බලශක්ති ක්ෂේත්‍රයේ වංචාකරයන්ට තරාතිරමනොබලා දඬුවම් දිය යුතුයි
Posted on October 24th, 2014

එවකට විදුලිබල ඇමති වූ පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා

සිදු කරනු ලබන ඕනෑම ස්වාධීන පරීක්ෂණයකට උපරිම සහය ලබාදීමට ඇමති චම්පික සූදානම්
•    පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වාට සහ ඇමති පවිත්‍රා වන්නිආරච්චිට ඇමති චම්පිකගෙන් පැසසුම්
•    වංචා සහ දූෂණ සොයාබැලීමට අනිවාර්යෙන්ම ව්‍යවස්ථාපිත ආයතනයක් පිහිටුවිය යුතුයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා ඇසූ ප්‍රශ්නයකට, ඊයේ(23) පාර්ලිමේන්තුවේදී පිළිතුරු සැපයූ ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි ප්‍රකාශ කර සිටියේ 2012 වර්ෂයේ නොරොච්චෝලේ බලාගාරයට ගල් අඟුරු ආනයනය කිරීමේදී රුපියල් මිලියන 1507 ක වංචාවක් සිදුවී ඇති බවයි. එවකට විදුලිබල ඇමති වූ පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා අදාළ සිදුවීම සම්බන්ධයෙන් තමන් ගත් තීන්දු සහ ඊට අදාළ ලිපි ලේඛන හා සාක්ෂිද පදනම් කරගෙන විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී අද(24) උදෑසන කැඳවා තිබිණ.

එහිදී අදහස් දැක්වූ ඇමති චම්පික රණවක මහතා,

2012 වර්ෂයේදී ලංකා විදුලිබල මණ්ඩලයේ හෝ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ අනුදැනුමකින් තොරව ශ්‍රී ලංකාවට ගල් අඟුරු ආනයනය කර ඇති බවත් ඒ වනවිටත් ඒවා ගොඩබා අවසන් බවත් සති අන්ත පුවත්පතකින් අනාවරණය කළේය. ඒ පිළිබඳව විමසීමේදී වරාය අධිකාරියේ සහ නැව් සංස්ථාවේ මෙහෙයවීම මත ඉන්දුනීසියාවේ තෝරියන් සමාගමේ ගල් අඟුරු සහිත නැව් දෙකක් දිවයිනට ආසන්න මුහුදු තීරයට ගෙන්වා ඇති බවත් ඒවා මිලට ගැනීමට ගල් අඟුරු සමාගම සූදානම් බවටත් හඳුනාගෙන තිබේ. මේ පිළිබඳව 2012.12.03 වන දින අමාත්‍යවරයාගේ උපදෙස් මත විශේෂ රැස්වීමක් කැඳවීය. ඒ සඳහා ලංවිම, ලංකා කෝල් සමාගම සහ අමාත්‍යාංශ ඉහළ නිලධාරීන් සහභාගී විය.

එහිදී ගත් තීරණය වූයේ නිවැරදි පිරිවිතරයන්ට අදාළ නොවන සියළුම ගල්අඟුරු තොග ප්‍රතික්ෂේප කළ යුතු බවත් ගොඩබා හෝ මුහුදු තීරයට ආසන්න ප්‍රදේශයේ ඊට අදාළ නැව් පවතින්නේ නම් ඒවා හරවා යැවිය යුතු බවත්ය. එමෙන්ම අවශ්‍ය ගල් අඟුරු රු ලංවිම පවතින රෙගුලාසි මත දැනට ගල් අඟුරු සපයන නොඛෙල් සමාගමෙන් මිලදී ගන්නා ලෙසට ද තීරණය විය. කෙසේ වෙතත් නීතිපතිතුමාගේ උපදෙස් ලබාගැනීමට විවිධ පිරිස් කටයුතු කිරීමෙන් අනතුරුව තෝරියන් සමාගමට අයත් නිසි ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු තොග බලාගාර භූමියට ගොඩබෑමට ලංකා ගල් අඟුරු සමාගම කටයුතු කළේය.

එහිදී ඇමතිවරයෙකුට හිමි බලතල භාවිත කරමින් විදුලිබල අමාත්‍යාංශය ලබාදුන් උපදෙස් පිළිනොගත් ලංකා ගල් අඟුරු සමාගමේ එවක සභාපති තිස්ස හේරත් මැතිතුමාව 2013.01.21 වන දින ධුරයෙන් ඉවත් කිරීමට කටයුතු කළේය. එමෙන්ම 2013.01.24 වන දින නව අධ්‍යක්ෂක මණ්ඩලයක් පිහිටුවා සිදුවූ අක්‍රමිකතාව සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් සිදුකරන ලෙස ද තමන් නියෝග කළ බව අමාත්‍යවරයා සඳහන් කළේය.  පරීක්ෂණය ආරම්භ කර දින හයකින් තමන්ට එම ධුරයෙන් ඉවත්වීමට සිදුවූ බවද අමාත්‍යවරයා සඳහන් කළේය.  

මේ වංචා සහගත ගණුදෙනුව පිළිබඳව අනිවාර්යෙන්ම පරීක්ෂණයක් සිදුකළ යුතු අතර මෙයට සම්බන්ධ පිරිස්වලට වහා දඬුවම් ලබාදිය යුතු බවද අමාත්‍යවරයා අවධාරණය කළේය. මෙවැනි තාක්ෂණික වංචාවන් අති විශාල වශයෙන් රටපුරා සිදුවන අතර දැනට ගල් අඟුරු ටෙන්ඩරය ලබාදීම සම්බන්ධයෙන්ද ඉතාම ගැටළුකාරී තත්ත්වයක් තිබේ. මෙම දූෂණ සහ වංචා සොයාබැලීම සඳහා ව්‍යවස්ථාපිත ආයතනයක් රටේ පිහිටුවීම අනිවාර්ය බවද අමාත්‍යවරයා අවධාරණය කර සිටියේය.

මෙවැනි ප්‍රශ්න නැවත මතුවීම මහජනතාවගේ අනාගතයට සුභදායී අතර වංචා දූෂණ සිදුකරනු ලබන පුද්ගලයන් සොයා බලා දඬුවම් දීමට ද ඉන් හැකිවේ. මෙම වංචාව පිළිබඳව නැවත මතුකිරීම පිළබඳව තමන් විදුලිබල හා බලශක්ති අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මැතිතුමියට සහ ප්‍රශ්නය නැගූ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතාට ස්තුතිවන්ත වන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

4 Responses to “බලශක්ති ක්ෂේත්‍රයේ වංචාකරයන්ට තරාතිරමනොබලා දඬුවම් දිය යුතුයි”

  1. Nanda Says:

    Strangely very few people even interested in daylight robberies going on in the country.

    Please watch the media briefing. See for yourself how these big thieves earn billions in the name of “war” , “reconciliation” , “LTTE” , “western conspiracy” and now “budget” + elections.

    “http://www.youtube.com/watch?v=Gdk79d_Sz7I”

    These thieves will suffer in hell.

  2. Nanda Says:

    ඕබේ සිරුරේ එක් සිංහල ලේ බිඳක් ඇත්නම් කරුනාකර​ පහත වීඩියෝ 2 බලන්න​.

    දෙමල ත්‍රස්ත වාදය මැද්දේ ගෙනගිය මඩකලපුවේ පන්සලට මා-හින්දා ත්‍රස්ත වාදය , මුස්ලිම් බල්ලන්ගේ උසිගැන්වීම මත සිංහල ජනතා ව පාවා දෙන හැටි බලන්න​.

    “http://www.walpal.gossipelankanews.net/2014/10/floka-sh-xuu-ksodfhla-uvl-mqfo.html”

  3. callistus Says:

    That is pachcha Mangala’s site

  4. Lorenzo Says:

    Nanda,

    NO NEED to be Sinhala. ANYONE who loves SL will CURSE the OUTSIDER (I don’t like to use the Sinhala and Tamil word for it) and the bosses who sent him and who tolerated his DISGUSTING RACIST behavior.

    Go to google. Search “pavithra mahinda”. Click images. Look at the first two images. They say it all!!

    This is the ONLY Buddhist shrine in the area and it MUST be protected by hook or by crook. Otherwise this is NOT SRI LANKA but a piece of dirt like Tamil Nadu or Saudi Arabia where Buddhist monks are attacked and Buddhists are killed for following their faith.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress