථාවත් විදුලිබල මණ්ඩලයත් මේ රටේ තිබෙන වැදගත්ම ආයතන දෙකක් වන අතර මෙහි ආදායම් හා වියදම් ප්‍රධාන ලෙසම රටේ ආර්ථීකයට බලපානු ලබන හෙයින් මෙම ආයතන දෙක පාඩු ලබන්නේත් නොමැතිව ලාබ ලබන්නෙත් නොමැතිව පවත්වා ගැනීම අත්‍යාවශ්‍ය වේ. එහෙත් ලංවිම බිලියන 40 ක් මහජන බැංකුවටත්, ඛනිතෙල් නීතිගත සංස්ථාව බිලියන 221 ක් ලංකා බැංකුවටත් ණය වී සිටින බව තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කර සිටී. අමාත්‍යවරයා මේ බව සඳහන් කරසිටියේ පසුගියදා “ලෝක දේශගුණික විපර්යාස සමුළුව සහ ශ්‍රී ලංකාවේ බලශක්ති මිල සූත්‍රයකට ඇති අවශ්‍යතාවය” මැයෙන් බලශක්ති සංසදය විසින් ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පවත්වන ලද විශේෂ සාකච්ඡාවට එක්වෙමිනි.

ගෝලීය උණුසුම වැඩිවීමේ ප්‍රධාන හේතුකාරකය වන්නේ බලශක්ති පරිහරණය වන අතර අපිට නිසි බලශක්ති ප්‍රතිපත්තියක් නොමැතිවීම නිසාත්, ජනන සැළසුම් ක්‍රියාත්මක කිරීමට නොහැකිවීම නිසාත් අපගේ බලශක්ති මිල ගණන් බොහෝ සේ ඉහළ ගොස් තිබේ. අතිගරු ජනාධිපතිතුමා පසුගිය 15 වන දා පුත්තලම බලාගාරයේ 3 වන අදියර විවෘත කරන අවස්ථාවේ 25% කින් විදුලිබිල  අඩුකරන බව ප්‍රකාශ කළ නමුත් අපිට මේ සම්බන්ධයෙන් පැහැදිළි නිසි මිළ සූත්‍රයක් නොතිබීම නිසා විවිධ පුද්ගලයන් විවිධ ප්‍රකාශ කළහ. සැබෑ ලෙසම මිල අඩුවීම සිදුවී ඇත්තේ ගෘහස්ථ පාරිභෝගිකයන්ට පමණක් වීම විශේෂත්වයකි. කාලයක් අර්බුද ගණනාවක් පැවති ප්‍රවාහන සේවයට විධිමත් මිල සූත්‍රයක් හඳුන්වාදීමත් සමඟ අද එම අර්බුද මඟහරවා ගැනීමට හැකිව තිඛෙන අතර විදුලිබිල සම්බන්ධයෙන් ද පැහැදිළි මිල සූත්‍රයක් පාරිභෝගිකයන්ට අත්‍යාවශ්‍ය බවත්, බලශක්තියට, ප්‍රවාහන ගාස්තුවට, විදුලි බිලට, තෙල් වලට, ගෑස්වලට ගෙවන මිල හා ඒ මිල ගෙවිය යුත්තේ ඇයිද යන්න පිළිබඳව දැන ගැනීමට පාරිභෝගිකයාට අයිතියක් තිඛෙන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

විදුලිබල මණ්ඩලයේ හා ඛනිජතෙල් නීතිගත සංථාවේ අර්බුදය අද මූල්‍ය ක්ෂේත්‍රයේ අර්බුදයක් ලෙස පරිවර්තනය වෙමින් තිබේ. ලංකා විදුලිබල මණ්ඩලය බිලියන 40 කට අධික ප්‍රමාණයක් මහජන බැංකුවට ණයවී තිඛෙන අතර පසුගිය වසරේ ආසන්නයෙන් බිලියන 07 ක් පොලී වශයෙන් මහජන බැංකුවට ගෙවා තිබේ. මහජන බැංකුවේ පසුගිය වසරේ ලාභයද බිලියන 07ක් වූ අතර විදුලි පාරිභෝගිකයන් විසින් මෙම බැංකුවේ පැවැත්ම තීරණය කරන බව පැහැදිළිය. එමෙන්ම  ඛනිජ තෙල් නීතිගත සංස්ථාව බිලියන 221 ක් ලංකා බැංකුවට ණයවී තිබෙන අතර ඒ සඳහා පසුගිය වසරේ ඛනිජතෙල් නීතිගත සංස්ථාව විසින් බිලියන 18 ක් පොලී වශයෙන් ලංකා බැංකුවට ගෙවා තිබේ. පසුගිය වසරේ ලංකා බැංකුවේ ලාභය බිලියන 11 කි. අපේ විශාලතම බැංකු දෙක ලංකා විදුලිබල මණ්ඩලයෙන් හා ඛනිජතෙල් නීතිගත සංථාවෙන් රැඳී පවතින බව මින් පැහැදිළිය. මෙම අර්බුදය විසඳා නොගතහොත් ලංකාවට ඉදිරියේදී මූල්‍යමය වශයෙන් විශාල අර්බුදයකට මුහුණ දීමට සිදුවන බව කෝප් වාර්තාවෙන්ද පෙන්වා දී තිඛෙන බව අමාත්‍යවරයා සඳහන් කර සිටියේය.

මෙගාවොට් 900 ක් පුත්තලමේ ගල් අඟුරු බලාගාරයෙන් නිපදවූවත් එහි පූර්ණ බලශක්තිය අපට ලබාගත නොහැකි වී තිබේ. නිපදවන ශක්තිය සම්ප්‍රේෂණය කිරීමට අවශ්‍ය පහසුකම් නොමැතිවීම එයට හේතුවී තිබේ. දුප්පත් පවුල් තම ආදායමෙන් 19% ක් විදුලිබිල වෙනුවෙන් වැය කරන විට අධිකව විදුලිය භාවිතා කරන්නන් වැය කරනුයේ තමන්ගේ ආදායමෙන් 2% ක් පමණි.

රට තුළ ආර්ථීකයක් ජනනය වීමට නම් රටතුළ නිපදවන විදුලිය පිළිබඳ මූලධර්මයකට, රටතුළ විදුලිය නිපදවන පිරිස් පිළිබඳ ක්‍රියාදාමයකට අප විසින් ගමන්කළ යුතුයි. දේශපාලනයේ නොයෙක් වාද විවාද කළත් ඕනෑම මැතිවරණයක තීරක දෙයක් විය යුත්තේ පෙට්ට්‍රෝලියම් බිල අපිට දැනෙන තේරෙන ක්‍රමයකට අපට ලබාදීම බවද එය පාරිභෝගිකයාගේ දැනගැනීමේ අයිතියක් බවද අමාත්‍යවරයා පෙන්වාදෙයි. ජල විදුලියේ අයිතිය සැමට සමසේ දිය යුතු අතර අධික වියදමෙන් යුතු ඩීසල් බලාගාරවල මිල වැඩියෙන් විදුලිය පරිභෝජනය කරන්නන් දැරිය යුතුය. එය රටේ අයිතියකි. රට ඉදිරියට යන්න නම් ආර්ථීකමය, සමාජමය සහ අනෙකුත් කරුණුවලින් රටේ බලශක්තියට, විශේෂයෙන්ම තෙල් වලට සහ විදුලි බිලට මිල සූත්‍රයක් අවශ්‍යය. එය විවෘත, විනිවිදින දෙයක් විය යුතුය. විධායක ජනාදිපති ධූරය පමණක් නොව රටේ වඩාත්ම වැදගත් ප්‍රශ්නයක් වන මේ නිසි බලශක්ති මිල සූත්‍රය රටේ දේශපාලන න්‍යාය පත්‍රයේ අංක එකට අප විසින් ගෙන යා යුතු අතර එය අප සැමගේ වගකීමක් වන බවද අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කර සිටියේය.

2 Responses to ““බලශක්තිය” ඊළඟ මැතිවරණයේ තීරණාත්මක මාතෘකාවක් විය යුතුය”

  1. AnuD Says:

    Mr. Minister is beating around the bush.

    One reason for that; his boss loves crooks, thugs, criminals, drug loads….

    Nothing will be profitable and functioning as long as the donkeys – uneducated, con artists – are governing the country.

    SO, there is no point of asking other things to be issues until the root cause is solved.

  2. Ratanapala Says:

    Sinhala Buddhists of Sri Lanka sent Jathika Hela Urumaya to parliament mainly to safeguard Sinhala Buddhist interests for there is no one in the UPFA for that purpose.

    President is looking after Christian / Catholic interests. He has already being to see the head of the Pedophylic Church nearly 4 times. (This time he has gone to the Vatican ostensibly to invite the Pope to come to Sri Lanka. It is strange why the Pope has to be invited twice for the Secretary of Defence Gotabhaya Rajapakse has already invited him once.) I wonder how much genuflection is required for one invitation.

    The minister in charge of Buddha Sasana is a walking mummy now of more use to Non Buddhists than to Buddhists. We sincerely hope that the Minister has not lost his brief!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress