කළු සුද්දන්ගේ සම්භවය හා ආධිපත්‍යය (4)
Posted on October 20th, 2014

චන්ද්‍රසිරි විජයවික්‍රම

බුද්ධාගම කොට උඩ යවන්න හිතන තිසරණී ගුණසේකර!

    2014 ඔක්තෝබර් 12දා කලම්බු ටෙලිග්‍රාෆ් වෙබ් අඩවියේ ධර්‌ශනී රත්නවල්ලි විසින්, ඊට කලකට පෙර (2014 ජනවාරි 26දා) තිසරණී ගුණ්සේකර විසින් “බුද්ධාගමට ද්‍රෝහී වීම හා ලංකාව කොට උඩ යැවීම” යන මාතෘකාව යටතේ කරන ලද දෙඩවිල්ලකට දුන් උත්තරයක් (ද ප්‍රැක්ටිස් ඔෆ් ඔනර් කිලින් ඉන් ඇන් අර්ලි බුඩිස්ට් සොසයිටි) කියවූ මට තිසරණී යන තැනැත්තී කළුසුද්දියකට හොඳම උදාහරණයක් නේද යන බව මතක් විය. තිසරණීගේ මාක්ස්වාදී පියා (එන් එම් පෙරේරාගේ ලේකම්) හෝ ඇගේ මව හෝ ඇයට දමා ඇත්තේ ඉස්තරම්ම බෞද්ධ නමකි. කිසාගෝතමී යන නමටද වඩා හොඳය. තිසරණී යනු ත්‍රිවිධ රත්නය සරණ යන්නී යනුය. මෙසේ නම වශයෙන් බැලුවොත් විශාඛා කුමාරී සොයිසා (ජයවර්‌ධන) යන්නද, ආනන්ද තිස්ස ද අල්විස් (ජේ ආර් ගේ ලේකම්) යන නම් වගේ මය. නමුත් සිංහල බෞද්ධ නමක් තිබූ පමණින් යමෙක් කළුසුදු රෝගය බෝවීමෙන් බේරෙන්නේ නැත.

    ඊට හේතුව යමෙක් නම වෙස්මුහුණක් වශයෙන් යොදාගන්නවාද විය හැකි නිසාය. තිසරණීගේ අඹ යාළුවෙකු වන මර්වින් ද සිල්වාගේ පුතා වූ දයාන් ද සිල්වා ගැන හිතා බලන්න. ඔහු ඔහුගේ නමේ “ද සිල්වා” කෑල්ල ඉවත් කර “ජයතිලක” කෑල්ලට ගියේ සර් ඩී බී ජයතිලක යන නමට ගරු කරන්න ද? තිසරණීගේ සිංහල ගුරුවරයා වූ දයාන් ජයතිලක එය කලේ අනුරුද්‌ධ තිලකසිරි කියන ආරූඪ නමක් හරහාය. ඒ වෙනුවට ආරොන් ප්‍රනාන්දු කියා ඔහු යොදා නොගත්තේ ඇයි? මේ දෙන්නා දැඩි යාළුවන් වී ඇත්තේ මාක්ස්වාදය හරහා විය යුතුය. යාළුකම කෙතරම් දැඩිද කිව්වොත්, ඩෙන්සිල් කොබ්බෑකඩුව මරණ කටයුත්ත අවස්ථාවේ කනත්තට ප්‍රේමදාස වෙනුවෙන් ගිය ඔහුව මිනිසුන් විසින් නිර්‍වස්ත්‍ර කල විට, තිසරණී ඇගේ සාරියෙන් ඔහුව ආවරණය කරගත්තේය (ලලිත් ඇතුලත් මුදලි හා කොබ්බෑකඩුව මැරෙව්වේ ප්‍රේමදාසය කියා කතාවක් ඒ කාලයේ ප්‍රචාරය විය).  මාක්ස්වාදීන් සියළුම දෙනා වාගේ කළුසුද්දන් විය.
   
    මීට විශේෂයක් වන්නේ ලංකාවේ රබර් රජාගේ පුතාවූ විල්මට් ඒ පෙරේරාය (1905-73). 1934 දී ඔහු කළුකොඳයාවේ ප්‍රඥාශේඛර හාමුදුරුවන්ගේ ආභාශයෙන් ග්‍රාම සංවර්‍ධන සම්තියක් රයිගම් කෝරළයේ අඇරඹුවේය. ඒ සමඟම ඔහු ශාන්ති නිකේතනයට අනුව ශ්‍රී පාලිය පිහිටුවේ ය. 1935දී ඔහු ලංකා සමසමාජ පක්‍ෂයේ ආරම්භක සාමාජිකයෙක් විය. කොල්වින් ලෙස්ලි ලා සමඟ සසඳන විට ඔහු නියම සිංහලයෙක් විය. ඔහු ජාතිවාදියෙක් නොව ජාතිකවාදියෙක් විය. දෙමල විශ්ව විද්‍යාල ගුරුවරු දෙමල ශිෂ්‍යයින්ට විශ්ව විද්‍යාල ප්‍රවේශ විභාගයේදී හෝ ලැබ් ටෙස්ට් වලදී හෝ රහසින් උදව් කරණ බව විල්මට් පෙරේරා පිලිගත්තේ ඒ ගැන ඔහුට පැහැදිලිවම ශාක්සාත් වූවාට පසුව පමණය. සිංහල උරුමය රැක ගැනීම දෙමල ජනයාට වෙනස්කම් කිරීමක් නොවේ.

    සිංහල මාක්ස්වාදියෙක් ක්‍රිස්තියානියෙක් ද වූ විට ඔහුට කළුසුදු හිරගෙයින් ගැලවීමට නොහැකිමය. දයාන් එවැනි කෙනෙකි. දෙමල මාක්ස්වාදී ක්‍රිස්තියානි අයෙක් ගැන කියනුම කවරේද? විශාඛා කුමාරි තම සුදු ජාතික අම්මා සමඟ එංගලන්තයේ හැදුන කෙනෙක් නිසා ඇය කළුසුද්දියක් වීම පුදුමයට කරුණක් නොවේ. සිංහලයින් ජාතිවාදී කුහකයින් කියා 1970 ගණන් වලදී මුලින්ම ලිව්වේ ඇයය. ලංකාවට පිටරටින් ගෙනා ඉන්දියන් කම්කරුවන් හා ලංකාවේ වෙළඳාම් හා රක්‍ෂා අල්ලාගෙන සිටි ඉන්දියන්, පකිස්ථාන්, බෝරා, මැලේ ජාතිකයින්ට විරුද්ධව ක්‍රියාකලාය කියා, කම්කරු නායක ඒ ඊ ගුණසිංහව ජාතිවාදියෙක් කියා ඇය විසින් ඇගේ පොතේ හංවඩු ගැසුවේ ය. ලාල් ජයවර්ද්‌ධන නම් තම ස්වාමි පුරුෂයා සමග එකතුවී ස්ටැන්ලි තම්බයියාගේ බුද්ධාගමට ද්‍රෝහීවීම (බුඩිසම් බිට්‍රේයිඩ්) යන පොතට මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ආවේගශීලි මුහුණක පින්තූරයක් සැපයූවේ ඇයය. ඇය මිලින්ද මොරගොඩ ගේ නැන්දා කෙනෙකි. මොරගොඩ කළුසුදු රජෙකි. මේ විස්තර, සම්බන්‌දකම් (නෙට් වර්කින්?), ලේ නෑකම්, එකිනෙකාගේ පිට කසා ගැනීම් දන්නේ ලංකාවේ කීදෙනාද? එවැනි නෙට්වර්ක්ස් බොහෝ සෙයින් ලංකාවේ ඇත.

ඌරාගේ මාළු ඌරාගේ පිට උඩම කැපීමට බැලීම

    කළුසුද්දන්ගේ තවත් උපක්‍රමයක් නම් බුද්ධාගම කොටු කිරීමට බැලීමය. මෙය ලෝක මට්ටමේ ඓතිහාසික ව්‍යාපාරයක කොටසකි. ඒ ව්‍යාපාරයේ එක් මුහුණුවරක් නම්
ඉන්දියාව කැබලි කිරීමේ ක්‍රිස්තියානි ව්‍යාපාරය ය. රජීව් මල්හෝත්‍රා විසින් ලියනලද බොල්කන්‍යිශේෂන් ඔෆ් ඉන්ඩියා (2011) නම් කෘතියේ පෙන්වා දී ඇති අන්දමට ද්‍රවිඩ හා ඩලිත් කොටස් හා හින්දූන් අතර භේධයක් මතුකර මවා පෑම මේ ව්‍යාපාරයේ මූලික උපක්‍රමය ය.

    යුරෝපීය ක්‍රමයට සිතන ඇමෙරිකාවේ ජීවත්‌වන/ජීවත්වූ ලාංකික මහාචාර්යවරු තුන් දෙනෙක් දැන හෝ නොදැන මෙම ව්‍යාපාරයට වක්‍රව හෝ ඍජුව උල්පන්දම් දී ඇත. ලංකාවේ බෞද්ධයින් විසින් ක්‍රිස්තියානී ආක්‍රමණයට එරෙහිව ගත් ප්‍රතික්‍රියා
ගනනාත් ඔබේසේකර විසින් නම් කලේ “ප්‍රොටෙස්ටන්ට් බුඩිසම්” කියා ය. ස්ටැන්ලි තම්බයියා නම් ක්‍රිස්තියානියා “බුඩිසම් බිට්‍රේයිඩ්” කියා පොතක් ලියමින්, බෞද්ධාගමට අනුව බෞද්ධයින්ට මිනිසුන් මරණ්නට පුළුවන්‌ද කියා ප්‍රශ්න කලේය.  එච් එල් සෙනෙවිරත්න ඔහුගේ, “ද වර්ක් ඔෆ් කින්ස්” යන පොතේ කියන්නට හදන්නේ වල්පොල රාහුල හිමියන් හා යක්කඩුවේ ප්‍රඥාරාම හිමියන් ලංකාවේ සිංහල-දෙමල ප්‍රශ්නයට වගකිව යුතුය යන්නය. රජුන්ගේ වැඩ වලට හාමුදුරුවරු මැදිහත් නොවිය යතුය යන්න ඔහුගේ තර්‍කය ය. මේ තුන්‌දෙනාම ලංකා විශ්ව විද්‍යාලයේ ඇන්ත්‍රොපොලොජි/සමාජ විද්‍යාව උපාධිධාරීන් විය. තවත් මෙවැනි ඉතිහාස මහාචාර්යවරයෙක්, හාමුදුරුවරුන්ට පිරිවෙන්වලදී දුටුගැමුණු රජු ගැන කියා දෙන ආකාරය වෙනස් කරන්නට මාර්‍ග ආයතනය හරහා ලියමින් යෝජනා කලේය.

    මේ අය ඇමෙරිකාවේ සිට ලියන පොත්, විශ්ව විද්‍යාල ශිෂ්‍යයින්ට උගන්වන දේ අනුව ඇමෙරිකන් ජනයා හා නිලධාරීන් අතර බුද්ධාගම ගැනත්, සිංහල බෞද්ධයින් ගැනත් ඇතිවී තිබෙන්නේ වැරදි අදහස්වීම පුදුමයක් නොවේ. මේ අයගෙන් පසුව දැන් අළුත් පරම්පරාවක්, බොහෝ විට ඇමෙරිකන් ෆුල්බ්‍රයිට් ශිෂ්‍යත්ව ලබා ඉගෙනගත් පිරිසක්, බුද්ධාගම කියන්නේ කුමක්ද, අවිහිංසාව, මෛත්‍රීය කියන්නේ කුමක්ද, හාමුදුරුවරු දේශපාලනයට නොා යුතු මන්‌ද, ගුණදාස අමරසේකරගේ ජාතික චින්තනය හරිද යනුවෙන් දේශණා දීමට හා ලිවීමට ඉදිරිපත්වී ඇත. මොවුන්ට එන් ජී ඕ ඩොලර්ද ලැබෙනවා නිසැකය. ඒ කාලයේ තිබුණේ මාක්ස්වාදීන් දුටුගැමුණු රජතුමාට “ගඩොල් මෝඩයා” කීම වගේ (රුවන්වැලි මහාසෑය සැදූ නිසා!) හෝ පන්සලක ඉගෙනගත් නිසා සර් ඩී බී ජයතිලකට රාජ්‍ය මන්ත්‍රණ සභාවේ දී ඇබිත්තයා කියා කෑ ගැසීම වැනි දේය. අද තත්වය මීට වඩා ඉතා භයානකය.
        ලංකාවේ සිංහල බෞද්ධ පදනම ඉවත් කල යුතුය කියා යූ එන් පී ක්‍රිස්තියානි රැජිනක් වන බර්නඩීන් රෝස් (රාමනායක) සේනානායක ප්‍රසිද්ධියේම කියයි.  දයාන් ජයතිලක ද මේ බෝට්ටුවේම හිටියත් ලංකාවේ බෞද්ධ නිජ බිමක් තිබෙන බව ලියන්නට ඔහුට මොලයක් තිබුණි. මෙහිදී මට මතක් වන්නේ අයින්ස්ටයින් මැරිලින් මොන්‍රෝට කිව්වා කියන කතාවය.  අපි දෙන්නා එක්වුනොත් මගේ මූණත් ඔබේ මොළයත් තිබෙන ගෑණු ළමයෙක් ලොවට බිහිකල හැකිනේදැයි මැරිලින් අයින්ස්ටයින්ගෙන් ඇසුවේය. ඒ වුනාට ඩියර් බැරිවෙලාවත් මගේ මූණත්, ඔබේ මොළයත් ඒ දරුවාට ආවොත් වෙන්නේ හරි අකරතැබ්බයක් නොවේද කියා ඔහු ඇසුවේය. මේ කතාව ගැලපෙන ශිරාණි සේරසිංහ නම් කෙනෙක් තමා වජිරාරාමයේ හෙවනැල්ලේ වැඩුනු බෞද්ධ ගෑණු ළමයෙක් කියමින් කලම්බු ටෙලිග්‍රාෆ් එකට ලියූ අරුම පුදුම ලිපියක් ගැන පසුව ලියා ඇත.

    පන්සල්වල මල් පූජා කිරීම නිසා මී මැස්සන්ට, සමණළයින්ට, මල් පැණි නැතිව   යාම නිසා සතුන්ගේ අයිතියට හානි වෙනවා යයි ක්‍රිස්තියානි මූලධර්‍මවාදී පූසාරියෝ දුක් වේ. දෙවියන් සතුන් මැව්වේ මිනිසාගේ අනුභවයට යන කතාව ඔවුන්ට ලංකාවේ දී අමතක වී ගොස් ය. කුඩා වයසේදී ලමයින් මහණ කිරීම චයිල්ඩ් ඇබියුස් නොවේද, ලමයින්ගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් නොවේද කියා ඔවුන් අසයි. සතා සිව්පාවාට පමණක් නොව ගස් ගල් වල් පවා මිනිසාගේ ජීවිත චක්‍රයේ කොටසක් ලෙස බුද්ධාගමේ සැළකෙන බව මේ අය නොදනී. වෙල් යායවල එක් කුඩා කොටසක් කුරුල්ලන් සඳහා වෙන් කර තැබූ බව මොවුන් නොදනිති. යමෙක් කුඩා කල මහණ කිරීමේ ලා නොයෙක් හේතු තිබිය හැකිය. මහණ කිරීමට පෙර මවට හා පියාට වඳින පුතාට ඉන් මිනිත්තු කීපයකට පසු සාමනේර නමක්වූ පසු ඔහුගේ මව හා පියා ඔහුට වඳින බව මේ ක්‍රිස්තියානීන් තබා ලමා කාලයේ සිටම පියදස්සි හාමුදුරුවන්ගෙන් බුද්ධාගම ඉගෙන ගත්තා කියන සේරසිංහ නෝනාවත් දන්නේ නැත. මොවුන් කළුසුද්දියන් මිස වෙන කවුරුන් ද? පූජ්‍ය හා පූජක යන වචන දෙකේ වෙනස ඔවුන් නොදනී.

    මෙසේ බුද්ධාගමට ඇන ගසන්නට (කූඤ්ඤ) හැදීමේ එක් හේතුවක් නම් ඇමෙරිකාවේ හා යුරෝපයේ කතෝලික පල්ලි සංවිධානයට සිදුවූ හානිය ය. කතෝලික පූජක වරුන් කුඩා පිරිමි ලමයින් හා ගැහැණුන් ලිංගිකව දූෂණය කරණ බව දැන දැනත්, එය සැඟවීමට හා එය නැවැත්වීමට පල්ලිය නිසි පරිදි ක්‍රියා නොකල නිසා, දශක ගණනාවක් තිස්සේ කෙරී ගෙන ගිය එම අපරාධයට ලක්වූ අයට විශාල වශයෙන් වන්දි ගෙවීමට කාඩිනල් ලාට සිදු විය. මේ නිසා පල්ලි වල විශාල පිරිහීමක් සිදුවිය. යම් පන්සලක මෙවැනි දෙයක් වුනොත්, එය අසු වුනොත් ඊට සම්බන්‌ධ පුද්ගලයාට ගමෙන්, දායක සභාවෙන් හෝ ගැලවීමක් නොලැබේ.  එසේ වුවත් අනිත් අයටත් මඩ ගෑමේ අදහසින් (හැමෝම ඕවා කරණවා යන අර්‍ථය දීමට) මේ අළුත් ආකාරයේ කතා ලිවීමට සේරසිංහලා වගේ අය ඉත්තන්වී සිටී.

    සිංහල බෞද්ධයාට අවුරුදු 550කටත් වැඩි කාලයක් තිස්සේ කල හිරිහැර, වෙනස්කම් වලට විරුද්ධව ඔවුන් අවධි වන විට එය බකල් කිරීම සඳහා මේ අය හදන්නේ බෞද්ධයින් නවගුණවැල ගනිමින් භාවනා කල යුතු බවත් බෞද්ධයින් මහ ජාතිය නිසා තම අයිතීන් සඳහා සටන් නොකල යුතු බවත් ය.  ක්‍රිස්තියානි සුද්දන් අමතක කලත්, ඊට පසුව බලයට ආ සිංහල බෞද්ධයැයි කියා ගන්නා කළුසුද්දන් කලේ සිංහල බෞද්ධයාට “හිත හොඳ ගෑණුන්ට සේ සැළකීම” බව ප්‍රසිද්ධියේ පෙන්වා දීම බොදු බල සේනාවෙන් කල සේවයක් විය. මෙම සේවය නිසා බොදු බල සේනාව විනාශ කිරීමට විශාල ව්‍යාපාරයක් පවතී. මහජාතිය සුළු ජාතීන්ට හිරිහැර කරනවා යන සින්දුව ගත්තොත්, දකුණු අප්‍රිකාවේ කළු ජාතියට වධ දුන්නේ සුළු ජාතික ඇපාර්තීඩ් කාරයින් නොවේද? කොමියුනිස්ට් රටවල සිදුවූයේ  සුළු පිරිසක් සෙසු ජනයාව පාලනය කිරීම නොවේද? ටැමිල්නාඩ් මිලියන් 70 අමතක කලත්, ලෝකයේ බිලියන් 7 ක් තුල ලංකාවේ ඉන්නේ සිංහල බෞද්ධයින් මිලියන 15 ක් පමණ නොවේද? සිංහල බෞද්ධයින්ට හානිකරවූ 1948 ට පෙර නීති කිසිවක් 1948න් පසු ඉවත් කලාද? වෙනස් කලාද? එසේ නම් 1948 දී නිදහස ලැබුණේ කාටද?

    මෙම පසුබිම යටතේ සලකා බලන විට තිසරණී ලා වැනි අය මොඩර්න් කළුසුද්දියන් ය. ඒ කාලයේ ඩොරික් ද සූසා, කොල්වින්ලා ගෙනා කෙස් පැලෙන තර්‍ක වගේ තිසරණී පුදුම තර්‍ක ගෙන එයි. “නියම සත්‍ය බුද්ධාගම ලංකාවේ මුල් බැස ගත්තා නම් රජවරුන්ට ඔවුන්ගේ යුද්ධ සඳහා සොල්දාදුවන් සොයා ගැනීම අති දුෂ්කර කාර්යයක් වනු ඇත,” කියා තිසරණී කලම්බු ටෙලිග්‍රාෆ් වෙබ් අඩවියේ ලියයි.  නොදන්නා දේ ගැන නොලියා ඉන්න යයි ඇයට නොකියා කියන්නේ ධර්‌ශනී රත්නවල්ලිය. බුදුහාමුදුරුවන් ඒ කාලයේ සමාජයේ පැවති යුද්ධවලට හෝ ගනිකා වෘත්තියට හෝ පක්‍ෂව හෝ ව්පක්‍ෂව කතා කලේ නැත. විනය නීතිවලට අනුව මහණුන්ට හා මෙහෙණින්ට කල නොහැකි දේ පෙන්වා දී තිබ්ණ. උදාහරණයක් වශයෙන් මළමිනී කාමාශාවට යොදාගැනීම තහනම් කලේ කැලෑවල භාවනාවට ගිය අයෙක් ඊට පෙළඹුන නිසා විය යුතුය. දැන් කාලයේ ඇමෙරිකාවේ මළමිනී භාර ගන්නා කඩ (ලංකාවේ ජයරත්න මල් ශාලාව හෝ රේමන්ඩ්ස් වැනි) වල මැනේජර්ලා මෙසේ අළුතෙන් භාරදුන් මළමිනී පවිචිච්කර අසුවූ අවස්ථා ඇත.

    සිහිනෙන් කාම ක්‍රියාවල යෙදුන අය ගැනත් සඳහන් වන සූත්‍රයක් පවා රත්නවල්ලි පෙන්වා දෙන්නේ, (හව් ද බුද්ධා කොෙක්සිස්ටඩ් විත් වෝර්, කලම්බු ටෙලිග්‍රාෆ්, 2014 සැප්තැම්බර් 21) ඩැනියෙල් වෙබ්ස්ටර් කෙන්ට් නම් තැනැත්තා ලංකාවට ගොස් බෞද්ධ සොල්දාදුවන් යුද්ධයට යාම ගැන ආචාර්ය උපාධියක් සඳහා අවුරුදු කීපයක් තිස්සේම පර්යේෂණ කල නිසාය. එච් එල් සෙනෙවිරත්න ඔහුගේ උපදේශකයෙක් විය (වර්ජීනියා විශ්ව විද්‍යාලය, 2008) 2014 සැප් 21). මොවුන්ට අනුව ශ්‍රී මහා බෝධියට වෙඩි තබන විට හෝ දළදා මාළිගාවට බෝම්බ ගසන විට බෞද්ධයින්ට කල හැක්කේ  මෙත්තා, මුදිතා, කරුණා, උපේක්ඛා කියා මැතිරීමය.

    හසලක වීරයා වැනි අය යුද්ධයට යාම සුද්දන්ට තේරුම් ගැනීමට නොහැකිවීම පුදුමයට කරුණක නොවේ. ක්‍රිස්තියානි කළුසුද්දන්ටද නොතේරීම පුදුමයක් නොවේ. එහෙත් බෞද්ධයයි කියා ගන්නා තිසරණීලාට, සේරසිංහලාට නොතේරෙන්නේ ඔවුන් නිසැකවම කළුසුද්දියන් වන නිසාය. මෙම රචනා මාලාවේ එක් අරමුණක් වන්නේ කළුසුද්ද්දෙක්/කළුසුද්දියෙක් කියන්නේ කවුද කියා හඳුනාගැනීම නිසා මහාවංශයට ගරහන පිරිසට අමතරව මෙසේ බුද්ධාගම කොටුකරන්නට හදන අයවද ඒ ගනයට දැමිය හැකිය.

    ක්‍රිස්තුස් වහන්සේ ජීවත් වූයේ අවුරුදු කීපයක් පමණය. බුදුහාමුදුරුවෝ අවුරුදු තිස්පහක්ම ධර්‍ම දේශනා කලෝය. මීට හේතුව කුමක්ද? ජේසුස් මාළු අල්ලන පවුලකින් ඒමත්, සිදුහත් කුමාරයා රජ පවුලකින් ඒමත් ඊට හේතුව නොවේ. බුදුහාමුදුරුවෝ කලේ මඟක් පෙන්වාදීම පමණය. ඒ මඟ ගැනීම හෝ නොගැනීම එක් එක් පුද්ගලයා විසින් කල යුතුවූ දෙයකි. ජේසුස් වහන්සේ මෙන් ගිනි පොලී ගන්නා පූසාරියන් ගේ මේස පෙරලා දැමීමට බුදුහාමුදුරුවන් ඉදිරිපත් වුනේ නැත. රජවරුන්ගේ අන්තංපුර වල්, සිටානන් සල්ලි හොයාගන්නා විධි, ජෛනාගමිකයින් නිරුවස්ත්‍රව ඇවිදීම සමාජ අංග විය. රජවරු යුද්ධ කරන විට ඊට නොබැඳෙන ලෙස මිනිසුන්ට කීමට හේතුවක් බුද්ධාගමේ නැත. යුද්ධ කරන්නට අවශ්‍ය නම් ඊට සහභාගි නොවන්න යයි ආර්ය අශ්ටාංගික මාර්‍ගයේ නොකියවේ. ථේරපුත්තාභය යෝධයාට ප්‍රශ්නයක් මතු නොවූවේ මේ නිසාය.

    තිසරණී හා සේරසිංහ වැනි කළුසුද්දියන්ට රත්නවල්ලීගේ වෙබ් අඩවිය බලා නොයෙක් දේ ඉගෙන ගත හැකිය. කළුසුද්දියෙක් නොවන කෙනෙකුට හොඳම උදාහරණයක් නම් රත්නවල්ලීය. අඳුරු තැන්වලට, අදහස්, මත වලට ඇය ඊතලයක් මෙන් විඳියි. කුරගල ඉස්ලාම් තැනක් යයි පෙන්නීමට බලංගොඩ අබුසාලිලා සුද්දෙක් යොදාගෙන කල වංචාව ඇය එලිදරව් කලේය. මෙය ඇගේ ස්වාධීන ව්‍යායාමයක් මිස සිංහල බෞද්ධයින්ට පන්දම් ඇල්ලීමක් නොවීය. මීට වෙනස්ව සිතන සේරසිංහ, තමන් දාන ගෙයකට ගිය විට කුඩා සාමනේර හාමුදුරුවරුන් නිදිකිරමින් සිටි හැටි ගැන ලිව්වේය. ලමා කාලයේදී පියදස්සි හාමුදුරුවන් සමඟ මේසේ එක සමාන උසැති පුටුවල ඉඳගත් ආකාරය (සම තැන?) සේරසිංහ මතක් කරයි. මේ පුතා හෝ දුව, තාත්තාට ඔහුගේ නම කියා කතා කරන බටහිර ක්‍රිස්තියානි ලෝකයේ ක්‍රමයය.  ගෙදර වෙන පොඩි පුටුවක් නොතිබුණු නිසා මෙය කලාදැයි අපි නොදනිමු.  කුඩා දැරියක් නිසා එසේ කලාද කියාත් අපි නොදනිමු. මොන ආකාරයෙන් හෝ එය නුසුදුසු බව අවුරුදු හතලිස් පහක් පනහක් වූ අයෙකුට දැන්වත් නොතේරීම කළුසුදු කරුමයේ ප්‍රතිපලයක් නොවේද? එසේ එකට ඉඳගත්තා යයි මා අසා ඇත්තේ බුද්ධරක්ඛ්ත හා විමලා විජේවර්‍ධනය. හැබැයි ඒ දෙන්නා නම් කළුසුද්දන් ද නැද්ද කියා මට කිව නොහැකිය. සදාචාරය තිබීම හෝ නොතිබීම, කළුසුදුකරණය හා යාවී ඇද්ද කියා මට නොතේරේ.

11 Responses to “කළු සුද්දන්ගේ සම්භවය හා ආධිපත්‍යය (4)”

  1. Ratanapala Says:

    Christians especially Catholics, started giving Buddhist names to their offspring only after Pope Paul VI brought in sweeping changes on how to conduct themselves in majority non Christian countries. This is now Christian children got Buddhist names such as Maithri, Muditha, Karuna, Upekkha etc. Some of these unfortunate children do not even know the meaning of these names.

    Non Catholic Christians practiced this mode of sending wolves in sheepskin among the Buddhist population much earlier. Initially they tried to destroy Sinhala Buddhist culture and to westernize Sri Lankans but without success. Then they thought it is better to “Urage Malu Urage’ pita udama kepeema karanna”. This is how Sinhala Dancers, drummers and decorations (Gok Kola seraseema) etc came into their churches festivals and they started conducting mass in the vernacular.

    This sort of deception we have to accept from a church that practice homosexuality and pedophylia and other crimes against the most vulnerable in society. Every day their dark deeds are getting exposed and yet they are unrepentant. Although they teach their flocks to see forgiveness from “God” they are still not able to seek forgiveness for their crimes through the centuries either from their God nor from the innocent victims nor from their countries and nations that they devastated physically and culturally.

    The conclusion that we can come to is that the Church as an institution has nothing to do with God or morality. It is a powerful financial corporate institute that is after unvarnished power and riches. Its brain dead knights are out to conquer the world for the Church and the CEO of the Pedophyilia Inc. Christian Kalu Suddas are bad enough, their running dogs the Buddhist Kalu Suddas are worse.

  2. Nanda Says:

    When they go to western countries, these Sinhala names disappear (valid for some only). Not only Christians and Catholics, but also some Sinhala Buddhist Kalu Sudddas ( mostly UNPeeirs) too do that.
    Ananda becomes Andy
    Piyadasa becomes Peter

  3. Nanda Says:

    “රජවරු යුද්ධ කරන විට ඊට නොබැඳෙන ලෙස මිනිසුන්ට කීමට හේතුවක් බුද්ධාගමේ නැත. යුද්ධ කරන්නට අවශ්‍ය නම් ඊට සහභාගි නොවන්න යයි ආර්ය අශ්ටාංගික මාර්‍ගයේ නොකියවේ.”

    translation- “When kings fight, Buddhism did not ask people not to join their armies. There is no condition in the Noble 8 fold path saying those who fight not to follow the path”

    – But in the contrary Buddha mentioned how people could use wealth to avoid paying taxes to the king.

    There is no negativity at all in Buddhism but the evil ones form other religions like to point out these rubbish statements to fool the Buddhists. Kalu Suddas too do this. These have come back strongly after war to teach Buddhists how to destroy it. Ben Silva of Lanka web was such a character. He has failed.

    There are many other Kalu Sudda’s around the world who would take up trivial things to discredit Buddhism.

  4. Nanda Says:

    ලංකාවේ සිංහල බෞද්ධ පදනම ඉවත් කිරීමට මේ ආන්ඩුව ද කටයුතු කරමින් සිටීම ඉතාම කනගාටුවට කරුනකි.
    මහ එකා පාප් වහන්සේ ගේ දෙපා මුලට යාම එය ඔප්පු කිරීමකි.

  5. Christie Says:

    Marxists in Ceylon are Indian Marxists. Read some news items about the Gandhi’s Statue unveiled in Point Pedro.

  6. Raj Says:

    මේ නන්දා කියන ස්ත්‍රිය ලංකාවෙබ් එකේ සංස්කාරක තුමියද.

  7. Nanda Says:

    Maha Raj,
    මොලයක් නැතිව ඕව තේරෙන්නේ නෑ අනේ. ඕයා තේ කොළ මලවලා කාල බලන්න ඩා ලිං.

  8. Nanda Says:

    Obviously, Raj the Christian Tamil angered by the statement ” මහ එකා පාප් වහන්සේ ගේ දෙපා මුලට යාම එය ඔප්පු කිරීමකි.” ( translates to “big one’s invitation to Pope by visiting his feet proves This ” . “This” means government’s aim to get rid of Sinhala Buddhist foundation of the nation, which is the meaning of the sentence above it.

    But I am sure Lorenzo the Christian Tamil has no complain to unnecessary Personal Pope invitation by MR.

    Who is the patriot out of these two ?

  9. Lorenzo Says:

    Now there is a waiting game. Pope has not confirmed his arrival and MR is not confirming the election.

    Pope wants to come AFTER the election and MR wants pope to come BEFORE the election. Then there is ASTROLOGY. MR is in a fix.

    It is strange in a country only 7% are Christians the pope can influence the election outcome! But then even planets and stars can!! MR thinks the pope, planets, stars, galaxies, blackholes, etc. are his voters!!

    Good to have the election on the THAI PONGAL day January 14 or 15. That should keep some celebrants out of voting.

    Anyway HAPPY DEEPAVALI!

  10. Nanda Says:

    I believe ASTROLOGY will win. This is not because SL is Sinhala Buddhist , it is because how foolish ,uneducated and corrupt our politicians are.

    Why does he want elections NOW when he can go on for another 2 years ? .It appears to be a very sinister move. Sinhala people are 75%. If he has worked for the masses he only need 70% of that 75%- surely he could get after 2 years. His aim is to re-establish Ceylon where he can dine and dance with the Colombians, very clear to me. Just look at who surrounds him ! All Colombians !

    “Fools of little understanding have themselves for their greatest enemies, for they do evil deeds which must bear bitter fruits. ” – Buddha

    A blameless man has no FEAR. he is straight, very straight – according to Buddha.
    Man who is corrupt is fearful of everything, like a monkey with the tail on fire.

  11. callistus Says:

    Nanda, you always complain ‘…how foolish ,uneducated and corrupt our politicians are’. I bet you will not get 100 votes if you contested. You are just an armchair politician residing far away from SL, and possibly retired and has all the time to comment here all day long, and you know less than what Fonseka knows about politics.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress